සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆිගේ ඝාතනය:  සමෘද්ධිමත් අනාගත ලිබියාවක් පිළිබඳ බලාපොරොත්තුවේ සංකේතය විනාශ කළ හැටි…

by editor
පෙබරවාරි 4, 2026
in සමාජ
Saif al-Islam Gaddafi
Share on FacebookShare on Twitter

කපිල කේ. හීනටියන –

ලිබියාවේ හිටපු නායක මුවම්මර් ගඩාෆිගේ පුත්‍රයා සහ ඔහුගේ දේශපාලන උරුමක්කාරයා ලෙස සැලකුණු සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆි  ඊයේ  (03)     බටහිර ලිබියානු නගරයක් වන සින්තාන්හිදී ඝාතනයට කරනු ලැබුවේය.

ඔහුගේ නිවසට කඩා වැදුණු මුහුණු ආවරණය කළ සිව්දෙනෙකුගෙන් යුත් ආයුධ සන්නද්ධ කණ්ඩායමක් විසින් මෙම ඝාතනය සිදු කර තිබිණි.  ආරක්ෂක කැමරා පද්ධතිය අක්‍රිය කරමින් නිවසට ඇතුළු වූ ඝාතකයෝ  ඔහුගේ උද්‍යානයේදී ඔහුට වෙඩි තබා ඝාතනය කර පලා ගොස් තිබුණහ.

දැනට අනාවරණය වන තොරතුරු මත පැහැදිලි වන්නේ මෙම ඝාතනය වෘත්තීය මට්ටමේ පුහුණුවක් සහිත තාක්ෂණය සහ දියුණු සැලසුම් අනුව සැකසුන මෙහෙයුමක් බවය. ලිබියානු මාධ්‍ය සහ ඔහුගේ නීතිඥවරුන් විසින් ප්‍රකාශ කරන්නේ මෙම ඝාතනය සිදුකළේ කමාන්ඩෝ කණ්ඩායමක් බවය. මෙම මෙහෙයුමට ගතවී තිබී ඇත්තේ විනාඩි කීපයක් පමණි. සිදුවන්නේ කුමක්දැයි වටහාගත නොහැකි වේගයෙන් අපරාධය සිදුවී තිබෙන බව දැන් අනාවරණය වී ඇත. සයිෆ් අල්-ඉස්ලාම්ගේ ඝාතනය සැලසුම්කළ ත්‍රාස ජනක මෙහෙයුමක් බව ප්‍රකාශ වී  තිබේ.

මෙම සිදුවීම ලිබියාවේ දැනට පවතින දේශපාලන අස්ථාවරත්වය සහ බෙදීම්වල තීව්‍රතාවය පෙන්වන සංකේතයක් ලෙස සැලකේ. ඔහුගේ ඝාතනය සමග ලිබියාවේ අනාගත දේශපාලන තත්ත්වය තවදුරටත් සංකීර්ණ වී ඇති අතර, එය ජාත්‍යන්තර මට්ටමේදීද අවධානයට ලක් වී තිබේ.

සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆි කවුද?

සයිෆ් අල්-ඉස්ලාම් මුවම්මර් ගඩාෆි උපත ලබන්නේ 1972 ජූනි 25 දා ය.  ඔහු  ලිබියාවේ හිටපු නායක මුවම්මර් ගඩාෆිගේ දෙවැනි පුත්‍රයා විය. ඔහුගේ පියාගේ පාලන සමයේදී (1969-2011) ඔහු ලිබියාවේ දේශපාලනයේ සහ ආර්ථිකයේ ප්‍රධාන භූමිකාවක් ඉටු කළේය. ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස්හි  ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබාගත් ඔහු, ජාත්‍යන්තර මට්ටමේදී ලිබියාවේ නියෝජිතයකු ලෙස කටයුතු  කළේය.  යුරෝපීය රටවල් සමග සබඳතා ගොඩනැගීමට සහ ලිබියාවේ ආයෝජන ආකර්ෂණය කිරීමට උත්සාහ කළ විද්වත් වෘත්තිකයෙක් ලෙස කලෙක ඔහුගේ භූමිකාව වර්ණනය විය.

RelatedPosts

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

2011 දි අරාබි වසන්තයේ කොටසක් ලෙස පැන නැගෙන  ලිබියානු අරාබි  මුවම්මර් ගඩාෆි කෲර ලෙස ඝාතනය විය.  ඒ කැරළි සමයේ  තම    පියාගේ ආධාරකරුවකු ලෙස ක්‍රියාකාරී වූ සයිෆ්, එම කැරැල්ලේදී අත්අඩංගුවට පත් විය. ඔහුට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් (ICC)   චෝදනා එල්ල වූ අතර, ඔහු සින්තාන්හි මිලීෂියාවක බාරයේ සිටියදී 2015දී මරණ දඬුවම් නියම විය. ලිබියාවේ “මිලීෂියාව” යන වචනය භාවිතා වෙන්නේ බොහෝ විට ගඩාෆිගේ රජය බිඳ වැටීමෙන් පසු බිහිවුණු සන්නද්ධ කණ්ඩායම් වලට ය.

කෙසේ  නමුත් සයිෆ් අල්-ඉස්ලාම් මුවම්මර් ගඩාෆි  2017දී සමාව දීමකින් නිදහස් වූයේය. අනතුරුව ඔහු  ලිබියාවේ දේශපාලනයට නැවත එක්වීමට උත්සාහ කළේය. ඒ 2021 දෙසැම්බර් 21 වැනිදාට සැලසුම් කර තිබූ මහ  මැතිවරණයට සහ ජනාධිපතිවරණයට     අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත්වීමට  කටයුතු කිරීමෙනි.  එහෙත් ඔහුගේ අපේක්ෂකත්වය  2021 නොවැම්බර් 24දා  මැතිවරණ කොමිසම විසින් තහනම්  කරනු ලැබුවේය. මන්ද ඔහුට යුද අපරාධ චෝදනා තිබුණු බැවිනි. නමුත් ඔහුගේ අභියාචනයෙන් පසුව  2021 දෙසැම්බර් 2දා  යළිත් ඔහු අපේක්ෂකයෙක් ලෙස පිළිගනු ලැබුවේය.

එහෙත් ලිබියාවේ 2021දී සැලසුම් කළ  ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුයේ නැත.   දේශපාලන ගැටුම්, මැතිවරණ නීති ගැන එකඟතා නොමැතිකම, අපේක්ෂකයන්ගේ තහනම්වීම් සහ ආරක්ෂාවේ ගැටලු නිසා සමස්ත මැතිවරණයම දින නියමකින් තොරව කල් දැමුණේය.   මැතිවරණය කල් දැමීම ගැන ලිබියානු පාර්ලිමේන්තු කමිටුව 2021 දෙසැම්බර් 22දා නිල වශයෙන් තහවුරු කරනු ලැබූ වේය.

ඇත්ත වශයෙන්ම මේ මැතිවරණ දින නියමකින් තොරව කල් යෑමට අතිශයින්ම බලපෑ ප්‍රධානම හේතුවක් වූයේ ෆයිස් අල් ඉස්ලාමිගේ     ජනප්‍රියත්වයත් ඔහු බලයට පැමිණ  නැවත ගඩාෆි යුගයක් නිර්මාණය වනු ඇති බවට වූ පුරෝකථනයත්ය. මේ සැකය නිසා බොහෝ මිලීෂියාවන්, ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් සහ දේශපාලන බලවේග මැතිවරණයම ප්‍රතික්ෂේප කරන මට්ටම් තල්ලු කර එය දින නියමක් නොමැති තැනකට ඇද දැමුවේය.   ෆයිස් – අල් – ඉස්ලාමී  ඝාතනය වන්නේ එවැනි පසුබිමකය.

 ඔහු දේශපාලනික වශයෙන් වැදගත් වූයේ කෙසේද?

සයිෆ් අල්-ඉස්ලාම් ලිබියාවේ දේශපාලනයේ වැදගත්කම ඔහුගේ පියාගේ උරුමය සහ ඔහුගේ දේශපාලන බලාපොරොත්තුවලින් ආවරණය විය. ගඩාෆිගේ පාලන සමයේදී ලිබියාව ණය රහිත, බදු රහිත සමෘද්ධිමත් රාජ්‍යයක් වූ අතර, තෙල් සහ ගෑස් සම්පත් අතිශය ක්‍රමවත් ලෙස කළමනාකරණය කරමින්  පොහොසත් දේශයක් නිර්මාණය කරනු ලැබුවේය. සයිෆ් එම යුගයේ සංකේතයක් ලෙස සැලකිණි.  ඔහුගේ දේශපාලන බලපෑම ලිබියාවේ බෙදීම් අතර සමහර ගෝත්‍රික සහ කලාපීය කණ්ඩායම්වල ජනප්‍රියත්වයෙන් ආවරණය විය.  විචාරකයින්ට  අනුව, ඔහු  ලිබියාවේ කවදා හෝ පැවැත්වෙනු ඇතැයි අපේක්ෂා කළ  ජනාධිපතිවරණයකදී ජයග්‍රහණය කිරීමේ ඉහළ  විභවයක් තිබූ අපේක්ෂකයකු විය.

ඔහුගේ දේශපාලන වැදගත්කම වැඩි කළේ කැඩී බිඳී විසිරුණ ලිබියාව එකමුතු කිරීමේ බලාපොරොත්තුක් ඔහු තුළ පැවතීම නිසාය. 2017 නිදහස් වීමෙන් පසු ඔහු සින්තාන්හි රැඳී සිටිමින් දේශපාලන ක්‍රියාකාරකම්වල නිරත වූ අතර, ලිබියාවේ නැගෙනහිර සහ දකුණු ප්‍රදේශවල ඔහුට සහයෝගය තිබුණි. ඔහුගේ මරණය සමග ගඩාෆි උරුමයේ අවසන් සංකේතයක් නැති වී ගියේය.  එය ලිබියාවේ දේශපාලන බෙදීම් තවදුරටත් තීව්‍ර කළ සාධකයක් වනු ඇති බව මේ වනවිටත් පෙනෙමින් තිබේ.

ඔහුව ඝාතනය කිරීමට අවශ්‍ය වූයේ ඇයි?

මෙම ඝාතනයේ සත්‍ය හේතු තවමත් නොපැහැදිලි ය. නමුත් ඔහුගේ දේශපාලන බලපෑම සහ ජනප්‍රියත්වය නිසා එය දේශපාලනිකව ප්‍රේරණය වූ එකක් ලෙස සැලකෙයි. ඔහුගේ ඥාති සහෝදරයකු වන අහමඩ් ගඩාෆි පවසන්නේ ඔහු ලිබියාවේ ජනාධිපතිවරණයක දී ජයග්‍රහණය කිරීමේ විභවයක් පැවති බැවින්  මෙය “බටහිර රටවල නියෝජිතයන්” විසින් සිදු කළ බවකි.  එය යම් සාධනීය තර්කයක් සහිත ප්‍රකාශයක් බව පෙනෙන්නේ ලිබියාවේ දැනට පවතින බෙදීම් අතර   ගඩාෆි උරුමය නැවත බලයට පත්වීම බටහිර රටවල් සහ ලිබියානු ප්‍රතිවිරුද්ධ කණ්ඩායම්වල අපේක්ෂාව නොවන බවය. ඔහුගේ මරණය සමග ලිබියාවේ ජනාධිපතිවරණයකදී ඔහුගේ බලපෑම නැති වීම ඔහුගේ දේශපාලන ප්‍රතිවිරුද්ධකයන්ට වාසිදායක විය හැකිය.

කෙසේ වෙතත්, ලිබියානු අගමැතිවරයාගේ කාර්යාලය සහ ජාත්‍යන්තර මට්ටමේදී මෙම ඝාතනය පිටුදකින බව පෙනේ. සිද්ධිය පිළිබඳව  විමර්ශනයක් ආරම්භ කර ඇත.

ලිබියාවේ වර්තමාන සමාජ-දේශපාලන තත්ත්වය

ලිබියාව 2011 ගඩාෆිගේ වැටීමෙන් පසුව තවමත් දේශපාලනිකව බෙදී ඇති රටකි. රටේ බටහිර කොටසේ ට්‍රිපොලි පදනම් කරගත් ජාතික එකමුතු ආණ්ඩුව (GNU) සහ නැගෙනහිර කොටසේ ඛලීෆා හෆ්තාර්ගේ ලිබියානු ජාතික හමුදාව (LNA) සහ ජාතික ස්ථාවරත්ව ආණ්ඩුව (GNS) අතර බෙදීම් පවතී.  2021දී සැලසුම් කළ ජාතික මැතිවරණ අවලංගු වී ඇති අතර, රටේ දේශපාලන බෙදීම් සහ විශ්වාසයේ ඌනතාවය නිසා තවමත් මැතිවරණයක් පැවැත්වීමට නොහැකි වී ඇත.

සමාජීය වශයෙන් රටේ මානුෂීය අර්බුදයක් පවතී. 147,000කට ආසන්න පිරිසක්  අභ්‍යන්තරිකව අවතැන් වී සිටි.    ආපදා සහ ගැටුම් නිසා ඔවුන්ගේ ජීවිත අවදානම් වී ඇත.  ආර්ථිකය තෙල් මත රඳා පවතින අතර, දූෂණය, මිලීෂියාවන්ගේ පාලනය සහ  රුසියාව, තුර්කිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඊජිප්තුව වැනි  රටවල් ජාත්‍යාන්තරව කරන බලපෑම ද මේ අස්ථාවරත්වයට එක් හේතුවකි.     මානව හිමිකම් උල්ලංඝනයන් බහුල ය.   අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම්, මරණ දඬුවම් සහ සංක්‍රමණිකයන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය  රට  තුළ පවතී.  මේ බිඳ වැටුන ලිබියාවේ සංකේතාත්මක අපේක්ෂාව වූයේ  සයිෆ් අල්-ඉස්ලාමිය. මේ ව්‍යසනයට ලක් වන්නේ ඒ සිරිමත් ලිබියාවක් පිලිබඳ  අභිලාෂකාමී ලිබියානු ජන කොටස දුටු සිහිනය ය.

සයිෆ් අල්-ඉස්ලාම්ගේ ඝාතනය ලිබියාවේ දීර්ඝකාලීන අර්බුදයේ නව පරිච්ඡේදයක්  ආරම්භ කරන්නේය.    ඔහුගේ මරණය සමග ගඩාෆි යුගයේ අවසන් සංකේතයක් නැති වී තිබේ.  අපේක්ෂා රහිත සමාජයක   සමාජ-දේශපාලන බෙදීම් තවදුරටත් තීව්‍ර වන ලකුණු පෙනේ.  ජාතික මැතිවරණ සහ සංහිඳියාව සඳහා  දැන් ජාත්‍යාන්තර මැදිහත් විමක අවශ්‍ය බව විචාරක මතයයි.    ලිබියාවේ අනාගතය රඳා ඇත්තේ බෙදීම් අවසන් කිරීමේ සහ සමෘද්ධිය නැවත ගොඩනැගීමේ බලාපොරොත්තුව මත බැවිනි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිස්බුල්ලාගේ පුනානි ජාත්‍යාන්තර විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවය පැවැත්වේ…

Next Post

නිදහස් දිනය දා කෙඳරි ගාන රාජපක්ෂ සට්ටැඹියන්ගේ රණවිරුගාය  රෙද්ද පල්ලෙන්  බේරුන හැටි ගැන කියන අතීත කතාවක්….

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!
  • 2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.