කොවිඩ් මැද ලෝක සංගීත කර්මාන්තය 2002ට පසු වැඩිම අදායම් උපයයි

'ස්ට්‍රීමිං' ප්‍රවණතාව සංගිත ක්ෂේත්‍රයේ ආදායම දෙගුණ තෙගුණ කරවන ලකුණු

දශක දෙකකට පසුව ලොව සංගීත ක්ෂේත්‍රයේ පටිගත කළ ගීත වැඩිම ආදායම් වාර්තා තබා ඇත්තේ පසුගිය වසරේදී ය. ඒ ඩොලර් බිලියන 21.6 ක ආදායමක් සටහන් කරමිනි.

කොවිඩ් අර්බුදය මැද ලෝකයේ සියලු ක්ෂේත්‍රවල ආදායම් පහළ යද්දී මෙසේ සංගීත කර්මාන්තය වාර්තාගත ලාබයක් ඉපැයීම සම්බන්ධයෙන් ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත් පත වාර්තා කර තිබුණේ ඊට වශයෙන් දායක වී ඇත්තේ නව්‍ය තොරතුරු තාක්ෂණය බවයි. අන්තර්ජාතික ශබ්ද විකාශන කර්මාන්තයේ (අයිඑෆ්පීඅයි) වාර්ෂික වාර්තාව උපුටා දක්වමින් එම පුත්පත පවසන්නේ සංගීත කර්මාන්තයේ ආදායම සියයට 7.4 කින් වර්ධනය වී ඇති බවයි.
පසුගිය වසරේ සජීවී සංගීත සංදර්ශන ලොව පුරා අවලංගු විමේ ත්තත්වයක් තුළ සමස්තයක් ලෙස සංගීත ්ෂ්‍රෙතුයේ පසුබෑමක් පෙනනුම් කළද ආදායම් ඉපැයීම අතින් දැවැන්ත පසුබෑමට ලක් නොවීමට මේ තත්ත්වය හේතු වී ඇත

බීටීඑස්, ටේලර් ස්විෆ්ට්, ඩ්‍රේක්, බිලී අයිලිෂ් සහ ද වීකෙන්ඩ් යන ලෝකප්‍රකට සංගීතවේදීන්, කණ්ඩායම් එම අලෙවිය ඉහළ නැංවීමට විශාල දායකත්වයක් දක්වා තිබේ.එසේම පසුගිය කාලය තුළ අන්තර්ජාලය හරහා ගීත ඇල්බම හුවමාරු වීම සහ සංයුක්ත තැටි (සීඩී) අලෙවිය පහළ යාම හේතුවෙන් ආදායම් පහළ වැටුණු අතර ඒ සියල්ල අභිභවමින් සංගිත ප්‍රවාහ (ස්ට්‍රීමිං ) හරහා ආදායම් වැඩි වී ඇත.
එම වාර්තාවට අනුව, මිලියන 443 කට වැඩි පිරිසක් දැන් සංගීත ප්‍රවාහයන් (streaming) මුදල් ගෙවා සක්‍රීය කරගෙන ඇත.
එයින් අදහස් වන්නේ 2020 දී මිලියන 102 ක ජනතාව නව ගිණුම් සඳහා ලියාපදිංචි වී ඇති බවයි.
2019 දී එය මිලියන 85 ක් සහ 2018 දී මිලියන 79 ක් විය. බීටීඑස් විසින් නිර්මාණය කරන ලද ‘මැප් ඔෆ් ද සෝල්: 7’ වඩාත්ම අලෙවි වූ ඇල්බමය වන අතර, සති අන්තයේ ‘බ්ලයින්ඩ් ලයිට්’ වැඩිම ආදායම් තැබූ ගීතය විය. එහි පිටපත් බිලියන 2.7 ක් අලෙවි විය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


2020 දී “වඩාත්ම ජනප්‍රිය” සහ “වැඩියෙන්ම අලෙවි වූ” ලෝකප්‍රකට කලාකරුවන් 10 දෙනා වන්නේ, බීටීඑස්, ටේලර් ස්විෆ්ට්, ඩ්‍රේක්, ද වීකෙන්ඩ් , බිලී අයිලිෂ්, එමිනෙම්, පෝස්ට් මැලෝන්, අරියානා ග්‍රාන්ඩේ, ජූස් WRLD සහ ජස්ටින් බීබර් ය. Spotify, Apple Music Deeze ස්පොටිෆයි(Spotify) සහ ඇපල් මියුසික් (Apple Music) ඩීස් Deeze ප්‍රවාහ තුළ ලැබූ සමස්ත ආදායමෙන් සියයට 62.1 ක් සංගීත ක්ෂේත්‍රයෙන් වන අතර එය ඩොලර් බිලියන 13.4 (ඩොලර් බිලියන 9.7)ක් ලෙසින් සටහන් වේ.

Exit mobile version