බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සෞඛ්‍යය

පේරාදෙණිය රෝහලේ සැත්කම් ඉතිහාසය වෙනස් කළ අසිරිමත් සැත්කම..

by editor
ඔක්තෝබර් 5, 2021
in සෞඛ්‍යය
peradeniya
Share on FacebookShare on Twitter

නිරෝගී මවකගේ අක්මාවෙන් කොටසක් ගෙන සිය පුතුට  බද්ධ කළ විශිෂ්ට අක්මා බද්ධ ශල්‍යකර්මයක් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී ඉකුත් දා සිදු කෙරිණි.

පැය දොළහකට අධික කාලයක් මෙම     අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්මය සිදු විය.

මෙය ජීවත්ව සිටින පුද්ගලයකුගේ අක්මාවෙන් කොටසක් ගෙන  දරුවකුට බද්ධ කළ දෙවන අවස්ථාවය. පේරාදෙණිය රෝහල් ඉතිහාසයේ   පළමු අවස්ථාවය.    මෙයට පෙර මෙවැනි ශල්‍යකර්මයක් සිදු කොට ඇත්තේ රාගම රෝහලේ දී පමණි.

මෙම ශල්‍යකර්මය සඳහා විශේෂඥ වෛද්‍යවරු පහළොස් දෙනෙක් පමණ සහභාගි වී සිටියහ.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පුතාගෙන් පෙනුණු රෝග ලක්ෂණ

ඇළහැර බකමූණ පදිංචිව සිටි වයස අවුරුදු පහළොවක්වන පුතුට කලක සිට පැවති ඇඟ කහවීම උදරය  පිම්බීම වැනි රෝග තත්ත්වයට ප්‍රතිකාර ගැනීම සඳහා ඒ අම්මා පුතාව  බකමූණ රැගෙන ගියාය.  එහිදී ඔහු පරීක්ෂා කර බැලූ වෛද්‍යවරු  මෙම දරුවා මහනුවර  රෝහල වෙතත්  එතැනින් පේරාදෙණි ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවූහ.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී දරුවා පරීක්ෂාකර බැලූ විශේෂඥ ශල්‍ය වෛද්‍ය බුද්ධික දසනායක  තීරණය කළේ කඩිනමින් ඔහුට  අක්මා බද්ධ ශල්‍යකර්මයක් සිදු කළ යුතු බවය.

මාසයකට පමණ ආසන්න කාලයක් රෝගී තත්ත්වයන් සහ සුදුසු අක්මාවක් සම්බන්ධයෙන් පරීක්ෂාකර බැලූ වෛද්‍ය කණ්ඩායම දරුවාගේ   තිස් හත් හැවිරිදි මව   ගේ අක්මාවේ වම් භාගයේ කොටසක් බද්ධ කිරීම් සඳහා යොදාගත හැකි බවට නිගමනය කළහ.

සූදානම…

ඒ අනුව කටයුතු සංවිධානය විය  පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්නය. ශල්‍යකර්මය  සඳහා රෝහලේ සම්පත් හසුරුවා ගැනීමේ වගකීම තිබුණේ ඔහුටය.

” මෙම දරුවා ඉතා අසාධ්‍ය තත්ත්වයේ හිටියෙ. ශල්‍යකර්මය කඩිනම් කළ යුතු බවට වෛද්‍යවරු දන්වා සිටියා. දින විසි එකක් වැනි කාලයක් තුළදී ඔහුගේ ජීවිතය සම්බන්ධයෙන් වගකිව යුතු බවද ඔවුන් අවධාරණය කළා. ඒ අනුව ශල්‍යකර්මය සඳහා අවශ්‍ය කරන බුද්ධිමය හ ප්‍රායෝගික හැකියාව ඇති විශේෂඥ වෛද්‍යවරුන් ශල්‍යාගාර හදිසි ප්‍රතිකාර ඒකකය ඇතුළු යටිතල පහසුකම් කඩිනමින් ලබා දීමට සිදුවුණා. “

“මේ සම්බන්ධයෙන් රෝහලේත් ඉන් පිටත රෝහල්වලත් විශාල පිරිසකගේ දායකත්වය ලබාගැනීමටත් කටයුතු යෙදුවා. ශල්‍ය සායනයේ සිට නේවාසික ප්‍රතිකාර ලබාගත් ශල්‍ය වාට්ටුවෙත් ශල්‍යාගාරයේ හදිසි ප්‍රතිකාර ඒකකයේත් ඉන් අනතුරුව පසුකාලීනව රෝගියා රැකබලා ගත යුතු සියලුම කණ්ඩායම් සමගත් සාකච්ඡා කරමින් අවශ්‍ය පහසුකම් සැලසීම අපේ වගකීම වුණා. “

“ඒ සියලු වගකීම් ඉටු කරමින් ල්‍යකර්මය සාර්ථක වූ කරගැනීම අපට හැකි වුණා. අම්මාත් පුතාත්    මේ වන විට සුවයෙන්.    එය සතුටට කරුණක්…,” පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න   කියා සිටියේය.

peradeniya
සැත්කම අතරතුර

ශල්‍යකර්මය පැය 12ක්…

පැය දොළහකට අධික කාලයක් ගතවන මෙම ශල්‍යකර්මය සඳහා මහාචාර්ය වසන්ති ප්‍රින්ටො  ගේ මගපෙන්වීම මත නිර්වින්දන විශේෂඥ වෛද්‍ය සමන් නානායක්කාර ගේ අධීක්ෂණය යටතේ  සෙනාලි සමරසිංහ ගෙ මූලිකත්වයෙන් සමීර වාසල, අමිලා ජයසිංහ, අනුර අබේසුන්දර, රෝෂණ පෙරේරා යන  නිර්වින්දන වෛද්‍යවරු ද, මහාචර්ය කේ.බී ගල්කැටිය ගේ මගපෙන්වීම යටතේ ශල්‍ය විශේෂඥ වෛද්‍ය බුද්ධික දසනායක, බන්දුල සමරසිංහ, අරින්ද  ධර්මපාල  ඇතුළු කණ්ඩායමක්ද ශල්‍යයාගාර ප්‍රධාන හෙද නිලධාරිනිය ඇතුළු කාර්ය මණ්ඩලය ද සෞඛ්‍ය කණිෂ්ඨ කාර්ය මණ්ඩලය ද   ශල්‍යාගාර කාර්යමණ්ඩලයේ තිහකට ආසන්න සංඛ්‍යාවක් ද ශල්‍යකර්මය සඳහා සහභාගි වී සිටියහ.

මෙයට අමතරව මෙම ශල්‍යකර්මය සඳහා සූදානම් වීම පිණිස රුධිර පාරවිලයනය පිළිබඳ විශේෂඥ වෛද්‍ය දිලීප කුරුප්පු ද, විශේෂඥ විකිරණවේදීහු ද,    රක්තවේද විශේෂඥ වෛද්‍යවරු ද, ක්ෂුද්‍රජීවී විශේෂඥ වෛද්‍යවරු ඇතුළු කණ්ඩායමක් ද සිය දායකත්වය පූර්ණ ලෙස ලබා දුන්හ.

ජීවත්වන පුද්ගලයින් දෙදෙනෙකු අතර සිදු කෙරෙන අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්මය අතිශය සුවිශේෂී ශල්‍යකර්මයක් වන්නේ අක්මාව ලබාදියයුතු දායකයාගේ නීරෝගී ජීවිතය සම්බන්ධයෙන් වෛද්‍යවරුන් මත විශාල වගකීමක් පැටවෙන බැවිනි.  ශල්‍යකර්මය සඳහා නිර්වින්දනය කිරීම යන කාර්යයට සූදානම් වීම පිණිස පැය දෙකකට ආසන්න කාලයක් ගත වන අතර අක්මාව ලබාදෙන දායකයා හෙවත් මව නිර්වින්දනය කිරීමෙන් අනතුරුව අක්මාවෙන් වම් භාගය ලබා ගැනීම සඳහා ඉතා ශල්‍යකර්මයක් සිදු කළ යුතුව තිබිණි. ලේ පිරුණු මල්ලක් වැනි අක්මාවෙන් කොටසක් ඉවත් කිරීමේ දී සිදුවිය හැකියි ලේ වහනය නතර කිරීමට කටයුතු කිරීම ශල්‍ය වෛද්‍යවරුන්ගේ ප්‍රධානතම කාර්යයක් වූයේය.

ඒ අත්දැකීම…

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර නිර්වින්දන විශේෂඥ වෛද්‍ය සමන් නානායක්කාර   කියා සිටියේ මෙවැන්නකි.

” මවගේ අක්මාවෙන් කොටසක් ඉවත් කර ගැනීම සඳහා වූ ශල්‍යකර්මය ආරම්භකොට පැය හතරක පමණ කාලයක් ගත වූ පසුව අක්මාව බද්ධ කිරීම සඳහා   රෝගියා නිර්වින්දනය කළ යුතුයි.  අක්මා බද්ධ කිරීමේ පසුබිම සැකසිය යුතු ක්‍රියාවලිය ආරම්භ කිරීම සිදුවන්නේ ඉන් පසුවයි. “

මෙම ශල්‍යකර්මයට බඳුන් වූ අක්මාව අකර්මණ්‍ය වූ දරුවාගේ නරක් වු අක්මාව ඉවත් කිරීම මුලින්ම සිදු වුනා. එය සුවිශේෂි ක්‍රියාවලියක්. මොකද නරක් වු අක්මාව ඉවත් කළ පසු නැවත අක්මාවක් බද්ධ කිරීම සඳහා රුධිර නාල ආරක්ෂා කර ගැනීම ඉතාම සංකීර්ණ කාර්යයක්.   ඉතිරි වන්නේ සෙන්ටිමීටර් එකක්  වන රුධිර නාල කොටස් බැවින් ඊට නව අක්මාව බද්ධ කිරීම අතිශයින්ම සැලකිලිමත්ව සියුම් ලෙස කළ යුත්තක්.

නරක් වු අක්මාව ඉවත් කිරීම අවසන් වන මොහොත වන විට මවගේ අක්මාවේ වම් කොටස විශේෂ සේලයින් වර්ගයක බහා අයිස් සහිත බඳුනක තබා තිබිය යුතුයි.   ඒ අතර එම කොටස නැවත බද්ධ කිරීම සඳහා වෙනම විශේෂඥ වෛද්‍යවරු කණ්ඩායමක් විසින් සූදානම් කරමින් සිටියා.

තවත් වෛද්‍යවරුන් කණ්ඩායමක් මවගේ අක්මාව නැවත යථා තත්ත්වයට පත්කොට එම ශල්‍යකර්මය අවසන් කරමින් සිටියා. කෙටියෙන්ම කියතොත් එකම මොහොතක එකම ශල්‍යාගාරයේ ශල්‍යකර්ම තුනක් සිදුවන මොහොතක් .   එය ඉතා සුවිශේෂී අත්දැකීමක්.

විශේෂයෙන්ම ජීවත් වන පුද්ගලයෙකුගේ අක්මාවෙන් කොටසක් ඉවත් කිරීම යනු අතිශය අපහසු අතිශය දුර්ලභ කාර්යයක්. මන්ද නිරෝගී පුද්ගලයෙක් වන ඇය ගේ ඉදිරි ජීවිත කාලය සඳහා ඇයව නිරෝගීව ආරක්ෂා කර දීම වෛද්‍යවරුන්ගේ මහත් වූ වගකීමක්. මෙවන් ශල්‍යකර්මයක දී දායකයාගෙන් රුධිරය වහනය වීම සාමාන්‍යයෙන් සුලභව දක්නට ලැබෙන කරුණක්.

නමුත් වෛද්‍යවරුන්ගේ දක්ෂතාවය මත මෙම ශල්‍යකර්මයේදී මවගේ රුධිර වහනය සිදු වුයේ මිලි ලීටර් 850ක පමණ තරම් ස්වල්ප වූ ප්‍රමාණයක් පමණයි. ශල්‍යකර්මයට ප්‍රථමයෙන් මේ මවගේ ම රුධිරය ගෙන  සුරැකිව තබා ගැනීමට වෛද්‍ය කණ්ඩායම කටයුතු කළා. ඒ අනුව ශල්‍ය කර්මයෙන් පසුව නැවත ඇයට ලබා දුන්නේ ඇයගේම රුධිරයයි. ඇය ඉතා නිරෝගී පුද්ගලයෙක් වීම ඊට එක් හේතුවක්.

ශල්‍යකර්මය සාර්ථකයි…

පැය 13ක පමණ කාලයකින් සම්පූර්ණ ශල්‍ය කර්මය    සාර්ථකව නිමකිරීමට මෙ කණ්ඩායමට හැකි වුණා. අද වන විට මවත් පුතුත් ඉතා හොඳ සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව කියන්නේ මහත් සතුටින්… විශේෂඥ වෛද්‍ය සමන් නානායක්කාර කීවේය.

සාමාන්‍යයෙන් මෙවැනි ශල්‍යකර්මයක් සඳහා තක්සේරුගත පිරිවැය රුපියල් කෝටියකි. බකමූණේ අම්මාට තමන්ගේ දරුවා වෙනුවෙන් වැය කළහැකි රුපියල් කොටියක මුදලක් නැ.    පේරාදෙණිය රෝහලේ දී මේ ප්‍රකාශ කෙරුණේ මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවයේ වටිනාකම පිළිබඳ වූ අප්‍රමාණ කතාවක් බව කිව යුතුව තිබේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අරලගංවිල ගොවීහු මාදුරුඔයේ වැලි  ජාවාරම්මු පළවා හරිති…

Next Post

කොරියාවෙන් ඩොලර් ලක්ෂ 5ක PCR උපකරණ තොගයක්

Related Posts

සෞඛ්‍යය

කිරි එළදෙනුන්ගේ බුරුලු ප්‍රදාහය හඳුනා ගැනීමටත් කෘතිම බුද්ධිය……

ඔක්තෝබර් 18, 2024
සෞඛ්‍යය

සීනි පාලනය කරන සීනි පළතුර… සීනි අනෝදා….

ජනවාරි 7, 2024
සෞඛ්‍යය

සෞඛ්‍ය ක්ෂේත්‍රයට හෙණ වදිද්දී නිහඬ ආණ්ඩුව ඉදිරියේ අපේ බුද්ධි සම්පත පෙරා ගන්නා නොරටනු ගැන බීබීසී කළ හෙළිදරව්ව!

නොවැම්බර් 17, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.