බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

දළයි ළාමාතුමන්ට ලැබුණු ලංකා ගමන් ආරාධනාව!

by Lanka Sara Editor
ජනවාරි 4, 2023
in සමාජ
Share on FacebookShare on Twitter

වර්තමානයේදී ටිබෙටය පාලනය කරනු ලබන්නේ මහජන චීනය විසිනි. ඉන්දියාවට සහ නේපාලයටද සැලකිය යුතු දේශ සීමා මායිමකින් සම්බන්ධව සිටියත් ටිබෙටයේ සමස්ත දේශ සීමාවෙන් සියයට 75ක පමණ භූමිය යාබදව තිබෙන්නේ චීනයටය. ඒ නිසාම චීනය සලකන්නේ ටිබෙටය යනු තම රටේ එක් ස්වතන්ත්‍ර පාලන ප්‍රදේශයක් ලෙසය. කෙසේ වුවද  සත්‍ය වශයෙන්ද ටිබෙටයේ  බලය ඇත්තේ චීන කොමියුනිස්ට් පක්ෂය වෙතය. මේ නිසාම චීන පාලනය යටතේ කලක පටන්ම ටිබෙට් බෞද්ධ ක්‍රම යටපත් කරනු ලැබිණි. අතීත භාරතයේ පැවති බෞද්ධ දර්ශනය සිය භූමියට අනන්‍යවූ සංස්කෘතික අංග සමග මුසුකරගත් වෙනමම බෞද්ධ සම්ප්‍රදායක් ටිබෙටය සතුව පවතී. එම සම්ප්‍රදායේ මුදුන්මල්කඩ වන්නේ දලයි ලාමාතුමාය. කෙසේ වෙතත් දලයි ලාමාතුමා අ දවන විට වාසය කරන්නේ ටිබෙටයෙන් ඉවත්වය. ඒ චීනයේ බලපෑම හේතුවෙනි. දලයි ලාමාතුමාගේ මෙලෙස ‘පිටුවහල්ව’ සිටීම චීනයට බරපතල හිසරදයක්ව තිබේ. ඒ, දලයි ලාමාතුමාගේ ස්වාධින බලපෑම හේතුවෙන්, තමන්ට අවශ්‍ය බලහත්කාරී ආකාරෙන් ටිබෙටය පාලනය කිරීමට චීනයට බාධා එල්ලවීම හේතුවෙනි. මන්ද, චීනයෙන් කුමන බලපෑම් එල්ල වුවද ටිබෙට් වැසියන් නිරන්තරයෙන් දලයි ලාමාතුමාගේ මාර්ගෝපදේශයන් පිළිපැදීමය.

 

1959 වසරේ සිට ටිබෙටයෙන් පිටුවහල්ව සිටින දලයි ලාමාතුමා ටිබෙට් බෞද්ධයන්ගේ ආගමික නායකයාය. එමෙන්ම නිදහස් ටිබෙටයෙහි රාජ්‍ය නායකයා වූයේ ද එතුමාය. වර්තමානයේ ද පිටුවහල්ව සිටින ටිබෙට් රජය විසින් සිය ආගමික නායකයා ලෙස සලකන්නේ දලයි ලාමාතුමාය. තවත් අතකින් දලයි ලාමාතුමා ටිබෙටයේ බෞද්ධයන්ගේ ආධ්‍යාත්මික නායකයා ලෙස පමණක්ම ලෝකය විසින් සලකනු ලබන්නේ නැත. කුඩා ටිබෙටයේ සිට, තමාට පක්ෂපාත ලෙස ලොව බහුතරයක් එක්කරගනිමින්, දැවැන්ත චීන බලපෑමකට අභියෝග කරන නිසා ලෝකයෙන් බහුතරයක් දලයි ලාමතුමන්ව සලකන්නේ විශිෂ්ඨ රාජ්‍යතාන්ත්‍රිකයකුද වශයෙනි. 1987 සැප්තැම්බර් 21 වන දින ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රසය ඇමතූ දලයි ලාමාතුමා ලෝක සාමය අරඹයා පස් වැදෑරම් වැඩපිළිවෙලක් ඉදිරිපත් කළේය. දලයි ලාමාතුමා සාමය උදෙසා ම කැපවූ නායකයෙකි. ප්‍රචණ්ඩකාරී ආක්‍රමණ හමුවේ පවා එතුමා දිගට ම අවිහිංසවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. එතුමා රටවල් 62 ක සංචාරය කරමින් රාජ්‍ය නායකයන් ආගමික නායකයන් විද්‍යාඥයන් රැසක් ම හමුවී ඇත. මෑතක් වනතුරු එතුමන් පිටුවහල් ටිබෙට් රජයෙහි රාජ්‍ය නායකයා වූ නමුත්, මීට දශකයකට පමණ පෙර එතුමන් විසින්ම ආරම්භ කළ ප්‍රතිසංස්කරණවලට අනුව මේ වනවිට ටිබෙට් රජයට ජනාධිපතිවරයකු සහ පාර්ලිමේන්තුවක් ද වෙනම පවතී. ටිබෙට් වැසියන් පුනරුත්පත්තිය විශ්වාස කරන අතර දලයි ලාමාතුමන්ද පුනරුත්පත්තිය ලබන බව ඔවුහු විශ්වාස කරති. මේ අනුව දලයි ලාමාතුමන් මියගොස් වසර කිහිපයකට පසු පුනරුත්පත්තිය ලද දලයි ලාමාතුමන් සොයාගැනීමට ටිබෙට් බලධාරීහු කටයුතු කරති. ඒ අනුව, වර්තමාන දලයි ලාමාවරයා හෙවත් 14 වන දලයි ලාමා එම තනතුරට පත්වූයේ 13 වන දලයි ලාමා මියගොස් වසර කිහිපයකට පසුවය.

 

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

දලයි ලාමාතුමා පිළිබඳව ශ්‍රී ලංකාවට මේ මොහොතේ වැදගත් වන්නේ, මෙම සමස්ත ලෝකයම පිළිගත් ආධ්‍යාත්මික නායකයාගේ ශ්‍රී ලංකා සංචාරයක් පිළිබඳව මේ දිනවල කතාබහ කෙරෙන බැවිනි. ටිබෙටයෙන් සිය ආරක්ෂාව සහ තම වැසියන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් පිටුවහල්ව සිටින දලයි ලාමාතුමා, මේ දිනවල පසුවන්නේ ඉන්දියාවේ බුද්ධගයාවේය. පසුගිය සතියේ, එනම් දෙසැම්බර් 27වැනිදා ශ්‍රී ලංකාවේ ඉහල පෙළේ බෞද්ධ දූත පිරිසක් බුද්ධගයාවේ සංචාරය කරනු ලැබූ අතර  එම දූත පිරිසට ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය වස්කඩුවේ මහින්දවංශ මහානායක ස්වාමීන් වහන්සේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල මහානායක හිමියෝ සහ අස්ගිරි පාර්ශවය නියෝජනය කරමින් අතිපූජ්‍ය මුරුද්දෙනියේ ධම්මරතන හිමියෝ ඇතුළු නායක භික්ෂුන් වහන්සේ පිරිසක් එක්ව සිටියහ. මෙම ශ්‍රී ලාංකික බෞද්ධ දූත පිරිස බුද්ධගයාවේදී දලයි ලාමාතුමන්වද හමුවූහ. ශ්‍රී ලංකාවට පැමිණ සිය ශාසනික සේවාව මෙරටද තවදුරටත් ව්‍යාප්ත කරන ලෙස ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේ එතුමන්ගෙන් ඉල්ලා සිටින්නේ එම හමුවේදීය.

 

දලයි ලාමාතුමන් සමග පැවැති මෙම සාකච්ඡාවෙන් අනතුරුව ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය සංඝ සභාවේ මාහානායක අතිපූජ්‍ය වස්කඩුවේ මහින්දවංශ මහානායක හිමියෝ ඉන්දියාවේ ANI පුවත් සේවයට සම්මුඛ සාකච්ඡාවක් ලබාදුන්හ. එම සාකච්ඡාව පදනම්ව තිබුණේ දලයි ලාමාතුමන් සමග පැවැත්වූ කතාබහ සහ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ඓතිහාසික ආගමික සහ සංස්කෘතික සම්බන්ධතා ඇසුරිනි. එහිදී මහින්දවංශ මහානායක හිමියෝ මෙසේ සඳහන් කරති.

” උන්වහන්සේ (දලයි ලාමාතුමා) ඉන්දියාවට පැමිණ සිටිනවා. උන්වහන්සේ ඉන්දියාවට පැමිණියේ ඇයිද යන්න ජනතාව දැනගත යුතුයි. උන්වහන්සේ ඉන්දියාවේ පදිංචි වූයේ ඇයි? ඉන්දියාව උන්වහන්සේ ආරක්ෂා කරගැනීමට උපකාර කළා. දැන් උන්වහන්සේ  නිසාම සංචාරකයින් දහස් ගණනක් බුද්ධගයාවට පැමිණෙමින් සිටින බව අපි දකිම්න් සිටිනවා. මේ දිනවල බුද්ධගයාව ඉතා සීතල බැවින් සාමාන්‍යයෙන් මිනිසුන් මෙහි පැමිණෙන්නේ නැහැ. නමුත් මිනිසුන් මෙහි පැමිණෙමින් සිටින්නේ උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය නිසා. කොහොම උණත් උන්වහන්සේ මෙහි සිටීමෙන් ටිබෙටයට ප්‍රතිලාභ ලැබෙනවාද? අපි මේ කොටස ගැනත් හිතන්න ඕන.”

 

දලයි ලාමාතුමා වැනි විශිෂ්ඨ නායකයකු ශ්‍රී ලංකාවට පැමිණීම තුලින් තම රට මේ වන විට මුහුණ දී සිටින ආර්ථික දුෂ්කරතා මඟහරවා ගැනීමට උපකාර වන බවද වස්කඩුවේ හිමියෝ එහිදී පෙන්වාදී තිබේ.

“මම විශ්වාස කරනවා, උන්වහන්සේ බුද්ධගයාවට පැමිණි ආකාරයෙන්, උන්වහන්සේ ශ්‍රී ලංකාවටත් පැමිණියොත්, ඒ අනුව යමින් ශ්‍රී ලංකාවට සංචාරකයන් දහස් ගණනින් පැමිණෙනු ඇති. එමඟින් ආර්ථිකයට ලැබෙන සහාය ඉමහත් බව කිවයුතුයි. එමගින් අපට ආශීර්වාද ලැබෙන අතර ආර්ථිකයට ද ශක්තියක් වනු නොඅනුමානයි.”

 

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල මහානායක හිමි ද දලයි ලාමාතුමා හමුවීමෙන් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දක්වා තිබිණි.

“ දලයි ලාමාතුමා ආධ්‍යාත්මික නායකයෙක්. බුද්ධගයාවේදී උන්වහන්සේ හමුවීමට ලැබීම ගැන අපි ඉතා සතුටු වුණා. ආධ්‍යාත්මික ක්‍රියාකාරකම් පිළිබඳව අපට අවබෝධයක් තිබෙනවා. ඉතින් ශ්‍රී ලංකාද්වීපයේ මහා සංඝරත්නය උන්වහන්සේ කරන දේ දැකලා සතුටු වෙනවා.”

 

මෙම බෞද්ධ දූත පිරිසේ සාමාජිකයකු වූ අස්ගිරි පාර්ශ්වය නියෝජනය කරන පූජ්‍ය මුරුද්දෙනියේ ධම්මරතන නාහිමියන්ද එහිදී අදහස් දක්වමින් මෙසේ පවසා තිබේ.

“ඇත්තටම අපි ගොඩක් සතුටුයි. බුද්ධගයාව අපේ මාතෘභූමිය හා සමානයි. මොකද එහිදී බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වයට පත් වූ නිසා. සෑම විටම එම ස්ථානය ගෞරවනීයයි.මෙය මගේ පළමු සංචාරය නොවෙයි. මම මීට පෙර දෙතුන් වතාවක් මෙහි පැමිණ තිබෙනවා. නමුත් මෙවර වැදගත් දෙයක් සිදුවුණා. අපට මෙවර දලයි ලාමාතුමා හමුවුණා. උන්වහන්සේගේ පැමිණීම නිසාම මෙහි පැමිණ සිටින, ලොව පුරා ලාමාවරුන් සහ භික්ෂූන් වහන්සේලා රාශියක් හමුවීමටත් අපට වාසනාව මෙහිදී වාසනාව ලැබුණා. අපි එහි දහස් ගණනක් මිනිසුන් දුටුවා. ඔවුන් විශේෂයෙන් එහි පැමිණ සිටියේ ශුද්ධ වූ දලයි ලාමාතුමාගේ දේශනයට සවන් දීමට. උන්වහන්සේගේ දේශනා ශ්‍රවණය කරමින් අපත් මහත් සතුටට පත්වුණා.”

 

මේ ආකාරයට ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂුන් වහන්සේ පිරිසක් බුද්ධගයාවේ සංචාරය කිරීම සහ එහිදී අති පුජනීය දලයි ලාමාතුමන් හමුවීම ශ්‍රී ලාංකික බෞද්ධයන් වෙනුවෙන් ලද විශේෂිත අවස්ථාවක් ලෙසින් සැලකිය හැකිය. මෙම සංචාරය කෙතරම් වැදගත් වන්නේද යත්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවා මෙම ශ්‍රී ලාංකික දූත පිරිසට සුභාෂිංශන එක්කොට තිබෙනවා. අනෙක් අතට එම සංචාරයට අනුග්‍රහය දැක්වීම ඔස්සේ දෙරට අතර ශතවර්ෂ ගණනාවක් තිස්සේ පවතින ආගමික සහ සංස්කෘතික බැඳීම් තවදුරටත් වර්ධනය කරගැනීමට ඉන්දියාව අපේක්ෂා කරයි. වඩාත්ම වැදගත් කාරණය වන්නේ මෙම සංචාරය අතරතුර ශ්‍රී ලාංකික භික්ෂු පිරිසට දලයි ලාමාතුමන් හමුවීමට ඉන්දියාව විසින් සම්බන්ධිකරණ කටයුතු සිදුකර දීමය. එමගින් ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වන ලෙස දලයි ලාමාතුමන්ට ආරාධනා කිරීමටද දූත පිරිසට අවකාශය හිමිවිය. කෙසේහෝවේවා මෙම සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස දලයි ලාමාතුමා මෙරටට පැමිණියහොත් එය ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව ලබන විශේෂිත වරප්‍රසාදයක් බව කිවයුතුයි. ඊට හේතුව දැනට ශ්‍රී ලංකාවට අමතරව ථෙරවාද බුදුදහම සුරක්ෂිතව පවතින ප්‍රධානම භූමියක් වන ටිබෙටයේ ලොව පිළිගත් විශිෂ්ඨ ආධ්‍යාත්මික නායකයාගේ ආගමනය හේතුවෙන් ශ්‍රී ලංකාවට විශාල ලෝක අවධානයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කළ හැකි බැවිනි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සඳගල හොරා ගත් පුරාවස්තු හොරු සමග හෙළුවෙන් සිටින නුවර පොලිසිවලින් විමර්ශන ගැලවේ… ඉදිරි විමර්ශන CIDය ට..

Next Post

කලක් තිස්සේ දැරික් දූෂණය කළ පොලිස් නරුමයින් 02න් එක් අයෙක් අත්අඩංගුවට…

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.