fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ විනිවිද

බියපත් මිනිස්සු

වසර 2ක් ago
in විනිවිද, සමාජ
437 5
0
Share on FacebookShare on Twitter

එෂාමා කාරියකරවන

තරුණයා එකවරම පොළව මත ඇද වැටුණේය.

කිසීවෙක් ඔහුට ලං නොවීය. කිසිවෙක් ඔහු දෙස නොබැලූහ. ඔහු වැටී ගත්වනම පොළව මත වැතිරී උන්නේය. මිනිස්සු එතැනින් එහා මෙහා ගියහ. පැය භාගයක් යනතුරු එතැනින් අහක බලං ගියේ අසංවේදී මිනිස්සුම පමණක් නොවේ. සංවේදී මිනිස්සුද එතැනින් අහක බලං පියමං කළහ.

අවසානයේ පැය භාගයකට පසු විපතකදී තමා අමතක කොට අන්‍යයන්වෙත දිවයන සංවේදී තරුණ මිනිසුන් සමූහයක් තවමත් පොළවේ වැතිර සිටින තරුණයා වෙත දිව ආහ. ඔහු ඔසවන්නට සිහි ගන්වන්නට බැරි තැන, තවත් සංවේදී මිනිසකුට අයත් ත්‍රීවිලයකට නංවාගෙන රෝහලට රැගෙන ගියහ. ඒ යනවිටත් තරුණයාගේ මෙළොවට ඇති නෑදෑකම අවසන්ව තිබිණි. ක්ෂණිකව රෝහල කරා ගෙනගියේ නම් ඒ නෑදෑකම නොබිඳී රැකගන්නට තිබිණි යැයි රෝහල් ආරංචි මාර්ග පවසා ඇතැයි වාර්තා විය..

මියගොස් සිටියේ සාමාන්‍ය තරුණයකු නොවේ. ඔහු සොල්දාදුවෙකි. ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ට අනුව රණවිරුවෙකි. දෙවියන් හා සමාන වූවෙකි. එය අසත්‍යක් නොවේ. එසේ මියගියේ සෑම ආපදාවකදීම රටේ මිනිස්සු සහ රට වෙනුවෙන් දිව එන පළමු මිනිස් කණ්ඩායමේ සාමාජිකයන්ගෙන් ඉතාම සක්‍රීය දායකත්වය දුන් කොටසෙන් කෙනෙකි.

යුද්ධයක්, සතුරු ප්‍රහාරයක්, කුණුකන්දක් ඇදවැටීම්ක්, නායයෑමක්, ගංවතුරක් ආදී කුමන ආකාරයේ දරුණු විපතකදී වුව ද සිවිල් ජනතාවගේ ආරක්ෂාව සැලසීමට තම ආරක්ෂාව අමතක කරන්නට රාජකාරියෙන්ම බැඳී සිටි මිනිසෙකි. මේ මොහොතේ ඔහු මුළු රටක් දරුණු වසංගතයකින් මුදවා ගැනීමේ කාර්‍යයේදී තම නොමසුරු දායකත්වය සෞඛ්‍ය අංශයට සහ රජයට ලබා දෙමින් සිටියෙකි. ඒ මිනිස්සු අතින් පසුගිය දශකයට ආසන්න කාලයක් මේ සමාජයට සිදුවූ සේවය සිහිපත් කළ හැකිනම්, එසේ සිහිකළ හැකි පුද්ගලයා තමාගෙන් පැවැතෙන්නට නියමිත ඉදිරි පරම්පරා දහයකට ඒ අත්දැකීම් ලැබෙන අයුරින් මේ සේවය අගයනු ඇත.

එහෙත් එය එසේ සිදුවූයේ නැත. නාවික හමුදාවේ සෙබළු තමා උපන් ගමේදී එකට හැදුණු වැඩුණු මිනිසුන්ගෙන් පහර කෑහ. සෙබළුන්ගේ නිවාස ඉදිරියෙන් මල්වඩම් තැන්පත් කරනු ලැබූහ. මේ සොල්දාදුවා මහමග ඇදවැටී පිළිසරණක් නැතුවම මිය ගියේය.

මෙසේ වූයේ ඇයි? මිනිසුන් අකෘතඥ වූ බැවින්ද? අසංවේදී ආත්මාර්ථකාමී වූ බැවින්ද? වෙනත් හේතුවක්ද?

මෙයට ප්‍රධාන හේතුව මේ මොහොතේ මිනිසුන් තුළ කොවිඩ් 19  සම්බන්ධයෙන් ඇතිකර තිබෙන අසාමාන්‍ය බියයි. අසාමාන්‍ය අහේතුක බිය නිසා ඇතිකරන මානසික ව්‍යාකූලත්වයේ ප්‍රමාණයයි.

මිනිස්සු ලෝකයේ පළමුව සහ වඩාත්ම ආදරය කරන්නේ තමන්ටය. ඉන්පසු පවුලටය. තමනුත් පවුලත් ආරක්ෂා සහිත බව තමන්ට තහවුරු නොවන තාක් මිනිසුන් අනුන්ට උදව් කරන්නට ඉදිරිපත් වන්නේ නැත. කොරෝනා රෝගය සම්බන්ධයෙන් දැනුමට වඩා සෞඛ්‍යය බලධාරීන් සහ රජය සමාජයට බෙදුවේ බියය. මේ බිය විසින් මිනිසා වෙළාගනු ලැබීය.

මේ ඇතිකළ බිය පරදවන්නට දුන් දැනුම ප්‍රමාණවත් නැත. සාමාන්‍ය පරිදි ජන ජීවිතය යතාවත් කර පවත්වාගෙන යෑමට මිනිසා විසින් පිළිපැදිය යුතු අත්‍යාවශ්‍ය සෞඛ්‍යය පිළිවෙත් සහ සමාජ ආරක්ෂණ උපක්‍රම තවමත් ගම්දනව්වල සිටින මිනිස්සුන්ට නිසිපරිදි සම්ප්‍රේෂණය වී නැත. බොහෝ දෙනා සිතා සිටින්නේ කොරෝනාවලින් තමන් ආරක්ෂා කිරීමේ වගකීම ඇත්තේ සෞඛ්‍යය බලධාරීන්ට සහ රජයට බවය. තමා ඒ සඳහා කළයුතු දේ ගැන වගකීමක් හෝ වගවීමක් මිනිස්සු බහුතරයකට නැත. නිසි දැනුම සම්ප්‍රේෂණය නොවීම නිසා මරණ බය, මළගමක් නැතිවීමේ බය, හුදකලාව අසරණව මියයන්නට සිදුවන බය, ප්‍රතික්ෂේප වීමේ බය විසින් මිනිස්සු වෙළාගෙන අසරණ කර ඇත.

තරුණ සොල්දාදුවා පිළිසරණක් නැතුව මහමග වැටී මියගියේ මිනිස්සු තුළ ඇතිකළ මේ බය හේතුවෙනි. මාධ්‍යය, බලධාරීන් මිනිස්සුන්ට කොරෝනා සමග ජීවත්වීමේ සහ කොරෝනා සමග ජීවිතය ගොඩනගා ගැනීමේ ක්‍රමවේද දැන්වත් පුළුල් කතිකාවකට ගෙන ආ යුතුය. මන්ද හෙට අනිද්දා වනවිට අපේ දරුවන් පාසල් යා යුතුය. උසස් අධ්‍යාපන ආයතනවලට යා යුතුය. ඔවුන් එහිදී අනුගමනය කළ යුතු දේ ඒ ඒ වයසට ගැලපෙන අයුරින් සන්නිවේදනය කළ යුතුය. මේ අවස්ථාවේ අන්‍යයන්ට පිහිටවිය හැකි තම සීමා සහ තම ආරක්ෂාව සලසා ගනිමින් එසේ කරන ආකාරය සන්නිවේදනය කළ යුතුය. සමාජය තුළ ජීවත්වන සියල්ලන්ම මේ මොහොත ගත කළ යුතු වන්නේ තම පුද්ගල වගකීම  පිළිබඳ පූර්ණ අවබෝධයෙනි.

මිනිසත් බව හිතේ වගා කරගන්නට බැරිවූ මිනිස්සු ළඟ කරුණා දයා අස්වැන්න නැත. මිනිසත් බව යනු මෛත්‍රීයයි. මෛත්‍රීය නැති තැන කිසිදු පුරුෂාර්ථයක් නොවැඩේ. අප මේ දකින්නේ එබඳු පුරුෂාර්ථ වියැකෙමින් යන අනෝමිය සමයකි.

අවසාන වශයෙන් කිවයුතු යමක් ඇත. ඔබේ මවට පියාට , බිරිඳට, සැමියාට ඔබ කෙතරම් වටීද? අර මියගිය සොල්දාදුවාටත් එවන් නෑයන් සිටින්නට ඇත. ආරක්ෂක උපක්‍රම අනුගමනය කරමින් ඔබ මදක් සංවේදීව ඉක්මන් වූවා නම් වෙන කිසිවෙකු නැතත් එක් මවක් අද අස්වැසිල්ලකින් යුතුව ඔබටත් ඔබේ පවුලටත් පින්දෙමින් සැනසෙනු ඇත.

ඔබට මගහැරී ඇත්තේ ඒ මහඟු සමාජ යුතුකමය.

 

Join @lankasara on Telegram Channel
Previous Post

මහ මැතිවරණය ජූලියට තල්ලු වෙයි 

Next Post

ගමක් එක්වි දරුවෙක් හැදුව සමාජයක්

Related Posts

කඳුළු ගෑස්    වැදුණොත් මොකද වෙන්නේ ? කළ යුත්තේ කුමක්ද?

මැයි 8, 2022

රටේ ධනය හොරා කාපු හැටි ගැන ෆයිල් ටිකක තොරතුරු ටිකක් අනුර හෙළි කරයි…

මැයි 3, 2022
child

අන් අයව පිළිගන්න දරුවන්ට උගන්වන්න….

මැයි 1, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • 21 නිසා  ආණ්ඩුව බෙදෙයි ?.  සියල්ල අතහැර පොහොට්ටුව බැසිල් රැකීමේ තැතක…
  • සිරගතව සිටියත් රන්ජන් ආත්මය පාවා දුන්නේ නෑ. විපක්ෂ නායක සජිත් කියයි…
  • තමිල්නාඩුව මූලිකත්වයෙන් එවූ ඉන්දියානු ජනතාවගේ මුල්ම ආධාර තොගය  ලංකා රජයට භාර දෙයි….
  • පක්ෂ තීන්දු විසිවෙයි… සජබ සහ ශ්‍රීලනිප කණ්ඩායම් දෙක්ක ආණ්ඩුවට… . ඇමති ධූර පිළිබඳ අවසන් තීරණය අද රාත්‍රියේ…
  • ඉන්ධන නොදුන් බව කියා පිරවුම්හල් හිමියාගේ නිවසට ගිනි තියයි!

ජනප්‍රිය පුවත්

  • බයිසිකල් මැරයා හෙවත් ගාලුමුවදොරට ගැසූ පාතාලයේ සතා නාලක සී.අයි.ඩී. අත්අඩංගුවට…

    271 shares
    Share 108 Tweet 68
  • “කළු පාට කුරුල්ලා“ එවූ පාර්ලිමේන්තු ගොළුවාගේ පොලිස් ඇමතිකම…

    285 shares
    Share 114 Tweet 71
  • බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජනපතිත් අන්දලා?

    172 shares
    Share 69 Tweet 43
  • මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් අගවිනිසුරුගෙන් සමාව ඉල්ලයි… ලියුම එව්වෙ නොදැනලු!

    172 shares
    Share 69 Tweet 43
  • පක්ෂ තීන්දු විසිවෙයි… සජබ සහ ශ්‍රීලනිප කණ්ඩායම් දෙක්ක ආණ්ඩුවට… . ඇමති ධූර පිළිබඳ අවසන් තීරණය අද රාත්‍රියේ…

    172 shares
    Share 69 Tweet 43
  • ඔස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවට යන ලංකාවේ ගැහැණිය!

    172 shares
    Share 69 Tweet 43

Highlights

පක්ෂ තීන්දු විසිවෙයි… සජබ සහ ශ්‍රීලනිප කණ්ඩායම් දෙක්ක ආණ්ඩුවට… . ඇමති ධූර පිළිබඳ අවසන් තීරණය අද රාත්‍රියේ…

ඉන්ධන නොදුන් බව කියා පිරවුම්හල් හිමියාගේ නිවසට ගිනි තියයි!

රජෙක් වුණත් ලෙඩෙක් වුණොත්!

ඉන්ධන ප්‍රවාහනයට ආරක්ෂාව අවශ්‍යයි… ටැංකි රථ හිමියෝ පොලිස්පතිට ලියති!

යාපනයේ රියෝ අයිස් ක්‍රීම් වෙළෙඳසලේ ගිනි ගනී…

මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් අගවිනිසුරුගෙන් සමාව ඉල්ලයි… ලියුම එව්වෙ නොදැනලු!

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

pohottuwa

21 නිසා  ආණ්ඩුව බෙදෙයි ?.  සියල්ල අතහැර පොහොට්ටුව බැසිල් රැකීමේ තැතක…

by editor
මැයි 22, 2022
0

ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 21 වැනි සංශෝධනය ගෙන...

සිරගතව සිටියත් රන්ජන් ආත්මය පාවා දුන්නේ නෑ. විපක්ෂ නායක සජිත් කියයි…

by editor
මැයි 22, 2022
0

රන්ජන් රාමනායක  යනු කිසිවිටක කිසිවෙකුට සිය...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist