බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

තරුණ අරගලකරුවනි… ගෝල්ෆේස් යන්න පෙර ෆේස් බුක් පිටුවකින් ආණ්ඩුවක් පෙරලූ ඔබේ පරම්පරාවේ අරගලකරු කියවා යන්න… 

අරගලය නැවතුන මොහොතේ දිනාගත් සියලු දේ අහිමි වනු ඇත... නූතන අරගලයේ නිර්මාතෘ වයෙල් ගොනිම් අපට කියන කතාව...

by editor
අප්‍රේල් 11, 2022
in සමාජ
CAIRO, EGYPT - FEBRUARY 08:  Google marketing executive Wael Ghonim greets thousands of anti-government protesters in Tahrir Square on February 8, 2011 in Cairo, Egypt. Ghonim was released by police yesterday after nearly two weeks in custody. He has acknowledged that he was the anonymous administrator of the Facebook page that sparked the protests in Egypt. Thousands of demonstrators continue to occupy the square, demanding the resignation of President Hosni Mubarak.  (Photo by John Moore/Getty Images) *** Local Caption *** Wael Ghonim

CAIRO, EGYPT - FEBRUARY 08: Google marketing executive Wael Ghonim greets thousands of anti-government protesters in Tahrir Square on February 8, 2011 in Cairo, Egypt. Ghonim was released by police yesterday after nearly two weeks in custody. He has acknowledged that he was the anonymous administrator of the Facebook page that sparked the protests in Egypt. Thousands of demonstrators continue to occupy the square, demanding the resignation of President Hosni Mubarak. (Photo by John Moore/Getty Images) *** Local Caption *** Wael Ghonim

Share on FacebookShare on Twitter

චාමින්ද වාරියගොඩ –

  • දවස් 11ක් හිර කූඩුවක දුක් වින්දා… ජනාධිපතිගේ සංවේදි කතාවට මිනිස්සු රැවටුණේ නෑ – ගෙදර යනකම් සටන ගෙනිච්චා

  • අරාබි වසන්තය ගෙනාවේ මා නෙවේ ! නමුත් කාලෙඩ් සයීඩ් නමින් පටන් ගත් ෆේස්බක් පිටුව ලොකු විප්ලවයක් කළා.

  • විප්ලවය කළ පාලකයකයෙක් පැන්නූ පසු රටක් ගොඩයන්නෙ නැති බව ඊජිප්තුවෙන් ඉගෙන ගෙන  බලාපොරොත්තු වන  ප්‍රතිසංස්කරණ    නායකයන් ළවා සිදු කරවා ගන්නා තෙක් අරගලය පවත්වා ගත යුතුයි…

වයෙල් ගොනිම්

අරගලය උණුසුම්ය. ඒකාධිපතිත්වයේ සහ සදාකාලික බල කෑදරකමේ නායකත්වකට හිරවුණු ඊජිප්තුව හොස්නි මුබාරක්ගෙන් ගලවා අරාබි වසන්තයට පාර කැපූ අරගලයත් මේ අරගලයත් අතර වෙනසක් නැති තරම්ය.

මීට අවුරුදු 11කට කලින් මේ අරගලයට බීජය වැපිරුවේ අද අපේ රටේ අනාගතය ගැන අපේ තරුණයන් හිතන ආකාරයෙන්ම හිතන්නට පටන් ගත් තරුණයකුගෙනි. ඔහු ආරම්භ කළ පුංචි ෆේස්බුක් පිටුවක් අන්තිමේ දී  රටේ ජනාධිපතිවරයා දොට්ට  දමන තෙක් ගමනකට මහා පාරක් කැපුවේය.  එතෙක් ඒකාධිපති මර්දනකාරී ආණ්ඩුවට බියෙන් සලිත ව සිටි  ජනතාව අවදි කරවූයේ ෆේස්බුක් පිටුවයි.

විප්ලවයට මුල් වූ තරුණයා.

විප්ලවයට මුල් වූ   තරුණයා ට කිසිදු දේශපාලන පසුබිමක් තිබුණේ නැත. අනාගත නායකයා වීමේ  බල තන්හාවක් තිබුණේ ද නැත. කාගේවත් උසි ගැන්වීමක් වත් නොතිබූ ඔහු ට ඕන වූයේ අසාධාරණ පාලනයට එරෙහි වන්නටය. තරුණයන් පතන ඊජිප්තුවක් බිහි කිරීමය.  ඔහුට ඕන වුණේ ඔහු ඉපදුණු දා සිට බලයේ සිටි ඊට එහා නායකයෙක් දැක නොසිටින තම පරම්පරාවට වඩා හොඳ හෙටක් නිදහසක් සහ ප්‍රජාතන්ත්‍රවාදයක් සහිත සමාජයක් බිහි කිරීමටය. මේ විප්ලවයෙන් පසුව ඔහු අදටත් තමන්ගේ රස්සාව කරගෙන පාඩුවේ ජීවත් වෙයි.

මේ තරුණයා වයෙල් ගොනිම් (Wael Ghonim) ය. එක්තරා සිදුවීමක් නිසා චිත්ත කැලඹීමට  පත් වූ මේ තරුණයා සිය ෆේස්බුක් පිටුව පටන් ගන්නේ ඒ සිදුවීම පදනම් කරගෙනය.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ඒ පිළිබඳව පසු කලෙක ඔහු මාධ්‍යයට කීවේ මෙවැනි කතාවකි.

“රටේ තිබුණෙ හොස්නි මුබාරක් පාලනය. එය  ඉතා දරදඬුයි. ආණ්ඩුව විවේචනය කළොත් මර්දනය. අත්අඩංගුවට ගැනීම්, පැහැර ගැනීම්.  ඊජිප්තු පොලොවේ  පය ගහල සමාන්‍ය රජයේ  පාසලක ඉගෙන ගෙන පස්සේ ඇමෙරිකාවට ගිහින් ඉගෙන ගත්ත තරුණයෙක් හැටියට මට අපේ රටේ ජනතාව විඳින් දුක් පීඩා ගැන හොඳ අදහසක් කිබුණා. “

“වෙන්න ඕන වෙනස ගැනත් බලාපොරොත්තුවක් තිබුණා. මේ බලාපොරොත්තු යම් නැවුම් බවකට පත් කළේ නොබෙල් ත්‍යාග ලාභී විද්‍යාඥයකු වන මොහොමඩ් එල් බරාදි කියන උගත් පුද්ගලයා ජනාධිපතිවරණයට පැමිණිමට අදහසක් තිබෙන බව ප්‍රකාශ කිරීමයි. ඔහු වෙනුවෙන් නිර්මාණය වුණු ෆේස් බුක් සමූහයක ලක්ෂ දෙකක් පමණ එකතු වී සිටිනවා මම දුටුවා.“

“ඒ වෙලාවේ මම  හිතුවේ  වෙනස බලාපාරොත්තුවෙන් තවත් ජනතාව ඊජිප්තුවේ ඇති… ඔවුන් වෙනුවෙන් සමාජ මාධ්‍ය හරහා යමක් කරන්න පුළුවන් වෙයි කියන හැඟීම මට තිබුණා. මොකද ඒ කාල් ඒ වෙනකොට ඊජිප්තුවේ ෆේස්බුක් ගිණුම් මිලියන හතරක් විතර තිබුණා. “

ගොනිම් කම්පනයට පත් කළ සිදුවීම

මෙසේ සිතමින් සිටින වයෙල් ගොනිම්ට ඔහුගේ විප්ලවීය ෆේස්බුක් ගිණුම අරඹන්නේ ඔහු කම්පනයට පත් කළ සිදුවීමකිනි. ඔහු ඒ ගැන මෙසේ කියයි.

“දවසක් ඊජිප්තු පොලිසිය පහර දීමෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙක් මිය ගියා. ඔහු කාලිඩ් සයීඩ්. ඔහුගේ ඡායාරූප දුටුවම ඒ තුළ වෙනම ඛේදවාචකයක් මගේ හිතේ ඇඳුණා.  මගේ හිත පුදුම විදිහට කැලඹුණා. මම මගේ ඉගෙනුම් කාමරයට ගිහින් සෑහෙන වෙලාවක් ඇඬුවා. මට අදහස් ප්‍රකාශ කරන්න  වෙන විදිහක් තිබුණේ නෑ.

මේ පුද්ගලයාගේ  නම කලීඩ් සයීඩ් (Khaled Saeed) අපි හැමෝම කලේඩ් සයීඩ්ලා  (We are all Khaled Saeed) වෙනුවෙන් කියන ෆේස් බුක් පිටුව මම පටන් ගත්තා.“

කලීඩ් සයීඩ්

“ඒ වෙනකොට මම ගූගල් සමාගමේ මැද පෙරදිග භාර අලෙවි අධ්‍යක්ෂවරයා. මට ව්‍යාපාර පරිපාලනය සම්බන්ධයෙන් වූ සන්නිවේදන දැනුමත්, පාරේ බැහැල පොලොවේ පය ගහල හිටපු කෙනෙක් හැටියට තිබුණු සමාජ අත්දැකීනුත් එක්ක විවිධ දේ මේ පිටුවේ පළ කළා.  මම ඊජිප්තුවේ තරුණ පරපුර පතන අනාගතය ගැන ටිකෙන් ටික හිතන විදිහෙ දේවල් පළ කළා. පවතින ආණ්ඩුවට එරෙහිව නැගී සිටින්නට පුංචිම අඩිය තැබුණේ  එතනින්. මගේ ෆේස් බුක් පිටුවට ටිකෙන් ටික ෆලෝවර්ස්ලා එකතු වුණා. මට හිතාගන්නත්  බැරි විදිහට මේකේ ෆලෝවර්ස්ලා ලක්ෂය පැන්නේ දවස් තුනකින්. “

වයෙල් ගොනිම් පවසන්නේ ඔහුට මේ පිටුව පටන් ගන්නා විට පවතින ආණ්ඩුව පෙරළීමට හෝ කැරළි ගැසීමට වෙනත් විප්ලවයක් ගැන අදහසක් නොතිබූ බවය. එහෙත් ඔහුගේ අදහස වී තිබුණේ රටේ ජනතාව පෙළෙන පීඩන, පොලිසියෙන් සිදුවන හිරිහැරකම් ගැන සමාජය දැනුවත් කිරීමය.

“මට ආණ්ඩුව පෙරළන්නවත් විප්ලයක් කරන්නවත් ඕන වුණේ නෑ. මට අවශ්‍ය වුනේ පොලිසිය ඇතුළු ආණ්ඩුවේ ආරක්ෂක අංශ ජනතාවට කරන පීඩා අසාධාරණකම් ගැන ලෝකය දැනුවත් කරන්නයි.“

අරාබි වසන්තය පටන් ගත්තෙ මම නෙමෙයි…

“ඇත්තටම අරාබි වසන්තය මම ආරම්භ කළා කිව්වාට ඒක වුණේ මම අතින් නෙවේ. ඇත්ත උත්තේජනය දුන්නේ  ටියුනීසියාවේ ජනාධිපති අතින්. ඔහු වසර 20ක් රට පාලනය කළ බෙන් අලි. ටියුනීසියානු ජනතාවට ජනාධිපති  එපා වෙලා තිබුණා. මිනිස්සු එකතු වෙලා ඔහුට ධුරයෙන් පැන්නුවා.

“ගුවන් යානයටත් ගොඩ වුණාට පස්සේ තමයි ඔහු යන්න රටක් හෙව්වේ. ගුවන් නියමුවා ඇහුවලු සර් කොහාටද බස්සන්නේ කියල. ප්‍රංශයට කිව්වම ප්‍රංශ රජය ඊට විරෝධය දක්වා තිබුණා. ඊට පස්සේ රටවල් ගණනාවක් ප්‍රතික්ෂේප කළ පසු අන්තිමේදී සවුදි අරාබියට ඔහු බැස තිබෙනවා. මෙයින් මැදපෙරදිග ජනතාවට යම් උද්දීපනයක් ආවා.   ඒ සිදුවීමත් එක්ක මටත් හිතුවා අපේ රටෙත් ජනතා පෙළ ගැසීමකින් මේ බලලෝභී පාලකයා ඉවත් කරන්න පුළුවන්  වෙයි කියල. “

“මේ ෆේස් බුක් පිටුවට පිරිස ලක්ෂ ගණනින් එකතු වුණා.“

ජොයෙල් වොනිම් පවසන්නේ ඒ වනවිට ෆේස්බුක් පිටුවක් ගැන ජනතාව තිබුණු ආකාල්පය වන්නේ තමන්ගේ සතුට තරහව පීඩනය වැනි හැඟීම් චිත්ත වේග  පිට කරන්න තිබෙන වේදිකාව පමණක් බවය.

“නමුත් මිනිස්සුන්ට මේ තුළින් බලයක් නිර්මාණය කළොත් ඒ  බලය මහ පාරේදී අරගලයක් දක්වා යන්න පුළුවන් බව මට හිතුණා. මිනිස්සු අන්තිමේදි 2011 ජනවාරි 25 පාරට බැස්සා.“

“ දවසක් මම දැක්කා මහ පැරට බැස්ස මිනිස්සුව  පාලනය කරන්න හමුදා යුධ ටැංකියක් එනවා. එක තරුණයෙක් එක පාරට මහ පාරට පැනල එය ඉදිරියෙන් හිට ගත්තා.  මේ වාහනය නතර කළා. එය මේ සටනේ සුවිශේෂ සිදුවීමක්. එයින් මම තවත් පන්නරයක් ලැබුවා. සමාජ මාධ්‍ය තුළින් මේ ආණ්ඩුව පළවා හැරීමේ බලය නිර්මාණය කළ හැකි වෙතැයි මම දැඩිව විශ්වාස කළා. “පැහැර ගැනිම

මේ විලප්ලවයට ගත වූයේ උණුසුම් දින18ක් පමණි. මේ දින 18 අතරතුර දින එකොළහක් වයෙල් ගොනිම්ට සිරගතව සිටින්නට සිදුවිණි. දිනක් රාත්‍රි අඳුරු වීදියක ඇවිද යමින් සිටි ඔහු නිල අඳුම් රහිත ගින අවි ගත් කණ්ඩායමක් විසින් අත් ඩංගුවට ගන්නා ලදී. ඒ 2011 ජනවාරි මාසයේ දිනකදීය. ඔහුගේ දෑස් වසා අදුරු තැනක රඳවා ප්‍රශ්න කිරීමකට ලක්  කර ඇත.

“ මම හරිම අප්‍රසන්න දින 11ක් ගෙව්වා. මා ඔවුන් ඉතා දුර්ගන්ධයක් සහිත අදුරු කාමරයක රඳවා තැබුවේ දෑස් වසා දෑතට විලංගුවකුත් දමා. අඩුම තරමින් වැසිකිලියට යන්නටවත් මගේ මාංචු ඉවත් කළේ නෑ. නමුත් අවසානයේ මම ඔවුන්ගෙන් නිදහස් වුණා.   මම නිදහස් වෙලා එනකොට සටන තවත් තීව්‍ර වුණා.“

ජනාධිපති පුතාවත් එක්ක දේශපාලනයෙන් යනවා කිව්වා…

“ජනතා අරගලයේ බරපතලකම තේරුම් ගත්ත ජනාධිපති කළේ අනුකම්පාව දිනා ගත හැකි සංවේදී කතාවකින් ජාතිය ඇමතීම. ඔහු තවදුරටත් තරගකරීමට අදහසක් නැති  බවත් තමන් ඊළඟ පාර ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවෙන බවත් කිව්වා. ඒ වගේම ඔහුගේ පුතාවත් ඊළඟ මැතිවරණයකින් දේශපාලනයට නොඑන බවට ප්‍රකාශ කරමින් ඔහු දෙමාපියන්ට කිව්වේ තමන්ගේ දරුවන් අරගල බිමෙන් නිවසට කැඳවා ගන්නා ලෙසයි. “

පලවාහල ඊජිප්තු ජනාධිපති හොස්නි මුබාරක්…

“නමුත් ඒ වෙනතුරු  ජනතාව පීඩනයට පත් කරමින් සිටි ඔහු මේ කරන්නේ සටන දියාරු කිරීමේ කපටි කතාවක් බව ජනතාව ම තේරුම් ගත්තා. තව තවත් ජනතාව තාර්හිර් චතුරස්‍රයට ආවා. අන්තිමේදී ඔවුන් ජනාධිපති වෙසෙන හෙලියෝපොලිස් ප්‍රදේශයටත් කෙමෙන් ව්‍යාප්ත වුණා. ජන අරගලයේ තරම තේරුම් ගත්ත යුධ හමුදාව තවදුරටත් බලයේ නොසියට අත්හරින ලෙස ජනාධිපතිවරා වෙත ප්‍රකාශ කිරීමට තීන්දු කළා.“

“එය ඊජිප්තුව විශාල පරිවර්තනයකට ලක් කිරීමට හේතුවක් වුණා. ජනතාව තුළ විශාල පරිවර්තනයක් වුණා. ඒත් එක්කම මාත් ලෝකයේම අවධානයට පාත්‍ර වුණා. “

“මට දිනක් අමෙරිකාවේදී ෆේස්බුක් නිර්මාතෘ මාරක් සකර්බර්ග් හමුවන්නට අවස්ථාවක් ලැබුණා. සමාජයේ විවිධ කොටස් ජාල ගත කිරීමේ  අරමුණින් ෆේස්බුක් නිර්මාණය කළ ඔහුත් මේ ඊජිප්තු පෙරළිය වෙනකල් මේ වගේ සමාජ ජාලයකින් රටක දේශපාලන පෙරලියක් කළ හැකි වේ යයි කවදාවත් විශ්වාස නොකළ  බව ඔහු මට කීවා.“

වයෙල් ගොනිම්ට අවශ්‍ය වූයේ ඊජිප්තු වැසියන් විශේෂයෙන් තරුණ පිරිස පතන නීතිය සාමය ප්‍රජාතන්ත්‍රවාදය සමඟ ගුණාත්මත ජීවිතයක් සහිත රටක් නිර්මාණය කිරීමය. ඔවුන් කළේ  ඊට පාර කැපීම පමණකි. එයින් වූ එකම ප්‍රතිඵලය දශක ගණනාවකට පසුව නිදහස් සහ සාධාරණ පුජාතන්ත්‍රවාදී මැතිවරණයක් පැවැත්වීමය. එයින් බලයට පැමිණියේ මොහොමඩ් මෝර්සි ය.

ඊජිප්තු ජන අරගලයේ අවස්ථාවක්…

නමුත් ඔහුට වසරකට වඩා බලයේ සිටින්නට හැකියාවක් නොලබුණේ මිලිටරි පාලනය කුමන්ත්‍රණයකින් බලය ලබා ගැනීම නිසාය. එතැන් පටන් අද දක්වාද යළි ඊජිප්තු වැසියන් අත් දකින්නේ මිලිටරි ලක්ෂණ මුසු වූ දරදඬු ආණ්ඩුවකි. සාමකාමී විප්ලවය මෙන්ම ඒ විප්ලවයෙන් පන්නරය ලද තරුණ කොටස් තවදුරටත් පීඩනයකට ලක් කරමින් සිය පාලනය ගෙන යාමට මේ පාලකයෝ පසුගිය වසර කිහිපය පුරාම උත්සාහ කළහ. අද අරාබි වසන්තයෙන් හෝ  ඊජිප්තු හොස්නි මුබාරක් පාලනය තුරන් කිරීමෙන් එරටට අත් වූ වූ දෙයක් නැතැයි කියමින් එවැනි පන්නයේ අරගල දියාරු කරන්නේ ඒ නිසාය.

ජනපතිවරු එළවන්නට ආණ්ඩු වෙනස් කරන්නට සිය ඩහදිය ශ්‍රමය අවංකව කැප කරන තරුණයන්  ගොනිම්ලාගේ සටනේ දුර්වල තැන් අවබෝධ කර ගත යුතුය.

ඔවුන් හොසින් මුබාරක් බලය අත් හළ පසුව ඔවනුගේ “ගේම“ ද අත්හළහ. ඊළඟට රටේ නායකත්වය සම්බන්ධයෙන් සිදුවිය යුතු දේ පිළිබඳ දිශානතියකට ඔවුන්ගෙන් බලපෑමක් වුණේ නැත.

රටක නායකයකු බලයෙන් පහ කිරීමෙන් හෝ  ආණ්ඩුවක් පෙරලූ පමණින් ඔවුන් ලද ලෝකය නිර්මාණය වන්නේ නැත. ඒ වෙනුවෙන් රටේ ව්‍යවස්ථාවන්ට අනුකූලව සිදුවිය යුතු වෙනස්කම් පවතී. ප්‍රතිපත්තිමය වශයෙන් කළ යුතු ප්‍රතිසංස්කරණයන් පවතී. ජනතාව බලාපොරොත්තු වන මේ ප්‍රතිසංස්කරණ දේශපාලන පක්ෂ හෝ ඉදිරියට එන නායකයන් ළවා සිදු කරවා ගන්නා තෙක් අරගලයක් තිබිය යුතුය.

එසේ නැතිනම් සිදුවන්නේ පාලකයන් මේ අරගලවල කදුළු ඩහදිය ඔවුන් ගේ අනාගතයට පාවඩයක් කර ගැනීමය. මෙය අද අපේ අරගල බිම්ලටද පොදුම පොදු සාධකයක් වන්නේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බුද්ධි අංශ 250ක් ගෝල්ෆේස් අරගල බිමට බස්සයි…

Next Post

ත්‍රෛයි නිකායික හිමිවරු මල්වතු පන්සලේ විශේෂ සාකච්ඡාවක… අද හවස විශේෂ නිවේදනයක්!

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.