බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ විනිවිද

විදුහල්පතිවරුනි… ගුරුවරුනි… මහා ව්‍යසන කාලයක මේ නොදරුවන්ට ජීවිතය පහසු කරන්න…

by editor
ජනවාරි 2, 2024
in විනිවිද
Share on FacebookShare on Twitter

ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා
එෂාමා කාරියකරවන –

ආදරණීය විදුහල්පතිවරුන්, ගුරුවරුන් ගෙන් , පාසල් බලධාරීන්ගෙන් කරන්නට ඉතාම කාරුණික ඉල්ලීමක් මාහට ඇත.

පසුගිය කාලයේ පාසල් දරුවන් සහ දෙමව්පියන් හට උපදේශනාත්මක පසුබිමක් සහිත දේශන කරන්නට අවස්ථාව මට උදාවිය.

ඔවුන්ගේ දුක්ගැනවිලි රාශියක් ඔවුහු මා වෙත ඉදිරිපත් කළහ. ඒවායින් 90% ක් පාසල් මට්ටමින් ඉතා පහසුවෙන් විසඳිය හැකි දේ බව මාහට තේරුම් ගිය බැවින් මෙය ලියමි.

පාසල් පොත් උපකරණ ඉතා මිල අධික කාලයකි. එමනිසා පාසල් බලධාරීන්ට පහත දැක්වෙන කරුණු ගැන සානුකම්පිතව බැලිය හැකි නම් මව්පියන්ට විශාල අස්වැසිල්ලකි.

  1. පොත් ලයිස්තුව පාසලෙන්ම අනිවාර්යයෙන් ගතයුතු බව විදුහල්පතිවරුන් කරන බලකිරීම නැවැත්වීම.
    මන්ද යත්. සමහර පවුල්වල දරුවන්ට තෑගි සහ පරිත්‍යාග ලෙස පොත් පත් ලැබෙන බැවිණි. ඔවුන්ට ඒවා ප්‍රයෝජනයට ගත හැකිය. සමහර පාසල් මෙසේ බලකරන බව දනිමි
  2. කවර දැමීමට අසවල් වර්ණ කඩදාසි භාවිතා කළ යුතුය. පාසල් ලොගෝව සහිතව මුල්පිටුවේ නම , පංතිය, නිවාසය සඳහන් මුද්‍රිත නේම් ටැග් ඇලවිය යුතුය යන නීතිය ඉවත් කිරීම. දරුවන්ට හැකි දෙයකින් කවර දමා පිරිසිදුව පොතපත පාවිච්චියට උපදෙස් දීම. මා කුඩා කළ මගේ පංතියේ සිටි යෙහෙළියක් පොත්වලට කවර දැමුවේ පත්තර කඩදාසි සහ කැලැන්ඩර කොළ වලිනි. අද ඇය කැනඩාවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමියකි. කවරය ඇයගේ අධ්‍යාපනයට වැදගත් වූයේ නැත
  3. විෂය ලිවීම සඳහා CR පොත්, 200 pages පොත් ඉල්ලා නොසිටිම. සටහන් ලිවිය හැකි ඕනෑම අභ්‍යාස පොතක් භාවිතයට අවසර දීම. නිවසේ දරුවන් දෙදෙනෙකු සිටී නම් එම වියදම කෙසේ දරන්නද? අනෙක අඩු බර පොත්පත් දරුවාගේ පාසල් බෑගයේ බර අඩුකිරීම දරුවාට කෙතරම් සහනයක්ද?
  4. සාමූහිකත්වය, බෙදාහදා ගැනීමත්, සම්පත් නාස්තියත් වළක්වාලීමටත් මව්පියන්ගේ පසුම්බියටත් පහසු වනු පිණිස පාට පෙට්ටි, ක්ලේ, මැටි, සෙලෝ ටේප්, ගම්, විවිධ ඇට වර්ග, කඩදාසි වර්ග, සායම් තැවරූ පොල්කුඩු, රිබන් ආදිය පංතියටම සෑහෙන ප්‍රමාණය පමණක් ගැනීමට අවශ්‍ය වියදම මව්පියන් ගෙන් එකතු කිරීම. සමහර පාසල්වල සෙලෝ ටේප් , ‍රිබන්, වැනි දේවල් එක ළමයාට එක බැගින් ඉල්ලන බව මව්පියන් කියති. එසේ ඉල්ලා සිටින ගුරුවරුද සිටිති. අඟල් එකක පළල සෙලෝ ටේප් ලොකු ප්‍රමාණයේ එක බැගින් පංතියේ ළමුන්ට රැගෙන එන්න කියූ ගුරුවරයෙක් ගැන මව්වරු මට කීහ.
  5. විවිධ දේවල් සඳහා රූප කොළ , රැගෙන එන්න නොකියා ඒවා දරුවන්ට අඳින්නට උපදෙස් දෙන්න. අපි පොඩි කාලේ සියලු විද්‍යාඥයින්ගේ, ජාතික වීරයින්ගේ, ශාක පත්‍රයන්ගේ රූප අපිම ඇන්ඳෙමු. දරුවන්ගේ කුසලතා වර්ධනයට එය ඉවහල් වනු ඇත.
  6. පංති කාමරය පවිත්‍ර කිරීම , තීන්ත ගෑම මේ වසරේ නොකරන්න. ලොකු පංතිවල ළමුන්ගේ මව්පියන් නොකැඳවා දරුවන් ලවා ඒවා කරවාගන්න
  7. පාසලේ ආපනශාලාවේ දරුවන්ට ගුණදායක නොවූ ආහාර පාන විකිණීමෙන් වළකින්න
  8. වට්සැප් ගෘප් වලට පණිවුඩ නොදමා කොවිඩ් සමයට පෙර මෙන් ගෙදර වැඩ පණිවිඩ පොත නැවත භාවිතයට ගන්න. ජංගම දුරකථනයට ගොදුරුවූ දරුවන් බේරා ගැනීමට මේ පියවර ඉතා වැදගත් බව සලකන්න

ජීවිතේ කම්කටොළු ඇති කාලයක, රටක් ආර්ථික ආගාධයකට වැටී ඇති කාලයක ඔබට කළ හැකි දෙයකින් මව්පිය දරුවන්ට සහනයක් දෙන්න.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ස්තුතියි

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දේශබන්දු තෙන්නකෝන් මැතිණිය පොලිස් සේවා වනිතා ඒකකයේ  සභාපති ලෙස වැඩ භාරගනී!

Next Post

සීසීඩී ය හා පාතාලය පොලිසියට හඳුනාගත නොහැකි වූ වැලිගම සිද්ධිය – පොලිස් පිටපතේ වැරදි ගොඩක් !

Related Posts

විනිවිද

සිය දිවි නසා ගැනීමේ මනෝභාවය සහිත පුද්ගලයෙක් සම්බන්ධව උපදේශකවරයෙකුගේ වගකීම!

සැප්තැම්බර් 15, 2024 - Updated on අප්‍රේල් 9, 2025
පුවත්

මානුෂික ගැටලු විද්‍යාත්මකව අරුත් ගැන්වීමේ දී ඔලිම්පික් කමිටුවට මේ තරමට වැරදිය හැකි ද?.

අගෝස්තු 3, 2024
විනිවිද

ස්තුතියි ගරු විදුහල්පති තුමනි!

ජූනි 7, 2024

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.