අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

වරුවෙන් වරුවට පාට වෙනස් කරගෙන ගෙවතු හැඩ කරන  බංගලි රෝස මල ගැන අපි නොදත් කතාව…

by editor
අප්‍රේල් 16, 2023
in ජීවිතය
Share on FacebookShare on Twitter

ගැමුණු සාලිය පෙරේරා.
මහජන සෞඛ්‍ය පරීක්ෂක , දෙහිවල ගල්කිස්ස මහානගර සභාව –

ශ්‍රී  ලංකාවේ උදවිය මේ මලට බංගලි රෝස කියලා කිවුවට, Confederate rose, කියන නම තමයි මේ මලේ ජනප්‍රිය නාමය වෙන්නේ.  cotton rose කියලත් කියනවා. දැන් ලෝක ව්‍යාප්ත වෙලා තිබුනට චීනය තමයි මේ මලේ නිජබිම.

ඇමරිකා එක්සත් ජනපදය බිහිවෙන්න කලින් ඇමරිකාව හඳුන්වනු ලැබුවේ Confederate States of America (CSA). ඒ කාලේ මේ මල ඇමරිකාවේ බොහොම ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේ මලට  Confederate rose,  කියල කියන්නේ.

විද්‍යාත්මකව Hibiscus mutabilis කියලයි කියන්නේ. හිබිස්කස් ගණය (සපත්තු මල්/ වද ගණය) (Hubiscus genus ) කියන්නේ වදමල්  එහෙම අයිති වෙන  මැලෝ පවුලේ එහෙම නැතිනම්, මැල්වාසියේ  (Mallow family/ Malvaceae.) කියන මල් පිපෙන ශාක අයත්වන පවුලකට. ලොව පුරා උණුසුම් සෞම්‍ය, උපනිවර්තන සහ නිවර්තන ප්‍රදේශවලට ආවේණික විශේෂ සිය ගණනක් ඇතුළත්වන මේ ගණයේ සාමාජිකයින් ඔවුන්ගේ විශාල, දර්ශනීය, විචිත්‍රවත් මල් සඳහා හරිම ප්‍රසිද්ධයි.

කපු , බන්ඩක්කා , වද එහෙම අයිති වෙන්නේ මේ මැලෝ පවුලට.

වද පවුලේ මේ මලේ තියෙන හරි අපූරු ලක්ෂණයක් තමයි දවසේ එක් එක් කාලවල දී මලේ පැහැය වෙනස් කිරීමේ හැකියාව. උදේ පාන්දරම කිරි සුදට පිපෙන මල දහවලට ලා රෝස පාටටත්, හවස් වෙත්දී තද රෝස , රතු පාටටත් හැරෙනවා. ඒ නිසා උද්‍යාන අලංකරණය කරන්නන්ගේ දැඩි මනාපයක් මේ මලට ලැබිල තියෙනවා .

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මලේ පාට වෙනස් වෙන්නේ කොහොමද.  .?

මේක බොහොම සංකීර්ණ ජෛව විද්‍යාත්මක ක්‍රියාවලියක්. ස්වාභාවික ශාක වර්ණක කාණ්ඩ තුනක් හිබිස්කස් මල්වල විචිත්‍රවත් වර්ණ  නිර්මාණය කරන්නට හේතු වෙනවා. ඇන්තොසයනින්ස් (Anthocyanins ) කියන වර්ණකය නිල්, දම්, රතු සහ රෝස වර්ණ නිපදවනවා. සුදුමැලි කහ හෝ සුදු වර්ණ සඳහා වගකියන්නේ ෆ්ලේවනෝල් වර්ණකය (Flavonols). කැරොටිනොයිඩ් වර්ණකය (Carotenoid) වර්ණාවලියේ “උණුසුම්” වර්ණ නිර්මාණය කරනවා (කහ, තැඹිලි සහ රතු).

උදේට මලේ ෆ්ලෙවනෝල් වැඩියි, ඇන්තොසයනින්, කැරටිනොයිඩ අඩුයි. දවල් වෙනකොට ශාකයේ පීඑච් අගය වැඩිවෙනකොට ඇන්තොසයනින් වැඩියෙන් හැදෙනවා. දැන් මල  රෝස පාට වෙන්න පටන් ගන්නවා. ඇන්තොසයනින් ජලයේ දියවෙන වර්ණකයක්. හිරුඑළියට, උණුසුමට සහ පීඑච් (ph value ) අගයට සංවේදියි.

දවල් වෙත්දී අර කිවුව සාධක වෙනස් වෙනකොට ඇන්තොසයනින් වියෝජනය වෙනවා. කැරටිනොයිඩ ජලයේ ද්‍රාවනය නොවන   මේද වල  ද්‍රාවන‍ෙවන වර්ණකයක්. හවස් වෙනකොට මලේ පාට තද රෝස, රතු හෝ තැඹිලි. මේ කිවුව ජෛව ක්‍රියාවලිය බංගලි රෝස ශාකයේ තියෙන ජානමය සාධක වලින් තමයි මෙහෙයවන්නෙ. ඒ සුවිශේෂී ජානමය ලක්ෂණය වද ගණයේ අනෙක් ශාකවලට නෑ.

https://www.gardeningknowhow.com/ornamental/flowers/hibiscus/hibiscus-turning-different-color.ht

බංගලි රෝස කෑමට , බෙහෙතට ගන්නත් පුලුවන් ද?

ඔවු…  වද මල් සහ කොළ ආහාරයට ගන්න පුලුවන් වගේම, බංගලි රෝසත් සමහර රටවල්වල  ආහාරයට ගන්නවා.

බංගලි රෝස කොලවල රුටීන් කියන (rutin) ෆ්ලේවනොයිඩ ය අඩංගුවන බවට සොයාගෙන තිබෙනවා. තේ කොල, ඇපල්, දෙහි, දොඩම්වල එහෙම තියෙන rutin වලට සමහර විද්‍යාඥයින් විටමින් P කියලත් කියනවා. රුධිර සංසරන පද්ධතියේ යහපැවැත්ම තහවුරු කරන රුධිර කේෂනාලිකා ශක්තිමත් කරන, ඇස්වල පෙනීම වැඩි දියුණු කරන්නට මෙන්ම , ශ්වසන පද්ධතිය ශක්තිමත් කරන්නටත්, ශ්වසන ආබාධ වලින් සහනයක් ලබා දෙන්නටත් හේතු විය හැකි, ප්‍රතිඔක්සිකාරක ගුණ අඩංගු ශාක රසායනිකයක් විදියට විද්‍යාඥයින් රුටින් (rutin) හඳුනාගෙන තියෙනවා.

මීට අමතරව මේ ශාකයේ පත්‍රවල ඖෂධ විද්‍යාත්මක ගුණ පිළිබද සිදු කර තිබෙන අධ්‍යනවලට අනුව , වේදනා සහ දැවිල්ල සමනය කිරීමේ, විෂනාශක, ශීතකාරක ගුණ සහ පුලුල් පරාසයක ශ්වසන ආබාධ සඳහා ගුණ සහිත අසාත්මිකතාවලට ගුණ ඖෂධයක් ලෙස හඳුනාගෙන තිබෙනවා.

බංගලි රෝස මල් ගැන කරල තියෙන අධ්‍යයනවලට අනුව, මල් සතුව, වේදනානාශක (antiphlogistic), දැවිල්ල ඇවිලිල්ල සමනය කරන (demulcent ) විසහරන ලේ පිරිසිදු කරන , (depurative) උණ අඩුකරන (febrifuge) , සෙම අඩු කරන (expectorant), ශ්වසන ආබාධ සමනය කරන,  ක්ෂයරෝගය සහ ස්වශන පද්ධතියේ පිලිකා සමනය කරන ,  උත්තේජක ගුණ (stimulant) වැනි ඖෂධීය  ගුණ රැසක හේතු විය හැකි බවත්, අනාගත ඖෂධ සංයෝජනය සඳහා ඉහළ බලාපොරොත්තු තැබිය හැකි මාහැඟි ඖෂධීය ශාකයක් ලෙසත් විද්‍යාඥයින් බංගලි රෝස හඳුනාගෙන තිබෙනවා.

වස විස හරනය, ලේ පිරිසිදු කිරීම සඳහා සහ ස්වසනාබාධ සඳහා භාවිත කිරීමේදි මේ ශාකයේ මල් සහ කොල යන දෙවර්ගය එකට භාවිත කිරීමෙන් වැඩි ප්‍රතිලාභයක් ලබා ගන්නට පුලුවන් කියල අධ්‍යයනවලින් වැඩිදුරටත් හෙලි වෙලා තියෙනවා.

බංගලි රෝස මල් හා කොල ශරීරයේ සිදුවන ඕනෑම ආකාරයක පිලිස්සීමක දී පිලිස්සුණු ස්ථානවල දැවිල්ල, වේදනාව සමනය කිරීමටත්, දියපට්ට ඇතිවීම වැලැක්වීමටත්,  තුවාල සුව කර ගැනීමටත් බොහොම ප්‍රයෝජනවත් ඖෂධයක් ලෙස භාවිත කිරීමේ හැකියාව ගැනත් විශේෂයෙන් සඳහන් කරන්නට ඕන.

https://tropical.theferns.info/viewtropical.php?id=Hibiscus+mutabilis

එමෙන්ම මේ වනතෙක් සිදු කර තිබෙන පර්යේණවලට අනුව බංගලි රෝසවල කිසිදු විසභාවයක්, අගුණයක් සොයාගෙන නෑ.

මේ කිව කරුණු කාරණා ඔක්කොම  සැලකිල්ල  ගත්තාම, ඔබේ ගෙවත්තේ තිබිය යුතුම විචිත්‍ර මල් කුමාරියක්, ඔසු ගුණ රාජිනියක් තමයි බංගලි රෝස කියන්නේ .

Tags: නවතම
Share69Tweet43
Previous Post

අවුරුද්දට නෙළුව අත්තම්ගේ ගෙදර ආපු පොඩි එකෙක් ආ ගිය අතක් නැතිව අතුරුදහන්…

Next Post

මග දෙපස භාණ්ඩ විකිණීමේ අවසරය 19න් අවසන්…

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.