බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

හයිටියේ මැටි රොටී, ලංකාවෙි කුරුම්බා ලොඳ, ඇෆ්ලටොක්සීන් සහ ආහාර අනාරක්ෂිතතාවය…

by editor
සැප්තැම්බර් 26, 2022
in සමාජ
Share on FacebookShare on Twitter

ගැමුණු සාලිය පෙරේරා –

යම් ප්‍රජාවකට හෝ  ප්‍රජාවේ  කොටසකට ක්‍රියාශීලී සහ සෞඛ්‍ය  සම්පන්න ජීවිතයක් ගත කිරීමට අවශ්‍යයන තරමට ප්‍රමාණවත් ආරක්ෂිත සහ පෝෂ්‍යදායී ආහාර තමන් මනාප ආකාරයට ලබා ගැනීම සඳහා ප්‍රමාණවත් භෞතික, සමාජීය සහ ආර්ථික  ප්‍රවේශයක් නොමැති වූ විට ඇතිවන තත්ත්වය ආහාර අනාරක්ෂිතභාවය (Food insecurity) යනුවෙන් හඳුන්වනු ලබයි. ශ්‍රී  ලංකාව මේ වන විට මුහුණ දෙමින් සිටින්නේ නිදහසින් පසු ඉතිහාසයේ දරුණුමතම ආර්ථික අර්බුධයට ය. එය මේ වන විට සෑම පවුලකටම පාහේ එම තත්ත්වය අඩුවැඩි වශයෙන් දැනෙමින් තිබේ. මෙරට ජනගහනයෙන් සියයට 22ක පමණ පිරිසක් ආහාර අනාරක්ෂිතභාවයට සහ ආධාර අවශ්‍යව සිටින තත්ත්වයට ඇද වැටී තිබෙන බවට ලෝක ආහාර වැඩසටහන පවසා තිබිණි.

Hungerආහාර අනාරක්ෂිත භාවය මූලික වශයෙන් ආහාර වේල සමග බැදුණු පෝෂණ අවදානමක් වුවද, එය බෝවන සහ බෝ නොවන රෝගවලට ගොදුරු වීමේ අවදානම ද ඉහළ නන්වන ප්‍රජාවෙි සමස්ත සෞඛ්‍ය තත්ත්වයටම නරක අන්දමින් බලපානු ලබන කෙටි හා දීර්ඝකාලීන විපාක රාශියකටම හේතුවන තත්ත්වයක් වෙයි. එය නිසැකයෙන්ම ප්‍රජාවක මානසික යහපැවැත්ම කෙරෙහිද අහිතකර ලෙස බලපානු ලබයි.  පුද්ගලයෙකු ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙලීම නිසා දිගින් දිගටම ආහාර හිඟකමට මුහුණ දෙන අතර, අඛණ්ඩව තම පවුලේ උදවියට  ආහාර සැපයීමට නොහැකි වනු ඇතැයි යන බියජනක සිතුවිල්ල නිසාවෙන් පීඩාකාරි සහ කනස්සලුසහගත හැඟීම් දිගින් දිගටම අත්විඳිනු ඇත. මෙය කෙනෙකුගේ මානසික සෞඛ්‍යයට ඍණාත්මක ලෙස බලපෑම් ඇති කරයි.

ඒ ආහාර අනාරක්ෂිතභාවයේ සෞඛ්‍යමය පැතිකඩ පමණි. මෙහි තවත් පැතිකඩක් තිබේ එය සමාජමය පැතිකඩයි.

සමාජමය පැතිකඩ

ආර්ථික අර්බුධවලට ගොදුරු වූ රටවල්වල සහ ප්‍රජාවන් තුළ තම ආහාරය සීමා වීම සහ ආහාර සොයා ගැනීමේ අර්බුධය විසින් ගිළ ගත් මිනිසුන් වෙතින් එළි දැක්වෙන සමාජ විරෝධී සහ කලහකාරි සිදුවීම් සම්බන්ධ පිළිබදව තොරතුරු එක්සත් ජාතීන්ගේ විවිධ ආයතන විසින් ලේඛනගත කර ඇත. පුද්ගල අනාරක්ෂිතභාවයෙන් පෙළෙන පුද්ගලයින්ගේ ආන්තික හා අසාමාන්‍ය හැසිරීම් තේරුම් ගැනීමට කෙනෙකුට මෙවන් අර්බුදවලට ගොදුරු වූ හයිටිය සිමිබාබ්වේ වැනි රටවල   මාධ්‍ය වාර්තාකරණයන් පරිශීලනය කළ හැකිය. ඔවුන්ගෙන් සමහරක් ආහාර ජලය විදුලිය, ගෑස් වැනි අත්‍යවශ්‍ය දේවල් බාධාවකින් තොරව නොලැබීම නිසාවෙන් විරෝධතා දක්වන අතර, ඇතමුන් ප්‍රචණ්ඩකාරී විය හැකි ක්‍රියාමාර්ගවලට ද යොමු විය හැකිය. එසේත් නොමැතිනම් සමහරු තම වකුගඩු හෝ තම දරුවන් පවා විකුණා දැමීමට පෙළෙඹෙන අතර, පිරිසක් සොරකම්, මංකොල්ලකෑම් සහ කප්පම් ගැනීම් වැනි විවිධ සමාජ විරෝධී ක්‍රියාවලට ද යොමු වෙති. ඇතැම් කාන්තාවන් ගණිකා වෘත්තියට යොමු වේ. දරුවන්ගේ අධ්‍යපනය කඩා වැටෙන අතර ඇතැම් දෙමවුපියන් තම දරුවන් ළමා ගණිකා වෘතියට සහ මෙහෙකාර සේවය වැනි වෘත්තීන්වලට යොමු කර මුදල් ඉපැයීමට පෙළැඹෙි.

ගණිකා වෘත්තිය මත්ද්‍රව්‍ය නීතිගත කළ හයිටියට වෙච්චි දේ

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

මත්ද්‍රව්‍ය සහ ගණිකා වෘත්තිය නීතිගත කළ හයිටියට වෙච්ච දේ….

ආර්ථික අර්බුධවලට ගොදුරු වූ ඇතැම් රටවල්වල පාලකයින් විසින් අර්බුධයෙන් ගොඩ යාම සදහා තෝරනු ලබන ඇතැම් ක්‍රියාමාර්ග විසින් දරුණු සමාජ ප්‍රතිවිපාක අත්කර ගන්නා බවද පෙනී යයි. උදාහරණයක් ලෙස හයිටි රාජ්‍යය විසින් ගණිකා වෘත්තිය සහ මත්පැන්, මත්ද්‍රව්‍ය සඳහා පනවා තිබූ නීති ලිහිල් කිරීම සහ ඒවා ප්‍රවර්ධනය කිරීමට කටයුතු කිරීම නිසාවෙන් මේ වනවිට එරට නරක තත්ත්වය තව තවත්  තීව්‍ර කෙරී ඇත. අද එරට ගැහැණුන් පාන් රාත්තලකට හාල් සේරුවකට ඇඟ විකිණීමටත් දරුවන් පාසැල් නොගොස් වීදිවල මත්ද්‍රව්‍ය භාවිත කරමින් පිස්සු කෙළීමටත් ජාවාරමිකරුවන් එරට ගැහැණු දරුවන් වහල්කමට සහ ගණිකා වාත්තිය සඳහා විකිණීමටත් යොමු වී ඇත.

ආර්ථික අර්බුධයක ඉතාමත් බරපතල ප්‍රතිවිපාක ආහාර අනාරක්ෂිතභාවය විසින් ඇති කරනු ලබන අතර, වැඩිවන කුසගින්න සහ තම දරුවන් කුසගින්නෙන් ආහාර ඉල්ලා හඬා වැළපීමි දරාගත නොහැකි පුද්ගලයින් සියදිවි නසාගැනීමට පෙළඹීම, ගෘහස්ථ ප්‍රචන්ඩත්වයට යොමුවීම, තම පවුලේ සාමාජිකයින් පවා මරා දැමීමට යොමු වීම වැනි ඉතා භයානක තත්ත්වයන් සුලභ ලෙස එවැනි අර්බුධවලට ගොදුරු වූ රටවල්වලින් වාර්තා වී ඇත.

පකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය වැනි රටවල්වල ඇතැමුන් අන්තගාමි සටන්කාමී කණ්ඩායම්වලට සම්බන්ධ වී මරාගෙන මැරෙන බෝම්බකරුවන් බවට පත් වී ඇත. ආහාර අනාරක්ෂිතභාවය තුළ උත්පාදනය වන ඇතැම් පුද්ගල හැසිරීම් නොඉවසීම සහ ප්‍රචණ්ඩත්වය ප්‍රවර්ධනය කරනවා පමණක් නොව, සමාජ-දේශපාලන අස්ථාවරත්වයද ඇති කරනු ලබයි, එය රටක ආර්ථික වර්ධනය සහ සමෘද්ධිය තව තවත් අනතුරේ හෙළන අතර ජාතික, කලාපීය සහ ගෝලීය සුරක්ෂිතභාවයට ද තර්ජනයක් විය හැකිය.

අනෙක් අතට මෙකී තත්ත්වය  සාමය, සමාජ සාධාරණත්වය සහ ආර්ථික යහපැවැත්ම තර්ජනයට ලක් කරමින් රටක තිරසාර සංවර්ධනය අනතුරේ හෙළයි. ඇතිවන මෙවන් තත්ත්වයන්වලට මුහුණ දීම සඳහා රටකට ආරක්ෂක සහ මිලිටරි වියදම් ද වැඩි කිරීමට අවශ්‍ය වේ. මෙම තත්ත්වය තවත් වටයකින් ආර්ථික අර්බුදය සහ ආහාර අනාරක්ෂිතභාවය තීවුර කරනු ලබයි.

අපේ රටට කුමක් වේ ද?

■      ජූනි 14 වන දින ලෝක ආහාර වැඩසටහන (WFP) විසින් නිකුත් කරන ලද ශ්‍රී ලංකා තත්ව වාර්තාවට අනුව, මාස ගණනක ආර්ථික බිඳවැටීමෙන් පසු රට පුරා දිස්ත්‍රික්ක 25 ක මිලියන 5.7 ක ජනතාවකට මානුෂීය ආධාර අවශ්‍ය බව පැවසේ.

■      එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) සහ ලෝක ආහාර වැඩසටහන එක්ව රටේ මිලියන 1.7 ක ජනතාවක් සඳහා ආධාර ඉලක්ක කර ගනිමින් මානුෂීය අවශ්‍යතා සහ ප්‍රමුඛතා සැලැස්ම නමින් හදිසි ප්‍රතිචාරයක් දියත් කර ඇත.

■      එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය (UNOCHA) විසින් ජූනි 9 වැනි දින නිකුත් කරන ලද තවත් වාර්තාවකින් පැවසෙන්නේ, ණය සහ ගෙවුම් ශේෂ අර්බුදය සමඟ ඉහළ මට්ටමේ ආහාර අනාරක්ෂිතතාවයක් ද සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවේ  ”බහුමාන අර්බුදය” ඉස්මතු කර ඇති බව ය.

■      ලෝක ආහාර වැඩසටහනේ මැදිහත්වීමෙන්  ශ්‍රී ලංකාව තුළ වේගවත් ආහාර සුරක්ෂිතතා තක්සේරුවක් සිදුකර දුප්පත්ම කුටුම්භයන් සමීක්ෂණය කර තිබෙන බවත්, එමඟින් පරිභෝජන රටාවේ භයානක ප්‍රවණතා අනාවරණය වී ඇතැයි පැවසේ.

■      ලෝක ආහාර වැඩසටහන හෙළි කරන්නේ, මෙරට පවුල්වලින් වැඩි දෙනෙකු මිල අඩු, පෝෂ්‍යදායී නොවන හෝ පෝෂණය අඩු ආහාර මිලදී ගන්නා බවත්, ඉහළ යන ආහාර මිල පාලනය කිරීම සඳහා, ශ්‍රී ලංකාවේ මිනිසුන් අඩු පෝෂ්‍යදායී ආහාර අනුභව කිරීම හෝ ආහාර ගන්නා ප්‍රමාණය සීමා කිරීම වැනි “මුහුණ දීමේ මාදිලිය” වෙත මාරු වී ඇති බවත් ය.

https://www.wfp.org/publications/sri-lanka-remote-household-food-security-survey

මේ වනවිට රටේ පවතින ආහාර උද්දමනය බරපතල ලෙස මහජන සෞඛ්‍යට බලපෑම් එල්ල කරමින් තිබෙන බව ඇතැම් ඊනියා විශේෂඥ ඔළුගෙඩි වලට නොදැනුනාට, හුදී ජනතාවගේ බඩගෙඩිවලට සහ හිත්වලට දැනෙමින් තිබේ.

ආහාර හා මානව පෝෂණ පැතිවල සිදුවිය හැකි දේ

මෙවන් ආහාර අර්බුධයන් පවතින සමයක ආරක්ෂිත ආහාර සහ ආහාර සෞඛ්‍ය පිළිබඳව ජනතාවගේ අවධානය බරපතල ලෙස ගිළිහී යාම සාමාන්‍ය දෙයක් බව මෙවන් විපත්වලට මුහුණ දුන් රටවල්වල ජාත්‍යන්තර අත්දැකීම් මගින් ද පැහැදිළි වෙයි.  මෙවන් තත්ත්වයක් ඇතුලේ ආහාර සුරක්ෂිතතාවය සහ ආහාර සෞඛ්‍ය සහ මානව පෝෂණය  පැතිවලින් සිද්ධවිය හැකි    හානි කිහිපයක් හඳුනාගත හැකිය.

  1. ආහාර හිඟ වෙතැයි බියෙන් යමක් කමක් තිබෙන පුද්ගලයින් ඉතා විශාල ලෙස ආහාර තොග මිල දී ගෙන ගබඩා කර ගැනීම නිසාවෙන්, එදා වේල හොයා ගන්නා පුද්ගලයින්ට, මාසික වැටුප් ලබන පුද්ගලයින්ට දිළිදු ජන කොටස්වලට සහ වයස්ගත කායික ආබාධවලින් පෙළෙන පුද්ගලයින්ට ආහාර නොමැති වීම සහ මිල ගණන් තව තවත් ඉහළ යාම.
  2. පෝෂණ ගුණයක් නැති හෝ සමබල ආහාර වේලකින් ලැබෙන පෝෂ්‍යපදාර්ථ නොලැබෙන ලාබෙට තිබෙන විකල්ප ආහාරවලට යෑම.

උදාහරණ ලෙස පොල් හෝ කුරුම්බා මද ආහාර වේලක් ලෙස ආහාරයට ගැනීම, බත් ස්වල්පයකට ලුණු හෝ මිරිස් ඉස අහාරයට ගැනීම, පොල් කෑලි සමග හෝ ලුණු මිරිස් සමග පාන් හෝ රොටී කෑල්ලක් ගිළ දමා වතුර හෝ තේ වලින් කුස පුරවා ගැනීම.

(හයිටියේ අතීත ජනතාව සාගත අවස්ථාවලදී ආහාරයට ගත්තා යැයි සැලකෙන මැටි රොටී වැනි ආහාර මේ වෙන විට එරට තුළ ජනප්‍රියව  පැවතීම.)

  1. වෙළඳපොල බලවේග විසින් දූෂිත සහ තත්ත්වයෙන් බාලකළ ආහාර ඉදිරිපත් කිරීම.

මේ වන විට ආහාර නිෂ්පාදනකරුවන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ අමුද්‍රව්‍ය හිඟයයි. වෙනදා මෙන් පහසුවෙන් පිටරටවලින් ගෙන්වාගත හැකිව තිබූ ආහාර අමුද්‍රව්‍යය මේ වන විට සීමා වී තිබේ. අනෙක් අතට ඒවාට ගෙවිය යුතු මිළ ගණන් ද ඉතාමත් වෙිගයෙන් ඉහළ යමින් පවතී. මෙවන් තත්ත්වයන් විසින් අමුද්‍රවයවල සහ ගෙන්වනු ලබන ආහාර ද්‍රවයවල තත්වය, ප්‍රමිතිය වගේ දේ  නොසලකා කටයුතු කරන්නට වැඩි ඉඩක් ඇති කරවනු ලබයි. අනෙක් අතට වැඩි ලාභයක් ඉලක්ක කරගෙන බොර දියේ මාළු බාන ජාතියේ කූට වෙළඳුන්ගේ හැසිරීමද මෙවන් කාලවකවානුවක ඉස්මතු වීම නොවැළැක්විය හැකිය. මේ සදහා පසුගිය ටිකේ අප අත්දුටු අත්දැකීම් කිහිපයක්ම වෙයි.

පොල්තෙල්, ධාන්‍යමය සීරියල් ආහාර (පෝෂ වර්ග) වර්ගවල ඇෆ්ලටොක්සීන් අඩංගුවීම වැනි අප දන්නා සහ හෙළි නොවුණු තව බොහෝ කාරණා තිබිය හැකිය. මෙවැනිම සහ මීටත් වඩා භයානක ලෙස වස විසවලින් දූෂිත ආහාර නිසාවෙන් ගැටලු   ඇතිවුණු  තත්වයන් ලෝකයේ ආර්ථික අර්බුදවලින් බැට කන රටවල්වලින් සුලභව වාර්තා වී ඇත. හයිටිය , සිම්බාබ්වේ , සුඩානය, ඉතියෝපියාව වැනිරටවලින් ඇෆ්ලටොක්සීන්වලින් මෙන්ම , බැරලෝහ, පළිබෝධනාශක විස රසායනික ද්‍රව්‍යයවලන් දූෂිත ආහාර වාර්තා වී තිබෙනවා.

  1. අසාත්මික සහ විසවීමේ අවදානම පවතින ඇතැම් කැලෑ ගෙඩි වර්ග, අල වර්ග, ගස්වල පොතු වර්ග, හතු වර්ග නිසි හඳුනාගැනීමකින් තොරව ආහාරයට ගැනීම.

කෙසේ වෙතත් ජනප්‍රිය එළවළු පලතුරු හිඟ මෙවන් කාලවකවානුවකදී ඒවා වෙනුවට ආහාරයට ගත හැකි පෝෂණ තත්ත්වයෙන් සහ ඖෂධීය ගුණයෙන් ඉහළ ඌණභාවිත ආහාර වර්ග හඳුන්වා දීම බෙහෙවින්ම වැදගත්වන බව සැබවි.

එහෙත් ඒවායේ පෝෂණ තත්ත්වයන් සහ ආහාරයට ගැනීමට නුසුදුසු වයස් කාණ්ඩ සිටීනම් ඒවා පිළිබඳව නිවැරදි විද්‍යාත්මක තොරතුරු මෙන්ම එවන් ආහාර වර්ග සංස්කරණය කර ගත යුතු නිවැරදි සූප ශාස්ත්‍ර ක්‍රම පිළිබඳ දැනුම  සමාජගත කිරීම ද අදාල බලධාරීන් සහ නිලධාරීන් විසින් කළ යුතුව ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

එක කුඩයක් යටට එන හැටි බලන්න වෙල්ගම ලොකු අයියා ජී.එල් පොඩිමල්ලි හමුවෙලා…

Next Post

නොරච්චෝලේ ගල් අඟුරු ලංසුව කොලේ වසා ගහන තුරුම්පුවක්ද?…

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.