බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

පොඩි ලැසී තවමත් ආයුද පෙන්වන පොලිස් නාටකයේ ප්‍රධාන නළුවා නොවුනේ ඇයි?

by editor
ජනවාරි 2, 2021
in සමාජ
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරයාට ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනාගාර දෙපාර්තමෙන්තුවේ උසස් නිලධාරීන් කිහිප දෙනෙකුට ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් දෙවැනි චුදිතයා  ලෙස නම්කොට සිටින අරුමා හන්දි ජනිත් මධුසංක හෙවත් පොඩි ලැසී නමැත්තා දැන් ඉන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුව භාරයේය. ඔහු  සම්බන්ධ නඩු විභාගය මෙම 29 වැනිදින ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දී  කැඳවිමට නියමිතය.

මේ ආණඩුව බලයට පත්විමත් සමග විශේෂ ගණයේ අපරාධකරුවන්  බුස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ රඳවා තැබීමට කටයුතු කෙරිණි. එහි කොස්ගොඩ තාරක, කන්ජිපාන් ඉම්රාන්, වෙලේසුදා, ඌරුජුවා ඇතුළු පාතාල කල්ලි සාමාජිකයින් පිරිසක්  සිටියහ. මේ අතරේ පොඩිලැසිලා කොස්ගොඩ තාරකලා ඇතුළු පිරිසක්  පහසුකම් මදි බව  පවසමින් බුස්ස බන්ධනාගාරය තුළ  අහාර නොගෙන උපවාසයක් ආරම්භ කරනු ලැබූහ.

මේ ගැන සොයාබැලිමට බුස්ස බන්ධනාගාරයට ගිය  බන්ධනාගාරයේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකුට හා   සහකාර අධිකාරිවරුන් දෙදෙනෙකුට  පොඩිලැසී සහ කොස්ගොඩ තාරක ඇතුළු පිරිස තර්ජනය කර තිබිණි.   අනතුරුව ඔවුන් පොලිස් නිලධාරින් පිරිසකට මරණිය තර්ජනය  කොට ආරක්ෂක ලේකම්වරයා හා ජනාධිපතිවරයා මරාදමන බවට තර්ජනය කළ බව කීවේය. මේ සමග පොඩිලැසීට හා කොස්ගොඩ තාරකට එරෙහිව නඩුපැවරිණි.

ජනාධිපතිවරයාට ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනාගාර දෙපාර්තමෙන්තුවේ උසස් නිලධාරින් කිහිප දෙනෙකුට ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරිම සම්බන්ධයෙන් දෙවැනි චුදිතයා  ලෙස අරුමා හන්දි ජනිත් මධුසංක හෙවත් පොඩි ලැසි නමැත්තා නම් කරණු ලැබිය. පළමු චුදිතයා වූයේ  කොස්ගොඩ තාරකය.    අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙකී තර්ජනය කිරීම පිළිබඳ අධිකරණයට කරුණු වාර්තාකොට තිබුණි.  ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ  නඩු විභාගය පැවැත්විණි.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පොඩි ලැසී

පොඩිලැසි නැමැත්තා  දින 90ක රැඳවුම් නියෝග මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ යටතට පත්වීමත් සමග    ඔහුගේ සහචරයන් කිරීමට ගිය  විශේෂි වු ඝාතනයක තොරතුරු අනාවරණය කරගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට හැකි වූ බව කීවේය. ජනාධිපතිවරයාට ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් කිහිපදෙනෙකුට ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරීම පිළිබඳ නඩු විභාගයේ දී නීතිපති දෙපාර්තමේන්තුවේ  නියෝජ්‍ය සෙලිස්ටර් ජනරාල් දිලිප පිරිස් ගාල්ල  ප්‍රධාන මහේස්ත්‍රාත්  හර්ෂණ කැකුණවෙල හමුවේ  මෙම කරුණු අනාවරණයක්  කළේය. පසුගිය නඩු වාරයේ අධිකරණයේ දිගහැරුණු සංවාදය යලි සිහි කරන්නේ සිදුවෙමින් ඇති දේ වටහා ගන්නටය.

“ පොඩිලැසී කොස්ගොඩ තාරක ඇතුළු පාතාල සමාජිකයින්  11 දෙනාගෙම සාමුහික කුමන්ත්‍රණයක් තිබිලා තියෙනවා බන්ධනාගාර බස්රථයකට පහරදෙන්න.    ඒ ගැන සාක්ෂි අනාවරණය වෙලා තියෙනවා. බන්ධනාගාර බස් රථය ඉදිරියට ලොරි රථයක් ගෙනවිත් හරස් කරලා ප්‍රහාරයක් එල්ලකරන්න සැලසුමක් තිබිලා තියෙනවා. මේ සියල්ල සැලසුම් කරන්නේ බන්ධනාගාරය තුළ ඉඳන්. බන්ධනාගාරය තුළ ඉදන් මෙච්චර දෙයක් සැලසුම් කරනවානම් ඇප දුන්විට කොච්චර දෙයක් කරාවිද?. ඇප දීලා ගමට ගෙනවිත් දුන්නොත් හොඳට හිටිවි.“ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලිප පිරිස්  අධිකරණය ඉදිරියේ කරුණු  අනාවරණය කළේය.‍“

ජනිත් නිශාන්ත හෙවත් තනි ඇටයා ඝාතනය  කිරිමේ සැලසුමට අදාල  ට්‍රක්රථයක් කාර් රථයක් හා ස්වංයක්‍රිය පිස්තොලයක්  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් සොයාගනු ලැබූ බව කීවේය.. ට්‍රක් රථය අම්බලන්ගොඩ ප්‍රදේශයේ ආඳාදොළ ප්‍රදේශයේ දි සොයාගෙන ඇති අතර කාර් රථය උණවටුණ ප්‍රදේශයේ තිබි සොයාගත්බැව් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරිහු පවසති. කාර් රථය පොඩි ලැසී නැමැත්තාට අයත් එකක් බව පරික්ෂණවලදී අනාවරණය වි තිබිනි.  ස්වයංක්‍රීය පිස්තොලය මිටියාගොඩ තෙල්වත්ත ප්‍රදේශයේ දී සොයාගෙන ඇති බව පැවසිනි.

පොඩ්ලැසි නැමැත්තා හා ඔහුගේ සහචරයින් විසින් තනිඇටයා නැමති පාතාල  සාමාජිකයා රැගෙන එන බන්ධනාගාර බස් රථය ට්‍රක් රථයකින් හරස් කොට කාර් රථයකින් පැමිණ ඊට ප්‍රහාරයක් එල්ල කිරීම සැලසුමේ  තිබුනු බව කීවේය.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් මෙරට මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට සම්බන්ධ පුද්ගලයින් හා සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්  සාමජිකයින් සමග සම්බන්ධවෙමින් කළ අපරාධයේ ප්‍රධානම අපරාධ මූලයක් බව කීවේ පොඩි ලැසීය. මේ තත්වය මත 1979  අංක 48 ත්‍රස්තවාදය වැලැක්විමේ    පනතේ තාවකාලික විධිවිධාන  යටතේ  09  /01 වගන්තිය යටතේ මෙම රැඳවුම් නියෝගය ලබාදෙන ලෙස  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයා අධිකරණයෙන් ඉල්ලා  සිටියේය.

නියෝජ්‍ය සෙලිස්ටර් ජනරාල් දිලීප පිරිස්  ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පොඩිලැසී ඇතුළු  පාතාල  සාමාජිකයින් කළ උපවාසය, ජනාධිපතිවරයාට හා ආරක්ෂක ලේකම්වරයාට මරණ තර්ජන එල්ල කිරීම ඇතුළු දීරඝ විස්තරයක් කලේය.

ජනාධිපති නීතිඥ ටිරන් වලලියැද්ද ඇතුළු නීතිඥ කණ්ඩායම ලැසී ගේ නඩුවට එක් වෙමින්…

පොඩි ලැසී වෙනුවෙන් පෙනී සිටියේ අපරාධ නඩු සම්බන්ධව පෙනී සිටින අධික අයකිරීමක් සහිත ලංකාවේ සිටින ප්‍රමුඛම නීතිඥයෙකි. ඔහු ජනාධිපති නීතිඥ ටිරන් වලලියැද්දය. ඔහු සමග අට දෙනෙකුට ආසන්න නීතිඥ මුළුවක් පොඩි ලැසීගේ නඩු දිනයේ අධිකරණයට එන්නේය.

සැකකරු වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නිතිඥ ටිරන්ත  වරලියද්ද සැක කරුට ඇප ඉල්ලුවේය..

ඇප ඉල්ලිමක් තමයි කරන්නේ. මේ නඩුවට අනුව ඇප ලබාදෙන්න පුළුවන්.  ජනාධිපතිවරයාට හෝ ආරක්ෂක ලේකම්වරයාට තර්ජනය කරලා නැහැ.

නියෝජ්‍ය සොලිස්ටර ජනරාල දිලිප පිරිස්

ස්වාමිනි… මේක තර්ජනය කිරීම සම්බන්දව පමණක් නොවේ.  සංවිධානාත්මකව විශාල  ව්‍යසනයක් කරන්න සැලසුම් කරපු පුද්ගලයකුගේ නඩුකෘතයක්. දැනට මොහු ඉන්නේ දින 90ක රැඳවුම්  නියෝගයක් මත. බන්ධනාගාර නිලධාරින්ට ආරක්ෂක නිලධාරින්ට තර්ජනය කරලා ඔවුන් ඝාතනය කිරීමට සැලසුම් හදන්නේ මොහු. මොවුන්ගේ සහචරයින් එළියේ ඉන්නේ. තවම විමර්ශන කටයුතු අවසන් නැහැ. ඒ නිසා ඇප ලබා නොදෙන ලෙස ඉල්ලා සිටිනවා.

ජනාධිපති නිතිඥ ටිරන්ත වළලියද්ද 

මේ පොඩිලැසි කියන පුද්ගලයාට එරෙහිව 2011 මිනිමරුම් නඩුවක් තිබිලා ඇප දුන්නා. 2016 නඩුවකටත් ඇප දුන්නා. ඊට පසුව තිබු නඩුවකටත් ඇප දුන්නා. මේ නඩුවට අදාලව මොහුට ඇප දෙන්න පුළුවන්. මේ අය රැඳවුම් නියෝගයක් ගත්තා. මොනවාද මේ කරන්නේ. බි වාර්තාවේ කෙහොවත් නැහැ ජනාධිපති මරණවා කියලා. මම ජනාධිපතිවරයාට භය නැහැ කියලා  පමණයි බී වාර්තාවේ තියෙන්නේ. ඇයි බි වාර්තාව එවන්නේ නැත්තේ.

මොහුට ඇප දෙන්න තිබුණේ. පොඩිලැසී කියන කෙනා අධිකරණයට අරගෙන ආවේ නැහැ. මේ පුද්ගලයාගේ ජීවිතයට මොනවා හරි වුනොත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වගකියන්න ඕන.

මේ නඩුවට අදාල චෝදනා දෙකයි තියෙන්නේ.  රාජකාරියට බාධා කිරීම… ඒක ඇප දියහැකි වරදක්. සාක්ෂි හැංගුවා කියනවා. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට  පුළුවන්ද සාක්ෂි හංගන්න. මේ නිසා ඇතිවන මහජන ආන්දොලනය කුමක්ද?. බි වර්තාවේ නැති කථාන්දරයක් තමයි සි.අයිඩි. එක කියන්නේ. එක වැරදියි. මෙතරම් බලගතු සි.අයි.ඩි එකක් තියාගෙන් ලැජ්ජ නැද්ද මේ අයගේ ජාතික හැදුනුම්පත් අංක දෙන්නේ නැහැ කියන්නේ.  මේ නඩුව. ඇප දිය හැකිවරදක්.

නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්  දිලිප පිරිස්

ස්වාමිනි මෙම නඩුවට ඉතිහාසයක් තියෙනවා. මෙතුමාගේ  වාර්තමාන සේවා දායකයා ඉතා යටහත්පහත්ව තමයි අධිකරණයට ආවේ. සුදු ඇඳුම් ඇඳගෙන සුදු සපත්තු දමාගෙන සංගීත ප්‍රසංගයකට එනවා වගේ ආවේ. කදුළු සලමින් හිටියේ.

ජනාධිපති නිතිඥ ටිරන්ත වළලියද්ද 

පොඩිලැසි කියන පුද්ගලයා ඔබතුමාට වැඳළා කීවා  ජනාධිපතිවරයාට එහෙම දෙයක් කිවේ නැහැ කියලා. මොනවාද මේ කියන කථා. මේ වගේ වියතුන්ගෙන් මහජනතාව අපහසු තාවයට ලක්වෙනවා.

නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලිප පිරිස් 

මේ අය නැතිදවසට  මහජනතාව කිරිබත් කනවා.

ජනාධිපති නිතිඥ ටිරන්ත වළලියද්ද

මෙම නඩුවේ චෝදනා දෙකයි තියෙන්නේ…  රජයේ නිලධාරින්ට තර්ජනය කිරීම සහ රාජකාරියට බාධාකිරීම.  මේ සඳහා ඇප දෙන්න පුළුවන්. මෙම සැකකරුට තියෙන නඩු තුනකට අදාලව ඇප දීලා තියෙනවා. මෙම සැකකරු බලපිටිය අධිකරණයට රැගෙන යනවිට  බී වාර්තාවක් දමලා ජනාධිපතිතුමාට තර්ජනය කළා කියලා කීවා. මොහු යළි පත්වුනේ සි.අයි ඩි භාරයට.

ස්වාමිනි… මම ඔබතුමාගේ අවධානය යොමුකරනවා බී වාර්තාව හා කටඋත්තරය.  එහි එකතැනකවත් කියලා නැහැ  මෙම සැකකරු විසින් අතිගරු ජනාධිපතිතුමා මරණවා කියලා. ජනාධිපතිතුමාට භය නැහැ කියලා තමයි කියලා තියෙන්නේ.  එයට නඩුවක්   දමලා තියෙනවාද මෙම විත්තිකරුට එරෙහිව. රඳවා ගැනිමේ නියෝගය මෙම නඩුවට අදාල නැහැ. ඇප දීමට එය  බාධාවක් නැහැ. ආන්දොලනයක් තියෙනවා කියලා මහජනතාවගේ ඇස්වලට දුවිලි ගහන්න හදන්නේ.

නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලිප පිරිස් 

ස්වාමිනි  මෙම නඩුවට  ඉතිහාසයක් තියෙනවා. පැමිණිල්ල වෙනුවෙන් 2020 09.08වන දින   සාක්ෂි සම්පින්ඩනයන් 19ක්  සමග  බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් අපරාධ පරික්ෂණ දේපාර්තමේන්තුවට කරණ ලද  මුල් පැමිණිල්ල මත කරුණු වාර්තා කළා. බි වාර්තවේ 04 වැනි සාක්ෂිකරුගේ සාක්ෂි සම්පින්ඩනයේ සඳහන් වෙනවා. උඩුවර මහතා වෙත සැකකරු දබර ඇගිල්ල දිගුකරමින් ඉතා තර්ජනාත්මක ලෙස  ඔවුන් ඉල්ලන නිදහස ලබා නුදුනහොත් ඕනැම කෙනෙකු මරාදැමිමට පසුබට නොවන බවත්, ඔහුට අවශ්‍ය නම් පැය දෙකක් ඇතුළත ඒ මහතාගේ ගෙදරට වෙඩිතබා පෙන්විට හැකි බවත්.

ජනාධිපතිවරයා ඉන්නේ අවුරුදු 05ක් බවත් ජනාධිපතිවරයාට හෝ ආරක්ෂක ලේකම්වරයාට භය නැති බවත් පුළුවන් නම් ආරක්ෂක ලේකම්වරයාට එහි පැමිණෙන ලෙසත් ප්‍රකාශ කරලා තියෙනවා. අංක 07 සාක්ෂිකරු කියලා තියෙනවා   බන්ධනාගාර කොමසාරිස් මට අදාල නැහැ. එස්පිලා ඒඑස්පිලා මට අදාල නැහැ, මට හිතුනොත් ඔක්කම අය මරණවා, ඝෝඨාභයලා ආරක්ෂක ලේකම්ලා  තව අවුරුදු 03යි ඉන්නේ ඊට පසු බලාගමු කියලා. ඊට පසු බලාගන්නේ නෑගම් යන්නද ස්වාමිනි.“

ජනාධිපති නිතිඥ ටිරන්ත වළලියද්ද 

ඡන්දය දෙන්න .

නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලිප පිරිස් 

දෙන්න හදපු ඡන්දය පේනවා.  ජෑමර් දමලා අපිව වලක්වන්න බැහැ. අපිට හොඳ අයුධ ගබඩා තියෙනවා. හොඳ  හේවායන් ඉන්නවා කියලා.

අපි පාතාලය හුරතල් කරන්නේ නැහැ. මාධ්‍යයට හා සමාජයට මේ බව කියන්න ඕන. සමාජය නිද්‍රාශීලී කරලා  සිහි වට්ටලා තියෙන්නේ මේ අය මොනවාද කරන්නේ.  යුද්ධයක් ජයගත්තු සෙන්පතියෝ දෙදෙනෙකු ඝාතනය කරණවා කියලා කියනවා. අවුරුදු 05ක් පසු බලාගන්නම් කියලා කියනවා. එක තර්ජනයක් නෙවෙයිද ස්වාමිනි. මේ වගේ හුරතල් කරලා තමයි කිර්තිමත් විනිසුරුවරයකු වු සරත් අඹේපිටිය මහතා සහ එතුමාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියයි  එතුමා නඩුපොත ගන්න කාර් රථයට ගොඩවෙද්දි   ඝාතනය කළේ.  මහධිකරණ විනිසුරුවරයකු  ඝාතනය කිරිමට තරම් පාතාලය ප්‍රබලවුනා. එවැනි පසුබිමක තමයි පාතාලය මර්ධනය කරලා තියෙන්නේ.

මේ අවස්ථාවේදී ජනාධිපති නීතිඥ ටිරන් වලලියැද්ද කීවේ නීතියේ සාධරණත්වය ඉටු කරගැනීම සඳහා ඕනෑම චූදිතයෙකුට අවස්ථාව ලබා ගත හැකි බවත් සරත් අඹේපිටිය විනිසුරු ඝාතනය කළ චූදිතයා වෙනුවෙන් පෙනී සිටියේ  තමන් බවත්ය.

නියෝජ්‍ය සොලිසටර් ජනරාල් දිලීප පිරීස් සිය විස්තරය කළේය.

මෙම සැකකරුට  එරෙහිව බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ මහාධිකරණයේ  ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ, මහාධිකරණයේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ   නඩු ගණනාවක් තියෙනවා. බලපිටිය  මහේස්ත්‍රාත් අධිකරණයේ තියෙන අවසාන නඩුව තමයි 7373 ඒ නඩුවට අදාලව තමයි අභියාචනාධිකරණයට ගොස් ඇප ගත්තේ.

ඇප තියන්නේ නැහැ. මේ අය බන්ධනාගාරය තුළ රාජ්‍ය ආරක්ෂව සහිතව මේ අයගේ අපරාධ රාජකාරිකරගන්න පහසුයි. ඒ නිසා ඇප ගන්නේ නැතිව හිටියා. 17 වැනිදා ගිහින් මේ නඩුවට අදාලව ඇප ඉල්ලුවා. කොලඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරින් සමග එකතුවෙලා දකුණු පළාතේ මත්ද්‍රව්‍ය ජාවාරම බෙදාහරින්නේ  පොඩිලැසි කියන පුද්ගලයා කටයුතු කරලා තියෙනවා.

මේ වනවිට සොයාගෙන තියෙනවා ටි 56 ගිනි අවි 02කයි මැගසින් 05යි. පිස්තොල 03යි මිලිමිටර් 99 ජිව උණ්ඩ 40යි ටි 56 උණ්ඩ 81යි, හෙරොයින් කිලෝග්‍රැම් 11 ග්‍රැම් 888ක්… “

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ සිටින්නේ මෙවැනි අපරාධකරුවෙකි. රහස් පොලිසිය කියන ආකායට ඔහු ජනාධිපතියට හා ආරක්ෂක ලේකම්ටත් මරණ තර්ජන කර තිබේ. බන්ධනාගාරය තුළ ඉඳගෙන බන්ධනාගා බස්රථයකට ප්‍රහාර එල්ල කරන්නට සැලසුම් කර තිබේ. ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට ගෙන සිිටින මෙම තැනැත්තා ආයුධ සෙවීම සඳහා ද දෙවරක් එළියට අරන් ගොස් ඇත. එහෙත් මාකඳුරේ මධුෂ් මෙන් ඔහු පොලිසිය සමග ගැටුමකට ගිහින් නැත. වේයන්ගොඩදී පොලිස් වෙඩි පහරින් මරුමුවට පත් වූ පුද්ගලයා මෙන් මාංචු පිටින් පොලිසිය සමග ගහන්නට ගොස් නැත. ආයුද  පෙන්වන්ට ගොස් මාංචුපිටින් දියට පැන පීනන්නටත් උත්සාහ කර නැත.

මේ තැනැත්තා තම ජීවිතයට ඇති තර්ජන පිළිබඳ අධිකරණය හමුවේ පෙත්සම් ගොනු කරගෙන, ලංකාවේ ප්‍රධානම නීතිඥවරයෙකුගේ නෛතික ආවරණය සහිතව කටයුතු කරමින් හිඳී. ඒ තමන්ට රඟපාන්නට නියම කරන මාරකය ගැන දන්නා බැවිනි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රංජන්ගෙන් සල්ලි දන්සලක් දෙන්න සැලසුමක්…..

Next Post

අලුතින් පත් වූ තරු හතරේ ජනරාල්වරු ගැන ෆීල්ඩ් මාර්ෂල් කියූ කතාව…

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.