fbpx
සඳුදා, මාර්තු 20, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

සබන් කැටෙන් කතා මවන පුංචි කෙල්ල

by editor
මැයි 14, 2020 - Updated On මැයි 24, 2020
in ජීවිතය
447 5
Share on FacebookShare on Twitter

මමිතා අබේසිංහ

අපි හැමෝම ආසයි ආදර කතා වලට, අපි හැමෝමටම එහෙම ආදර කතාවක් තියනවා. අද මන් මේ කියන්න යන්නේ ටිකක් අමුතු කතාවක් ගැන. ඒ තමයි soapstoris ටිකක් අමුතුයි නේ. ලස්සනම ලස්සන සබන් කැල්ලක් ගැන කතාවක් තමයි මේ. මේ පින්තුර ටිකක් බලලා ඉමුකො. එතකොට කතාව තේරෙයි.

තමන්ගේ හීන කලින් හැබෑ වුණු පුංචි රෝස මලක්. තවම උසස්පෙළ පන්තියේ සිටින ඇය තමයි මේ ඉහත පින්තුර වල අයිතිකාරිය, තවම හිරිමල් වියේ පසු වූවත් ඇය හොඳ ව්‍යවසායිකාවක්. ඈ විසින්ම නිෂ්පාදනය කරපු සබන් තමයි ඔය පින්තුරවල තියෙන්නේ. ඒව බලලම අපි කතා කරමු අපි කතා කරමු,

sope

RelatedPosts

විද්‍යා දැරිය ඝාතනය කළ අපරාධකරුවන් තමන් නිදොස් කොට නිදහස් කරන්නැයි ගොනුකළ අභියාචනා සලකා බලන්නට දින නියම වෙයි!

18 වංගු ප්‍රදේශයේ පස් කඳු කඩා වැටීමේ අවදානම පහව ගිහින් නෑ… කල්පනාකාරීව රිය ධාවනය කරන්න! – මහනුවර දිස්ත්‍රික්කයේ ආපදා  කළමනාකරණ අධ්‍යක්ෂ…

ලෝක වෙළඳපලේ ගෑස් මිල 33% පහළ බැහැලා… බොරතෙල් බැරලය ඩොලර් 67 යි… වාසිය ජනතාවට නොලැබෙන්නේ ඇයි… විද්වත්හු අසති!

 

@ අපිට කියන්න ඔබේ විස්තර ටිකක් ?
මගේ නම රිෂ්මා රිස්වී. ඉගන ගන්නේ බිෂොප් විදුහලේ. මගේ වයස අවුරුදු 17යී. මන් London A/L කරන්නේ. රසායනික ඉංජිනේරු විද්‍යාව තව දුරටත් හදාරමින්, ඒ උගත් දැනුමෙන් මගේ ව්‍යාපාරය තවත් ඉහළට ඔසවා තැබීම තමයි මගේ බලාපොරොත්තුව.

@ ඇත්තටම ඔයා හදන මේ product එක මොකක්ද?
මගේ මේ product එක තමයි All Natural Hand-made bath and body product.මේ සියල්ල නිෂ්පාදනය කරන්නේ දේශීය අමුද්‍රව්‍ය යොදා ගෙනයි. උදාහරණයක් විදියට ගත්තොත් පිරිසුදු පොල්තෙල්, සුදුහදුන්,වෙනිවැල් ගැට, කොහොඹ සහ තවත් මෙවැනි දේශීය අමුද්‍රව්‍ය රැසක් උපයෝගී කර ගන්නවා.

@ කොහොමද හිතුණේ මෙහෙම දෙයක් කරන්න ?
පුංචි කාලේ ඉදලම රූපලාවණ්‍යය පැත්තට ගොඩක් කැමැතියි. තේරෙන කාලේ ඉදල youtube ඒකෙන් රූපලාවණ්‍යය ගැන තියෙන දේවල් හොයනවා. ඒ අතර අපේ සමට හිතකර අහිත කර දේවලුත් තියෙනවා. මගේ නොතේරුම් කමට මම ඒ දේවල් අත් හදා බලනවා. මට මතකයි පාට කුරක් රත් කරලා lip balm එකක් හදා ගන්න පුළුවන් වීඩියෝවක් බලලා අම්මා නිදි වෙලාවක ඒ් වීඩියෝ ඒකේ විදිහට lip balm ඒකක් හදලා අම්මටත් ගෑවා. අම්මා එදා කිව්වා අනවශ්‍ය දේවල් වලින් තමන්ගේ තියෙන ලස්සන නැති කර ගන්න එපා. ස්භාවික දේවල් වලින් දෙයක් කරන්න උත්සහා කරන්න කියලා. ඊට පස්සේ ඒ ගැන ගොඩක් මං හිතුවා. තව කරුණු හොයන්න ගත්තා. ඒ් හොයා ගත විදි ගෙදර කට්ටියත් එක්ක අත්හදා බැලුවා. ඔන්න ඔය විදිහට මං මුලින්ම හැදුවේ face pack/ face mask වගේ දේවල්.

@ ගෙදරින් ඔබට හොඳ මඟපෙන්වීමක් ලැබී තිබෙනවා?
ලොකු සහයෝගයක් ලැබුණා. අම්මා තාත්තා නංගිලා ආච්චි සියා, නැන්දලා, යාලුවෝ හැමෝම මට උදවු කළා. මට ආදරය කරමින් මගේ ගමනට උදව් කළ ඒ් හැමෝටම ස්තූතියි. විශේෂයෙන් මගේ අම්මා.

@ ඔබේ අතින් හැදුණු මුල්ම සබන් කැටේට ලැබුණු ප්‍රතිචාර?
අම්මා මං ඒ් හදපු සබන් වල පින්තුර මගේ නැන්දලාට යැවුවා. ඒ් පින්තූර බලලා නැන්දා කෙනෙක්ට දවස් එකහාමාරකින් සබන් 25ක් ඕනෑ කිව්වා. ඒ තමයි මට ලැබුණු පළමුවැනි ඇණවුම. මේක business එකක් විදියට කරන්න හිතලවත් තිබුණේ නෑ. මගේ අම්මා තමයි යෝජනා කළේ මේකට නමක් දාන්න. මේක මට businessඑකක් විදියට පටන් ගන්නත් පුළුවන් කියල අම්මා මාව තව තවත් දිරිමත් කළා. අනික මන් ඒ කාලේ O/L විභාගයට සුදානමින් හිටියේ. එත් මගේ මවුපියන් මේ දෙකම සමබරව කරන්න මට උදව් කළා. ඒ තමයි මට ලැබුණු වටිනාම දේ.

@ සබන් හදන කතාන්දරයට Soapstoris කියන නම දාන්නේ කවුද?
අම්මා කිව්වම මගේ නමය ගැලපෙන විදිහට නමක් දැන්න කියලා මට එක පාරටම කියැවුණා Soapstoris කියලා. ඒ මම හදන හැම සබන් කෑල්ලකම මට කියන්න කතාවක් තිබුණා. මුල් කාලෙදී මම මහන්සිවෙලා හරිම ආසාවෙන් හදපූ සබන් පදම වැරදිලා ඔක්කොම විසි කරන්න වෙනකොට ලොකු දුකක් කඩා වැටීමක් දැනුණා. නමුත් ටිකෙන් ටික ක්‍රමේ අල්ලගෙන හද හදා ඒවා සාර්ථාක වෙද්දි මට ලොකු ආත්ම ශක්තියක් ඇති වුණා. සෘණාත්මකව හිතන්න පුරුදු වෙලා හිටපු මම හැම දේම පොසිටිව් දකින්න පුරුදු වුණා. එය මගේ ඉගෙනීමටත් ලොකු පිටිවහලක් වුණා. අසාර්ථක වීම් තියෙන්න පුළුවන් නමුත් ඒ අසාර්ථ වීම් තමයි අපට ඉගෙන ගන්න අත්දැකීම් ලඟා කරගෙන සාර්ථක වෙන්න උදව් කරන්නේ.

@ අද වෙනකොට ගොඩක් භාවිත කරන්නේ facewash.එය ඔබට අභියෝගයක් නෙමෙයිද?
බොහෝ දෙනෙක් facewash භාවිතයට හුරු වුණාට එය මට අභියෝගයක් වෙන්නේ නැහැ. මගේ හැම නිෂ්පාදනයකටම හොඳ ඉල්ලුමක් තිබෙනවා. දැනට විවිධ වර්ගයේ සබන් 50කට වැඩිය නිෂ්පාදනය කරනවා. මං මේ නිෂ්පාදන වෙළෙඳ පොළට එක් කරන්නේ ස්භාවික අමුද්‍රව්‍ය පමණක් යොදාගෙන කොයිතරම් සාර්ථක ප්‍රථිපල අත් විඳින්න පුළුවන්ද යන පණිවුඩය එක්කයි.
අනෙක, අභියෝග නැති කිසි දෙයක් නෑ. ඒ දේවල් වලට මුහුණ දෙමින් මට අවශ්‍ය කරන මගේ වෙළදපොළ හදා ගන්නවා. අනිත් දේ Soapstoris නිෂ්පාදන මුහුණට සිරුරට ආදී වශයෙන් වෙන වෙනමත් නිෂ්පාදනය කර තිබෙනවා.

@ වැඩි ඉල්ලුමක් තිබෙන්නේ මොන වර්ගයේ සබන්වලටද?
මගේ නිෂ්පාදන අතර කැරට් වලින් හදන සබන් හරි ජනප්‍රියයි. හොඳ ඉල්ලුමක් තියෙනවා.

@ ඉගෙනුම් කටයුතු එක්ක කොහොමද වෙලාව හොයා ගන්නේ?
ඉගෙනිමේ කටයුතු මම මඟහරින්නේ නැහැ. මම කැලය වෙන් කරගන්නවා. බොහො වෙලාවට සබන් වර්ග හදන්න ගන්නේ රෑට..ඉතින් ඉස්කෝලේ ගහින් ඇවිත් හවස් වරුවම පොත පතේ වැඩ ටික ඉවර කරනවා.

 

                                                                                         

 

@ ඔබ නිෂ්පාදනය කරන අනෙකුත් beauty products මොනවාද?
සබන් වලට අමතරව body scrub,Lotion bars,body butters,Foot soak,bath salts, lip balm වගේ දේවල් නිෂ්පාදනය කෙරෙනවා.

@ ඔබේ ඉදිරි බලාපොරොතු මොනවාද ?
මේ පුංචි ව්‍යාපාරය තව දියුණු කරලා මගේම SOAP STORE එකක් පටන් ගන්න බලාපොරොත්තුවක් තියෙනවා. සබන් නිෂ්පාදන ගැන වැඩි දුර හදාරමින් මගේ products ශ්‍රී ලාංකේය නිෂ්පනදයක් විදිහට විදෙස් වෙළෙඳපලට අපනයනය කරන්නයි මගේ ඊළඟ හීනය..

ඇය තවම ලෝකය සොයා යන්නියක්… ඒ පුංචි හිත ගොඩක් ලොකුයි. ඇයට හදවතින්ම සුභ පතමු. පුංචි සබන් කෑල්ලක් ලෝකයක් දිනන දවසක් අනිවාර්යෙන්ම උදා වෙනවා නියතයි. තව කලක් ගිය පසු රිෂ්මා ලෝකයටම කතා කරයි.

Share191Tweet45
Previous Post

මේ අපේ සිනමාවේ අනාගත ප්‍රවේශය ද

Next Post

ආතර් සි ක්ලාක් මීට වසර 56කට කලින් සිහින මැවූ තාක්ෂණය අද කොවිඩ් හමුවේ බරටම වැඩ

Related Posts

කලා

ඉන්දිය සිනමා ඉතිහාසය වෙනස් කරමින්  ඔස්කාර් සම්මාන දිනූ විසේකාර සිංදුව – “නාටු නාටු “

මාර්තු 14, 2023
Simrin-Singh
සමාජ

IMF සල්ලි දෙස බලාගෙන ඉන්න ලංකාව තුළ තිබෙන  කාල බෝම්බයක් ගැන ILO  සඥා කරයි!

මාර්තු 13, 2023
සමාජ

ඩී.ඇස්. සේනානායක විද්‍යාලයේ අභිමානවත් 56 වසරක ගමන් මග!

මාර්තු 11, 2023
Next Post

ආතර් සි ක්ලාක් මීට වසර 56කට කලින් සිහින මැවූ තාක්ෂණය අද කොවිඩ් හමුවේ බරටම වැඩ

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

විද්‍යා දැරිය ඝාතනය කළ අපරාධකරුවන් තමන් නිදොස් කොට නිදහස් කරන්නැයි ගොනුකළ අභියාචනා සලකා බලන්නට දින නියම වෙයි!

by editor
මාර්තු 20, 2023
0

18 වංගු ප්‍රදේශයේ පස් කඳු කඩා වැටීමේ අවදානම පහව ගිහින් නෑ… කල්පනාකාරීව රිය ධාවනය කරන්න! – මහනුවර දිස්ත්‍රික්කයේ ආපදා  කළමනාකරණ අධ්‍යක්ෂ…

by editor
මාර්තු 20, 2023
0

ලෝක වෙළඳපලේ ගෑස් මිල 33% පහළ බැහැලා… බොරතෙල් බැරලය ඩොලර් 67 යි… වාසිය ජනතාවට නොලැබෙන්නේ ඇයි… විද්වත්හු අසති!

by editor
මාර්තු 20, 2023
0

රංගා රිමාන්ඩ්….

by editor
මාර්තු 20, 2023
0

එරික් සෝල්හයිම් දකින ඉන්දියාවේ අනාගතය!

by editor
මාර්තු 20, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • විද්‍යා දැරිය ඝාතනය කළ අපරාධකරුවන් තමන් නිදොස් කොට නිදහස් කරන්නැයි ගොනුකළ අභියාචනා සලකා බලන්නට දින නියම වෙයි!
  • 18 වංගු ප්‍රදේශයේ පස් කඳු කඩා වැටීමේ අවදානම පහව ගිහින් නෑ… කල්පනාකාරීව රිය ධාවනය කරන්න! – මහනුවර දිස්ත්‍රික්කයේ ආපදා  කළමනාකරණ අධ්‍යක්ෂ…
  • ලෝක වෙළඳපලේ ගෑස් මිල 33% පහළ බැහැලා… බොරතෙල් බැරලය ඩොලර් 67 යි… වාසිය ජනතාවට නොලැබෙන්නේ ඇයි… විද්වත්හු අසති!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist