බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

මහනුවර විකල් කළ නිරපරාද මරණ…

by editor
අගෝස්තු 18, 2022
in සමාජ
Death
Share on FacebookShare on Twitter

අගෝස්තු මස පලවෙනි දින සිට අද දක්වා මහනුවර නගර ආශ්‍රිතව මනුෂ්‍ය ඝාතන හතරක් සහ සියදිවි හානිකර ගැනීම් හතරක් සිදුව තිබේ.

සියදිවි හානිකරගෙන ඇත්තේ ද උහුලා ගත නොහැකි ණය බර , වේදනා නාශක ඖෂධ නොමැතිවීමෙන් මූණ දීමට සිදු වූ දරාගත නොහැකිවූ වේදනාව සහ ප්‍රේම සම්බන්ධතා මත ඇතිවූ පීඩාකාරී තත්ත්වයන් හේතුකොට ගෙනය. වයස අවුරුදු 17, 26 32 සහ 69 යන වයස්වල පුද්ගලයින් මෙලෙස සියදිවි හානි කරගෙන තිබිණි.

මනුෂ්‍ය ඝාතන

ඊට එහා ගිය බරපතළ තත්ත්වය වනුයේ මනුෂ්‍ය ඝාතන සිදුවීම් ය. මාසය ආරම්භයේ දී ම ප්‍රේම වෘතාන්තයක අවසානය ලෙස පෙම්වතියට තියුණු ආයුධයකින් ඇන මරා දමා පලාගිය පෙම්වතෙක් ගැන වාර්තා විය.

මෙම සිදුවීම සිදුවූයේ අගෝස්තු 4 වැනිදාය . කඩුගන්නාව රත්මීවල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණියක මෙලෙස ඝාතනයට ලක්විය. සැකකරු පැරණි පෙම්වතාය. තරුණිය   විවාහයක් සිදුකර ගැනීමට යන්නේ යැයි කන වැකීමෙන් කෝපයට පත් ඔහ මෙලෙස ඇයව කපාකොටා ඝාතනය කර තිබිණි. ඝාතනයෙන් දින දෙකකට පසුව අකුරණ ප්‍රදේශයේ සැඟව සිටියදී සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.

දෙවෙනි ඝාතනය සිදුවූයේ අගෝස්තු 14 වැනිදා පෙරවරුවේය. පේරාදෙණිය පොලිස් වසමේ  කිරිබත් කුඹුරේදී 42 හැවිරිදි එක්දරු පියෙකු ඝාතනයට ලක්විය. ඉඩම් ආරවුලක් දුරදිග යාමෙන් ඝාතනය සිදුව තිබූ අතර ඝාතකයා පලා ගොස් පැය දොළහකට පසුව පොලිසිය   ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

තෙවැනි ඝාතනයද සිදුවූයේ දාහතරවැනි දාමය. එදින දහවල් 2 ට පමණ මහනුවර වැව රවුමේ අම්පිටිය හන්දියේ ප්‍රධාන පාරේ නිවසක තනිව විසූ කාන්තාවක පිහියෙන් කපා කොටා ඝාතනය කොට පලා ගිය සිද්ධියක් වාර්තා විය. කාන්තාව කෝටිපතිනියක ලෙස ප්‍රසිද්ධය. දියණිය සහ පුතු  ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිට සිටියේය.  දෙවන විවාහයේ ස්වාමියා මිය ගොස් ඇත. ඝාතනයට සම්බන්ධ සැකකරු සොයා විමර්ශන කණ්ඩායම් හතරක් පමණ යෙදවීමට මහනුවර පොලිසිය කටයුතු කර තිබිණි.

එහෙත් මේ වන තුරුම ඝාතනයට සම්බන්ධ සැකකරුවකු හෝ සොයා ගැනීමට පොලිසිය අපොහොසත් වී ඇත. නිවස හා නිවස අවට නිවාසවල සීසීටීවී දර්ශන ඔස්සේ පරීක්ෂණ සිදු කළ ද සැකකරු තවමත් නිදැල්ලේය.

එහි  උණුසුම පහව යන්නටත් මත්තෙන්  16  වැනි දා  පෙරවරු 11ට පමණ සිවුවැනි ඝාතනයත් සිදු වූ බව අසන්නට ලැබිණි.

ඝාතනයට ලක් වූයේ කාන්තාවකි. ඇයගේ වයස අවුරුදු 76 කි. දහවල් කාලයේ නිවසේ තනිව සිටිය දී නන්නාදුන තරුණයින් දෙදෙනෙකු පැමිණ රෙදි කඩකින් ගෙල සිරකර ගෙල බැඳි මාලය ද කඩාගෙන ගොස් තිබිණි. කටුගස්තොට උගුරැස්ස පිටියේ සිදුවූ මෙම ඝාතනය සම්බන්ධයෙන් ද සැකකරුවන් සොයා පරීක්ෂණ සිදු කළ ද ඔවුන් අත්අඩංගුවට ගැනීමට මෙතෙක් පොලීසියට හැකියාවක් ලැබී නොතිබිණි.

ඉකුත් රජය ‍දේශීය මට්ටමින් ප්‍රජා පොලිස් ඒකක පිහිටුවා ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කර තිබිණි. එවකට ප්‍රජා පොලිස් භාර මාත්‍යවරයා ලෙස කටයුතු කළේ දිලුම් අමුණුගම ය. ඔහු පොලිස් ස්ථාන ස්ථාපිත කළ ද ජනතාවත් පොලිසියත් අතර සබැඳියාව වර්ධනය කිරීමට සැලසුම් සකස් කළ නැත. මේ එහි එක් ප්‍රතිඵලයක් විය හැකිය.

ජනතාව ඉන්නේ  දැඩි ආර්ථික අපහසුතාවයකය.    තුන්වේල කන්නට නැති    සමාජයක ඝාතන ඉහළ යාම  අරුමයක් නොවේ.

මෙහෙම වෙන්නෙ ඇයි?

ඒ සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය විශේෂඥ සිව සුබ්‍රමනියම් කීවේ මෙවැන්නකි.

“දශක දෙකකට පෙර නුවර නගරය ආශ්‍රිතව හෝ ආසන්න ප්‍රදේශයක ඝාතන සිදුවූයේ වසරකට එකක් හෝ දෙකක් පමණයි. සියදිවි හානිකර ගැනීම් වුවත් එලෙසයි.“

නමුත් මේ වසර ආරම්භයේ සිට මේ දක්වා ඝාතන සංඛ්‍යාත්මක ඉහළ යාමක් දක්නට ලැබෙනවා මේ මාසේ ඝාතන සම්බන්ධයෙන් සුවිශේෂයි. මුදල් මංකොල්ලකෑම් මුල්කරගනිමින් ඝාතන සිදුවීම හරහා රටේ උද්ධමනය මත ජනතාවගේ පීඩාව පැහැදිලි ලෙස දක්නට ලැබෙනවා. මේ තත්ත්වය පාලනය කිරීම පොලිසියටවත් වෙනත් සංවිධානයකට වත් කළ හැකි දෙයක් නොවේ. රජයේ ප්‍රතිපත්ති මත ජනතාව පීඩනයෙන් මුදා ගැනීම ඔස්සේ පමණයි මේ දිනවල පවතින පුද්ගල ආවේගශීලි බව මර්දනය කළ හැක්කේ. මේ තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් රට දරුණු ව්‍යයසන කාරී තත්වයකට පත් වන බව  නියත යි.“

සමාජයේ ඇතිව තිබෙන මෙම තත්ත්වය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ  මනෝ වෛද්‍ය විශේෂඥ ඩබ්ලිව් ඒ එල් වික්‍රමසිංහ   ප්‍රකාශ කළේ මෙවැන්නකි.

“පුද්ගල පෞරුෂ වර්ධනය දුර්වලතා නිසා මෙවැනි සිදුවීම් සිදුවන බව වෛද්‍ය නිගමනය වුවත් මෙවැනි තත්වයකට පුද්ගලයකු පත් වන්නේ සමාජ ආර්ථික දේශපාලනික ක්‍රියාවලියේ අසමතුලිතතාවය මත බව අප තරයේ වටහා ගත යුතුයි.“

“මේ ජීවිත හානි සියල්ලටම හේතු වී ඇත්තේ ඒ ඒ පුද්ගලයා සතු ආතතිමය තත්ත්වයන්. මානසික ආතති තත්ත්වයේ බරපතලම සහ පීඩනය පිටකරන ආකාරය මත සියදිවි හානි කිරීමක් හෝ ඝාතනයක් සිදු කිරීමක් දැක්විය හැකියි.“

“මේ කුමන තත්ත්වයක් වුවත් කලින් පාලනය කරගත හැකියි.  පුද්ගලයකු මෙවැනි තත්ත්වයකට පත් වන්නේ ඇයි ද යන්න විමසා බැලීමත්   වැදගත්. “

“රටක සමාජයක් පාලනය කිරීමේදී පුද්ගලයකු තුළ පවතින  මානසික ආතතිමය තත්ත්වයන් පාලනය කිරීමට ප්‍රමුඛතාවයක් දිය යුතුයි. එය සිදුවන්නේ ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍යවන කාරණාවල දී මානසික පීඩාවකින් තොරව පුද්ගලයෙකුට උවමනා එපාකම් සපුරා ගැනීමට අවස්ථා සලසා දීමෙන්.“

නමුත් මේ වන විට රටේ පාලකයින්ට එවැනි තත්ත්වයකට ජනතාව වෙනුවෙන් සහනදායි වැඩපිළිවෙළක් ගෙන ඒමට නොහැකි වී තිබෙනවා මේවා පුපුරා යන්නේ මෙවැනි සමාජ විරෝධී ක්‍රියාවන් ලෙස.

මේ තත්ත්වය තවදුරටත් වර්ධනය නොවීමට රජය වග බලා ගත යුතුයි

Tags: නවතම
Share69Tweet43
Previous Post

එන්න කිව්වට වනවජීවී නිලධාරීන් එන්නෙ නෑ…. දෙදිනක් පුරා බැරලයක සිරවී සිටින පිඹුරා…

Next Post

අද විදුලිය කැපෙන්නෙ මෙහෙමයි…

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.