fbpx
බදාදා, ජූනි 7, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ඉබි යතුරු දමාගෙන කිරි හරක් හදන මිනිස්සු…

by editor
මැයි 15, 2023
in සමාජ
531 6
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න – 

දිනෙන් දින ඉහළ යන ගව සොරකමට පිළියම් සොයා ගත නොහැකිව     ගවයන්ගේ ගෙළට  යකඩ දම්වැල් සහ ඉබි යතුරු දමා හරක් හොරුන්ගෙන් තම ගවයින් ආරක්ෂා කරගැනීමට  වෙහෙසෙන කිරි ගොවීන් පිරිසක් සම්බන්ධව   දිඹුලාගල මනම්පිටිය මලියදේවපුර, නාමල්පොකුණ, සොරිවිල ගම්මානවලින් වාර්තා වේ.

හරක් හොරුන්ගේ අශිෂ්ට තර්ජනයට ලක්වූ  නාමල්පොකුණ ගම්මානයේ කිරි ගොවීන් පවසන්නේ පසුගිය   මාස තුනක් ඇතුළත තම ගම්මානයේ පමණක්  කිරි ගවයින් තිහක් පමණ සොරකම් කර ඇති බවය.

මේ පිළිබඳ පොලිසිය වෙත පැමිණිලි කළ ද  කිසිදු විසඳුමක් නොමැති බව ඔවුහු අප සමග කීහ.

ඔවුන් පවසන්නේ මේ තිරිසන් ගව හොරුන් පුදුමාකාර අමානුෂික අශිෂ්ඨයින් බවය.  “ පහුගිය දවසක  ගවයෙක් කඹයකින් ගහක ගැටගහලා ඉද්දි  පණ පිටින්ම ඒ සතාගේ ගාතයක් කපාගෙන ගිහින් තිබුණා… අනේ තව පැටියෙකුත් ඒ එක්කම ආ ගිය අතක් නෑ..”  වසර දහතුනක සිට කිරි ගවපාලනයේ නිරත වන ඊ.ඒ, කල්‍යාණි  පැවසුවාය.

නදීෂා සහ කල්‍යානි

මෙම තත්ත්වය මත තම ගම්මානවල කිරි ගොවීන් යකඩ දම්වැල්, හා ඉබ්බන් යොදා කිරි ගවයින් ආරක්ෂා කරගැනීමට සිදුව ඇති බවත් ගොවීහු කීහ.

RelatedPosts

විභාග අධීක්ෂකවරයෙක් විභාග ශාලාව තුළ ඇද වැටී මිය යයි!

රාජ්‍ය මූල්‍ය කාරක සභාවේ නව සභාපති තනතුරට හර්ෂගේ නම ජනපති යෝජනා කරයි!

ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක!… තරගයක් මගහැරුණ දුෂ්මන්ත චමීර තරගාවලියේ වීරයා වෙයි…

“එ් යකඩ දම්වැල් කිලෝ එකක්   රුපියල් 850 ක්….   යතුරු සහිත ඉබ්බෙක්   රුපියල් පන්සියයක්… මේ තත්ත්වය අපිට වගේම සතුනටත් කරදයක්.    නාමල්පොකුණ, මලියදේවපුර හැම ගමකම දැන් කිරි හරක් ටික බේරගන්නේ එහෙමයි.”   ඊ.ඒ, කල්‍යාණි  වැඩි දුරටත් කීවාය.

දිඹුලාගල අවට කිරි ගොවීන් පවසන්නේ    තමන් පොලීසියට අවස්ථා ගණනාවක මේ තත්ත්වය සම්බන්ධව  පැමිණිලි කළද කිසිදු හොරෙකු අල්ලා ගැනීමට නොහැකි වූ බවය.

හරක්  හොරුන් වැලැක්වීම සඳහා ස්ථිර වැඩපිළිවෙළක් නොකළහොත් තමන්ට කිරිගව පාලනයෙන් ඉවත් වීමට සිදු වන බවද දිඹුලාගල නාමල්පොකුණ හා ඒ අවට කිරි ගොවීන් කියති,

“ගහක බැඳලා හිටිය මගේ  එළුවෙකුගේ ගාතයක් කපාගෙන ගියා…  මේ අපරාධය ගැන දන්වන්න ඕන හැමෝටර දැන්නුවා. මේක දරාගන්න බැරි දුකක්…   පශු සම්පත් අමාත්‍යාංශය මෙන්ම අදාළ බලධාරීන්  මේ ගැන අවධානය යොමුකරලා අපේ සතුන්ගේත් අපේත් ජීවිත සුරක්ෂිත කරන වැඩපිළිවෙළක් හදන්නේ නැතිනම් අපි හැමෝම විනාශ වෙයි. අවුරුදු 22ක් මම කිරි ගව පාලනයෙ  යෙදෙනවා… මෙහෙම අපරාධවලට මුහුණ දෙන්න උනේ මෑතකදි…”   වසර විසිදෙකක පමණ කාලයක සිට කිරි ගවපාලනය නිරත වන නදීෂා ශිරෝමි පෙරේරා   පැවසුවාය,

ප්‍රදේශයේ කිරි ගොවින්ගේ පොදු චෝදනාවක් තිබේ. ඔවුන් කියන්නේ පොලිසිවල ඇතැම් උසස් නිලධාරීන් මෙන්ම පහළ නිලධාරීන් ද මේ හරක් හොරුන් සමග සම්බන්ධතා පවත්වන බවය. හරක් මස් ජාවාරම්කරුවන් සහ හරක් හොරුන් නීතියේ රැහැනට කොටුකර ගැනීමට නොහැකි වන්නේ ඒ නිසා බවය.,

අප මේ පිළිබඳව මනම්පිටිය ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාරගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු  සඳහන් කළේ  මනම්පිටිය ප්‍රදේශයේ  හරක් හොරුන් කීපදෙනකු අල්ලා ගත්  බවය.

ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර ඇති බව ද හෙතෙම කිවේය. හරක් හොරකමට ඇතැම්  ගව පාලකයින් ද සම්බන්ධ යැයි මනම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා කීවේය.

Tags: නවතම
Share85Tweet53
Previous Post

බටහිර තාරකා විද්‍යාඥයෝ විශ්වයේ දැවැන්තම පිපිරීම නිරීක්ෂණය කරති…

Next Post

ඉන්දීය ඕස්ටේ්‍රලියා ඩයස්පෝරාවෙන්, නරේන්ද්‍ර මෝදි වෙනුවෙන් උපහාර උත්සවයක්

Related Posts

පුවත්

ඇස් ඉදිරිපිට පියා මරා දමනු දුටු 12 හැවිරිදි දරුවෙක් වසර 07කට පසු පියාගේ ඝාතකයාට වෙඩි තබා මරා පොලිසියට භාර වෙලා! දැන් ඔහුට වයස 19 යි… 

මැයි 31, 2023
සමාජ

තමන්ගේ ආයෝජකයෙක් බව පවසමින් ඇමති අරුන්දික ලියුම් ලියා රට ඇතුළට ගත් හොර පාස්පෝට් චීනා චීන රජයේ අපරාධ වරෙන්තු කරුවෙක්!

මැයි 29, 2023
විනිවිද

කංසා දුමෙන් වැසීගොස් ලෝකය අත්හැරෙමින් සිටි සාමාන්‍ය පෙළ දරුවන් දෙදෙනා…

මැයි 29, 2023
Next Post

ඉන්දීය ඕස්ටේ්‍රලියා ඩයස්පෝරාවෙන්, නරේන්ද්‍ර මෝදි වෙනුවෙන් උපහාර උත්සවයක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

death

විභාග අධීක්ෂකවරයෙක් විභාග ශාලාව තුළ ඇද වැටී මිය යයි!

by editor
ජූනි 7, 2023
0

ranil

රාජ්‍ය මූල්‍ය කාරක සභාවේ නව සභාපති තනතුරට හර්ෂගේ නම ජනපති යෝජනා කරයි!

by editor
ජූනි 7, 2023
0

wanidu

ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක!… තරගයක් මගහැරුණ දුෂ්මන්ත චමීර තරගාවලියේ වීරයා වෙයි…

by editor
ජූනි 7, 2023
0

Bribe

සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් රුපියල් 50000ක අල්ලසක් ගනිද්දී   ප්‍රාදේශීය සභාව තුළදීම කොටු!

by editor
ජූනි 7, 2023
0

රාජාංගනේ හිමි යළිත් රිමාන්ඩ්…

by editor
ජූනි 7, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විදෙස් විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • විභාග අධීක්ෂකවරයෙක් විභාග ශාලාව තුළ ඇද වැටී මිය යයි!
  • රාජ්‍ය මූල්‍ය කාරක සභාවේ නව සභාපති තනතුරට හර්ෂගේ නම ජනපති යෝජනා කරයි!
  • ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක!… තරගයක් මගහැරුණ දුෂ්මන්ත චමීර තරගාවලියේ වීරයා වෙයි…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist