බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සංස්කෘතිය

වංසකතා හෙළි කරන මහින්දාගමනයේ අසිරිය…

by editor
ජූනි 14, 2022 - Updated on ජූනි 20, 2022
in සංස්කෘතිය
mahindagamanaya
Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි –

අද පොසොන් පුන් පොහෝ දිනය ය.  ඉතිහාසයේ දුර්ග වකවානු පසුකර පොහොය ගණනාවක් පසුකර පැමිණි ජාතියක් එවැනි දුර්ග සමයක් පසුකරමින් සිටිති. මේ විඝටනයන්  අරුමයක් නොවේ. ලෝක ධර්මතාව ප්‍රකාරව යථාර්ථයකි.  එහෙත් ඉතිහාසය විමසීමේ දී  පසක්වන යථාර්ථය නම් ඒ මහා ඛේදවචාක ස්වභාවික අපදා මත නිර්මාණය වූවා නොව රාජ්‍ය පාලකයින්ගේ  දේශපාලන අශිෂ්ඨත්වයේ ප්‍රතිඵලයක්  බවය. එරෙහි  විය යතු අවස්ථාවන්හි එරෙහි වෙමින් අරගල කරමින් තවත් රජෙක් වෙත බලය හුවමාරු කරමින්  මිනිස්සු ඒ සියල්ල දරා ගත්හ. ඒ   දරාගැනීම මේ දිවයිනේ ජනසමූහයට අවේනික වූ විශේෂත්වයකි. මහා ප්‍රවාහයන් හමුවේ සුන් වී නොගොස් පැවතීම සඳහා ඇති වූ  එම විශේෂ දරාගනීම උපදින්නේම අතීත සමාජය පිහිටවූ බෞද්ධ සංස්කෘතික ශික්ෂණය තුළ බව  පෙනේ.

රාජ්‍ය අනුග්‍රහය සහිතව  බුදු සමය ලංකාවේ පිහිටුවන  මහින්දාගමනය සිදුවූ පොසොන් පොහොය දිනය  අද ය.

■  මහින්දාගමනය තහවුරු කරන සෙල් ලිපිය

සම්බුද්ධ පරිනිර්වාණය සම්බන්ධ ඉතිහාසඥයන් අතර පොදු එකඟතාවක් නැතත් සාමාන්‍ය පිළිගැනීම වන්නේ ක්‍රිස්තුපූර්ව 544 දි හෝ 543 දී එය සිදුවූ බවය. මේ අනුව ගණනය කරන කල්හි මහින්දාගමනය සිදුවන්නේ ක්‍රිස්තුපූර්ව 308 හෝ 307 දී පමණ පොසොන් පුන් පොහෝ දිනකය. ( සුරවීර ඒ.වී. ශ්‍රි මහාබෝධි පුරාවෘතය, 4 පිටුව).

බුදු සමය රැගෙන මිහිඳු හිමි ඇතුළු පිරිස ලංකාවට වැඩම කරන්නේ ඉන්දියාවේ අශෝක අධිරාජ්‍යයා විසින් ප්‍රත්‍යන්ත දේශයන්හි කරන ධර්ම ප්‍රචාර ව්‍යාපාරයේ ප්‍රතිඵල ලෙසය. අශෝක අධිරාජ්‍යයා හා තිස්ස රජු අතර ඇතිවන රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙණුවක ස්වරූපයත් මේ ධර්ම දූත කාර්යය තුළ ගැබ්වී තිබේ.

මොග්ගලීපුත්ත තිස්ස නැමැති මහා තෙරනුවන්ගේ මූලිකත්වයෙන් සිදුකරන තුන්වන ධර්ම සංගායනාවෙන් අනතුරුව සංවිධානයවන ධර්ම දූත මෙහෙවරෙහි අතිශය ඵලදායී ධර්ම දූත කාර්යය ඉටු කරනු ලබන්නෝ මිහිඳු හිමියෝය. මොග්ගලීපුත්ත තිස්ස මහ තෙරුන්ගේ ශික්ෂණය ලබමින් පුරා තුන් වසරක් ධර්ම විනය ප්‍රගුණ කරන මිහිඳු හිමියෝ පැණවතෙක් වෙති. අශෝක අධිරාජ්‍යයාගේම පුතනු කෙනෙක් වෙති. එතුමාගේ ආගමනයෙන් පසු ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාවත් වඩම්මාගෙන මෙහෙණි සස්න පිහිටුවීම සඳහා ලක්දිවට වඩින සංඝමිත්තාවෝ අශෝක අධිරාජ්‍යයාගේ දියණියෝ වෙති.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

මිහිඳු හිමිගේ ධර්ම දූත කණ්ඩායමේ වන්නෝ ඉත්තිය, උත්ථිය, සම්බල, බද්ධසාල, හිමිවරුත්, සුමන සාමනේරයන් වහන්සේ හා භණ්ඩුක නැමැති උපාසකත්ය. සුමන සාමනේරයන් ගිහිකළ සංඝමිත්තාවගේ පුතනුවෝ ය. ලංකාවෙහි ධර්ම දූත මෙහෙවර සාර්ථක කරගැනීම සඳහා අශෝක රජුගේ විශේෂ අභිලාෂය මෙන්ම රජනෙකුට උචිත පෞරුෂය, උපේක්ෂාව හා අතිශය තීක්ෂණ බුද්ධිමය සැලසුම් සහිත මිහිඳු හිමියන්ගේ අසාමාන්‍ය කළමණාකාරන හැකියාව මේ ධර්ම දූත මෙහෙවරන් පෙනේ.

මහාවංශයේ සඳහන් මහින්දාගමන සිද්ධිය පුරාවිද්‍යාත්මක සාධක ඇසුරින් යළිත් සනාථ වී තිබේ. මේ සාධක ලැබෙන්නේ අම්පාර රජගලිනි.

දෙවනපෑතිස් රජුගේ ඇවෑමෙන් රජ වූ ඔහුගේ සොයුරු උත්තිය කුමරු රජපැමිණීමෙන් 8 වන වර්ෂයෙහි සැටවස් පිරුණු මිහිඳු හිමියෝ පිරිනිවියෝය. උන්වහන්සේ පිරිනිවන්පාන්නේ වප් මස (ඔක්තොම්බර්) මස පුරපක්ෂයෙහි අටවක දාය. ( මහාවංශ, 20 පරිච්ඡේදය, 32 -34 ගාථා). බද්ධමාලකයේ කළ ආදාහන පූජෝත්සවයෙන් පසු මිහිඳු හිමියන්ගේ ධාතු ගෙන්වා ගන්වාගත් උත්තිය රජු අනුරාධපුරයේද, සෑගිරි වෙහෙරේද, සියලු විහාරයන්ගේද සෑ බැඳවූයේය. ( මහාවංශය, 20 පරිච්ඡේදය, 46 – 47 ගාථා).  මිහිඳු හිමියන්ගේ ධාතු තැන්පත් කර තැනූ දාගැබක් පිළිබඳ අම්පාර රජගලින් ලැබේ. ඒ සෙල් ලිපියේ මෙසේ සඳහන් වේ.

“ යෙ ඉම දීප පටමය ඉදිය අගතන ඉදික තෙර මහිද තෙරහ තුබෙ ”.   පූර්ව භ්‍රාමීය අක්ෂරවලින් යුතු පාඨය සහිත මෙම සෙල් ලිපියේ සඳහන්වන්නේ මිහිඳු හිමියන්ගේ හා ඉත්ථිය හිමියන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කර තැනූ කුඩා දාගැබක් ගැනය. මින් තහවුරු වන්නේ මහාවංශයේ ඇති  ඓතිහාසික වැදගත්කමය.

■     බුදු සමයේ ව්‍යාප්තිය

මිහිඳු හිමියන් විසින් දෙවනපෑතිස් රජ ඇතුළු පිරිවර බුදු සසුනෙහි පිහිටුවීමත් ( මහාවංශය, 14 පරිච්ඡේදය, 23 ගාථාව) රජුගෙන් තෙරුන් ගුණ අසා සිටි අන්ත:පුර ස්ත්‍රීන් වෙනුවෙන් රජ මාලිගාව තුළ කළ ධර්ම දේශනාවත් ( මහාවංශය, 14 පරිච්ඡේදය, 57 – 59 ගාථා), නුවර වැසියන් වෙනුවෙන් මාලිගාවේ ඇත් හළෙහි කළ ධර්ම දේශනාව( 14 පරිච්ඡේදය, 62 – 64 ගාථා), නුවර දකුණු දොරින් පිට පිහිටි නන්දන උයනේ කළ ප්‍රසිද්ධ ධර්ම දේශනාව ( 15 පරිච්ඡේදය, 3 -5 ගාථා) ඇතුළු මුල් දින සතක් තුළ කළ ධර්ම දේශනාමාලාවත් සමග ලක් වැසියෝ බුදු දහම විෂයෙහි වඩාත් රුචි වූ අයුරු පෙනේ. මේ ධර්ම දේශනාවන් ත්‍රිපිටක ධර්මයෙන් ඉතා සැලසුම් සහගත ලෙස තෝරාගත් ඒවාය. මිහිඳු හිමියන් විසින් ලක්වැසියන් වෙනුවෙන් දේශනා කිරීමට තෝරාගත් සෑම දේශනාවක්ම රජු ප්‍රමුඛ ජනතාවගේ ප්‍රායෝගික ජීවිතයේ යථාර්ථය ස්ඵර්ශ කරන සූත්‍ර ධර්මයන්ය. යහපත් මිනිසුන් ලෙස ජීවත්වීමට රට වැසියාට දැක්මක් ලබා දෙන අතර රජ තුමා ධාර්මිකවීම රට වැසියාගේ අභිවෘද්ධියට ප්‍රධානම හේතුව බව මහින්ද දේශනාවන්හි මුඛ්‍ය හරය වී තිබිණි. ( වජිරඤාණ හිමි හොරණ, අපේ සංස්කෘතික උරුමය, මහින්ද දේශනා , 80 පිටුව). ජන ජීවිතයේ යථාර්ථය විනිවිදින මෙවැනි ප්‍රායෝගික ධර්මයක් සබුද්ධික ජන සමාජයක් අතර වේගයෙන් ප්‍රචලිතවීම පිළිගත හැකිය.

මහාවංශ ප්‍රවෘත්ති ප්‍රකාරව ලක්වැසියෝ අතිශය සීඝ්‍රයෙන් මේ නව ආගමික සම්ප්‍රදායට ආශක්ත වූහ. ලක්දිව ඒකාකාරව බුදු සමය පැතිරුණේය. මේ බව පුරාවිද්‍යාත්මකව සනාථ කරන්නේ  ක්‍රිස්තු පූර්ව 3 සියවසේ සිට ඇරඹී යුගයෙන් යුගයට පරිණාමයවන අක්ෂර සහිතව ලක්දිව පුරාම පැතිරී ගිය ආරාම පූජා, ලෙන් පූජා විෂයෙහි ලියැවෙන සෙල්ලිපි මාලාවය. (ඩයස් මාලනී, බෞද්ධ සංකෘතික ලේඛණ – 1999, බුදු දහම ලක්දිව ඒකාකාරව පැතිරීම පිළිබඳ පුරාවිද්‍යාත්මක සාධක ලිපිය, 1-8 පිටු)

■     මහාවිහාරය

ලංකාවේදී බුදු සසුනට කළ ප්‍රථම පූජාව නගරට නොලංවත්, නුදුරුවත් පිහිටි මහමෙවුනා උයන පූජා කිරීමය. දෙවනපෑතිස් රජහු මහමෙවුනා උයන සඟ සතු කරනු ලැබූහ. ( 15 පරිච්ඡේදය, 24 ගාථාව). රාජ මන්දිරය සහිත මේ උයන මිහිඳු හිමියන්වෙත පූජා කිරීමෙන් අනතුරව එම ආරාමය රජුගේ නමින් තිස්සාරාමය ලෙස හැඳින්විය. ලක්දිව ප්‍රථම ආරාම පූජාව වූයේ මහමෙවුනාවේ පිහිටි මේ උද්‍යාන මාලිගාව සඟ සතුකොට පූජා කිරීමය. මහාවිහාරය ඇරඹුම මේ තිස්සාරාමයය.

තිස්සාරාමයේ මුලින්ම ඉදිකළ ගොඩනැගිල්ල  කාල පාසාද පිරිවෙණය. ඉන් අනතුරුව ජය ශ්‍රී මහා බෝධිය වෙනුවෙන් කළ බෝධිඝරයක්, මුල් ලෝවාමහාපාය, ලහ බත් ගෙය, දාන ශාලාව, බොහෝ පිරිවෙන් කුටි, රාත්‍රී ස්ථාන හා දිවා ස්ථාන ඇතුළු බොහෝ ගොඩනැගිලි කළ ආකාරය මහාවංශය දක්වයි. ( 15 පරිච්ඡේදය, 221 – 225 ගාථා)

තුන්වන ධර්ම සංඝායානවට මුල් වූ මහා පැණවත් මොග්ගලීපුත්ත තිස්ස හිමියන් සමීපයෙහි ශික්ෂණය ලබමින් අටුවා සහිත ත්‍රිපිටක ධර්මයත් විනයත් හදාරා ධර්ම විනය විෂයෙහි විශාරද වූ මිහිඳු හිමියන් දෙවන පෑතිස් රජු හා එක්ව මෙසේ ලක්දිව ආරම්භ කරනුයේ විනයධර භික්ෂු පරපුරක් සඳහා පසුබිමය. මහාවිහාර සම්ප්‍රදාය වූයේ එයයි. සමන්තපාසාදිකාවට අනුව මහාවිහාර ස්ථවිරවාදයේ මූලික ලක්ෂණය වූයේ බුදුන්වහන්සේ යම් ධර්මයක් හෝ විනයක් දෙසන ලද්දෙද එවා ඒ අයුරින්ම අකුරක් පිල්ලක් වෙනස් නොකර හදාරා පවත්වාගෙන යෑමය. පුරා අවුරුදු 2300 ක් තිස්සේ විවිධ අභියෝග ජයගනිමින් සිංහල භික්ෂූහු   මේ මහා සම්ප්‍රදාය රක්ෂා කරති.

මහා විහාර භූමිය ලංකාවේ බුදු සසුන රෝපණය කළ උත්තම භූමිය පමණක්  නොවේ. සිංහලයේ ශිල්ප කලා සම්ප්‍රදාය, වාස්තු විද්‍යා සම්ප්‍රදාය,  සාහිත්‍ය කලාව, චින්තන විධිය සැකසෙන්නේත්, ඉන් පෝෂණය ලද විධග්ධ මනුෂ්‍යන් පිරිසකගෙන් සමන්විත සිංහල බෞද්ධ සංස්කෘතිය පහළවන්නේත් මහාවිහාර භූමිය කේන්ද්‍රකර ගනිමිනි. එතැන් සිට පුරා වසර එක්දහස් තුන්සියයක් අනුරාධපුරය හෙබවූ රජවරු මේ භූමිය රක්ෂා කළහ. එය නඩත්තු කළහ. ඊට නවාංග එක් කළහ. කොතරම් ප්‍රභල රජෙක් වුවද මහාවිහාරයට එරෙහි වී නම් ජනතාව එක්ව ඒ රජුට එරෙහිව කැරළි ගැසූහ. අනුරාධපුර යුගය නිමා වූ විටත් රජවරු මේ පින්බිමට හැකි අයුරින් බුහුමන් කළහ. ලෝක සම්භාවනාවට පාත්‍රවූ ජාතියක සංස්කෘතික මහෝඝයෙහි කැඩපත මහාවිහාරය විය. අප විසින් මහත් හරසරින් වහරන මහාවංශයත් මහාවිහාරයෙන් ලද දායාදයකි. මහාවංශය මහාවිහාර සංඝ පරම්පරාවේ වීර කාව්‍යයක් බඳුය.

■     ලක්දිව සංඝ සමාජය පිහිටුවීම

මහාවංශය ප්‍රකාරව ලංකාවේ මුල්ම වරට පැවිදිවිමක් හා උපසම්පදාවක් ගැන සඳහනක් වන්නේ මහින්දාගමනය සිදුවූ දින සවසය. එදින මිහිඳු හිමියන් සමග පැමිණි දූත පිරිසේ සිට එකම ගිහියාවන භාණ්ඩුක කුමාරතෙම ග්‍රාම සීමාවෙහිම පැවිදිකොට උපසම්පදා කළහ. ( 14 පරිච්ඡේදය, 32-33 ගාථා). මිහිඳු හිමි ලක්දිව ගෙවූ පළමු වස්කාලයේ දී අරිට්ඨ කුමාරයා ඇතුළු ජ්‍යෙෂ්ට සොයුරන් පනස් පස් දෙනෙක් පැවිදි බිමට පිළිපන්හ. ( 16 පරිච්ඡේදය 10-11 ගාථා). මේ වනවිට අරිට්ඨ කුමරු දුමින්දාගමනය ඇතුළු බුද්ධාගම ලක්දිවෙහි පිහිටුවීම සඳහා යෙදුණු සියලු දූත ප්‍රයාම සාර්ථකව නිමා කර සිටියහ.

මහාඅරිට්ඨ තෙරුන් සහිත පනස් පස් නම මිහිඳු මා හිමියන් සමග එක්ව මුල්ම වස් කාලය  සෑගිරියෙහි ගත කළහ. ( 16 පරිච්ඡේදය, 16 ගාථාව) ලෙන්  හැට අටක්  දෙවනපෑතිස් රජ විසින් සකස් කර දුන්නේය. දේවානම්පියතිස්ස රජුගේ ලෙන් පූජාව පිළිබඳ සනාථවන එම රජුගේ නම සඳහන් පූර්ව භ්‍රාමීය ශිලා ලේඛණයක් හමුවී තිබේ. ( ඩයස් මාලනී, බෞද්ධ සංකෘතික ලේඛණ – 1999, 2 පිටුව). අදටත් ජීවමාන ලක්දිව උතුම් සංඝ සමාජයේ ආරම්භක අවස්ථාව එයය. විටෙක අභාවයට යමින් යළිත් උපදිමින් පැවතුන ලක්දිව සංඝ සමාජය අදත් රටට ඉටුවිය යුතු සමාජ සාමයික වගකීම් ඉටුකරමින් සිටිති.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඊයේ කැබිනට එකටත් 21 නෑ…

Next Post

ලංකාවේ සෑම පුද්ගලයින් 5 දෙනෙකුගෙන්ම 02ක් දරුණු දරිද්‍රතාවයක -ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව…

Related Posts

vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026
sri-maha-bodhi
සංස්කෘතිය

අමරිකාවට වැඩිය ජය ශ්‍රී මහා බෝධිය ටෙක්සාස් පොළොවේ පැල කරගන්න පඤ්ඤාකර හිමියන්ට උපකාර කරන විද්‍යාත්මක මෙහෙයුමේ කතාව….

මැයි 1, 2026
සංස්කෘතිය

මැකී ගිය යුග සලකුණ- ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ ගැන කතාවක්!

අප්‍රේල් 14, 2026 - Updated on අප්‍රේල් 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.