බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ඉබි යතුරු දමාගෙන කිරි හරක් හදන මිනිස්සු…

by editor
මැයි 15, 2023
in සමාජ
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න – 

දිනෙන් දින ඉහළ යන ගව සොරකමට පිළියම් සොයා ගත නොහැකිව     ගවයන්ගේ ගෙළට  යකඩ දම්වැල් සහ ඉබි යතුරු දමා හරක් හොරුන්ගෙන් තම ගවයින් ආරක්ෂා කරගැනීමට  වෙහෙසෙන කිරි ගොවීන් පිරිසක් සම්බන්ධව   දිඹුලාගල මනම්පිටිය මලියදේවපුර, නාමල්පොකුණ, සොරිවිල ගම්මානවලින් වාර්තා වේ.

හරක් හොරුන්ගේ අශිෂ්ට තර්ජනයට ලක්වූ  නාමල්පොකුණ ගම්මානයේ කිරි ගොවීන් පවසන්නේ පසුගිය   මාස තුනක් ඇතුළත තම ගම්මානයේ පමණක්  කිරි ගවයින් තිහක් පමණ සොරකම් කර ඇති බවය.

මේ පිළිබඳ පොලිසිය වෙත පැමිණිලි කළ ද  කිසිදු විසඳුමක් නොමැති බව ඔවුහු අප සමග කීහ.

ඔවුන් පවසන්නේ මේ තිරිසන් ගව හොරුන් පුදුමාකාර අමානුෂික අශිෂ්ඨයින් බවය.  “ පහුගිය දවසක  ගවයෙක් කඹයකින් ගහක ගැටගහලා ඉද්දි  පණ පිටින්ම ඒ සතාගේ ගාතයක් කපාගෙන ගිහින් තිබුණා… අනේ තව පැටියෙකුත් ඒ එක්කම ආ ගිය අතක් නෑ..”  වසර දහතුනක සිට කිරි ගවපාලනයේ නිරත වන ඊ.ඒ, කල්‍යාණි  පැවසුවාය.

නදීෂා සහ කල්‍යානි

මෙම තත්ත්වය මත තම ගම්මානවල කිරි ගොවීන් යකඩ දම්වැල්, හා ඉබ්බන් යොදා කිරි ගවයින් ආරක්ෂා කරගැනීමට සිදුව ඇති බවත් ගොවීහු කීහ.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

“එ් යකඩ දම්වැල් කිලෝ එකක්   රුපියල් 850 ක්….   යතුරු සහිත ඉබ්බෙක්   රුපියල් පන්සියයක්… මේ තත්ත්වය අපිට වගේම සතුනටත් කරදයක්.    නාමල්පොකුණ, මලියදේවපුර හැම ගමකම දැන් කිරි හරක් ටික බේරගන්නේ එහෙමයි.”   ඊ.ඒ, කල්‍යාණි  වැඩි දුරටත් කීවාය.

දිඹුලාගල අවට කිරි ගොවීන් පවසන්නේ    තමන් පොලීසියට අවස්ථා ගණනාවක මේ තත්ත්වය සම්බන්ධව  පැමිණිලි කළද කිසිදු හොරෙකු අල්ලා ගැනීමට නොහැකි වූ බවය.

හරක්  හොරුන් වැලැක්වීම සඳහා ස්ථිර වැඩපිළිවෙළක් නොකළහොත් තමන්ට කිරිගව පාලනයෙන් ඉවත් වීමට සිදු වන බවද දිඹුලාගල නාමල්පොකුණ හා ඒ අවට කිරි ගොවීන් කියති,

“ගහක බැඳලා හිටිය මගේ  එළුවෙකුගේ ගාතයක් කපාගෙන ගියා…  මේ අපරාධය ගැන දන්වන්න ඕන හැමෝටර දැන්නුවා. මේක දරාගන්න බැරි දුකක්…   පශු සම්පත් අමාත්‍යාංශය මෙන්ම අදාළ බලධාරීන්  මේ ගැන අවධානය යොමුකරලා අපේ සතුන්ගේත් අපේත් ජීවිත සුරක්ෂිත කරන වැඩපිළිවෙළක් හදන්නේ නැතිනම් අපි හැමෝම විනාශ වෙයි. අවුරුදු 22ක් මම කිරි ගව පාලනයෙ  යෙදෙනවා… මෙහෙම අපරාධවලට මුහුණ දෙන්න උනේ මෑතකදි…”   වසර විසිදෙකක පමණ කාලයක සිට කිරි ගවපාලනය නිරත වන නදීෂා ශිරෝමි පෙරේරා   පැවසුවාය,

ප්‍රදේශයේ කිරි ගොවින්ගේ පොදු චෝදනාවක් තිබේ. ඔවුන් කියන්නේ පොලිසිවල ඇතැම් උසස් නිලධාරීන් මෙන්ම පහළ නිලධාරීන් ද මේ හරක් හොරුන් සමග සම්බන්ධතා පවත්වන බවය. හරක් මස් ජාවාරම්කරුවන් සහ හරක් හොරුන් නීතියේ රැහැනට කොටුකර ගැනීමට නොහැකි වන්නේ ඒ නිසා බවය.,

අප මේ පිළිබඳව මනම්පිටිය ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාරගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු  සඳහන් කළේ  මනම්පිටිය ප්‍රදේශයේ  හරක් හොරුන් කීපදෙනකු අල්ලා ගත්  බවය.

ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර ඇති බව ද හෙතෙම කිවේය. හරක් හොරකමට ඇතැම්  ගව පාලකයින් ද සම්බන්ධ යැයි මනම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බටහිර තාරකා විද්‍යාඥයෝ විශ්වයේ දැවැන්තම පිපිරීම නිරීක්ෂණය කරති…

Next Post

ඉන්දීය ඕස්ටේ්‍රලියා ඩයස්පෝරාවෙන්, නරේන්ද්‍ර මෝදි වෙනුවෙන් උපහාර උත්සවයක්

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.