බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිදහස් දිනය දා කෙඳරි ගාන රාජපක්ෂ සට්ටැඹියන්ගේ රණවිරුගාය  රෙද්ද පල්ලෙන්  බේරුන හැටි ගැන කියන අතීත කතාවක්….

by editor
පෙබරවාරි 4, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ලොකු කුමා විසිනි –

හැත්තෑ අට වන දින නිදහස් සංවත්සරය ජනපති අනුර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරශ්‍රයේදී පැවැත්විනි. එසේ පැවැති ඒ නිදහස් උත්සවයේ අඩු පාඩු කම් පිළිබඳව බොහෝ දෙනෙකු හායි හූයි ගාන්නට පටන් ගෙන තිබේ. තමන් රණවිරුවන් යැයි චරිත සහතික ලියා ගෙන සිටින මේ උන්දැලා ⁣වැඩි දෙනෙක් රාජපක්ෂ බලකායේ සට්ටැඹියන්ය. ඔවුන්ගේ කෙරුවාව හසුරවන්නේ ⁣රාජපක්ෂ දේශපාලනය මිස අන් යමක් නොවේ.

අප එහිදී ඔවුන් යුද්ධයේදී දැක්වූ දස්කම් ගැන ප්‍රශ්න කරන්නේ නැත.   එහෙත් අප කණගාටු වන්නේ යුද බිමේ සිය දිවි දෙවෙනි කොට පෙන්වූ වීරත්වය රාජපක්ෂලාගේ  දෙපා පිසින පාපිසි බවට  පත් කිරීම ගැනය. සැබැවින්ම ඔවුන් සිය වීරත්වය බාල දේශපාලනික අවශ්‍යතාවන් සඳහා ⁣පාවා දුන් දුගී මිනිස්සුය.

අද පැවැති නිදහස් උළෙලේදී සන්නාහ සන්නද්ධ බලකායේ හා කාලතුවක්කු හමුදාව සතු බර ආයුද ප්‍රදර්ශන⁣ය නොකිරීමත් පෙළපාලියේ විස්තර ප්‍රකාශයේදී කමාන්ඩෝ රෙජිමෙන්තුව හා  විශේෂ  බලකාය දිට්වා  සුළි කුනාටුවේදී  සිදු කළ මෙහෙවර ගැන පමණක් සඳහන් කිරීමත් රාජපක්ෂ මිල්ටෙරි පැන්ෂන් බලකායේ සිත රිදී තිබේ.

කමාන්ඩෝ රෙජිමෙන්තුව හා විශේෂ බලකාය පසුගිය යුද සමයේදී සිදු කළ මෙහෙවර පිළිබඳව මෙරට පුරවැසියන්ට අමතක නැත. එම රෙජිමෙන්තුවල වීරත්වයට කිසිදු අඩු පාඩුවක් ජාජබ ආණ්ඩුවෙන් සිදු නොවන බවද විශ්වාසය. හමුදාවේ වීරත්වය හා අයෝමය පැවැත්ම ශක්තිමත්ව රඳා පවතින්නේ  ප්‍රදර්ශනාකාමී පෙළපාලිවල ගමන් කිරීමෙන් නොවේ. අප දන්නා පරිදි නිරන්තරයෙන් සිදු කළ යුතු පුහුණුවීම් වලින් හමුදාව යාවත්කාලීන කෙරේ. ජාජබ ආණ්ඩුව මේ වන විටත් ඒ සඳහා උපරිමයෙන් මැදිහත් වී තිබේ.

පසුගිය කාලයේ යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ  තනතුරු හිමි වූයේ සුදුස්සාට නොවන බවට චෝදනා පැවතුණි. හමුදාපති කමට පත් කෙරුවේද දේශපාලන හිතවත් කම් මතය. එසේ හමුදාපතිකම්වලට පත් වූවන්ගේ බිරින්දෑ වරුන් පවා හමුදාවේ සම්පත් යොදා ගන්නා ලද්දේ තමන්ගේ ව්‍යාපාර ගොඩදා ගැනීමටය.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

හමුදාව තුළ පැවතියේ පට්ට දූෂිත පරිසරයකි. යුද හමුදා රෝහළෙන් ප්‍රතිකාර  ලබා ගන්නා රෝගී හමුදා සෙබළුන් සඳහා ඖෂධ මිලයට ගැනීමට වෙන් කරන ලද මුදල් වැය කරන ලද්දේ රාජපක්ෂවරුන්ගේ නිවසේ ඇති දැඩි කළ සුනඛයන්ට විටමින් ⁣ලබා දීම සඳහාය. එවකට සිටි හමුදාපතිවරුන් ගේ පැවැත්ම සහතික වූයේ කොන්⁣දේසි විරහිතව රාජපක්ෂලා වෙත සිය  වහල් භාවය තහවුරු කිරීමේ හැකියාව මතය. ජාජබ ආණ්ඩුවේ මැදිහත් වීමේ ප්‍රතිඵළයක් ලෙස හමුදාව දේශපාලනීකරණයෙන් මේ වන විට මිදී තිබේ.

වර්තමාන යුද හමුදාපතිවරයා ගේ මෙහෙවර දායකත්වය ඉතා විශිෂ්ට බව හමුදා සෙබළුන්ගේ නිගමනයයි.සෙබළුන් ගේ සුභ සාධනයද ඉහළ මට්ටමක පවතී.  කෙසේ වෙතත් හමුදාවේ වීරත්වය ගණිත චක්‍රයක් මෙන් පුනුරුච්චාරණය කරමින් අවුරුද්දේ එක දවසකදී පමණක් උඩ දැමීමෙන් සමාජයට අමුතු ප්‍රතිලාභයක්ද  හිමි නොවේ.

එහෙත් මේ වාහෙලා අද පැවැති නිදහස් පෙළපාලියේ ⁣කොනක් අල්ලා ගෙන කෙඳිරි ගාන්නේ ජාජබ ආණ්ඩුව රට පාවා දෙන බවට ජනතාව අවුස්සා දේශපාලන වාසියක් ගන්නටය. එහෙත් කෑ ගසන ශබ්දයෙන් සතා මොකාදැයි හඳුනා ගන්නට තරම⁣ට දැන් මෙරට පුරවැසියන් පරිණතය.

රාජපක්ෂලාගේ වර්තමාන කනවැද්දුම් දේශපාලනය නැවත මෙරට  බලය උදුරා ගැනීම සඳහා සිදු කරමින් තිබෙන කුමන්ත්‍රණය තුළ පැන්ෂන්කාර මිල්ටෙරි යාන්ත්‍රණය ඉතා සීරුවට යොදා ගැනීම ඔවුන් ගේ අදහස වී ඇති බව පැහැදිලිය. අද පැවැති නිදහස් පෙළපාලියේ අඩු පාඩු ගැන තැනින් තැන  විලාප නැගෙන්නේ ඒ න්‍යාය පත්‍රයට යටත්වය. මේ මාරම මාර දේශප්‍රේමී වීරයන්ට අපට සිහිපත් කරන්නට බොහෝ දේවල් තිබේ. ඒ අතරේ අද ලියන්නේ එක සිද්ධියක් පමණය.

එක සිද්දියක්

එවකට මේජර් ජනරාල් සරත් ෆොන්සේකා ජනපතිවරණයෙන් පරාජයට පත් කිරීමෙන් පසු උද්දාමයට පත් රාජපක්ෂලා  ඔහු වැලිකඩට දක්කා ජම්පරය අන්දා ලොන්ඩරි පාටියට දැම්මේ  කිසිම හිරිකිතයක් නැතුවය. එහිදී මේජර් ජනරාල් සරත් ෆොන්සේකාට එරෙහිව ක්‍රියාත්මක වූයේ කැන්ගරු නීතිය බව මෙරට පුරවැසියන්ට අමුතු⁣වෙන් කියා දිය යුතු දෙයක් නොවීය. එහෙත් ඒ සිද්ධිය ගැන රාජපක්ෂ හෙංචයියන් හිටියේ  කියා ගත නොහැකි සතුටකිනි. යුද්ධය දින වීමට අණ දුන් සෙන්පතියා ගෙන් ද්වේශ සහගතව පළිගැනීම පිළිබඳව රාජපක්ෂලාට  එරෙහිව චෝදනා කරන්නට කොන්ද පණ ඇති රණවිරුවන් කිසිවකුත් එදවස දකින්නට තියා බේතකටවත් හොයාගන්නට සිටියේද නැත. අද ජාජබ ආණ්ඩුවේ ඇද කුද හොයන රණවිරු පප්පලා එදා සිටියේ රාජපක්ෂලාගේ මස් කටු සූප්පු කරමිනි.

මේජර් ජනරාල් සරත්⁣ ෆොන්සේකා වැලිකඩ දැක්කුවේ ජනාධිපතිවරණයට තරග කළ නිසා යැයි කාට හෝ ප්‍රශ්න කරන්නට අවස්ථාව පවතී. ඔව් එය එසේ යැයි අපටත් එකඟ වන්නටද පුළුවන.

එබැවින්  අද ෆීල්ඩ් මාර්ෂවරයෙක් වූ  සරත් ෆොන්සේකා ගේ සිද්ධිය හා සම්බන්ධ තවත් බරපතල පලි ගැනීමක් පිළිබදව වර්තමානයේ රාජපක්ෂ රණවිරු මාන්දම වැළඳී ඇති හෙංචයියන්ට නැවත සිහිපත් කරන්නට අපට සිදු වී තිබේ.

එවකට මේජර් ජනරාල් සරත් ෆොන්සේකා වැලිකඩට දැක්කීමෙන් තෘප්තිමත් නොවූ රාජපක්ෂලා  ඒ දිනවලදීම ඔහුගේ සමීපතයන් බවට සැක කරමින් සක්‍රීය  සේවයේ නිරතව සිටි හමුදා ඡ්‍යෙෂ්ඨයන් පිරිසක් හමුදාවෙන් නෙරපා හරින ලදී.

එහිදී ඔවුන්ට හමුදා කඳවුරුවලට ඇතුළු වීම පවා තහනම් කෙරිණි. මේ ⁣හමුදා ජ්‍යෙෂ්ඨයන් පිරිස යුද්ධයේ ඉතා නිර්භීතව සටන් වැදුන රණවිරුවෝ වූහ.   එහෙත් රාජපක්ෂලාගේ මෙලේච්ඡ හා සාහසික පළි ගැනීම් වලට ඒ රණවිරු කම් අදාල නොවීය.

2010 ජනවාරි 10 දිනැතිව “අතිගරු ජනපතිවරයාගේ” උපදෙස් පරිදි නිළධාරීන් විශ්‍රාම ගැනීම යන ශීර්ෂයෙන් ආරක්ෂක මහජන ආරක්ෂක නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ අතිරේක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් ආර්.අරුන්තනාදන් විසින් හමුදාපතිවරයා වෙත යොමු කරන ලද ලිපියේ එසේ නෙරපා හරින ලද ⁣හමුදා ජ්‍යෙෂ්ඨයන් 14 දෙනෙකුගේ නම් සඳහන් විය . ඔවුන් 14 දෙනා මෙසේය.

  1. මේජර් ජනරාල් JJPST ලියනගේ
  2. මේජර් ජනරාල් GPRD සිල්වා
  3. මේජර් ජනරාල් LKJR පෙරේරා
  4. මේජර් ජනරාල් සූරියබණ්ඩාර
  5. මේජර් ජනරාල් NVMMW සේනානායක
  6. බ්‍රිගේඩියර් PSD ඩයස්
  7. බ්‍රිගේඩියර් DC කැටිපෙආරච්චි
  8. බ්‍රිගේඩියර් JJ මොහොට්ටි
  9. බ්‍රිගේඩියර් VAJ හැන්ඩිගේ
  10. බ්‍රිගේඩියර් KAW කුමාරසිංහ
  11. කර්නල් PPMT උභයවර්ධන
  12. ලුතිනන් කර්නල් LJMCP ජයසුන්දර
  13. කපිතාන් RMR රණසිංහ
  14. කපිතාන් WAOC ක්‍රිෂාන්ත

ඔවුන් හමුදාවෙන් විශ්‍රාම ගැන්වූ බව අතිරේක ලේකම්වරයාගේ ලිපියේ සඳහන් වුවද යහපාලන ආණ්ඩුව එන තුරු ඔවුන්ට විශ්‍රාම වැටුපක් හිමි නොවූනි.  ඔවුන්ට මෙරට පුද්ගලික සමාගම්වල රැකියාවක් කිරීමේ අවස්ථාවද අහිමි කර තිබුණි.

මෙලෙස හමුදාවෙන් නෙරපා හරින ලද කමාන්ඩෝ රෙජිමෙන්තුවේ රණ ශූර සෙන්පතියකු වූ මේජර් ජනරාල් සූරිය බණ්ඩාර මෙරට ජීවත් වීමට හැකියාවක් නොමැති වීම නිසා ඕස්ට්‍රේලියාවට ගියේය. එහිදී ඔහු ජීවිතයට සමු දුන්නේ මානසික කම්පනය නිසාම ඇතිවූ හෘදයාබාධයකිනි. ඔහුගේ හදිසි මරණය ගැන ෆීල්ඩ් මාර්ෂල්  සරත් ෆොන්සේකා සිය මුහුණු පොතෙහි මෙවැනි සටහනක් ලියා තිබුණේය.

“…මාතෘ භූමියට සැබවින්ම ආදරය කළ සෙන්පතියකු රට වෙනුවෙන් කළ මෙහෙවර වටහා නොගැනීමේ ප්‍රතිඵළයක් ලෙස ඔහු හමුදාවෙන් ඉවත් කරන ලද අතර එපමණකින්ද සෑහීමකට පත් නොවූ අදෘශ්‍යමාන හස්තයේ  පළිගැනීමේ  කෲර පොදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කොට ඔහුට හා ඔහුගේ  පවුලලේ අයට ජීවත්වීමට තිබූ විශ්‍රාම වැටුපද උදුරා ගත්තේය. අවසානයේදී ඔහුට හා බිරිඳට  දරුවන් වෙනුවෙන් දිවි පරදුවට තබා දිනා ගත් මාතෲ භූමියෙන් සමුගෙන විදේශගත වීමට සිඳු වූයේ දැඩි කළකිරීමෙන් හා වේදනාවෙනි.

දිනා ගත් මව්බිමේ සිය ප්‍රාණ වායුව මුදා හරින්නට අදිටන් කර සිටි ඔහුට අවසානයේදී ඒ සඳහා අවසානයේදී තෝරාගන්නට සිඳු වූයේ ඕස්ට්‍රේලියාවය..”

නිදහස් දින පෙළපාලියේ ඇද කුද පෙන්වා ජාජබ ආණ්ඩුවේ දේශප්‍රේමිත්වය ගැන කුඩු කේඩු දෝෂාරෝපනය කරන රාජපක්ෂ හෙංචයින්ට ඒ දිනවල මේජර් ජනරාල් සූරිය බණ්ඩාර ඇතුළු හමුදා ජ්‍යෙෂ්ඨයන්  හමු⁣⁣දාවෙන්⁣ නෙරපා හරින විට දුකක් කණගාටුවක් සිතුනේ නැති වීම අපූරුය.

ඒ දිනවල මේ වාහේලාගේ දේශප්‍රේමිත්වය තිබුණේ කාගේ ඔඩොක්කුව අස්සේ දැයි තව සාක්ෂි අවශ්‍ය වන්නේද නැත.

නිදහස් පෙලපාලියේදී කමාන්ඩෝ රෙජිමෙන්තුවේ ඉතිහාසය හා වීරත්වය ගැන ප්‍රචාරය කෙරුවේ නැති බවට අඳෝනා නගන රාජපක්ෂ ගැත්තන්ට  කමාන්ඩෝ රෙජිමෙන්තුවෙන් නෙරපා හරින ලද මේජර් ජනරාල් සූරිය බණ්ඩාර ගේ ඛේදජනක ඉරණම ගැන අපි නැවත සිහිපත් කරමු. එසේම එය තක්කඩි රාජපක්ෂලා විසින් වර්තමානයේ හසුරවන ව්‍යාජ දේශප්‍රේමීත්වයේ  පැටි කිරිය තේරුම් ගන්නට හැකි බරපතල සාක්ෂියක්ද වන්නේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆිගේ ඝාතනය:  සමෘද්ධිමත් අනාගත ලිබියාවක් පිළිබඳ බලාපොරොත්තුවේ සංකේතය විනාශ කළ හැටි…

Next Post

ඓතිහාසික දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට ජනපති එක් වෙයි!

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.