සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

මිද්දෙණිය අයිස් විමර්ශනය – පොලිසිය ආණ්ඩුවට ඇන්නුව ද?

by editor
නොවැම්බර් 4, 2025
in සමාජ

Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි –

පොලිසියට පොලිසියේ වැඩේ නිදහසේ කරගෙන යෑමට ජනාධිපතිවරයා ඉඩ දී ඇත.   දැන් අපට තියෙන්නේ රටත් ගොඩ දමා රජයත් ගොඩ දමා පුරවැසියන් සුඛිත කිරීමේ පොලිස් මෙහෙයුම් දෙස පොලිස් රාජකාරියට බාධා නොකර  බලාගෙන ඉන්නටය. අප මේ බලාගෙන ඉන්න ගමන්ය.  

පොලිසියේ වෘත්තීමය පිරිස් සිය වගකීම ලැබෙන නිදහස තුළ උපරිමව කරන බවත්, එවැනි පිරිසක් තවමත්  මේ පොලිස් දෙපාර්තමේන්තුව තුළ සිටින බවත් කිව යුතුව තිබේ. මේ කතාව ලියන්නේ ඒ පොලිස් මහත්තුරුන්ට ලැබිය යුතු ගෞරවය ඒ ආකාරයෙන්ම තබමිනි.

එහෙත් කිව යුතුව ඇත්තේ අපට සුලබව හමුවන්නේ දශක ගණනක් තිස්සේ දේශපාලන ගොම්පස් අල්ලමින් ගමේ කසිප්පු කාරයාගේ සිට කුඩු ජාවාරම් කාරයා දක්වාත් පාතාල මැරයින් දක්වාත් කලාපය තුළ නිදහසේ හැසිරෙමින් නින්දිත කුපාඩි සංස්කෘතියක් තුළ පෝෂණය වූ කඩමාලු පොලිස් වාමනයන්ය. කුඩු ජාවාරම්කාරයින්ගේ අතාර්කක වත්කම්වලට වඩා මේ පොලිස් කුපාඩීන්ගේ ගේ අතාර්කික වත්කම් ප්‍රමාණය වැඩිය. කුඩු ජාවාරම්කරුවන් කුඩු විකුණා මුදල් හොයන බව දන්නේය. එහෙත් ඇතැම් විට රටම දන්නා SDIG ලා දක්වා වූ ඇතැම් පොලිස්කාරයින් තමන් උපයා ගත් වත්කම්වල ප්‍රමාණය සාධනය කරනු  ඇත්තේ කෙසේ දැයි අහන්නට රට කැමත්තෙන් සිටින්නේය. ජාලය බිඳිය යුත්තේ මේ පොලිස් කුපාඩින් ගැන අවබෝධයෙනි. තමන් යම් මොහොතක හෙළිදරවු වන බව  දන්නා පිරිස් “රටම එකට” දුර ගමනක් අපේක්ෂා කරන්නේ නැත.  බොහෝ විට ඔවුන් බලාපොරොත්තු වන්නේ තමන්ගේ හුරු පුරුදු දේශපාලන ස්වාමි පුතුන්ගේ ඉක්මන් රැකවරණය බව තේරුම් ගත හැකි සිද්ධි පෙළ ගැසෙමින් ඇත.

හොඳම හරිය එන්නේ මිද්දෙණියෙනි. මේ කතාව අපි මින් පෙර ද ලියා තැබුවෙමු.

මිද්දෙණියෙන් හමුවන්නේ අයිස් නිශ්පාදනය සඳහා භාවිතා වන රසායනික ද්‍රව්‍යයක් බව පොලිසිය රටට කීවේය. එසේ කියන්නේ විදේශීය බුද්ධි ඒජන්සියක  තොරතුරක් මත පදනම්ව රේගුවේ  රඳවා තබා ගැනිමෙන් අනතුරුව රේගුව සහ පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ අංශය විසින්  ඉතාම සුක්ෂම විමර්ශනයක් කිරීමෙන්  ටැල්ක් පාෂාණ සහිත කන්ටේනර් දෙකක් මුදා හළ පසුවය. කන්ටේනර් දෙක ඇවිත් තිබුණේ ඉරාණයෙනි.  ඒ ඉකුත් වසරේ අගය.

RelatedPosts

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

මෙම කන්ටේනර් දෙක මිද්දෙණියට පැමිණ තිබුණේය. ඉතාම සැක සහිත ලෙස එම කන්ටේනර් දෙක සඟවා තිබුණේය. ටැලක් කන්ටේනර් දෙකක් මිද්දෙණියට ගෙනාවේ කුමක් සදහා ද සිදුකරන කර්මාන්තය කුමක්දැයි පැහැදිලි වූයේ නැත. අවසානයේ දී එම ටැල්ක් කන්ටේනර් දෙකේ ටැල්ක් වළ දමා තිබිණි. මේ ක්‍රියාවලියම සැක සහිත වූයේය.

මෙම කන්‍ටේනර් දෙක කෙහෙල්බද්දර පද්මේ විසින් එවා ඇති බවත් බැකෝ සමන් විසින් එය  ශ්‍රී ලංකා පොදු පෙරමුණේ පළාත් පාලන මැතිවරණයේ අ‍පේක්ෂකයෙක් වූ සම්පත් මනම්පේරි නැමැත්තා මගින් මිද්දෙණියට රැගෙන ගොස් ඇති බවත් විමර්ශන වලින් අනාවරණය විය. ඒ අනුව සම්පත් මනම්පේරි අත්අඩංගුවට ගැනීමට ‍සොයමින් සිටියදී ඔහු පළාගොස් සැගවී සිටියේය. පසුව ඔහු අධිකරණයට භාරවීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. පසුව පොලීසියේ ඉල්ලීම මත රැදවුම් නියෝගයක් මත බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාශයට ඔහුව භාර කෙරණි.

සම්පත් මනම්පේරි   පොදු ජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා අපේක්ෂකයෙකි. මින් පෙර ද අපරාධ චෝදනා රැසකට චෝදනා ලැබුවෙකි. පොදු ජන පෙරමුණ මේ සමගම සම්පත් මනම්පේරිගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කළේය.

අයිස් ද ?. ටැල්ක් ද?

මිද්දෙණියෙන් හසුවන ටැල්ක්  පාෂාණ   අයිස් මත්ද්‍රව්‍ය නිශ්පාදනයට අවශ්‍ය රසායනයන් ලෙස යළිත් ප්‍රකාශ වන්නේ   නේපාලයේ සිට ගෙනා බැකෝ සමන් නැමැත්තාගේ කට උත්තරයක් මතය. දැන් විමර්ශනය විය යුත්තේ අත්තටම මේ ගෙනාවේ අයිස් නිශ්පාදනයට අවශ්‍ය රසායනයන් ද්‍රව්‍ය ද, එම රසායන ද්‍රව්‍ය නම් ඒවා මොනවාද, අයිස් නිශ්පාදනය කිරීමට ටොන් ගණන් රසායනික ද්‍රව්‍ය ගෙන්වා ඒවා නිශ්පාදනය කරන්නේ කෙසේද, අයිස් නිශ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය වරායෙන් නිදහස් වී පැමිණියේ කෙසේ ද?, මේ අයිස් නිශ්පාදනයට අදාල නැති ද්‍රව්‍යයක් නම් විමර්ශන අංශ නොමග යැවීම සඳහා හෝ රටේ අවධානය වෙන පැත්තකට යොමු කිරීම සඳහා සැලසුම්කළ මෙහෙයුමක් දියත් කර තිබුණා ද? එක කළේ කවුද යන්න සෙවීමය.

මේ කන්ටේනර්වල අන්තර්ගත ද්‍රව්‍ය සම්බන්ධව පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය සහ රේගුව වෙන වෙනම පරීක්ෂණ කර තිබිණි. එම පරීක්ෂණ සිදුවන ආකාරය සම්බන්ධව ඡායාරූප වාර්තාකරණයක් ද සිදුවිය. අපිත් ඒ වාර්තා පල කළෙමු. එවකට රේගු මාධ්‍ය ප්‍රකාශක, අද රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුප්පොල මාධ්‍යයට ඇවිත් ප්‍රකාශ කළේ සියයට සීයක් වගකීම රේගු දෙපාර්තමේන්තුව විසින් දරන බවත්, අයිස් නිස්සාරණයට අවශ්‍ය කිසිම රසායනික ද්‍රව්‍යයක් රේගුවෙන් නිදහස් නොවූ බවත්ය. ඕනෑම විමර්ශනයකට සූදානම් බව රේගුව කීවේය.

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ රේගු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ  රේගුවෙන් නිදහස් වී තිබුණේ ටැල්ක් පාෂාණ බවය. ටැල්ක් පාෂාණ යනු  නිශ්ක්‍රීය පාෂාණය   විශේෂයකි.    ළදරු පුයර වර්ගවල සිට රුපලාවන්‍ය ද්‍රව්‍යවලත් ඖෂධ නිශ්පාදනයේදීත් පිරවුම්කාරයක් ලෙස භාවිතාවන නිශ්ක්‍රීය ද්‍රව්‍යයක්ය.

එහෙත් මිද්දෙණියේ දී මේ ටැල්ක් පාෂාණ අතර තිබී අයිස් හමුවන්නේය. පොලිසිය මුලින් කීවේ මිද්දෙනියෙන් හමුවන්නේ අයිස් නිස්සාරණයට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය බවය.  නමුත් හමුවන්නේ අයිස් හෙවත් මෙතන්පිටමීන් නිශ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය නොව අයිස්ය. ඒ ඉතා කුඩා ප්‍රමාණ වශයෙනි.  රස පරික්ෂක වාර්තාවේ මේ බව දැක්වෙන්නේය. අයිස් මත්ද්‍රව්‍ය ටැල්ක් සමග මිශ්‍ර කර ගෙනාවාදැයි සැකයක් මතු වන්නේය. එහෙත් අයිස් මත්ද්‍රව්‍ය හමුවන්නේ ටැල්ක් කැට අභ්‍යන්තරයෙන් නොව, මතුපිටිනි.

මිද්දෙනිය ටැල්ක් මත අයිස් හමුවූ බව තහවුරු කළ රස පරීක්ෂක වාර්තාව…

ටොන් ගණනක ටැල්ක් අතර අයිස් කිලෝ එකක්වත් නැති බවට සාන්ද්‍රණය අනුව ඇගයීම් කළ හැකි විට ටොන් ගණක ටැල්ක් වලින් අයිස් වෙන් කර ගැනීමට කිසිසේත්ම ප්‍රායෝගික නැති ආකාරය අනාවරණය වන්නේය. මේ තරම් වද විඳ අයිස් රටට ගෙන්වන්නට අවශ්‍ය නොවන බව පහුගිය දා දික්ඕවිට වරායට ගෙනා සීදේවී බහුදින ධීවර යාත්‍රාවේ සිද්ධියෙන් තහවුරු වූයේය. අයිස් මුහුදු මාර්ගයෙන්  රටට ඇවිත් තියෙන්නේ ගැඹුරු මුහුදේ සිට මාලු අස්වනු ගෙනෙනු සේය.

පොලිසිය පරණ පුරුදු අයිස් කෙළිය කළා ද?

සාක්ෂි හදන්න කුඩු පැකට් දමා පුද්ගලයින් අත් අඩංගුවට ගැනීමේ පොලිසියේ සුලභ කුපාඩිකම මිද්දෙණියේ දී සිදුවී දැයි දැන් සැකයක් මතුවී ඇත්තේය.  ඒ සැකයට අදාල කාරණා ගොඩනැගෙන්නේ මෙසේය.

බැකෝ සමන්ගෙන් හෙළිවූ තොරතුරු මත මිද්දෙණියේ ගෙවත්තක වලදමා තිබියදී යම් සුදු පැහැති කැට සහ කුඩු විශේෂයක් බස්නාහිර පළාත් උතුරුදිසා අපරාධ කොට්ඨාශය විසින් සොයා ගත්තේය.  ඒ පසුගිය සැප්තැම්බර් 05 වෙනිදාය. අප රූපවාහිනියේ දකින්නේ පොලිස් කණ්ඩායමක් 5 වැනිදා රාත්‍රියේම එම භූමිය කැනීම සිදුකරන ආකාරය ය. අනතුරුව එම කැනීම කළ කොටස ඉටිරෙදි වලින් වසා දමන්නේය.  හය වෙනිදා නැවත පොලිසිය භූමිය කණින්නේය.  අන්තරයාකර ඖෂධ පාලක මණ්ඩලය  එතෙන්ට එන්නේ 06 වැනිදාය.   මහේස්ත්‍රාත්වරයා එන්නේ 07 වැනිදා ය. රජයේ රස පරීක්ෂකවරයාත් එන්නේත් එදාය. පොලිසිය හිතු මතේ  භූමිය ඇති පදමට හෑව පසු   මේ සිදුවන්නේ මොන කුණුහරපයක් දැයි සබුද්ධික මිනිස්සු නිහඬව  බලාගෙන සිටියහ.  මේ විද්‍යාත්මක විමර්ශනයක ගලා යෑමක් නොවන බව පෙනුණ නිසාය.

05 වැනිදා සිට පොලිසිය පැත්තෙන් පැන පැන මාධ්‍යවලට කරුණු දුන්නේය. එම කරුණුවල ප්‍රකාශ වූයේ මේ ඇත්තේ අයිස් නිශ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍යයක් බවය. එහෙත්   රජයේ රස පරීක්ෂකවරයා පොලිසියට පිටපතක් යොමු කර අධිකරණයට ඉදිරිපත් කළ  සිය වාර්තාවේ දක්වන්නේ   ටැල්ක් පාෂාණ අතර මෙතන්ෆිටමීන් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය ඇති බවටය. රස පරික්ෂකවරයා   විසින් ලබාගත් සාම්පත් අතර වෙනත් කිසිදු රසායනිකයක් හෝ  අයිස් නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍යයක් නැති බව රස පරීක්ෂක වාර්තාවෙන් තහවුරු වුනේය.

සාම්පලයකින් හමු  වී ඇති අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය සම්බන්ධ රස පරික්ෂක විශ්ලේෂණයෙන් දැක්වෙන්නේය. එය සාපේක්ෂ විශ්ලේෂණයේ දී සුළු ප්‍රමාණයකි.   අනතුරුව එක්වරම අන්තරායකර ඖෂධ පාලන අධිකාරියේ වාර්තාවක් සැප්තැම්බර් 12 ‍වෙනිදා වන විට නිකුත් වන්නේය.   ලබාගත් සාම්පල සම්බන්ධයෙන් රසායනාගාර පරීක්ෂාවක් සිදුකර අන්තරායකර ඖෂධ  පාලක ජාතික මණ්ඩලය විසින් එම වාර්තාව බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයට යොමු කරන්නේය. එහි සඳහන් වන්නේ තමන් ලබා ගත්    සාම්පල 20න් 19කම ‍‍මෙතැන්ෆිටමින් ‍හෙවත්  අයිස් ඇති බවය. මේ ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකද නිල නිවේදනයක් දින දෙකක් ඇතුළත නිකුත් කරනු ලැබීය.

නුවර එළියට සහ කඳානට ගිය මිද්දෙනියේ  ද්‍රව්‍ය

කන්ටේනර් දෙකේ තිබුණු සුදු කැට සහ කුඩු වලින් කොටසක් නුවරඑළියට සහ කදානට රැගෙන ගිය බවද ‍‍ පොලීසිය සිය විමර්ශන මගින් හෙළිකර ගත් බව කීවේය.  ඒ අනුව කඳාන ප්‍රදේශයේ නිවසක් වැටලුවේය. ඒ නිවසේ සහ ගෙවත්තේ තිබී මිද්දෙණියෙන් ගෙනා ද්‍රව්‍ය කොටස් සොයා ගත්තේය. දැවැන්ත මීඩියා ප්‍රචාරණයක් කෙරිනි. රස පරීක්ෂකවරයා ආවේය. අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය ආවේය. සාම්පල ගත්තේය. පරීක්ෂා කළේය.  දැන් රස පරීක්ෂක වාර්තාව ඉදිරිපත් වී ඇත්තේය.  නමුත් මාස දෙකක් ගත වී ඇතත් අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ වාර්තාව නිකුත් වී නැත.

කදානේ පිහිටි නිවසකින්  සහ එම නිවස ඉදිරිපිට පිහිටි වෙල් යායෙන් සොයාගත් සුදු පැහැති කැට සහ කුඩු  මෙතැන්පිටමින් නො‍හොත් අයිස් නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍යක් නොවන බව රස පරික්ෂකවරයා කීවේය.  ඒ තුළ මෙතැන්පිටමින් හෝ අයිස් නැමැති මත්ද්‍රව්‍ය අඩංගු නොවන බවත්  එම කුඩු සහ කැට පරීක්ෂාකරමින්  රස පරීක්ෂකවරයා වාර්තාවක් නිකුත් කරමින් තහවුරු කළේය.

ඊට අදාල වාර්තාව රස පරීක්ෂකවරයා විසින් කදාන පොලිස් ස්ථානයට යොමුකර තිබිණි. එකම කන්ටේනර්වලින් මිද්දෙණියට ගෙනා පසු එතැනින් කඳානට රැගෙන ආ බව කියන ටැල්ක් පාෂාණවල මිද්දෙණියේ දී අයිස් හමුවන්නේය. කඳානේ දී අයිස් හෝ අයිස් නිශ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍යයක් නොවන නිශ්ක්‍රීය ටැල්ක් පාෂාණ පමණක් හමුවන්නේය.

අයිස් නිශ්පාදනයට සඳහා නුවරඑළිය ප්‍රදේශයේ රසායනාගාරයකට අමුද්‍රව්‍ය අදින ආකාරය පොලිසියට රටට පෙන්නුවේය. පොලිසිය කීවේ බෑග් 05ක් පටවාගෙන ගිය බවය.  එම ටොන් ගණන් බර ද්‍රව්‍ය පටවාගෙන බඩගාන ලොරියක් ද පෙන්නුවේය.  ලොරිය පෑලියගොඩ පොලිස් භාරයට ගත්තේය.  ෆැක්ටරියක් දැමූ බව කී   නිවසත් පෙන්නුවේය.

එහෙත් මේ වනවිට ඒ නුවර එළිය අයිස් ෆැක්ටරිය ගැන කියමින් කළ මාධ්‍ය ප්‍රචාරණය ආණ්ඩුවටම පත්තු වී ඇති ආකාරය පෙනෙන්නේය. අහන විට උත්තර නැත. පසුගිය කැබිනට් මාධ්‍ය හමුවේ දී මේ ප්‍රශ්නය හමුවේ ආණ්ඩුව ඇනුණේය. පාර්ලිමේන්තුවේදී අසන විට තවම විමර්ශන පවත්වන බව කීවේය.

නුවරඑළියේ අයිස් ෆැක්ටරිය සැඟවීමේ උවමනාවක් ආණ්ඩුවට තිබේ ද, එසේත් නැතිනම් ආණ්ඩුව නිදහසේ වැඩ කරන්නට දුන් පොලිසියේ ලාබ ලනුවක් කා වමාරන්නට බැරි තැනකට ඇද වැටී ඇති දැයි අපට තේරෙන්නේ නැත.

මේ  සිදුවන්නේ කුමක් ද?

මිද්දෙණියට පැමිණ තිබුණේ  මත්ද්‍රව්‍ය නිශ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය බවට විදෙස් බුද්ධි තොරතුරක් ලැබී තිබුණා නම්, බැකෝ සමන් නැමති අපරාධකරුගේ ප්‍රකාශවලිනුත් එය කියැවුනා නම්,  එහෙත් මේ කන්ටේනර් දෙකේ පැමිණ ඇත්තේ රේගුවෙන් තහවුරු කර නිශ්කාශනය කර එවූ නිශ්ක්‍රීය ටැල්ක් පාෂාණය නම් තමන් කුඩු ජාවාරම්කාර ජාලයේ නොමග යැවීමකට හසුවී ඇතිදැයි කල්පනා කරන්නට තරම් විවේක බුද්ධියක් විමර්ශන කණ්ඩායම්වලට නොතිබුනේ කුමක් නිසාදැයි අපට වැටහෙන්නේ නැත.

පාතාලයන්ගේ කතාව තහවුරු කර ටැල්ක් මත අයිස් ඉස දමා ගේම ඉවර කරන්නට හිතන හෝ  ඕනෑම ලාභ බොරවක් කියා වටේ යැවිය හැකි විමර්ශකයින් මේ රටේ සිටින බවට පිළි ගන්නට අපට අවශ්‍ය නැත.

අපට මතුවන සාධාරණ සැකය නම්  මිදෙණිය මෙයෙහුමේ සිටි ඇතැම්   විමර්ශකයින්  තමන් ද සම්බන්ධ අපරාධ ජාලය සහ දේශපාලනය වෙනුවෙන් තුප්පහි ගේමක් ගැසුවාද යන්නය. මේ වනවිට අත් අඩංගුවට ගත් සම්පත් මනම්පේරි මේ මිද්දෙණියෙන් හමුවන ද්‍රව්‍ය ගැන කිසිවක් නොදන්නා බව පවසා ඇත්තේය. මේ පෙළ ගැසෙන ආකාරයට සම්පත් මනම්පේරි මේ චෝදනාවලින් නිදහස්වනවා පමණක් නොව අධිකරණය ඉදිරියේ මිද්දෙණියේ අයිස් කතාව ලෝකය හිනස්වන බොරුවක් වීමට ඇති ඉඩකඩ වැඩිය. එය බිහිසුණු ඛේදවාචකයක් නොවන්නේ කෙසේ දැයි අප මේ ආණ්ඩුවෙන් ප්‍රශ්න කළ යුතුව ඇත.

එමෙන්ම මෙම මත්ද්‍රව්‍ය සහ තීරණාත්මක විමර්ශන  පුරාම අප දකින්නේ  පොලිසිය විසින් ආණ්ඩුව නාවන අන්දමය. නුවරඑළිය අයිස් ෆැක්ටරියගැන කීවේ පොලිස් ඇමතිය. ඒ කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ නවීකරණ කටයුත්තකින් අනතුරුව මාධ්‍ය අමතමිනි. අද ඒ අයස් ෆැක්ටරිය ගැන ඇසූ විට ආණ්ඩුවට කට උත්තර නැත.

පොලිස් ඇමති ආනන්ද විජේපාල මේ ප්‍රකාශ කළේ තමන්ගේ හිතේ ඇතිවුන මනංකල්පිත චිත්‍රයක් බව අප විශ්වාස කරන්නේ නැත. මේ ප්‍රකාශ කළේ විමර්ශකයින් විසින් ඇමතිවරයා වෙත ඉදිරිපත් කළ සාධනීය යැයි තහවුරු තොරතුරුය. තොරතුරු ඉදිරිපත් කරන්නේ විමර්ශන අංශය. ඇමතිවරයෙක් එම ප්‍රකාශ කරන්නේ ඒ තොරතුරු මත විශ්වාසය තබමිනි. ආණ්ඩුව සහ රාජ්‍ය තන්ත්‍රය අතර ඇති උපකල්පිත විශ්වාසය මත රාජ්‍යයක් පවතින්නේය. රට පමණක් නොව ලෝකය ද ගමන් කරන්නේ එසේය. මේ දකින්නේ ඒ සබඳතාවේ විෂම භාගය ය.

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සති දෙකකින් අල්ලන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. ඒ    ප්‍රකාශය ඔහුගේ හිතේ උපන් හිතළුවක් වු බව අපට හිතෙන්නේ නැත. ඒ ප්‍රකාශය ජනාධිපතිවරයෙක් අතින් සිදුවන්නේ විමර්ශන රැසක ප්‍රතිඵල විශ්ලේෂණය කරන පොලිසිය ප්‍රමුඛ රාජ්‍ය බුද්ධි සේවාවන්හි නිශ්චිත තොරතුරු මත විය යුතුය. එසේනම් ජනාධිපතිවරයාට ඒ තරම් බරපතල ප්‍රකාශයක් කිරීමට පෙළඹ වු තොරතුරු සැපයුවන් කවුද?, ඒ පිරිස් ඉෂ්ඨ කරන්නේ කාගේ අභිලාෂයන් ද යන්න අප මෙතෙක් විමසා නැත.

ප්‍රතිඵලය  රටේ දේශපාලන නායකත්වය ලෝකය ඉදිරියේ විහිළුවක් වීමය. වෘත්තීය විමර්ශන පසෙක තබා තුට්ටු දෙකේ මීඩියා ෂෝ කරගෙන යෑමට පොලිසියට ඉඩ දී ඇත්නම්, ආණ්ඩුවේ අභිලාෂය ඒ නර්තනවලින් ආතල් එකක් රටට දීම නම් අපට කියන්නට ඇත්තේ ඒ ආතල් කෙටි බවය.

වෘත්තීය භාවයක් නැති කිසිම යාන්ත්‍රණයක පැවැත්මක් නැත. ඒවා  ව්‍යසනයට ලක් වන්නේ රටක් සමාජයක් පමණක් නොව ජාතියක ප්‍රාර්ථනා ද කුඩු පට්ටම් කරමිනි. ඒ බව තේරුම් ගන්නට මදක් නැවතී වසර කීපයක් ආපස්සට හැරී අප ලද අත්දැකීම් පමණක් යළි සිහි කරගන්නා ලෙස ආණ්ඩුවට යෝජනා කරමු.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

21 දා ආණ්ඩුවට එරෙහි විපක්ෂයේ ජන රැළිය විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක් මග හරින ලකුණු!

Next Post

හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම් චරිත රත්වත්ත අත් අඩංගුවට…

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!
  • නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…
  • කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.