බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

කොවිඩ් කරදර මැද රට ඉඳන් එන අයව ගරන  “කොවිඩ් 19 කොරන්ටයින් සමාගම“ මොකක්ද ?

by editor
දෙසැම්බර් 6, 2020
in සමාජ
Share on FacebookShare on Twitter
  • මිල අඩු ගුවන් සේවයක එන්න බෑ.. එන්න ඕන ශ්‍රී ලංකන් සේවයේ ගිනි ගණන් වලට

  • තෝරගෙන සල්ලි ගෙවපු හෝටලයට යන්න බෑ… යන්න ඕන හමුදාව කියන හෝටලයට…

  • හෝටල් බිල සාමාන්‍ය මිල ගණන් වලට වඩා වැඩියි… අසාධාරණය කතා කරන්න බෑ…

  • බිල සෙට්ල් වෙන්නෙ “කොවිඩ් 19 කොරන්ටයින් කොම්පැනි“ කියලා නමකට… කම්පැණිය ගැන ඇහුවම කියන්නෙ නෑ,…

කොවිඩ් ගෝලීය වසගංතය හේතුවෙන් ශ්‍රි ලංකාවට පැමිණෙන ශ්‍රි ලාංකික විදේශිකයන් වෙත සිදුවන අසාධාරණකම් පිළිබඳව කෙතරම් වාර්තා වුවද ඒවායේ කිසිදු අඩුවීමක් නොමැති බවත් ජාවාරම්කරුවන් දිගින් දිගටම එම කටයුතුවල නිරත වන බවත් ඔවුහු පවසති. පසුගියදා මෙරටට පැමිණි එවැනි පිරිසක් සඳහන් කළේ ගුවන් ටිකට් පත් සහ නිරෝධායනයවන හෝටල් සඳහා අසාධාරණ මිල ගණන් ගන්නා සේම මෙම හෝටල්වල අසාධාරණ ලෙස රඳවා ගැනීම් කාගේ හෝ මෙහෙයවීම මත සිදුවන බවය.

විදේශගත පුහුණුවකින් පසුව එංගලන්තයේ සිට පසුගියදා ශ්‍රි ලංකාවට පැමිණි වෛද්‍යවරයකු තම අත්දැකීම පිළිබඳව අදහස් දක්වමින් පැවසූයේ අපේ ජාතික ගුවන් සේවයවන ශ්‍රි ලංකන් ගුවන් සේවය එක් ගමන් වාරයක් සඳහා අසාධාරණ මිල ගණන් අය කරන බවය. ලන්ඩන් තානාපති කාර්යාලය මඟින් මෙම ගුවන් ගමන් සම්බන්ධීකරණය කෙරෙන අතර ඔවුන්ට කටාර් ගුවන් සේවය වැනි අඩු මිල විකල්ප තිබුණද මෙම ඇමෙරිකානු ඩොලර් 750කට අධික මුදලක් ගෙවා  ලන්ඩන් සිට මෙරටට එන්නට ගුවන් ටිකට් පත් වෙන් කර ගන්නට සිදුවූ බවය.

හෝටලයේ නියමිත දින ගණන නිරෝධායනයට ලක් වී මේ වනවිට නිවසේ නිරෝධායනයටත් වෙමින් සිටින මෙම වෛද්‍යවරයා තම අත්දැකීම් විස්තර කළේ මෙසේය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

  • අනිවාර්ය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අසාධාරණ ටිකට් පත් මිල…

“මම ලංකාවට එන්න හිටියේ පසුගිය අප්‍රියෙල් මාසයේ නමුත් ගුවන් ගමන් සීමා වීම නිසා ලොකු තදබදයක් නිර්මාණය වුණා. සාමාන්‍යයෙන් මාසකට වෛද්‍යවරුන් පමණක්  40ක් 50ක් පමණ   ශ්‍රි ලංකාවට එනවා. නමුත් තානාපති කාර්යාලයෙන්   එක් ගුවන් යානයකට වෛද්‍යවරුන්ට දෙන්නේ හත් දෙනකු අට දෙනකුගේ කෝටා එකක්. ඒ නිසා අපේ වෛද්‍යවරුන් පමණක් 500ක් 600ක් විතර එහෙ එකතු වුණා.

එරට අපිට එන්න සිදුවණේ නොවැම්බර් මාසයේ. අපිට රජයේ නිරෝධායන පහසුකම් දෙන්නේ නෑ. අනිවාර්යයෙන්ම හෝටල්වල. ඒ වගේම අපි අනිවාර්යනේම ශ්‍රි ලංකන් ගුවන් සේවයේ යන්න ඕන. ශ්‍රි ලංකන් ටිකක් එකක් යූරෝ 967ක්. අපිට කටාර් ගුවන් සේවයේ කටාර් ගිහින් ලංකාවට එන යානයේ ඊට වඩා බොහෝ අඩුවට ගමන් කළ හැකියි. (යූරෝ 630ක්) නමුත් ඊට ඉඩ දෙන්නේ නෑ. කොහොම හරි අපේ ගුවන් සේවයේ කීයක් හරි වැඩිපුර දීල ආවට කමක් නැහැ කියල හිතමු රට ගැන හිතල. ඒත් ඒක සාධාරණ මිලක් විය යුතුයි. කියල මම හිතන්නේ.

  • නිරෝධායන හෝටලට හමුදාව කියන හෝටලයට..

ඔහු පවසන්නේ නිරෝධායනය  වීමට අවශ්‍ය හෝටලය තමන් එරටදී නියෝජිතයකු හරහා වෙන් කර ගත් බවය.  ඔහු වෙන් කරගෙන ඇත්තේ වාද්දුව ප්‍රදේශයේ හෝටලයකි. ඔහු ඊට මුදල් ද ගෙවා ඇත. එහෙත් ශ්‍රි ලංකාවට පැමිණි පසු ඔහු මුහුණ දුන් විස්මිත අත්දැකීම් විස්තර කරන්නේ මෙසේය.

“ මම ගුවන් තොටුපලට පැමිණ පී.සී ආර් පරීක්ෂණයට මුහුණ දී එය වරදක් නැතිව තහවුරු වුණාම හෝටලයට යන්න සූදානම් වුණා. එහෙත් යුධ හමුදාවේ නිලධාරීන් කීවේ ඔබට අවශ්‍ය හෝටලයට යන්න බැහැ. අපි කියන හෝටලයට යන්න ඕන කියලා. නමුත් ඒ මොහොත් මම කලින් වෙන් කළ හෝටලයට ඒ ගුවන් යානයේම පැමිණි කාන්තාවන් දෙදෙනකුට විශාල බස් රථයක් සූදානම් කර තිබුණා. මගේ මුදල් ගෙවා වෙන් කරගත් රිසිට් පත් හමුදා නිලධාරීන්ට පෙන්වූවත් ඔවුන් මට ඊට අවසර දුන්නේ නැහැ.  අර වෙන් වූ  හෝටලයට කාන්තාවන් දෙදෙනාත් සමග වාහනය ගියා. නමුත් මට හමුදාව කියන හෝටලයට යන්න වුණා.

ප්‍රශ්නේ එතන හිටි හමුදා නිලධාරීන්ට කරන්න දෙයක්  නෑ. ඔවුන් පවැසුව් අපට කියල තියන විදිහට තමයි කරන්න වෙන්නේ නියල. මේ හමුදා නිලධාරීන් මා පිටත් කර හරින මීගමුවේ හෝටලයකට  යළිත් මට මුදල් ගෙවන්න සිදුවුණා. මුලින්ම මුදල් ගෙවූ හෝටලය ආපසු එම මුදල් මගේ ගිණුමට බැර කළා.

  • කොවිඩ් කොරොන්ටීන් කොම්පැණිය

බිල්පතේ සඳහන් කොවිඩ් 19 කොරොන්ටීන් කම්පැණි එක…

නමුත් මම දෙවන වතාවේ නැවතුණු හෝටලයේ නිකුත් කළ ඉන්වොයිසියේ    මගෙ නම ඉදිරියෙන් “කොවිඩ් 19 කොරන්ටයින් කොම්පැනි“ කියල නිකුත් කර තිබුණා. මම හෝටලයෙන් ඇහුවා මොකක්ද මේ මගේ නමට දාල තිබෙන කොම්පැනිය කියල. ඒ වෙලාවේ කිව්වා අපිට බිල් කිරීමේ  පහසුව සඳහා  වගේම හෝටලය වෙත තමන්  යොමු කරන පිරිස හඳුනා ගැනීම වෙනුවෙන් කෝඩ් එකක් ලෙස එය පාවිච්චි කළ බවයි. ඔවුන්ගේ ඒ පිළිතුරෙන් තේරෙන්නේ මෙතන අතරමැදි පාර්ශ්වයක් සිටින බව. නැතිනම් අපිව බලහත්කාරයෙන් ඔවුන් යොමු කරන හෝටලවලට ගේනේනේ නැහැනේ.

හෝටල් කාර්ය මණ්ඩලයෙන් මේ කොවිඩ් 19 කොරන්ටයින් සමාගම ගැන ඇසුවාම සර්ට අවශ්‍ය නම් ඒක වෙනස් කරල දෙන්නම් කියලත් හෝටලය අපිට කීවා. එයින් හැඟෙන්නේ  මේ ව්‍යාපාරයේ කවුරු හරි අතරමැදියෙක් ඉන්න බව. එම අතරමැදිය තමයි කොවිඩ් 19 කොරන්ටයින්  සමාගම ලෙසින් හඳුන්වන්නේ කියල අපට සැකයක් ඉබේම සිතට එනවා.

  • අධික මිල ගණන්..

අපි මේ හෝටල් වෙන් කරන්නේ සැප විඳින්න නෙවෙයි. අපිට අවශ්‍ය කොහොමහරි මේ දින 14  හෝ 10 අමාරුවෙන් ගත කරල ඉක්මනට ගෙදරට යන්නයි. මේ හෝටල් අය කරන මිල ගණන් ඉතා වැඩියි. මම අන්තර්ජාලයේ ගිහින් සොය බැලුවාම මේ හෝටල් සංචාරකයන් උපරිම වශයෙන්  මේ රටට එන කාලෙදී සංචාරකයන් ට ආහාරපාන සංග්‍රහය අතින් උපරිමව ලබා දීලත්  මේ තරම් මිලක් අරන් නෑ. අපි ඉල්ලා සිටින්නේ ජනාධිපතිතුමාගෙන් හමුදාපතිතුමාගෙන් මේ ගැන සොයල බලන්න කියල. මොකද මෙතන ඉන්නවා ජනාධිපතිතුමාට ඡන්දේ දෙන්න ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ තමන්ගේ අතින් ටිකට් අරන් ඇවිත් ගිය අය. ඔවුන් ඉන්නේ දැඩි කලකිරීමකින්

මෙම වෛද්‍යවරයා පවසන්නේ  මේ මොහොතේදීත් ක්‍රියාත්මක බවය. ඊයේ පෙරේදා ලංකාවට පැමිණි තම හිතවතුන්ටද මේ අත්දැකීමකට  මුහුණ දෙනන්ට සිදුවූ බව ඔහු කීවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මහර ගැටුමෙන් මියගිය හතරක් හඳුනා ගැනේ

Next Post

උතුරේ ධීවර පවුල් 20000ක් අසරණයි…

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.