අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

දෙවියන්ගේ දියණිය…

by editor
සැප්තැම්බර් 28, 2023
in සමාජ
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

ලොව පහළ වූ  සියලුම ශ්‍රේෂ්ඨ ආගමික ශාස්තෘවරු  මනුෂ්‍ය වර්ගයා සදහා ශාන්තිය ප්‍රාර්ථනා කළහ.    ප්‍රේමය සහ සාමයේ පණිවිඩය ප්‍රචාරය කළ එවන් ශාස්තෘවරයෙක් වූ  ඉස්ලාම් දහමේ මහා ශාස්තෘවරයා වන මුහම්මද් නබි තුමා උපත යෙදෙන මිලාද් අන් නබි උත්සවය අද (28) ය.  

පසුකාලීන මුග්ධ අර්ධ මනුෂ්‍යයන්ගේ හැසිරීම ආගමික හරයන්ගේ යථාව පිළිබඳ සංගායනාවක් අවශ්‍ය බව අවධාරණය කළත් ඉස්ලාම් දහමේ අර්ථය වන්නේත්  මනුෂ්‍යත්වයෙන් පිරිපුන් ගෞරවනීය මානව ප්‍රේමය ය. මේ පූර්විකාව ඉදිරිපත් කරන්නේ  ඇය ගැන ප්‍රමාද වී තබන මෙම සටහනට   සුදුසුම දිනය අද වන නිසාය.

ඇය වෛද්‍ය ෆාහිමා සහබ්දීන් ය. ජාතිවාදයේ   අශිෂ්ඨ ගෝත්‍රිකත්වය  වැපිරවීම සඳහා ඕනෑම මොහොතක ඉඩක් නිර්මාණය වී ඇති කිරෙන් බාල වූ සමාජයකට ඇය  මනුෂ්‍යත්වයේ දිව්‍යමය පණිවිඩය තබා ජීවිතයෙන් සමු ගෙන ගොස් ඇත.

වෛද්‍ය ෆාහිමා සේවය කරමින් සිටියේ   මහනුවර ජාතික රෝහලේ සිව් වැනි වාට්ටුවේය.  ඇයගේ ස්වාමිපුරුෂයා මහාචාර්ය එම් එස් එම් එම් අස්ලම්ය.   ඔහු සබරගමු විශ්වවිද්‍යාලයේ සේවය කරන මහාචාර්යවරයෙකි.

වෛද්‍ය ෆාහිමා දැන් ජිවතුන් අතර නැත. අධික රුධිර පීඩන තත්ත්වය තුළ විවේකීව සිටිය යුතුව තිබෙද්දී ඇය අසරණ දරුවෙකුගේ ජීවිතය රැක දීමට රෝහල වෙත පැමිණ  උත්සන්න වූ රෝගී තත්ත්වය තුළ ඇය ජීවිතයෙන් සමුගෙන තිබුණාය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ප්‍රිය බිරියගේ වියෝව සම්බන්ධව මහාචාර්ය අස්ලම් අප සමග පවසන්නේ මෙවැන්නකි.

“මගෙ බිරිද ගේ ජීවිතේ වෙලා තිබුනේ වෛද්‍ය වෘත්තිය. රෝගියෙකුට ප්‍රතිකාර කරනවාට එහා දෙයක් එයාට තිබුණේ නැහැ. “

“එදා එයාගේ ඔන් කෝල් දවසක්.. ඒත් එයා නිවසේ උන්නේ සෑහෙන අමාරුවෙන්. අපහසුතාවයෙන්. මේ අතර රාත්‍රී ඇමතුමක් ආවා හදිසි රෝගී තත්ත්වයෙන් පෙළෙන මාස දෙකක දරුවෙක් වාට්ටුවට ඇතුළත් කලා කියලා.  ඇය වහාම ලෑස්තිවෙලා වාට්ටුවට යන්න පිටත් වුනා. ඇයව රෝහලට එක්ක ගියේ මම.  රෝහලේ වාට්ටුවට යන්න කලින් ප්‍රෙෂර් එක check කරගන්න කියලා මම ඇයට කිව්වා. නමුත් ඇය ඒකට වෙලාව මිඩංගු කළේ නෑ.. අසනීප පොඩි දරුවා ගැනයි එයාගේ අවධානය යොමුවෙලා තිබුණේ මුළුමනින්ම. එයා  එක මොහොතක් පමා නොකර ඉක්මනින් වාට්ටුවට ගියා.”

“ඒ වැඩ සියල්ල අවසන් වෙලා තමයි ඇය රුධිර පීඩනය මැනලා තියෙන්නේ.  ඇය රුධිර පීඩනය මැන බලද්දි දෙසීයක් වැනි අගයක් පෙන්වා තිබුන නිසා වෛද්‍යවරු ඇයව හදිසි ප්‍රතිකාර එකකට ඇතළත් කරලා තිබුණා.”

එතනදිත් එයා  මට කතා කරන විට පහුවදා ශල්‍යකර්ම සඳහා සූදානම් කර තිබුණු රෝගීන්ගේ ලැයිස්තුව තමයි මගෙ අතට දුන්නේ.  අමේක දෙන්න මට අමතක වුණා  ඉක්මනින් මේ ක දෙන්න කියලා එයා මට කිව්වා… ”

එහෙත් ඇය යළි නැගිට ආවේ නැත.  පාලනය නොවුන    අධික රුධිර පීඩනය  ඇයගේ  හිසේ රුධිර නාලයක් පිපිරවූයේය.  අභ්‍යන්තර රුධිර වහනය පාලනය කරගැනීමට වෛද්‍යවරු අපොහොසත් වූහ. පුරා දින 10ක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව පසුගිය 24 වැනිදා   වෛද්‍ය ෆාහිමා සහාබ්දීන් සදහටම  දෙනෙත් පියා ගත්තාය.

තමන්ගේ රටේ මිනිස්සුන්ගේ වේදනාව අමතක කර වෛද්‍යවරුන් රට අතහැර යන මොහොතක ෆාහිමා තවත් ජීවිතයක් ජීවත් කිරීමට ගොස්   ජීවිතය අතහැර ගොස් ඇත

එහෙත් කෙටි කලෙකින් ඇයගේ හිස්තැන පිරවීමට ඇයගේ දියණිය මනුෂ්‍යත්වය වෙනුවෙන් දෑත් දිගු කරනු ඇති බව විශ්වාසය.  ඇයගේ  වැඩිමහල් දියණිය   අපොස උසස්පෙළ සමත්ව වෛද්‍ය විද්‍යාලයට ඇළත්  වීමේ අපේක්ෂාවෙන් සිටන්නීය.

සිය දරු දෙදෙනාත් සැමියාත් අත් හැර ඇය නික්ම යන්නේ තවත් ජීවිතයක් සුවපත් කිරීමට කළ සඵල උත්සාහයකින් අනතුරුවය.  තමන්ට පෙර අනෙකා ගැන සිතිය හැක්කේ දෙවියන්ට සමීප මිනිස්සුන්ටය.

වෛද්‍ය ෆාතිමා දෙවියන්ගේ දියණියක වන්නේ ඒ නිසාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කහව දුම්රිය හරස් මාර්ගයේ දී ලොරි රථයක් දුම්රියේ ගැටේ… පුද්ගලයෙක් මරුට… තවත් අයෙකුට බරපතලයි!

Next Post

කන්කසන්තුරේ තැපැල්  දුම්රයේ ගැටී අලි හතරක් එක තැන මිය යයි…

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.