දීග ගිය දියණියට පියාගේ දේපළවලට උරුමයක් නෑ! ශ්‍රේෂ්ඨාධිකරණයෙන්  තීන්දුවක්

උපුටා ගන්නා ලද ඡායාරූපයකි

දීග විවාහයකට අනුව විවාහ වු දියණියකට එනම් විවාහයෙන් පසුව තම සැමියාගේ නිවසේ පදිංචි වූ කාන්තාවකට  උඩරට නීතියට අනුකූලව තම පියාගේ දේපල සඳහා අයිතියක් නැති  බවට පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.

මෙම තීන්දුව ලබා දුන්නේ මේ සම්බන්ධ නඩුවක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල වන  එල්.ටී.බී. දෙහිදෙණිය, විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ විනිසුරු එස්.තුරෙයිරාජා යන විනිසුරන්ය. ඔවුන් තම තීන්දුවෙන් කියා සිටියේ අභියාචනා පෙත්සමේ තුන්වන පැමිණිලිකරු වගඋත්තරකරු (දේපළේ මුල් අයිතිකරුගේ දියණිය) තම සැමියාගේ අභාවයෙන් පසුව පියාගේ පාරම්පරික මුල් නිවස වෙත පැමිණ සිටි අතර ඇය බින්න විවාහ වූ දියණියක ලෙස  එම අයිතිය නැවත ලබාගෙන නොමැති බැවින් ඇයට පියාගේ දේඵල සඳහා උරුමකම් කීමට නොහැකි බවය. .

උඩරට නීතිය යටතේ විවාහ වර්ග දෙකක් පවතින අතර එය දීග විවාහනය සහ බින්න විවාහය වෙයි.  දීග විවාහයක් යනු කාන්තාවක් ලබා දී ඇගේ සැමියාගේ නිවසේ පදිංචි වීමයි. බින්න විවාහයක් නම් මනාලයා මනාලියගේ නිවසේ පදිංචි වීමය.


මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට පදනම් වූයේ හල්මිල්ලෑවේ විසූ පුද්ගලයකුගේ ඉඩම් සම්බන්ධයෙන් දිස්ත්‍රික් උසාවියෙන් ආරම්භ වූ අධිකරණ ක්‍රියාදාමයකි. එම නඩුවේ  කරුණු වලට අනුව, බෙදා වෙන් කිරීමට උත්සාහ කළ ඉඩමේ මුල් අයිතිකරු වූයේ හල්මිල්ලවැව හන්තිහාවේ පදිංචි වික්‍රමසිංහ මුදියන්සේලාගේ යහපත්හාමි නම් අයෙකි. ඔහු උඩරට නීතියට යටත් වූ පුද්ගලයෙක් වූ අතර ඔහුගේ මරණයත් සමඟ පැමිණිලිකාර දියණියන් තිදෙනෙකු ඇතුළු ව දරුවන් හය දෙනෙකුට ඔහුගේ වැන්දඹුව වූ රන්මැණිකාගේ ප්‍රාණ භුක්තියට යටත්ව  ඔහුට අයත්ව තිබූ ඉඩම සමාන ඉඩම් ප්‍රමාණයක් ලෙස හිමි විය.

1992 දී බිරිඳ වන රන්මැණිකා මිය ගෙස් ඇති අතර ඉන් පසුව දරුවන් විසින්   ඉඩම් දිසා අධිකරණයේ පැවරූ බෙදුම් නඩුවක් මඟින්  බෙදා වෙන් කිරීමට පියවර ගත්හ. කෙසේ වෙතත්, පළමු සහ දෙවන විත්තිකාර  සහෝදරයින් කියා සිටියේ තම පියා උඩරට නීතියට යටත් වූ පුද්ගලයෙකු බවය. ඔවුන් කියා සිටියේ පැමිණිලිකරුවන් තම පියාගේ ජීවිත කාලය තුළ දීග විවාහයක්  වූ දියණියන් වන අතර පාරම්පරික දේපල සඳහා අනුප්‍රාප්තික වීමේ අයිතිය ඔවුන්ට  අහිමි බවය.

කරුණු සලකා බැලූ දිසා අධිකරණය 1973 යහපත්හාමිගේ මරණයට පෙර පැමිණිලිකරුවන් තිදෙනෙකු වලංගු විවාහයන් කරගෙන ඇති බවත්, දීගවිවාහනයක් කර ගත්  3 වන පැමිණිලිකරු ඩොලිමැණිකාගේ සැමියාගේ මරණයත් සමඟ මහගෙදරට ආපසු පැමිණියද බින්න විවාහක කාන්තාවකට ලැබෙන අයිතියක් ඇයට පියාගේ දේපළ සම්බන්ධයෙන් නොමැති බවටත් තීන්දු කළේය.

 

මෙම තීන්දුවෙන් පීඩාවට පත් වූ ඇය  විසින් අභියාචානයක් ඉදිරිපත් කළ අතර එය වයඹ පළාතේ පළාත්බද මහාධිකරණය විසින් එය විභාග කරන ලදී. බෙදීමට උත්සාහ කළ ඉඩම සඳහා යහපත්හාමිගේ උරුමක්කාරයන් වූයේ පැමිනිලිකාර මෙම කාන්තාවත් , පළමු විත්තිකරු සහ 4, 5 සහ 6 වන විත්තිකරුවන් බවත් ඔවුන්ට  නොබෙදූ ඉඩම්වලින් 1/3 ක් බැගින් උරුම කර ගත යුතු බවත් එම පළාත්බද  මහාධිකරණය නියම කළේය.

කෙසේ වුවද මෙම තීන්දුවෙන් අගතියට පත් විත්තිකාර සහෝදරයෝ  පළාත්බද  මහාධිකරණයේ තීන්දුව ඉවත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගියහ. ඔවුන් කියා සිටියේ බින්න විවාහයක් නොමැති මෙම  ඩොලි මැණිකා නම් දියණියට මෙම දේපළ උරුමයක් නොමැති බවය.  මුල්ගෙදරට අයත් ඉඩම අයිති කර ගැනීමට ඉඩ දෙමින්, තුන්වන පැමිණිලිකරු වූ ඩොලිමැණිකා බින්න විවාහක දියණියක ලෙස පිළිගැනීම  බව පළාත්බද  මහාධිකරණ විනිසුරුවරයා නීතියෙන් වැරදි කර ඇති බව ඔවුන්ගේ තර්කය විය.

 

අභියාචනයට අදාළ කරුණු සලකා බැලීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය නිරීක්ෂණය කළේ තුන්වන පැමිණිලිකාර දියණිය 1957 දී පොදු විවාහ ආඥාපනත යටතේ විවාහ කර දී ඇති අතර  වසර 15 ක විවාහයෙන් පසුව 1972 දී ඇගේ සැමියාගේ මරණයෙන් පසු ඇයට ඇගේ දෙමව්පියන් සමඟ ඇගේ මුල්ගෙදර ජීවත් වීමට අවසර දී ඇති බවය. ඇගේ පියාගේ මරණය තෙක් එය දිගටම එම  නිවසේ ජීවත්ව සිට ඇති අතර  ඇයගේ ප්‍රකාශය නම් නැවත මුල්ගෙදර වෙත පැමිණි පසු බින්න විවාහය යටතේ කාන්තාවකගේ අයිතිවාසිකම් ලබාගත් බවයි.

එසේ වුවද  දීග විවාහ වූ දියණිවරුන්ට තම පියාගේ දේපළ සඳහා අයිතියක් නැති හෙයින් ඇයගේ දිග විවාහය බින්න විවාහයක් බවට පරිවර්තනය කළ යුතු බව විනිසුරු එස්.තුරෙයිරාජා විසින් නිරීක්ෂණය කරනු ලැබ ඇත.

එ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කළේ තුන්වන පැමිණිලිකරුගේ විවාහය බින්න විවාහයක් බවට පරිවර්තනය කර නොමැති බැවින්  ඇයට පියාගේ දේපලවලට උරුමකම් පෑමට අයිතියක් නොමැති බවය. .

උඩරට නීතිය අදාළ වන්නේ බෞද්ධ හා උඩරට රාජධානියේ හිටපු පළාත් වල සිටි ශ්‍රී ලාංකිකයින්ට ය. උඩරට නීතියට අනුව දීගා විවාහක දියණියකට සාමාන්‍යයෙන් තම පියාගේ දේපළ උරුම නොවේ.කෙසේ වුවද  බින්න විවාහක දියණියක විවාහයෙන් පසු අනුප්‍රාප්තිකයෙකු ලෙස තබා ගත හැකිය.

ජනාධිපති නීතිඥ ලක්ෂ්මන් පෙරේරා, නීතිඥ තිෂියා වේරගොඩ, ශාලිනී ප්‍රනාන්දු සහ පියුමි වික්‍රමගේ සමඟ විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටියහ. ජනාධිපති නීතිඥ එම්.සී. ජයරත්න සමඟ නීතිඥ එම්.ඩී.ජේ. බණ්ඩාර සහ නිශානි හෙට්ටිආරච්චි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිට ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


(ඩේලි මිරර් පුවත් පතේ පළවූ නඩු වාර්තාවක් ඇසුරින් සකස් කෙරිණි.)

Exit mobile version