සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ආණ්ඩුවට  කෙළවන රාජකාරි අත්හිටවූ පොලිස්පති සහ පොලිසියේ හොරා පොලිස් කෙළිය!

by editor
මාර්තු 18, 2025
in සමාජ
Share on FacebookShare on Twitter

ලොකු කුමා විසිනි –

ඉන්ටඩික් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තමන් පොලිස් අත් අඩංගුවට නොගැනීමේ ⁣රිට් ආඥාවක් ලබා ගැනීම සදහා අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ පෙත්සම අභියාචනාධිකරණය ඊයේ (17) දින නිෂ්ප්‍රභා කරන ලදී.

එම පෙත්සම නිශ්ප්‍රභා කරන ලද අභියාචනාධිකරණය පොලීසියට නියෝග කරන ලද්දේ ඉන්ටඩික් පොලිස්පතිවරයා අත් අඩංගුවට ගෙන ⁣අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.

තවදුරටත් එම නියෝගයේ දැක්වෙන්නේ රුපියල් 10521ක දඩයක්ද ඔහුට නියම කරන බවය. මාතර මහේස්ත්‍රාත් අධිකරණය ලබා දී තිබූ නියෝග නීතියට අනුකූල බවත් එම නියෝගයට බලපෑම් කිරීමට අභියාචනාධිකරණය අපේක්ෂා නොකරන බවත් මෙහිදී එහි වැඩ බලන සභාපති විනිසුරු ලෆාර් තාහීර් ප්‍රකාශ කර තිබේ
එසේම මීට අමතරව ⁣ඉන්ටඩික් පොලිස්පතිවරයාට සැඟවී සිටීමට උදව් උපකාර කරන ලද සියලුම දෙනාට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කරන ලෙසද
අභියාචනාධිකරණය වැඩිදුරටත් නියෝග කර ඇති බව වාර්තා වේ.

සති ගණනාවක් පුරා මෙරට වේදිකා ගතවූ පොලිස්පති කෝලම තවදුරටත් රඟ දැක්වීමට ඉඩ ඇතැයි අපට උපකල්පනය කළ හැකිය. ඒ මක් නිසාද යත් ඉන්ටඩික් පොලිස්පතිවරයා අභියාචනාධිකරණයේ තීන්දුවෙන් සෑහීමකට පත් වූයේ නැතිනම් ශ්‍රේෂ්ඨාධිකරණයට සිය දුක්ගැනවිල්ල ඉදිරිපත් කිරීමට ඉඩ ඇති බැවිනි.

ඉන්ටඩික් පොලිස්පතිවරයා ඉදිරියේදීත් සැඟවී සිටිය හොත් සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවේම කෙරුවාව සමාජය තුළ අපහාසයට හා අගෞරවයට පත් විය හැකි බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. මේ වන විටත් සමාජ මාධ්‍ය තුළ පොලීසියේ රෙදි ගැලවෙන තරමේ ප්‍රකාශනයන් කියවිය හැකිය. ඒ නිසාම ජාතික ජන බලවේගය ආණ්ඩුවට සිදු වන හානියද ඉතා බරපතලය. එහිදී ඉන්ටඩික් පොලිස්පතිවරයා සැඟවී සිටින්නේ ජනපතිවරයා දැනුවත්ව බවට චෝදනා කරන අයවළුන්ද නැත්තේ නොවේ.

RelatedPosts

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

අපරාධකාරයින්ගේ අපරාධ කොට්ඨාසය

මේ වන තුරු ඉන්ටඩික් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත් අඩංගුවට ගැනීමට නොහැකිව සිටින පොලීසිය වරෙන්තු ලද සාමාන්‍ය පුරවැසියෙකු විෂයෙහි දක්වන රාජකාරිමය බලහත්කාරය පිළිබඳව බොහෝ අවස්ථා වලදී මාධ්‍ය වලින් වාර්තා කර තිබේ.

එහිදී විධිමත් පරිපාටියකින් තොරව නීතිය අතික්‍රමනය වන ආකාරයට එවැනි සැකකරුවන් පොලීසිය කුදලා ගෙන යන්නේ පට්ට මෙහෙයුමක් කළ ආකාරයටය.අදාල වරෙන්තුකාර සැකකරු අත් අඩංගුවට ගත නොහැකි වූ අවස්ථා වලදී එම සැකකරුගේ අඹු දරුවන් පවා හිංසනය⁣ට ගොදුරු කර ගත් අවස්ථාවන්ද කෙළවරක් නැත.

හිටපු අමාත්‍ය පාඨලී චම්පක රණවක රිය අනතුරකට සම්බන්ධ බවට වූ පැමිණිල්ලකට ඔහුගේ රියදුරාගේ බිරිඳ කිරිකැටි ළදරුවා හා මව ඉමදූවේ සිට කොළඹ අපරාධ කොට්ඨාසයට රැගෙන විත් ප්‍රශ්න කර තිබුණේ බලහත්කාරීවය.
ඒ බව අනාවරණය වූයේ වින්දිත පාර්ශවයන් සිය මානව හිමිකම් කඩ කිරීම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළ පෙත්සම් විභාගයේදීය. ⁣එම පෙත්සමේ වග උත්තරකරුවන් වූයේද කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ නෙවිල් සිල්වා ඇතුළු පොලිස් පරීක්ෂක වරයෙකි.

මෙම පෙත්සම් විභාගයෙන් අනතුරුව පෙත්සම්කාරියගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීම පිළිබඳව නෙවිල් සිල්වාට හා අනෙක් පොලිස් නිළධාරියාට පෙත්සම්කාරිය හ⁣ට වන්දි මුදල් ගෙවීමට නියෝග කෙරුණ අතර මොවුන් සම්බන්ධයෙන් විනය පියවර ගන්නා ලෙසටද ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස් කොමිසමට නියෝග කරන ලදී. එසේම මේ පොලිස් නිළධාරීන්ගේ හැසිරීම රාජ්‍ය ත්‍රස්තවාදයක ස්වරූපයක් ගන්නා බවටද එම තීන්දුවේ සඳහන් කර තිබේ. කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ නෙවිල් සිල්වා මෙම පෙත්සම් විභාගයේදී අධිකරණයේදී සඳහන් කරන ලද සාක්ෂියක් ගැන සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවේ සඳහන් කර තිබුණේ මෙවැනි නිළධාරියකු රාජ්‍ය සේවය⁣ට පවා නුසුදුසු බවය. මේ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය දු⁣න්නේ 2024 මැයි 31 වෙනිදාය.

කොළඹ අපරාධ කොට්ඨාසය දිගින් දිගටම කොන්ත්‍රාත් ක්‍රමයට අපරාධ ක්‍රියා වල නිරත වූ රාජ්‍ය අපරාධකරුවන් ගෙන් සමන්විත කණ්ඩායමක් ලෙස සැළකිය හැකිය. පසුගියදා එහි අධ්‍යක්ෂ වරයා වූ නෙවිල් සිල්වා අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කෙරුණේ මැණික් ව්‍යාපාරිකයකුගේ දේපොල වංචා කිරීමේ චෝදනාවකටය.W 15 හෝටලයට වෙඩි තැබීමට යන්නේද කොළඹ අපරාධ කොට්ඨාසයේ නිළධාරීන්ය. මෙම අපරාද කොට්ඨාසය වෙතින් සිදු කරන ලද අනීතික රාජකාරි පිළිබඳව බොහෝ පැමිණිලිද තිබේ.

මාර වැඩේ තමයි උනේ…

කෙසේවෙතත් ශ්‍රේෂ්ඨාධිකරණය ඉන්ටඩික් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගේ පෙත්සම නිශ්ප්‍රභා කිරීමත් සමගම පොලීසියට නැවත හොරා පොලිස් සෙල්ලම කිරීමට අවස්ථාව එළඹී තිබේ. පොලීසියට මුහුණ පාන්නට සිදුවී ඇත්තේ උණු නිසා බොන්නත් බැරි කැඳ නිසා අහක දාන්නත් බැරි කරුමයකටය.

මෙහිදී මෙරට පොලීසියේ කෙරුවාව ගැන කියවෙන හෑල්ලක් මතකයට ඒ.
ලෝකය පුරා විවිධ රටවල පොලීසි යම් රටකට කැඳවා ඒ පොලීසිවල දක්ෂතාව විමසා බැලීමේ තරගයක් පවත්වන ලදී.

ලේකයේ බොහෝ රටවල් නියෝජනය කරමින් පොලීසි මේ තරගයට සහභාගි වූ අතර ලංකාවේ පොලීසියද ඒ අතරේ විය.

කැලෑවකට හාවෙක් නිදහස් කර ටික වේලාවක් ඇතුළත ඒ හාවා අල්ලාගෙන ඒම එම තරග අභියෝගයයි පළමුවෙන් කැලෑවට ගිය එංගලන්ත පොලිස් කණ්ඩායම ගස් වැල් හා පරිසරය විමර්ෂනය කර ප්‍රකාශ කෙරුවේ හාවා සොයා ගැනීමට නොහැකි ආකාරයෙන් අතුරුදන් වී ඇති බවය. ඇමරිකානු පොලීසිය කැලෑවට වැදී හතර අතේ වෙඩි තබා බෝම්බ ප්‍රහාර එල්ල කර ආපසු පැමිණ සදහන් කෙරුවේ මින් ඉදිරියට හාවා සෙවීම වැඩක් නැති බවය. තුන්වන අවස්ථාව හිමි වූයේ අපේ පොලීසියටය.
ටික වේලාවකින් අපේ පොලීසිය කැලෑවෙන් එළියට ආවේ තඩි වළහෙක් අල්ලා ගෙනය. වලහාගේ ඇස් ඉදිමී ලේ පුරා තිබිණි. දත් ගැලවී ඇත. ඇවිද්දේ නොන්ඩි ගසමිනි. විනිශ්ඡය මණ්ඩලය හිටියේ කට ඇරගෙනය.

“මේ වළහෙක්නේ ඕයි…” ප්‍රධාන විනිසුරුවරයා කීවේය.

” පිස්සු ද සර්… සර්ම අහලා බලන්න මේකගෙන් මූ කවුද කියලා…” ලංකාවේ පොලිස් ලොක්කා ප්‍රධාන විනිසුරුවරයාට කීවේය. විනිසුරුවරයාට වළහා දෙස බලන්නටවත් උනේ නැත. වළහා ගොත ගසමින් මෙසේ කීවේය.”

” බුදු සර්… මේ සර්ලා කියන එක හරි… මම තමයි හාවා…”

සැබැවින්ම පොලීසියේ කෙරුවාව ගැන සාමාන්‍ය මහජනතාව සිතන හැටි මේ හෑල්ලෙන් අපූරුවට අනාවරණය කෙරේ.

කිසියම් අපරාධයක් සම්බන්ධයෙන් සැබෑ සැකකරුවන් සොයා ගන්න⁣ට නොහැකි වූ විට හුස්ම ගන්නා කවර හෝ මිනිසෙකු පටලවා අධිකරණයට ඉදිරිපත් කිරීම පොලීසියේ සම්ප්‍රදාය වන තරමට පොලිස් රාජකාරියට පත්තියන් වී තිබෙන බවද රහසක් නොවේ.

තමන් ගේ ලොක්කා වූ ඉන්ටඩික් පොලිස්පති වරයා සම්බන්ධයෙන් එසේ කිරීමට පොලීසියට නොහැකි වී තිබේ. වෙනත් වරෙන්තු කරුවෙකු ගේ නම් අඹු දරුවන් හෝ වැලිකඩට දක්කා සිය හපන්කම අධිකරණයට වාර්තා කිරීමට පොලීසිය⁣ට අවස්ථාව තිබුණි.

එහෙත් පොලීසිය මුහුණ දී ඇති මේ අපහසුතාව ගැන අපට සඳහන් කරන්නට ඇත්තේ “මාර වැඩේ වුනේ” කියා පමණය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නීති විරෝධී පන්න කරන ධීවර මැරයෙකුට එරෙහිව වෙත්තල්කේණි ධීවරයින් මුහුදු යෑම නවතා වර්ජනයක…

Next Post

අදානිගේ සුළං විදුලි බල ව්‍යාපෘතියට එරෙහි පෙත්සම් ඉල්ලා අස්කර ගැනේ

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!
  • කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.