බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සෞඛ්‍යය

කොවිඩ් සුව වූ රෝගීන් දියවැඩියාවට… ඉන්දියාවේ දියවැඩියා සුනාමියක ලකුණු ගැන බී.බී.සී.ය කියයි..

by editor
අගෝස්තු 11, 2021 - Updated on සැප්තැම්බර් 5, 2023
in සෞඛ්‍යය
Share on FacebookShare on Twitter

බී.බී.සී.

කොවිඩ් -19 රෝගයෙන් සුවය ලැබූ රෝගීන් විශාල සංඛ්‍යාවක් අලුතින් හඳුනාගත්, පූර්ණ දියවැඩියාව වැළඳීමේ අවදානමට ලක්ව ඇති බව ඉන්දීය වෛද්‍ය වෘත්තිකයින් පිරිසක් බීබීසී සේවයට පවසා තිබේ.

මේ තත්වය තුළ මිලියන 32 කට ආසන්න කොවිඩ්  ආසාදිතයන් වාර්තා වී ඇති  ඉන්දියාවේ කොවිඩ් වසංගතයෙන් පසු දියවැඩියා සුනාමියක් ඇතිවීමේ අවදානමක් ඇති බව  මුම්බායි හි වෙසෙන දියවැඩියා රෝග විශේෂඥ වෛද්‍ය රාහුල් බක්සි  බීබීසියට ප්‍රකාශ කර ඇත.

කොවිඩ් -19 වැළඳුණු දියවැඩියාව පිළිබඳ ඉතිහාසයක් නොමැති තම රෝගීන්ගෙන් 8-10% ක් සුවය ලබා මාස ගණනාවකට පසුත් සීනි මට්ටම ඉහළ ගොස් ඖෂධ ලබා ගනිමින් සිටි බව ඔහු පැවසීය.

ඔවුන් විසින් කළ මූලික අධ්‍යයනක දී සොයාගෙන ඇත්තේ සුවය ලැබූ කොවිඩ්  රෝගීන් 127ක නියැදියකින් 13 දෙනෙකුට එනම් රෝගීන්ගෙන් 10% කට “නව දියවැඩියාව” ඇති බවයි.  මේ නියැදියේ  සාමාන්‍ය වයස අවුරුදු 36 ක් පමණ වී තිබිණි. සැලකිය යුතු කරුණ නම්, ඔවුන්ගෙන් හත් දෙනෙකුට කොවිඩ් -19 ආසාදිත  පසු ප්‍රතිකාර සඳහා දියවැඩියා තත්ව ඇති විය හැකි   ස්ටෙරොයිඩ් හෝ අතිරේක ඔක්සිජන් පවා ලබා නොදීමයි.

දිල්ලි සහ චෙන්නායි (මදුරාසි) රෝහල් දෙකක රෝගීන් 555 දෙනෙකුගෙන් සිදු කළ තවත් අධ්‍යයනයකින් හෙළි වූයේ කොවිඩ් -19 වැළඳීමෙන් පසු දියවැඩියාව ඇති බව හඳුනා ගත් අයගේ රුධිරයේ සීනි මට්ටම ඉහළ අගයක පැවති බවයි.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

දියවැඩියා රෝග විශේෂඥ වෛද්‍ය   අනූප් මිශ්‍රා පවසා තිබුණේ කොවිඩ් -19 සහ දියවැඩියාව අතර ඇති සම්බන්ධය පිළිබඳ මතු වෙමින් පවතින සාක්ෂි “සංකීර්ණ” චිත්‍රයක් ඉදිරිපත් කරන බවයි.

රෝහලේදී කොවිඩ් -19 සඳහා ප්‍රතිකාර කිරීමේදී රෝගීන්ට අලුතින් දියවැඩියාව වැළඳී  ඇති බව හඳුනාගෙන ඇත. අලුතින් දියවැඩියා රෝගීන් ලෙස හඳුනා ගැනෙන පිරිසට වයස් භේදයක් නැති බවත්, පවුලේ පවුලේ කිසිවකුටවත් දියවැඩියාව නොමැති බවත් සිදු කළ අධ්‍යයනවලින් තහවුරු වූ බවත්  මේ වෛද්‍යවරු  දුරටත් පවසා ඇත.

රෝහලෙන් පිටව ගිය පසුත් සමහර රෝගීන්ගේ රුධිරයේ සීනි මට්ටම පහත නොබැස සමාන්‍ය   සීමාව ඉක්මවා තිබිණි. “දුර්ලභ” රෝගීන් කණ්ඩායමක් වූයේ කොරෝනා වයිරසය ඔවුන්ගේ අග්න්‍යාශයට හානි කළ නිසා දැඩි ලෙස දියවැඩියාවට ගොදුරු වූ අයයි.

කෙසේ නමුත්, ‘කොවිඩ් 19’ සහ දියවැඩියාව අතර පවතින සම්බන්ධය නිශ්චිතව අවබෝධ කර ගැනීමට දිගටම අධ්‍යයන පවත්වන බවත්, තමන් සොයා ගත් සියලු දත්ත ලෝක සෞඛ්‍ය සංවිධානයටත්, යුරෝපා වෛද්‍ය පර්යේෂකයන්ටත් යොමු කළ බව ද මුම්බායි වෛද්‍යවරු වැඩි දුරටත් කියා සිටිති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද කොවිඩ් මරණ 124යි… සමස්ථ මරණ ගණන 5,464

Next Post

රටේ ගැබිනියන් ලක්ෂ 2කින් එන්නත අරන් තිබෙන්නෙ 3000යි… දැනටත් 700ක් ආසාදිතව රෝහල්වල

Related Posts

සෞඛ්‍යය

කිරි එළදෙනුන්ගේ බුරුලු ප්‍රදාහය හඳුනා ගැනීමටත් කෘතිම බුද්ධිය……

ඔක්තෝබර් 18, 2024
සෞඛ්‍යය

සීනි පාලනය කරන සීනි පළතුර… සීනි අනෝදා….

ජනවාරි 7, 2024
සෞඛ්‍යය

සෞඛ්‍ය ක්ෂේත්‍රයට හෙණ වදිද්දී නිහඬ ආණ්ඩුව ඉදිරියේ අපේ බුද්ධි සම්පත පෙරා ගන්නා නොරටනු ගැන බීබීසී කළ හෙළිදරව්ව!

නොවැම්බර් 17, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.