බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සෞඛ්‍යය

පිළිකා නසන්න අපට හොරෙන් මඤ්ඤොක්කා කන සුද්දෝ

by Lanka Sara Editor
සැප්තැම්බර් 8, 2020
in සෞඛ්‍යය
Share on FacebookShare on Twitter

ගැමුණු සාලිය පෙරේරා
මහජන සෞඛ්‍යය පරීක්ෂක

  •  පිලිපීනය පිලිකා රෝගීන් සඳහා මඤ්ඤොක්කා ඇසුරින් සායනික ප්‍රතිකා අරඹලා…
  • බ්‍රසීලය වැනි ලතින් ඇමරිකානු රටවල් වියලි මඤ්ඤොක්කා කොළ පිටි අඩංගු බිස්කට් වර්ග ජාතික පෝෂණ වැඩ සටහන් වලට හඳුන්වා දීලා
  • යුරෝපා රටවල සුව වෙළෙඳසැල් තුළ (Health food grocery) මඤ්ඤොක්කා කොළ විකිණෙනවා
  • අවශ්‍යනම් “මඤ්ඤොක්කා කැප්සියුල්ස්” අන්තර්ජාලයෙන්

අපේ රටේ ස්වාභාවිකව වැවෙන, එළවළු සහ පලතුරු වර්ග කිහිපයක්ම, පිළිකා අර්බූධ වලට හේතු වෙන නිදහස් මුක්ත ඛණ්ඩක (Free radicals) විනාශ කිරීමට දායක වෙන, ප්‍රතිඔකිෂිකාරක වලින් අනූන වන අතර, මඤ්ඤොක්කාද එවැනි ආහාරයකි. බීටා කැරොටින් හා පොලිෆීනෝලික සංයෝග (ග්‍රීන් තේවල ද තිබෙන,) මඤ්ඤොක්කා කොළ සතු එවැනි ප්‍රභල ප්‍රතිඔක්ෂිකාරකයන් දෙකක්.

“ජින්සෙං” නැමති චීන ඖෂධීය අල වර්ගය තුළ සුළභව හමු වෙන, ශාක ග්ලයිකොසයිඩ වර්ගයක් වන සැපොනින් (Saponins) වර්ග මඤ්ඤොක්කා කොළ වල ද අඩංගු වෙන බව, සොයා ගෙන තිබේ.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

මෙම සැපොනින් මහඟු සෞඛ්‍යය ප්‍රතිලාභ ලබා දෙන ශාක රසායනිකයන් වන අතර, පිළිකා අර්බුද හට ගැනීම පාලනය කිරීම ඉන් එක් ප්‍රතිලාභයකි.

මඤ්ඤොක්කා, ඇප්‍රිකොට් වැනි ශාක තුළ තිබෙන, Amygdaline රසායනිකය සතු පිළිකා මර්දන හැකියාව විශිෂ්ට වන බව, මේ පිළිබඳ පරයේෂණ කරන විද්‍යාඥයෝ අවධාරණය කරති. පිලිපීනයේ මැනිලා හී, සන්තෝම් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මැනුවෙල් නවාරෝ (Professor Manuel Navarro) සහ ඔහුගේ පුත්, වෛද්‍ය එෆ්රොන් නවාරෝ : (Dr. Effron Navarro, M.D.) විසින් පිළිකා රෝගීන් සඳහා මඤ්ඤොක්කා ප්‍රතිකාර ක්‍රමය සායනිකව වැඩි දියුණු කරමින් සිටින බවත් දැන ගන්නට ඇත.

ඉහත විස්තර කළ පෝෂණ ගුණයන්ට අමතරව මඤ්ඤොක්කා කොළ, ශක්තිය සපයන පිශ්ටයෙනුත්, තඹ, සෙලෙනියම්, පොස්පරස්, මැග්නීසියම්, මැංගනීස්, සහ ආහාරමය තන්තු වැනි වැදගත් පෝෂක සංඝටක රාසියකිනුත්, පෙර කී, නොකී වැදගත් ශාක රසායනයන්ගෙනුත් පොහොසත් වන බවත්, තවමත් සොයා නොගත් ගුණයන්ගෙන් පොහොසත් විය හැකි වස විස නොයෙදූ, ජාන වෙනස් නොකළ, නැවුම් පිරිසිදු පලාවක් බවත් අවධාරණය කළ යුතු වෙනවා.

බ්‍රසීලය වැනි ලතින් ඇමරිකානු රටවල් වියලි මඤ්ඤොක්කා කොළ පිටි අඩංගු බිස්කට් වර්ග තම ජාතික පෝෂණ වැඩ සටහන් වලට හඳුන්වා දීමෙන්, (අපේ රටේ ත්‍රීපෝෂ වැඩසටහන වැනි) මන්දපෝෂණය සහ පෝෂණ ඌණතා වලින් තම ජනයා සාර්ථකව ගළවා ගෙන ඇත.

අපට හොරෙන් මඤ්ඤොක්කා කන සුද්දො.

යුරෝපා රටවල සුව වෙළෙඳසැල් තුළ (Health food grocery) මඤ්ඤොක්කා කොළ විකිණීමට තිබෙන බවත්, අවශ්‍යනම් “මඤ්ඤොක්කා කැප්සියුල්ස්” අන්තර්ජාලයෙන් ඇනවුම් කළ හැකි බවද අවධාරණය කරණු කැමැත්තෙමි.

එතකොට මඤ්ඤොක්කාවල තිබෙන සයනයිඩ්.?

මඤ්ඤොක්කා ශාකය තුළ ස්වභාවයෙන්ම හයිඩ්‍රොසයනින් අම්ලය අඩංගු වේ. (Hydrocyanic acid) සාමාන්‍යයෙන් තිත්ත ගතිය වැඩි ප්‍රභේද තුළ මෙන්ම, නියං කාල වලදී සෑදෙන මඤ්ඤොක්කා වල සයනයිඞ් සාන්ද්‍රණය වැඩි බව සොයා ගෙන තිබේ.

නොමේරු කොළ වල සයනයිඩ් සහ අනිකුත් හානිකර සංයෝග අඩු බවත්, මඤ්ඤොක්කා කොළ කුඩු වෙන්නට කෙටීම සහ භාජනය නොවසා පිසීම යන කාරණා නිසාවෙන් ඒවා හානිකර නොවන මට්ටම දක්වා ඉවත් වන බවත්, පර්යේෂණ මගින් සොයා ගෙන ඇත.
(“Grinding reduced both HCN-potential and tannin by 84 and 71% respectively.” – http://www.ncbi.nlm.nih.gov/pubmed/7784394 )

කොළඹ සරසවියේ වෛද්‍ය පීඨය සහ ජයවර්ධනපුර සරසවියේ ජෛව රසායන විද්‍යා අංශය ඒකාබද්ධව සිදු කර ඇති පර්යේෂණයකින්ද මෙම කාරණාව තහවුරු කර තිබේ. හොඳින් කෙටීමෙන් අනතුරුව, විනාඩි කිහිපයක් මඤ්ඤොක්කා කොළ උණු වතුරෙන් තැම්බීමෙන් සයනයිඩ් ප්‍රමාණය තව දුරටත් අවම කර ගත හැකි බව පවසයි.

(“DETOXIFICATION OF CASSAVA LEAVES”. www.sljol.info/index.php/JNSFSL/article/download/2426/1980)

ඉඟුරු එක්ක මඤ්ඤොක්කා කෑම.?

ඉඟුරු පමණක් නොව කංකුං, මුකුණුවැන්න, වැනි ආහාර වර්ගවල තිබෙන එන්සයිම ක්‍රියාකාරිත්වය නිසාවෙන්, මඤ්ඤොක්කාවල සයනයිඩ් සෑදීම වේගවත් කෙරෙන බව සොයා ගෙන ඇත.

මෙවැනි අනතුරක් ඇති වීම වළක්වා ගැනීමට, පෙර කී ආහාර, ආහාරයට ගෙන පැයක් යන තුරු මඤ්ඤොක්කා ආහාරයට නොගැනීමට වග බලා ගත යුතු බවත්, සිංහල බෙහෙත්වලට ඉඟුරු යොදන බැවින්, සිංහල බෙහෙත් ගන්නා අතර තුර, මඤ්ඤොක්කා ආහාරයට ගැනීමෙන් වැළකිය යුතු බවත්, ඉංග්‍රීසි බෙහෙත්වලට එය අදාල නොවන බවත් සඳහන් කරමි.

ගලගණ්ඩය, තයිරොයිඩ් ග්‍රන්ථියේ ආබාධ හෝ වෙනත් අයඩීන් උණතා රෝග වලින් පෙළෙන උදවිය, සහ මඤ්ඤොක්කා වලට අසාත්මික වන උදවිය, (විශේෂයෙන් රබර් කිරි හෝ රබර් නිෂ්පාදන වලට අසාත්මික වන පුද්ගලයින් මඤ්ඤොක්කා වලට අසාත්මික විය හැකිය.) මඤ්ඤොක්කා ආහාරයට නොගැනීම, හෝ සීමා කිරීම කළ යුතුය.

මඤ්ඤොක්කා වල තිබෙන ඇතැම් රසායනික සංයෝග නිසාවෙන් අහිතකර තත්ත්වයන්ද ඇති විය හැකි වුවත්. බ්‍රසීල විද්‍යාඥයින් අවධාරණය කරන්නේ, ගුණ අධික මඤ්ඤොක්කා, සාමාන්‍ය ආහාර වේලකට පුද්ගලයෙකු ලබා ගන්නා ප්‍රමාණය සහ නිවැරදි පිසීමේ ක්‍රමය අනුව අහිතකරභාවයක් ඇති නොවන බවයි.

(මෙම පර්යේෂණ ලිපිය කියවීමට, http://www.scielo.br/scielo.php?pid=S0101-20612007000100019&script=sci_arttext වෙත පිවිසෙන්න.)

එබැවින් ගුණ අධික වූ පමණින්, ස්වභාවික වූ පමණින්, ලෙඩ රෝගවලින් වැළකෙන්නට පිළිවන් යැයි සිතා ඕනෑවට වඩා ඕනෑම ආහාර වර්ගයක් ලබා නොගත යුතු බවද මෙහිලා අවධාරණය කරමි.

පැරැන්නන්ගේ විස්මිත සූප ශාස්ත්‍ර ඥානය.

මෙහිලා අපගේ අවධානය යොමු විය යුතු, විශ්මිත කාරණා කිහිපයක්ම වෙයි. මෙරට ගැමියන් මඤ්ඤොක්කා කොළ ආහාරයට ගනු ලබන්නේ හොඳින් කුඩු වන සේ වනේ ලා කෙටීමෙනි. අන් කිසිදු පලා වර්ගයක් මේ ආකාරයට පිස නොගැනීමටත්, මඤ්ඤොක්කා කොළ පමණක් මෙසේ පිස ගන්නටත් හේතුව, අප විසින් පැහැදිලි කර ගන්නේ කෙසේද?

මඤ්ඤොක්කා සමග ඉඟුරු එකට ආහාරයට ගැනීම අයෝග්‍ය බව මෙන්ම, මඤ්ඤොක්කා කොළ ආහාරයට ගැනීමේදී පොල් හා තෙල් සමග පිස ගැනීමෙන් වැඩි ගුණයක් ලැබෙන බවත්, තද ග්‍රීස්ම කාල වලදී මඤ්ඤොක්කා කොළ ආහාරයට නොගැනීමටත්, අසූ විය පසු කළද, තවමත් ඇස් කණ්නාඩි නොදමා පත්තර කියවන, අපට වඩා නිරෝගී, අපේ ගම් වල කරුණාවතී, සිසිලිනෝනා ආච්චිලා දැන ගෙන සිටියේ කෙසේද?. ඔවුන් එසේ කළේ, බටහිර පෝෂණ විද්‍යාඥයින් ලබා දුන් උපදෙස් නිසා හෝ එළවළු තෙල්, සුප් කැට, මාගරින් වර්ග විකුණන වෙළෙන්දන්ගේ අනුග්‍රාහකත්වයෙන් පැවැත්වෙන වැඩ සටහන් වල උපදෙස් දෙන, කෘත්‍රිම රස කාරක, වස කාරක නොමැතිව උයන්න දන්නේ නැති, මාරක සූපවේදීන් පැවසූ නිසාවෙත් වත් නොවන බව අවධාරණය කළ යුතුව ඇත.

අපේ දරුවන් තුළ සැඟවුණු භයානක විටමින් ඌණතා තිබෙනවා යැයි කියමින් අපව බියට පත් කරවමින් වස විසවලින් අනූන මිල අධික කිරි පිටි ජාති, සාප්පු කෑම ජාති කවන කොම්පැනි කාරයින්ටත්, කිරි, බිත්තර, මස්, මාළු නොකෑවොත් මන්දපෝෂණය හැදෙනවා යැයි කියන ඇතැම් විකෘති පෝෂණ විද්‍යාඥයින්ටත්, රෝග සුව කළ හැක්කේ බෙහෙත් පෙත්තකට, එන්නතකට පමණක් බවත්, ස්වභාවික ආහාර සතුව එවැනි ගුණ නොමැති බවත්, උස් හඩින් පවසන මහත්වරුන්ටත් පාඩම් කියා දෙන මිලෙනුත් අඩු ගුණයෙනුත් විශිෂ්ට ආහාර වර්ග රාශියකින්ම අපේ රට පොහොසත් වන අතර, මඤ්ඤොක්කා කොළ ද එවැනි සුපිරි ආහාරයක් බව දැන්වත් අප තේරුම් ගත යුතුව ඇත.

(විශේෂ ස්තූතිය – ඌව පළාත් ගරු ආණ්ඩුකාරවර ලේකම් තුමාට.)

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොරෝනා තිබ්බත් අනවසර බෝට්ටු පැමිණීමේ අඩුවක් නෑ

Next Post

කලු සාලු පැළඳගත් ස.ජ.බ විරෝධය මැද චොකා මල්ලි දිවුරුම් දෙයි

Related Posts

සෞඛ්‍යය

කිරි එළදෙනුන්ගේ බුරුලු ප්‍රදාහය හඳුනා ගැනීමටත් කෘතිම බුද්ධිය……

ඔක්තෝබර් 18, 2024
සෞඛ්‍යය

සීනි පාලනය කරන සීනි පළතුර… සීනි අනෝදා….

ජනවාරි 7, 2024
සෞඛ්‍යය

සෞඛ්‍ය ක්ෂේත්‍රයට හෙණ වදිද්දී නිහඬ ආණ්ඩුව ඉදිරියේ අපේ බුද්ධි සම්පත පෙරා ගන්නා නොරටනු ගැන බීබීසී කළ හෙළිදරව්ව!

නොවැම්බර් 17, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.