බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

පාස්කු ඉරිදා ප්‍රහාරය මෙහෙයවූ ‘බොස්’ ගැන මනූෂ නානායක්කාර මැති සබේ කළ සම්පූර්ණ කතාව

by Lanka Sara Editor
අප්‍රේල් 20, 2021 - Updated on අප්‍රේල් 21, 2021
in සමාජ
Share on FacebookShare on Twitter

• පාස්කු ප්‍රහාරයට කලින් කන්ඩායම් දෙකකට බෙදිලා
• ප්‍රහාරය ප්‍රමාද වීම ගැන නොසතුටින් සිටි බොස් කවුද?
• සාරාට මොකද වුණේ ?
• කටාර් සිට ආපු මාතලේ සහරාන් සම්බන්ධ සිදුවීම් පෙළ !
• නාමල් කුමාරගේත් සම්බන්ධයක් තිබෙනවාද?

පාස්කු ප්‍රහාරයට සම්බන්ද වුණු අන්තවාදී ත්‍රස්තයන් ත්‍රිමා නම් ඇප් එකක් හරහා පනිවිඩ හුවමාරු කර ඇති බවත් ඔවුන් ඒ හරහා බොදස් කෙනකු ගැන කතා වී ඇති අතර මේ බොස් කවුද යන්න අනාවරණය කර ගත යුතුව පවතින බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් ප‍්‍රහාරයට දවස් තුනකට පෙර කොටස් දෙකකට බෙදී ඇති බවත් .ජා ඇල සහ පානදුරේ පිහිටි ආරක්ෂක නිවාස දෙකක සිට ඔවුන් ක්‍රියාත්මක වන අතරේ මේ ප‍්‍රහාරය ප‍්‍රමාදවීම පිළිබද බොස් ඉන්නේ අසතුටින් යයි ඔවුන් කතා වී ඇති බවද අනාවරණය කළේය.

ඒ අනුව පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය පිටුපස සිටින මහ මොළකරු කවුරුන්දැයි අනාවරණය කරගැනිම අප සියලූදෙනාගේම වගකීම බවත් පාස්කු කොමිසම හමුවේ ඉදිරිපත් වූ සාක්ෂි හමුවේ ගොස් මහ මොළකරු සොයා ගත යුතු බවත් සමගි ජන බලවේගෙයේ ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර පාර්ලිමේන්තුවේදී අද පැවසුවේය.
ඔහු පාර්ලිමේන්තුවේදී කළ සම්පූර්ණ කතාව මෙසේය.

මම අද පාර්ලිමේන්තුවේදි කියන කතාවට කවුරුන් හෝ බාධා කරනවා නම් එ් බාධා කරන කරන අය පාස්කු ප‍්‍රාහාරයට සම්බන්ධ අය එළිවීම වැලැක්වීමට උත්සාහ ගන්නා අයයි. දැන් ආණ්ඩුව තෝරා ගත්ත මවුලවි කෙනෙක් පිට මේ ප‍්‍රහාරයේ වගකීම පැටවීමට උත්සාහ ගන්නවා. ඇත්තටම කළ යුතුව තිබෙන්නේ මේ ප‍්‍රහාරයට සම්න්ධ සැබෑ පුද්ගලයින් සොයා ගැනීමයි
පාස්කු ප‍්‍රහාරය පිළිබද සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසන් සාභා වාර්තාව ගැන කාදිනල්තුමා විවිධ අවස්ථාවලදී විවිධ කතා කිව්වා. විජයදාස රාජපක්ෂ මන්ත‍්‍රීතුමාට ලැබුණ ආකාරයේ දුරකතන ඇමතුමක් බලපෑමක් කාදිනල්තුමාට ඇවිත් කලින් කියපු කතා වෙනස් කළාය කියලා ජනතාවට සැකයක් තියෙනවා
ටාජ් සමුද්‍රා හෝටලයට ප‍්‍රහාරයක් එල්ල කිරිමට පැමිණි ජමීල් නැමැති පුද්ගලයා දෙහිවලදී තමයි බෝම්බය පුපුරවාගත්තේ. ප‍්‍රහාරයට කලින් මේ බෝබ්මකරුගේ නිවසට බුද්ධි අංශයේ හා ත‍්‍රස්ත විමර්ශණ ඒකකය් නිලධාරීන් දෙදෙනෙක් ගොස් තිබෙනවා. ඔවුන් දෙදෙනා එහි ගොස් තිබෙන්නේ ජමීල් නැමැති පුද්ගලයා මේ ප‍්‍රහාරයට සම්බන්ධ බවට බුද්ධි අංශ කල් තබා දන්නා නිසා. මේ බව පොලිස්පති පූජිත ජයසුන්දර කියා තිබුණා. මේ ගැන පරීක්ෂණයක් කරලා තිබෙනවාද?
තාක්ෂණ ක‍්‍රමවේද මගින් සොයා ගත් සැකකරුවෙක් ශානි අබේසේකර විසින් අත්අඩංගවට ගැනීමෙන් පසුව හමුදා බුද්ධි අංශ විසින් රැගෙන ගොස් තිබෙනවා. මෙය තමන්ගේ මෙහෙයුමක් බව කියමින් තමයි ඔහු රැගෙන ගොස් තිබෙන්නේ. මේ නිලධාරියා සහරාන් සමග තිබෙන සම්බන්ධතා පිළිබද පරීක්ෂණ පවත්වා තිබෙනවාද?
කටාර් සිට පැමිණෙන මාතලේ සහරාන් නැමති පුද්ගලයා හමුවීමට බුද්ධි අංශයේ සොනික් සොනික් නමින් හැදින්වෙන නිලධාරියා ගොස් හමුවෙනවා. මේ පුද්ගලයා ගොස් ප‍්‍රහාරයේ වගකීම අයි එස් නායක අල් බග්දාදි භාර නොගන්නේ ඇයි කියලා ප‍්‍රශ්න කරනවා. එතකොට දිවුරුම තවම එළියට ඇවිත් නැහැ කියලා කියනවා. ඒ වෙලාවේ එතැන සිට ඉන්දුනීසියාවට දුරකතන ඇමතුමක් යනවා. හරි අපි දැන් ඒ වීඩියෝව එළියට දාන්නම් කියලා කිව්වට පස්සේ තමයි අල් බග්දාදි ලංකාවේ ප‍්‍රහාරයේ වගකීම භාරගත්තේ.
මේ කරුණු අරගෙන තියෙන්නේ පාස්කු කොමිසමේදී එළිදරව් වූ කරුණු. මේවා ගැන සොයා නොබැලීම තමයි තිබෙන ප‍්‍රශ්නය.
සාරා නැමති කාන්තාව ගැන පැහැදිළිකමක් නෑ ඇය ගැන ඞී එන් එ් පරීක්ෂණයක් කළ යුතුු බව සරත් වීරසේකර ඇමැතිවරයා පවසනවා. පාස්කු ප‍්‍රහාරයෙන් පසුව ත‍්‍රස්තවාදින් කාත්තන්කුඩි නිවසේදී පුපුරවාගැනීමක් කළ අවස්ථාවේදී දහ නම දෙනෙක් එ් නිවසේ සිට තිබෙනවා. එයින් දහසය දෙනෙක් මිය ගොස් තිබෙනවා. එ් අය අතර සාරාගේ
අර්ජුන් මහින්කන්ද පොලිස් නිලධාරියා සාක්ෂි ලබාදෙමින් කියා තිබෙන්නේ සාරා නැමති කාන්තාව මුහුදෙන් ඉන්දියාවට ගොස් තිබෙන බවත් එ් සදහා සාක්ෂි ඉදිරිපත් කිරිමට හැකි බවක් පාස්කු කොමිසමට දැනුම්දී තිබෙනවා. එහෙම කොමිසමට දැනුම්දී තිබියදී සරත් විරසේකර ඇමැතිවරයා සාරා ගැන තොරතරු නැහැ කියනවා. ආණ්ඩුවේ ඇමැතිවරයෙක් මේ විදියට සාරා ගැන තොරතුරු වසන් කරන්නේ ඇයි? සාරා ගැන තොරතරු කොමිසම හමුවේ හෙළි වී තිබියදී තමයි මේ කරුණු සැගවීමට ඇමැතිවරයා උත්සාහ ගන්නේ. සාරා නැමති කාන්තාවට පැන යාමට උදව් කළ පොලිස් නිලධාරියා මේ වන විට ත‍්‍රස්ත විමර්ශණ එ්කකයේ රදවාගෙන තිනෙවා. මේ තොරතුරු තමයි සගවන්නේ.
පාස්ක කොමිසමේ වාර්තාව නීතිපතිවරයා ළගට දැන් ගිහින් තියෙනවා. නීතිපතිවරයා ළගට සාමාන්‍යයෙන් යන්නේ පොලිස් නිලධාරින්. ඒ අවශ්‍ය සහාය ලබාදීම සදහා.ඒත් බුද්ධි අංශයට නායකත්වය ලබාදෙන යම් පුද්ගලයෙක් මේ ගැන සාකච්ඡා කරන අවස්ථාවලට හැමදාම යනවාය කියන ආරංචිය තියෙනවා. එතකොට මොකටද මේ යන්නේ.
මේ සියලූ කාරණා ජනාධිපති කොමිසමේ හෙළිවූ කරුණු. නීතීඥයින් සිටින තැන මාධ්‍යවේදීන් අයින් කරලා කරපු කතා තමයි මේ. ශානි අබේසේකර හිරේ දාල තියෙනවා. මේ බුද්ධි තොරතුරු ලැබෙන්නේ අපේ‍්‍රල් 4 වැනිදා. අපේල් මැද වන විට සහරාන්ලට ලක්ෂ හාරසිය තිහක් ලැබෙනවා. මෙයින් මස් බෙදනවා. ආයුධ ගන්නවා. නොයෙක් නොයෙක් වැඩ කරනවා. හැබැයි 2014 සිට සරහාන්ලාට පඩි ගෙවනවා. මේ ගැන අත්අඩංගුවට ගත්ත අය අපේ ව්‍යාපෘතියක් කියලා හමුදාවේ බුද්ධි අංශයෙන් ඇවිත් අරගෙන යනවා. ඒ මේවාට සම්න්ධ ජාලයක් තිබුණ නිසා.
අපේ‍්‍රල් 4 වැනිදා මේ ගැන බුද්ධි තොරතුරු ලැබුණා නම් ප‍්‍රහාරය දක්වා කාලය තුළදී මේ පුද්ගයින් අත්අඩංගුවට ගැනීමට නොහැකි වුනේ ඇයි? මේ බුද්ධි තොරතුරු ගැන හඹා නොගියේ ඇය කියලා සොයා බැලිය යුතුයි.මේ කාලය වන විට නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා තවුහීත් ජමාත් සංවිධාන ගැන වාර්තාවක් නීතිපතිවරයා වෙත යොමු කර තිබෙනවා. ඒ වගේම අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් උපදෙස් පතා තිබෙනවා. ඒ උපදෙස් ලැබිලා නැහැ. නාමල් කුමාරගේ සිද්ධියක් එළියට ඇවිත් නාමල් කුමාර අත්අඩංගුවට ගැනීම ගැනත් අවධානය යොමු කළ යුතු වෙනවා.
පාස්කු කොමිසම සහරාන්ගේ බිරිදගේ සාක්ෂිය ලබාගත්තේ මාධ්‍යවේදීන් ඉවත් කරලා. මේ සාක්ෂියේ තිබුණේ මොනවාද කියලා බරපතල ප‍්‍රශ්නයක් තියෙනවා.මේවා එළියට දාන්නේ නැත්තේ ඇයි?
ත‍්‍රිමා කියන ඇප් එකක් මගින් තමයි මේ අය තොරතුරු හුවමාරු කරගෙන තිබෙන්නෙ.පාස්කු ප‍්‍රහාරයට සම්න්ධ පුද්ගලයින් ප‍්‍රහාරයට දවස් තුනකට පෙර කොටස් දෙකකට බෙදෙනවා.ජා ඇල සහ පානදුරේ පිහිටි ආරක්ෂක නිවස්න දෙකක ඉදලා තමයි මේ අය ක‍්‍රියාත්මක වෙන්නේ. එ් දවස්වල මේ ප‍්‍රහාරය ප‍්‍රමාදවීම පිළිබද බොස් ඉන්නේ අසතුටින් කියලා කතා වෙලා තියෙනවා.බොස් ඉක්මනට කරන්න කියලා තියෙනවා.මේ කියන බොස් කවුද කියලා අනාවරණය කරගත යුතුයි.
මේ කියන බොස් කවුද කියලා සොයා ගත යුතුයි. මේ වගේම තමයි ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය,කීත් නොයාර්ගේ පහදීමට හමුදාවේ යම් කණ්ඩායම් සම්බන්ධවූ බවට චෝදනා තිබෙනවා.ආණ්ඩුවේ පරිපාලනයෙන් බැහැරව සිටින යම් කණ්ඩායමක් මේ ප‍්‍රහාරවලට සහයෝගයක් ලබාදුන්නාද කියන ප‍්‍රශ්ණය තිබෙනවා. මේ ගැන අපි සොයා බැලිය යුතුයි.
මේ කාලය වන විට හමුදා බුද්ධි අංශය හා පොලිස් බුද්ධි අංශය අතර යම් ගැටුමක් නිර්මාණය වෙලා තිබුණා.මේ ගැටුමත් පාස්කු ප‍්‍රහාරයට හේතුවක් වෙන්න ඇති.අපි කාටවත් ඇගිල්ල දිගු කරන්නේ නෑ. මේ ප‍්‍රහාරයේ සැබෑ වරදකරුවන් කවුද කියලා අපි අනාවරණය කරගත යුතුයි. එහෙම වුනොත් තමයි මියගිය අයට සාධාරණයක් වෙන්නේ. කවුද බොස් කියලා හදුනා ගැනීම වෙනුවෙන් තමයි අපි පාර්ලිමේන්තුවේදී අපි කතා කරන්නේ. පාස්කු කොමිසන් සභාව හමුවේ ඉදිරිපත්වූ සාක්ෂි ඇසුරින් තමයි අපි මේ කතා කියන්නේ. සාක්ෂි ලෙස ඉදිරිපත්වී තිබෙන එහෙත් පාස්කු කොමිසන් වාර්තාවේ නොමැති දේවල් තමයි අපි ඉදිරිපත් කරන්නේ.
මේවා ගැන නැවත වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහින් නැවත පැමිනිලි කරන්න අවශ්‍ය නැහැ.මොකද මේවා පාස්කු කොමිසම හමුවේ අනාවරණය වූ කරුණු. මේ කරුණු පාස්කු කොමිසන් සබාවේ තිනෙවා.මේ කරුණු ගැන සොයා බලා පාස්ක ප‍්‍රහාරයේ මහ මොළකරු කවුද කියලා සොයා ගැනීමට කටයුතු කරමු

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නාන කාමර කට්ටල ආනයන තහනම ඉවත් කිරීමට අනුමැතිය

Next Post

කොවිඩ් සුනාමියක ලකුණු… රට  තුළ හඳුනා නොගත් නව කොවිඩ් ප්‍රභේදයක්…

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.