සිකුරාදා, ජූලි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සංස්කෘතිය

ඓතිහාසික කලාගාරයක් වූ කොට්ටිඹුල්වල රජමහා විහාරයේ සංරක්ෂිත ජාතික උරුමය පිළිබඳ කතාව…

by editor
මාර්තු 8, 2026
in සංස්කෘතිය
Share on FacebookShare on Twitter
  • රුපියල්  85,110ට මිල කළ දුර්ලභ කෘතියක සීමිත පිටපත් ප්‍රමාණයක් එළි දකී… කෘතිය එළි දක්වන හෙට දිනයේ පමණක් කෘතියක මිල රුපියල් 56800 යි…

බෞද්ධ ආරාමික සම්ප්‍රදාය උපදින්නේ  හුදු වාස්තු නිමැවුමක් ලෙස  නොවේ. පුරාණ  සිංහලයේ  ලෞකික ජන ජීවිතය අල්පේච්ඡ වූවා සැබෑය. නමුත්  ජන සමාජයේ  සංකෘතික මෙන්ම  ජාතියක පෞඪත්වය කුළු ගැන්වූ  ඉසුරුමත් බව ප්‍රකාශ කළ  විශ්වීය නිර්මාණයන් ලෙස බෞද්ධ ආරාම ගොඩනැගුන ඉතිහාසයක් අප සතුව තිබේ.

එවැනි විශ්වීය කලාගාරයක නූතන සංකරක්ෂණ ක්‍රමවේද ඔස්සේ සංරක්ෂණය වී එහි හරය ග්‍රන්ථාරූඪව එළි දකින මහා ජාතික මංගල්‍යයක් සඳහා ජාතිය සූදානම් වෙමින් ඇත.    ඒ කිස්තු පූර්ව පළමු සියවසට අයත් වලගම්බා රාජ සමයේ සිට පැවත එන බවට ජනශ්‍රැතියේ පැවති,   බෞද්ධ ශිල්ප කලා උත්කර්ෂයක් වූ රත්නපුර වැලිගෙපොල කොට්ටිඹුල්වල රජමහා විහාරය පිලිබඳව සිදුවන ගැඹුරු ශාස්ත්‍රීය පර්යේෂණයක් එළි දැක්වීමේ අවස්ථාවය.

මෙම පර්යේෂණ කෘතිය එළි දකින්නේ  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මගින් ප්‍රකාශයට පත් කරන උරුමයක අරුමය ග්‍රන්ථමාලාවේ තවත් විශිෂ්ඨ අදියරක් ලෙසය.  බිතු සිතුවමක නියත පරිමානය සහ සිතුවමේ  සෑම සියුම් අංගයක්ම නිශ්චිත කරවන, තාක්ෂණික දෝෂ මගහරිමින් සිදුකරන විද්‍යානුකූල ඡායාරූපකරණයකින්  පූර්ණ ආවරණයක් කරමින්,  ලෝකයේ අති ඉහළම මුද්‍රණ තාක්ෂණය යොදාගෙන මෙම කෘතිය මුද්‍රණය කර තිබේ.

මෙම කෘතිය වෙනුවෙන් ඡායාරූප කරණයේ යෙදෙන්නේ ලංකාවේ සිටිනා ජාත්‍යාන්තර මට්ටමේ පුරාවිද්‍යා ඡායාරූප ශිල්පියෙක්වන අර්ජුන සමරවීර විසිනි.  කෘතියෙහි ශාස්ත්‍රීය පෙළ   පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ (රත්නපුර) – හේමමාලි විජේසිංහගෙනි. කෘතිය එළිදකින්නේ පුරා වසරත් තිස්සේ කළ දැවැන්ත කැපකිරීමක අග්‍රඵලයක් ලෙසිනි.

මෙම කෘතිය  2026 මාර්තු මස 09 වැනි දින බුද්ධ ශාසන සංස්කෘතික හා ආගමික කටයුතු පිළිබඳ  අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානයක, අමාත්‍යාංශ ලේකම්,  විහාරාධිකාරී ගෞරව පූජ්‍ය මුල්ගම අනෝමදස්සි හිමිපාණන් ප්‍රමුඛ මහා සංඝරත්නය සහ  පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ඇතුලු සම්භාවනීය ආරාධිතයන් හමුවේ එම විහාර පරිශ්‍රයේ දී එළි දැක්වීමට නියමිතය

RelatedPosts

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

සීමිත පිටපත් සංඛ්‍යාවක් මුද්‍රණය කළ මෙම අතිශය වටිනා කෘතියේ මිල  මෙම   මිල රුපියල්  85,110.00 ( අසූ පන් දහස් එකසිය දහය)කි.  එදිනට විශේෂ මිල රුපියල්  56800.00 ( පනස් හය දහස් අටසීය) කි. මෙම දුර්ලභ කෘතිය එම ස්ථානයේදී සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙදී සහන මිලට ලබා ගැනීමට ඉඩ සලසා තිබේ.

කොට්ටිඹුල්වල ශ්‍රී වළගම්බා රජමහ විහාරය  කුමක් ද?

රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අටකලන් කෝරළයේ කඳවෙල් පත්තුවට අයත් කොට්ටිඹුල්වල ග්‍රාම නිලධාරී වසමේ කොට්ටිඹුල්වල ග්‍රාමයේ මනරම් භූමි භාගයක මෙම කලාගාරයක් බඳු බෞද්ධ ආරාම පරිශ්‍රය පිහිටා තිබේ.

එම භූමිය  ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වශයෙන් අතිශය වැදගත් විහාරස්ථානයකි. ජනප්‍රවාදගත තොරතුරු අනුව මෙම විහාරස්ථානය ඉදි කර ඇත්තේ වළගම්බා රාජ්‍ය සමයේ (ක්‍රිපූ 89-76) දී ය. මහා වංශය අනුව  වළගම්බා රජු සැඟවී සිටි සමයෙහි රජුන් රැක ගනිමින් ජාතියක් ගොඩ නැන්වීමේ දිශානතිය පෙන්වූයේ කුප්ක්කලතිසිස් හිමියන්ය.  උන්වහන්සේ  වැඩ වාසය කළ බවට ගැමියන් විශ්වාස කරන්නේ මේ විහාරයේය.    වළගම්බා රජුගේ සේනා සංවිධානයට රණගුළු හෙළ හෙවත් කොට්ටිඹුල්වලින් සේනාව සැපයීමෙන් උන්වහන්සේ  ලබා දුන් සහායට ප්‍රති උපකාර වශයෙන් උන්වහන්සේට අභයරාජ නම් විරුද නාමය ද සමග මෙම විහාරය පූජා කළ බවට ජනප්‍රවාදගත තොරතුරු ඇත.

 Kottimulwala-Rajamaha-Viharaya
කොට්ටිඹුල්වල රජමහා විහාරය

නුවර ගම්පල යුගයන්හි ප්‍රකාශන –

වත්මනෙහි ඇති සාධක අනුව ගම්පොළ අවධියේ සිට කෝට්ටේ හා මහනුවර අවධි දක්වා කාල පරාසය තුළ විවිධ අවස්ථාවල දී විහාරස්ථානය ප්‍රතිසංසකරණය කර තිබේ.   මෙහි ඇති වියත් සිතුවම් වැඩි ප්‍රමාණයක් හා විහාරය තුළ ඇති කුඩා ප්‍රතිමා ගෘහයේ මකර තොරණ හා මූර්ති ද බුද්ධ ප්‍රතිමාවද ග ම්පොළ යුගයේ නිර්මාණ ලක්ෂණ පිළිබිඹු කරයි.

මෙම විහාරය ආශ්‍රිත පුරාවිද්‍යාත්මක ස්මාරක අතුරින් ප්‍රධාන වනුයේ භුමියේ ඉහළින් ම පිහිටා ඇති කුටි තුනකට බෙදු කටාරම් සහිත ලෙන් විහාරය යි. මෙම ලෙන් විහාරය දිග, පළල හා උස පිළිවෙලින් අඩි 120 x 28 X 23 කින් යුක්ත වන අතර කටාරම් කපා වාසය කිරීමට සුදුසු ලෙස වාතාශ්‍රය හොඳින් ලැබෙන පරිදි පුළුල් බරාදයක් සහිතව   ඉදි කර තිබේ. මේ නැමැවුම දඹුළු විහාරය සිහි ගන්වයි.

අලංකාර වියන් සිතුවම් සහිත ලෙන ඇතුළත. හිඳි බුද්ධ ප්‍රතිමා තුනකි.  විෂ්ණු දේව ප්‍රතිමාවකි.  පීඨිකාවක් මත ඉදි වූ කුඩා ස්තූපයකි.  ස්තූපයට දකුණු පසින් තවත් කුඩා පිළිම ගෙයක් වේ. ලෙන සැතපෙන බුද්ධ ප්‍රතිමාවක්, හා දැවමය හිටි බුද්ධ ප්‍රතිමා වලින් ද සමන්විතය.

ලෙන් විහාරයේ පිටත බිත්තිය ඉදි කර ඇත්තේ පියස්සට ඉහළින් මාලකයක් තිබෙන බව ව්‍යාජව දර්ශනය වන අයුරිනි. එම පිටතට දර්ශනය වන බිත්තයේ දෙවිවරු  හා අභිනිෂ්ක්‍රමණය සිතුවම් කර ඇත.

මෙම ස්ථාවර සාධක හැරණු විට විහාරස්ථානය සතු චංචල පුරාවස්තු වන විවිධ ප්‍රමාණයේ දාරුමය බුද්ධ ප්‍රතිමා වේ.  සිතුවම් සහිත මල් ආසන හා පුස්කොළ ලේඛන යනාදි ද විහාරස්ථානයේ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වැදගත්කම පිළිබඳ උදාහරණ සපයයි.

සිතුවම්වල විශේෂත්වය

සිතුවම් සහිත විහාරය ප්‍රතිසංසකරණයන්ට ලක් වූ අවස්ථාවල ඒවා ද නවීකරණයට ලක් වී තිබේ.  නුවර යුගයේ කෙරෙන  ලෙන් විහාර    සිතුවම් හරහා  ආගමික පරමාර්ථය පමණක් නොව යටත් විජිත යුගයේ ලාංකීය සමාජයට සිදු වූ යුරෝපීය බලපෑම මෙන්ම ප්‍රධාන රාජ්‍යයෙන් බැහැර ප්‍රත්‍යන්ත ප්‍රදේශයක පිහිටි බැවින් සමකාලීන ගැමි සමාජයේ සමාජ, ආර්ථික හා දේශපාලන රටාව ද රූපිත වන අයුරු පෙනේ.

නුවර යුගයට අදාල  ප්‍රථම භාගයේ මහනුවර විහාර බිතු සිතුවම් කලාවට යුරෝපීය සංස්කෘතීන්ගේ හී විවිධ භාණ්ඩ, ඇඳුම් පැළඳුම්, නිවාස, මානව රූප, මෝස්තර ආදිය ඇතුළත් වූයේය.    දෙවනුව මහ නුවර බිතු සිතුවම් කලාවේ පැවති පැතලි වර්ණ භාවිතය ඉවත්ව රූපවල ඝනත්වයක් ඇති කිරීමට ශිල්පීන් උත්සාහ කර තිබිණි.  තෙවනුව විදේශීය වර්ණයන් මගින් ස්වභාවික ඌරුවට බෞද්ධ කතා  ප්‍රවෘත්ති නිර්මාණය කිරීමට ශිල්පීන්  පෙළඹු නේය  (බණ්ඩාර,2012,15-16).

කොට්ටිඹුල්වල විහාරය ආශ්‍රිතව 2024 දි සිදු කළ ඡායාරූප වාර්තාකරණයේ දී අනාවරණය වූ සුවිශේෂී කරුණක් නම්, එම සිතුවම් වලට ත්‍රිමාණ බවක් ආරෝපණය කිරීමට එම සිත්තරා උත්සාහ ගෙන ඇති බවය.

ත්‍රිමාණ ලක්ෂණ රූපිත මෙම   ස්වභාවික ශෛලිය කොට්ටිඹුල්වල සිතුවම්වල  ශාක හා සතුන් සහිත පරිසරය චිත්‍රනයේ දී  දක්වා  තිබේ. එය මෙ සිතුවම්වල ඇති විශේෂත්වයකි.

පුරාවිද්‍යා උරුමයක් ලෙස ප්‍රකාශ කිරීම   

කොට්ටිමුලුවල විහාරස්ථානයේ පෞරාණික බව, ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වශයෙන් ඇති වැදගත්කම යන කරුණු සැලකිල්ලට ගෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී වළගම්බා ලෙන් විහාරය හා එහි ඇති පැරණි සිතුවම් 1977.04.29 දිනැතිව හා අංක 263 දරන ගැසට් පත්‍රය මගින් පැරණි ස්මාරක ලෙස ප්‍රකාශයට පත් කරන්නේය.

එයින් පසු එහි පැරණි ආවාස ගෘහයයේ වාස්තු විද්‍යාත්මක නිර්මාණ ලක්ෂණ හා පුරාවිද්‍යාත්මක වශයෙන් ඇති වැදගත්කම සළකා 2011.12.30 දිනැති අංක 263 දරන ගැසට් පත්‍රය මගින් එය පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත්කරන්නේය.

නොකල්හි සිදුවන බොහෝ ව්‍යසන මැද උරුමය සම්බන්ධව සුබවාදී ප්‍රවේශයන්  දැකුම ජාතියක් ලබන භාග්‍යයකි. මේ ශාස්ත්‍රීය වෑයම අප දකින්නේ අප්‍රමාණ කොට දකින්නේ එබැවිනි. මැදහත් රාජ්‍යකරණය යනු ව්‍යසනයට ලක්වන උරුමයක් වෙනුවෙන් නෛතිකව සහ සාධාරණ මානුෂීය ප්‍රවේශයකින් පෙනී හිඳිමින් පුරාවිද්‍යා ආඥා පනතින් ආවරණයවන  රටේ නීතිය ක්‍රියාත්මක කිරීමය.  ඒ සඳහා වූ රාජ්‍ය පෞරුෂය මේ රටේ ජනතාවගේ ප්‍රාර්ථනාව බව කියන්නේ ඇමතිවරයාත් මේ අවස්ථාවට එක්වීමට නියමිත බැවිනි. .

Tags: නවතම
Share69Tweet43
Previous Post

යාපනයේ ඉන්ධන පිරවුම්හලක් ගිනි ගනී…

Next Post

සුවය ලැබූ ඉරාන නාවිකයින් 22ක් රෝහලෙන් පිටව යති…

Related Posts

සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026
සංස්කෘතිය

2333 වැනි පොසොන් උදාන අභිමුව:   ප්‍රාග් බෞද්ධ ලංකාවේ ආගමික චින්තනයේ විචිත්‍රවත්  වූ සිංහල බෞද්ධ ජන ආගමික සම්ප්‍රදාය ගැන කතාවක්!

ජූනි 29, 2026
vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!
  • ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.