බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව සකස් වෙද්දී   රහස් සාකච්ඡාවක්…

සිදුවුණේ කුමක් ද?... ඥානසාර හිමියෝ මුල මැද අග හෙළි කරති

by editor
පෙබරවාරි 27, 2021
in සමාජ
Sri Lankan General Secretary of the Bodu Bala Sena (BBS) Ven. Galagodaatte Gnanasara looks on at the Rukmalgama Temple in Rukmalgama, about 20 kms from Colombo on May 23, 2019.  A firebrand Sri Lankan Buddhist monk serving a six-year jail term for contempt of court was freed on May 23 following a presidential pardon, officials said. Galagodaatte Gnanasara was driven out of the Welikada prison hospital where he had spent much of his sentence since his first imprisonment in June last year.
 / AFP / ISHARA S. KODIKARA

Sri Lankan General Secretary of the Bodu Bala Sena (BBS) Ven. Galagodaatte Gnanasara looks on at the Rukmalgama Temple in Rukmalgama, about 20 kms from Colombo on May 23, 2019. A firebrand Sri Lankan Buddhist monk serving a six-year jail term for contempt of court was freed on May 23 following a presidential pardon, officials said. Galagodaatte Gnanasara was driven out of the Welikada prison hospital where he had spent much of his sentence since his first imprisonment in June last year. / AFP / ISHARA S. KODIKARA

Share on FacebookShare on Twitter
  • කොමිසමේ සාමාජිකයෙක් එක්ක මැතිඇමති නොවන ප්‍රබලයන් දෙදෙනෙක් හමුවෙලා

  • මේ හමුවීම ජනපති අගමැති දන්නෙත් නෑ

  • වාර්තාව වෙනස් කළේ මේ සාකච්ඡාවෙන් පස්සේ

  • නම කියන්න පුලුවන්ද අහන්න එපා.. ඒ නම කියන්න බැරි තරම් ප්‍රබලයි. කොමිසමටත් ලියලයි දුන්නේ

  • අලි සබ්රිගේ ගුරුවරයා ගැන කිසිම සඳහනක් වාර්තා වේ නෑ

  • දෙයියනේ මේ අපි බලාපොරොත්තු වුණු දේ නොවේ.

පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම අවසන් වාර්තාව සකස් කෙරෙද්දී එම කොමිෂන් සභාවේ එක් සාමාජිකයකු මේ රජයේ ප්‍රබලයින් දෙදෙනකු  රහසේ හමුවී සාකච්ඡා පවත්වා ඇති බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවත් ඒ මත මෙම කොමිසමේ අවසන් වාර්තා වෙනස් වී ඇති බවත් බොදු බල සංවිධානයේ මහලේකම්  රාජකීය පණ්ඩිත ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ පවසති.

ඊට සම්බන්ධව මෙම ආණ්ඩුවේ තක්කඩියකු සිටින බවත් මේ කතා බහ පිළිබඳව ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා දැනුවත් නොමැති බවත් ඥානසාර හිමියන් තවදුරටත් සඳහන් කළේ මාධ්‍යෙව්දී චමුදිත සමරවික්‍රමගේ ටෘත් විත් චමුදිත යූ ටියුබ් නාලිකාවට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමිනි.

එහිදී උන්වහන්සේ මෙම වාර්තාව වෙනස් කිරීම පසුපස සිටින පුද්ගලයා පිළිබඳව තවත් ඉඟියක් ලබා දුන්නේ මෙසේය.

නම ලියලා දුන්නේ … ඔහු ඒ තරම් ප්‍රබලයි…

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

“ මෙම පාස්කු කොමිසමේ සාක්ෂි දෙන්න මම ආවා. එහිදී විල්පත්තු වන විනාශය ගැන කතා කරද්දී ඒ පසුපස සිටි ප්‍රබල දේශපාලකයෙක් ගැන මගේ ඔළුවට ආවා. මම ඒ ගැන කිව්වා. මට ඔහු නම් කරන්න පුළුවන්ද කියල ඇහුවාම මම  ප්‍රසිද්ධියේ  කියන්නේ නෑ . මොකද  එයා ඒ තරම් ප්‍රබලයි. මාව නඩුවක පටළවල ආයෙත් හිරේ දාන්න පුළුවන්  කියල. ඒ නිසා මම ඒ නම ලියල දුන්නා.“

වාර්තාව ගොනු කරගෙන ගිය ආකාරය සහ අපගේ තොරතුරු මේ වාර්තාවට පදනම් කර ගත්ත ආකාරය පිළිබඳව බැලුවාම මේ වාර්තාව අද එය අවසානයේ වෙනස් වී ඇති බවත් පැමිණිලිකාරයා විත්තිකාරයා බවට පත් වී ඇති බවත් පෙන්වා දුන් ඥානසාර හිමියෝ තමන් හිතන්නේ මෙම වාර්තාව වෙනස් වුනේ විමල් වීවංශට ප්‍රහාරයක් එලල් වුණු තැනින්ම යයි ද පැවසීය.

මේ ආණ්ඩුව තුළ ඕන ඕන සුකුරුත්තම් කිරීමට රටේ ජනතාව ඉඩ නොදෙන බවත් මේ රටේ හැට නව ලක්ෂයක් ජනතාව ඡන්දය දුන්නේ මේ රටේ සිංහල ජනතාවගේ අභිලාශයන් වෙනුවෙන් බවත් පෙන්වා දුන් උන්වහන්සේ අද ජාතියක් ලෙස අප මුහුණ දී ඇති ඉරණම බරපතල ලෙස තෙරුම් ගත යුතු බවද සඳහන් කළහ.

බොදුබල සේනා සංවිධානයට අපරාධ චෝදනා…

මෙම කොමිසම මඟින් බොදු බල සේනා  සංවිධානයට අපරාධ චෝදනා ගොනු කිරීමට නිර්දේශ කිරීම පිළිබඳව අදහස් දැක්වූ ඥානසාර හිමියෝ  මෙසේ කීහ.

“මේ කොමිසම දැම්මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ  සොයන්න මේක දැම්මේ බොදු බල සේනා ගැන හොයන්න නොවෙයිනේ. අපට තිබෙන ගෝලීය තර්ජනය විවිධාකාරයි. සංස්කෘතික ආර්ථික තර්ජන විවිධාකාරයි. අපට අවුරුදු 15ක් තිස්සේ සංක්‍රමණික අන්තවාදි කල්ලිවල ආක්‍රමණවලට එරෙහිව  නොවළහා ක්‍රියාත්මක වෙන්න ඕන. අපි මේ ගැන කට කැඩෙනකම් කියල තියෙනවා. කිසිම නායකයෙක් ඇහුම්කන් දුන්නේ නෑ.“

“ අපි කළේ ආක්‍රමණික බලවේග ගැන තොරතුරු දීම.  ඔවුන් යම් දිනෙක සන්නද්ධමය ක්‍රියාකාරකම් කරයි, ප්‍රහාරයක් එල්ල කරයි කියල අනතුරු ඇඟවීමක් කළා. අපට ඕන වුණේ  සිංහල බෞද්ධ ජනතාව විතරක් බේර ගන්න නොවෙයි. සකල ලෝක සත්තවයාම මේ අනතුරුවලින් බේර ගන්න. මනුෂ්‍ය වර්ගයා කෙරෙහි අසීමිත කරුණාවෙන්.  අපි ආණ්ඩුවට දිගින් දිගටම කීවා  දිගන සිද්ධිය වෙලාවේ,  අලුත්ගම සිදුවීම වෙලාවේ වෙන්න මොනවද කියලා  කොමිසමක් දාල සොයන්න කියලා. ගම්පල පන්සලක පෙරහැරකට මෛත්‍රී –  රනිල් කාලේ ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් තිබුණා. හරියට 1915 දී ගම්පල  වල්ලහගොඩ පෙරහරට මුස්ලිම් පල්ලියකින් ගැහුව වගේ. අපි මැදිහත් වෙලා නතර කළේ. මුස්ලිම් අය අන්‍ය ජාතින් සමග ආතිතයක් අති කරගත්තා නම් ඒකේ පළමු ප්‍රහාරය ආවේ මුස්ලිම් පාර්ශ්වයෙන්.“

“ඉස්ලාම් අන්තවාදය ඉස්ලාම් ව්‍යාප්තිය සම්බන්ධයෙන් කරුණු කියද්දි අපි මුලින් ඉතා වැදගත් විදිහට අපේ චීවරයේ ගෞරවය ආරක්ෂාවන විදිහට   කියලත් අදාල වගකිව යුත්තන් අදාළ ක්‍රියාමාර්ගයක් නොගන්නා තැනේදී තමයි අපි මේ සඳහා ප්‍රබල සටනක් කරනන් පටන් ගත්තේ.“යයිද සඳහන් කළහ.

බොදු බලය ගෝඨාභය රාජපක්ෂ එවකට නිර්මාණය කළ පෝෂණය කළ හෝ පාලනය කළ එකක් ලෙසට පැවසෙන චෝදනාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන ඥානසාර හිමියෝ තමන් මෙම ව්‍යාපාරය පටන් ගත්තේ  1998 වසරේදී බවත් ඒ කාලයේ ගෝඨාභය,  බැසිල් මහත්තයාලා රටේ හිටියෙත් නැති බවත් පැවසූ හිමියෝ  ගොඨාභය ජනාධිපතිවරයාගේ සෞභාග්‍ය යේ දැක්මේ හොඳ  අදහස් තිබෙන බවත් ඔහුට ශක්තිය ලබා දිය යුතු බවත් පැවසීය.

“සර් ෆේල් කියල හරියන්නේ නෑ. සර්ට පුළුවන්. වී කැන් ඩූ කියල වැඩ කරන්න ඕන. අපට මේ රටේ ජනතාවගේ අභිලාශයන් ඉෂ්ට කිරීමේ හැකියාව තිබෙනවා. ඊට සුදුසු කණ්ඩායමක් රටේ සිටිනවා.“

“මේ වාර්තාවේ සියයට 90ක් අපි ලබාදුන්නු තොරතුරු මත සකස් කළ එකක්. අපි අලි සබ්රිගේ ගුරුවරයා ඔස්තාද් මන්සූර් ගැන විශාල තොරතුරු ප්‍රමාණයක් ලබා දුන්නා. ඔහුට තිබෙනවා මිස්තාද් කියල පදනමක්. ඒකේ ක්‍රියාකාරකම් ගැන අපි කිව්වා. මේ ලංකාවේ ඉන්නවා ඉස්ලාමය හැර ගිය මුස්ලිම්වරු කොටසක් . ඔවුන් ලියල තියෙන පොතක  ඔස්තාද් මන්සූර් ගැන වෙනම පරිච්ඡේදයක් කියෙනවා. ඔස්තාද් මන්සූර්ගේ මිස්තාද් පදනම ගැන. අද ඉස්ලාම් ජිහාඩය  බිහිවෙන්නේ ආකාර තුනකින්. චින්තන, ආර්ථික සහ දෘෂ්ටිවාද ආකාරයට. ‘‘

“නමුත් මේ වාර්තාවේ තිබෙන්නේ ඔස්තාද් මන්සූර් ඉතා හොඳ කෙනෙක්. ඔවුන්ගෙන් පරිවර්තනය කරගෙන දරුවන්ට ඉස්ලාම් දහම උගන්වන්න ඕනය කියලා. “

“දෙයියනේ මේ අප බලාපොරොත්තු වුණු දේ නොවේ.“ යැයි ද උන්වහන්සේ පැවසූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එන්නත්කරණ වැඩපිළිවෙළ අයාලේ… වහාම මෙහෙයුම් මධ්‍යස්ථානයක් අවශ්‍යයයි…

Next Post

කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව අනිවාර්ය ඇයි ? WHO පැහැදිලි කරයි

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.