බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පෞද්ගලික අංශයේ වයස 60 වන තුරු වැඩ කළ හැක්කේ අද වයස 52ට අඩු අයටයි !

by editor
නොවැම්බර් 13, 2021
in පුවත්, සමාජ
Share on FacebookShare on Twitter

පෞද්ගලික අංශයේ අවම විශ්‍රාම වයස පිළිබඳ පනත්  කිහිපයක් පසුගියදා සම්මත විය. මෙම පනත් කෙටුම්පත ඉදිරි දින කිහිපය තුළ දී කථානායකවරයා විසින් අත්සන් කරනු ලැබීමත් සමග  නීතියක් බවට පත් වන බව කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති  ලංකාසරට පැවසීය. ලංකාසර සමඟ කෙටි සංවාදයකට සහභාගී වෙමින් ඔහු මේ තොරතුරු  හෙළිදරව් කළේය.  කම්කරු කොමසාරිස් ජනරාල්වරයගෙන් අප අසූ ප්‍රශ්නවලට ඔහු ලබා දුන් පිළිතුරු  පහත දැක්වෙයි.

 

කම්කරු කොමසාරිස් ජෙනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති
  • පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් ගේ විශ්‍රාම ගැන්වීමේ අවම වයස් සීමාව පිළිබද පනත පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. ඒය නීතියක් බවට පත්වෙන්නේ කවදාද?

මෙම පනත පාර්ලිමේන්තුවේ සම්මත වුණේ පසුගිය බ්‍රහස්පතින්දා. මම විශ්වාස කරනවා කථානායකතුමා ලබන සතිය තුළ මෙයට අත්සන් කරාවි කියා. පනතට කථානායකවරයා අත්සන් කළ දා පටන් ඒය නීතියක් බවට පත්වනවා.

  • ඒ අනුව ඊට පසුවදා සිට ඕනෑම කෙනකුට වයස අවුරුදු 60 වන තෙක් සේවය කිරීමට අයිතියක් තිබෙනවාද?

මූලික වශෙයන් කිව්වොත් සෑම සේවක සේවිකාවකටම තමන් රාජකාරි කළ සේවා අයතනයේ තමන්ගේ වයස අවුරුදු 60ක් වන තෙක් රාජකාරී කිරීමට මෙයින් හිමිකමක් ලැබෙනවා.

නමුත් මෙය මුලින්ම ක්‍රියාත්මක කිරීමේදී යම් අදියර කිහිපයක් යටතේ එය සිදු කිරීම සම්බන්ධව පනත තුළ ප්‍රතිපාදන සකස් කර තිබෙනවා. ඒ අනුව මේ වන විට වයස අවුරුදු 55 ක සිටින අයට අවුරුදු 57 දක්වා සේවය කිරීමට අවස්ථාව සැලෙසනවා.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

මේ වනවිට වයස අවුරුදු 53ත් 54ත් අතර පසුවන අයකුට වයස අවුරුදු 58ක් දක්වා සේවය කිරීමට අවස්ථාව ලැබෙනවා. දැනට වයස අවුරුදු 52ක සිටින අයට අවුරුදු 59ක් දක්වා සේවය කරන්න පුළුවන්. ඒ වගේම 52ට අඩුවෙන් සිටින සෑම කෙනකුටම වයස අවුරුදු 60ක් දක්වා සේවය කළ හැකියි.

  • ඇයි මෙලෙස වයස් කාණ්ඩ සීමාවක් මුලදී යොදා තිබෙන්නේ?

මෙය ඇත්තටම හාම්පුතුන් ගේ ඉල්ලීමක්. ඊට හේතුව බොහෝ ආයතනවල මෙතෙක් ක්‍රියාත්මක වුණු රටාවක් තිබුණා. සිටින සේවක සේවිකාවන් සම්බන්ධ ගැටලු, ඔවුන් ගේ උසස් වීම්, අලුත් පුරප්පාඩු ඇතුළු ආයතනික රටාවේ ගැටලු නිර්මාණය වීම අවම කර ගැනීම සඳහා ඔවුන් මේ යෝජනා කළේ. අප කම්කරු උපෙද්ශක සභාවලදී මේ  ගැන ඔවුන් සමග කළ සාකචඡා වලදී මේ යෝජනා එළිදක්වනු ලැබුවේ.  ඒ අනුව අප මෙය මුලින් ක්‍රියාත්මක කිරීමේදී මෙවැනි වයස් කාණ්ඩ කිහිපයක් මත ක්‍රියාත්මක කිරීම අදිරය කිහියකට යොදන්න සිදුවුණා.

  • යම් ආතනයකට පුළුවන්ද තමන්ට හිතූ ආකාරයට මේ විශ්‍රාම යන වයස පිළිබඳව තීරණය ගන්න?

බැහැ. මේ  පනත අනුව සෑම සේවක සේවිකාවකටම තමන් කැමති නම් වයස අවුරුදු 60 වන තෙක් අදාළ ආයතනය තුළ සේවය කිරීමට අයිතියක් පවතිනවා.

  • සේවක අර්ථ සාධක හිමිකම ලැබීමේ වයසත් මේ අනුව 60 වන තෙක් දීර්ඝ වෙනවද?

නැහැ. සේවක අර්ථ සාධක අරමුදල සම්බන්ධයෙන්  ක්‍රියාත්මක වෙන්නේ වෙනම පනතක්. අපි මේ පනතට අතවත් තැබුවේ නෑ.

  • එනම් යමකුට අවශ්‍ය නම් සේවක අර්ථ සාධක අරමුදල වයස අවුරුදු 55 පිරුණාම ගන්න පුළුවන්ද?

පුළුවන්. නමුත් ඔහු අදාළ ආයතන සේ‍වයෙන් විශ්‍රාම යා යුතුයි එම වයෙස්දී . ඒසේ නැතිනම් ඔවුන්ට වයස අවුරුදු 60 හෝ 55ත් 60ත් අතර වයසකදී සේවයෙන් ඉවත් වූ විට පමණක් අර්ථසාධක අරමුදල ලබා ගත හැකියි.

යමකුට අවුරුදු 55න් මේ මුදල ලබා ගත යුතු නම් කළ යුත්තේ සේවයෙන් ඉවත්වීම. නමුත් සේවා යෝජකයා කොන්ත්‍රාත් පදනම මත රැකියාව යළි පිරිනැමීමට කැමති නම් ඔහුට හෝ ඇයට වයස අවුරුදු 60 වන තෙක් සේවය කළ හැකියි.

  • මේ විදිහට වයස් සීමාව වැඩි කිරීම සම්බන්ධයෙන්  විවිධ කතා බහ නිර්මාණය වී තිබෙනවා. ඇත්තටම ඇයි මේ විශ්‍රාම ගැන්වීමේ අවම වයස දීර්ඝ කෙරුණේ?

මෙයට බලපෑ ප්‍රධාන කාරණය තමයි අපේ රටේ පුද්ගලයකු ගේ ආයු කාලය දීර්ඝ වීම. මෙම වයස් සීමාව පිළිබඳව නීතිය ක්‍රියාත්මක  වෙන්නේ 1958දී. ඒ වනවිට අපේ රටේ පුද්ගලයකු ගේ ආයු කාලය අවුරුදු 60ත් 65ත් අතර. නමුත් මේ වනවිට ආයු කාලය සාමාන්‍යයෙයන් අවුරදු 80ක් 85ක් දක්වා දීර්ඝ වී තිබෙනවා. ඒ අනුව ලෝකයේ බොහෝ රටවල් විශ්‍රාම වයස අවුරුදු 60, 65 දක්වා දීර්ඝ කර තිබෙනවා.

අපේ කලාපය බැලුවොත් දැනට අවුරුදු 60ට අඩුවෙන් විශ්‍රාම ගන්වන්නේ ශ්‍රි ලංකාව හැරුණු කොට බංග්ලාදේශය,නේපාලය සහ ඉන්දුනීසියාව පමණයි. මේ සම්බන්ධයෙන් වෘත්තීය සමිතිවලිනුත් වරින් වර විවිධ යෝජනා ඉදිරිපත් වුණා. ගෝලීය තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරල තමයි මේ තත්ත්වය අප වෙනස් කළේ.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අරක්කු බියර් මිල වැඩිවෙන්නේ මෙහෙමයි… සුරාබදු දෙපාර්තමේන්තුව කියයි…

Next Post

“පොර ටෝක්වලින්“ විසඳෙන්නේ නැති ගෑස් ප්‍රශ්නය… මේ අද කරාපිටිය…

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.