අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

කෝටි 1256ක වන්දියක් සමග කන්තලේ සීනි සතු සියලු වත්කම් කොම්පැණියකට…

ජාතික දේපල සමග සූදු කෙළිය යහපාලනේ මජර ගිවිසුම විගණන වාර්තාවකින් හෙළිවෙයි...

by editor
ජනවාරි 3, 2021
in සමාජ
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

  • කිසිම ආයෝජනකයක් නොකළ ආයෝජකයාට කෝටි 1256ක වන්දියක්
  • කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ සියලු වත්කම් ටිකත් ආයෝජකයාට
  • ආයෝජකයන් තෝරා ගැනීමේ දී විවෘත ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කර නෑ…
  • ඉඩම් අමාත්‍යංශය  වැවලි කර්මාන්ත අමාත්‍යංශය සතුව මෙයට අදාල කිසිදු ලියවිල්ලක් නෑ…

කන්තලේ සීනි කර්මාන්ත ශාලාව ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වර්ෂ 2015 දී මුදල් අමාත්‍යාංශ විසින් සකස් කළ ගිවිසුම් ප්‍රකාරව මෙතෙක්  රජයට පුර්ණ හිමිකාරිත්වයක් පැවති කන්තලේ සීනි කර්මාන්තශාලාවේ පැවති වත්කම්වල   අයිතිය  රජයෙන් ඉවත්වී ඇති බැව ජාතික විගණන කාර්යාලය මගින් කරනු ලැබු විගණනයකදී අනාවරණය වි  ඇත. 

ආයෝජකයා විසින් කිසිම ආයෝජනයක් කර නොතිබුණ ද ගිවිසුම ප්‍රකාරව වත්කම් අහිමි වීම පමණක් නොව, පුද්ගලික පාර්ශවයක් වෙත  සිංගප්පුරු ඩෝලර් 894,516,83ක් හා ඇමරිකානු  ඩොලර්  211.913.93ක වන්දිමුදලක් (රුපියල් කෝටි 1256ක්) ගෙවිමට සිදුවී ඇති බව ද විගණන වාර්තාවේ සඳහන් වේ. එමෙන්ම ව්‍යාපෘතියේ පිරිවැය සියයට 15කින්  ඉහළයාම සිදුවී තිබුණ ද  පසුගිය වර්ෂයේ ජනවාරි මස දක්වා  අදාල ව්‍යාපෘතිය ආරම්භකොට  දේශීය සීනි නිෂ්පාදනය  සිදුකිරීමට නොහැකි වී ඇති බවද විගණන වාර්තාව සඳහන් කරයි.

මුදල් අමාත්‍යාංශ මගින් මෙම ගිවිසුම සකස් කරද්දී රජය සතුව තිබූ වත්කම් හා සියලුම අයිතීන් ආයෝජකයාට පැවරෙන ආකාරයට ගිවිසුමේ වගන්ති සකස් කර එය අත්සන් කර තිබීම නිසා මේ දැවැන්ත අපරාධය සිදු වී ඇති බව විගණනය හෙළි කරයි. 

කන්තලේ සීනි කර්මාන්ත ශාලාව  වසර 25කට ආසන්න කාලයක සිට කිසිදු නිෂ්පාදන කාර්යයකට දායකවී නොමැතිව වසා දමා තිබුණි. ආයෝජකයින් විසින් ඇමරිකාඩු ඩොලර් මිලියන 100ක් ආයෝජනය කරමින්  වර්ෂ 05ක කාලයක් තුළ මෙම ව්‍යාපෘතිය ආරම්භ කළයුතුව තිබුන ද එවැනි කිසිදු ආයෝජනයක් සිදුවී නොමැති බව ද විගණනය මගින් අනාවරණය කොට ඇත. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කර්මාන්ත ශාලාවේ තිබු සියලුම යන්ත්‍රෝපකරණ ඇතුළු  ගොඩනැගිලිවල අයිතියද   රජයට අහිමිවි ඇති බව ද  විගණන වාර්තාව මගින් පෙන්වා දී ඇත. කන්තලේ සිනි කර්මාන්ත ශාලාව ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ආයෝජකයෙකු තොරාගැනිමේ දි  විවෘත ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කර නොතිබුන බවද විගණන වාර්තාවේ සඳහන් වේ. ඉඩම් අමාත්‍යංශය හා  ආයෝජන මණ්ඩලය වෙත සෘජුව ලැබුණු  අයදුම්පත් දෙකක් පමණක් පදනම් කරගනිමින්  ආයෝජන ඇගයීම සිදුකොට තිබුණි. 

මෙහිදී ආයොජනය සඳහා  යෝජනා කැඳවීම් සම්බන්ධයෙන් ප්‍රමාණවත් විනිවිද භාවයක් නොමැති බව විගණනයට නිරික්ෂණය වි ඇති බවද වාර්තාවේ සඳහන් වේ. මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන්  අදාල යැයි සැලකෙන කිසිදු ලියවිල්ලක්   තමන් සතු නොවන බවට  ඉඩම් අමාත්‍යංශය මගින් විගණනයට දන්වා ඇත.  

සිනි කාර්මාන්ත ශාලාව ප්‍රතිව්‍යුහගත කිරිමේ දී  මේ සඳහා වගකිම් පැවරී ඇති රාජ්‍ය ආයතනවන මුදල් අමාත්‍යංශය, ඉඩම  ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය  ආයෝජන මණ්ඩලය  එක් එක් අවස්ථාවන්හි දී එකිනෙකට පරස්පර   අමාත්‍යංශ සංදේශ ඉදිරිපත්කර තිබු බැවින්  එම ආයතන අතර මනා සම්බන්ධීකරණයක්  නොතිබු බව ද විගණනයේ දි අනාවරණය වී ඇත. 

මෙම ක්‍රියාවලියට සම්බන්ධ බවට සැලකෙන ඉඩම් අමාත්‍යංශය  වැවලි කර්මාන්ත අමාත්‍යංශය සතුව මෙයට අදාල කිසිදු ලියවිල්ලක්  නොමැති බවට විගණනයට දන්වා ඇති බව ද විගණන වාර්තාවේ දැක්වේ. 

එකාබද්ධ අමාත්‍ය මණ්ඩලය  සංදේශ තුළින්ද  පෙන්වා ඇති නිරික්ෂණයන්ගෙන්    මෙම ප්‍රතිව්‍යුහගතකිරීමේ සමස්ත ක්‍රියාවලියෙහි  අවධිමත් භාවය නිරික්ෂණය වී ඇති බවද විගණනයේ දි අනාවරණය වී තිබේ.

සිමාසහිත කන්තලේ සීනි කාර්මාන්තායතනය ප්‍රතිව්‍යුහගත කිරීම හා  එහි තිබු යකඩ අලෙවිකිරීම පරික්ෂා කිරීම සඳහා  මෙම විශේෂ විගණනය කොට ඇත.

.

  

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඌවතැන්නේ සුමන හිමිට ජනපති සමාව

Next Post

නියමු ව්‍යාපෘතියේ සංචාරකයන් එනදාට මධ්‍යම සංස්කෘතික අරමුදලේ සංචාරක ස්ථාන දේශීය සංචාරකයන්ට වැසේ…

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.