බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

ලෝකයම මවිත කළ කේරළ සෞඛ්‍ය ඇමතිනියගේ කොරෝනා මෙහෙයුම…

by Lanka Sara Editor
මැයි 30, 2020
in ජීවිතය, සෞඛ්‍යය
Share on FacebookShare on Twitter

ලොව පුරා පැතිර පවතින කොවිඩ්-19 වසංගතයෙන් ඉන්දියාව ද වැඩිම හානියට ලක්ව ඇති 8 වැනි රට බවට පත්ව තිබේ. ඒ මේ වනවිට 174000කට අධික පිරිසකට එම වෛරසය ආසාදනය කරමිනි. පන්දහසකට ආසන්න ඉන්දියානුවන් පිරිසක් කොරෝනා වසංගතයෙන් දැනටමත් මියගොස් ඇත. දිනකට ඉන්දියාව පුරා දහස් ගණනක් රෝගීන් වාර්තාවෙමින් තිබේ. හැකි සෑම පියවරක්ම ගනිමින් සිටියත් ඉන්දියාව තවමත් කොරෝනා පාලනයට නම් බොහෝ දුර ය. එහෙත් ආර්ථිකමය ශක්තියක් නැති කේරළය කොවිඩ්-19 සාර්ථක ලෙස පාලනය කර තිබීම පිළිබද ලොවම අවධානය යොමුකරන්නට පටන්ගෙන ඇති කරුණකි. ඒ කෙසේද?

ජනවාරි 20 වැනිදා කේ.කේ. ෂයිලාජා ඇගේ වෛද්‍ය පුහුණුව ලත් නියෝජිතයකුට දුරකථන ඇමතුමක් දුන්නා ය. ඒ ඇය අන්තර්ජාලය හරහා කියවා තිබු චීනයේ පැතිරෙන භයානක නව වෛරසයක් ගැන විමසීමට ය. “එය අපට පැමිණේවිද?” ඇය ඇසුවාය. “නිසැකවම මැඩම්,” ඔහු පිළිතුරු දුන්නේය. තැතිගත් ඇය වහා සිය කටයුතු නවතා දැමීය. අලුත් සටනකට සූදානම් වනවාක් මෙන් ඇය වහාම පිරිස රැස් කළාය. ඒ කේරළයේ සෞඛ්‍ය අමාත්‍යවරියයි.

මාස 4කට පසුව කේරළය පුරාවටම වාර්තා වූයේ කොරෝනා ආසාදිතයන් 54ක් පමණි. රෝගීන් 4 දෙනකු මියගොස් තිබුණ ද ඉන්දියාවේ සෙසු ප්‍රාන්ත හා සැසදීමේදී මෙය විස්මයජනක පාලන තත්ත්වයක් පෙන්නුම් කළේය. අදටත් කිසිදු සමාජ වෛරස සම්ප්‍රේෂකයකු වාර්තා වී නැත. මිලියන 35ක ජනතාව වෙසෙන කේරළය වැනි ප්‍රාන්තයක් ඒය පාලනය කර තිබීම පුදුමසහගත විය. නමුත් මේ මොහොතේත් කේරළය සිදුවිය හැකි නරකම දේට සූදානම් වෙමින් සිටියි.

කොරෝනා සටනට සාර්ථකව උරදෙන මගපෙන්වන්නා වූ 63 හැවිරිදි සෞඛ්‍ය අමාත්‍යවරියට ‘කොරෝනා ඝාතකයා’ ‘රොක්තරුව’ ආදී නම් ද විය. කෙසේහෝවේවා ඇයට ඒම නම් ලැබෙන්නේ කොරෝනා පාලනය වෙනුවෙන් ඇය ක්‍රියාත්මක වූ ආකාරය නිසයි. චීනයේ වෛරසය ගැන දැනගත් වහාම ඇය වසංගත හදිසි ප්‍රතිචාර කණ්ඩායම් කැදවීමයි. පසුදිනම ඇය කේරළයේ දිස්‍ත්‍රික් 14 සදහාම වෛද්‍ය නිලධාරීන්ගෙන් සමන්විත පාලන මධ්‍යස්ථානයක් බැගින් පිහිටුවීය.

ඉන්දියාවේ පළමු කොවිඩ්-19 ආසාදිතයා වාර්තා වන්නේ ජනවාරි 27 වැනිදායි. ඒ වූහාන්වලින් පැමිණි අයෙකුගෙනි. මෙම සිද්ධිය දැනගත් වහාම ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත්කර ඇති පරිදි කොරෝනා වැළැක්වීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට පටන් ගත්තේ ය. ඒ පරීක්ෂා කිරීම, ලුහුබැඳීම, හුදකලා කිරීම සහ සහාය දීම ය.

චීනයෙන් පැමිණෙන සියලු ගුවන් මගීන් පරීක්ෂා කෙරුණු අතර රෝගීන් තිදෙනකු හමුවිය. වහාම ඔවුන් හුදෙකලා කර ප්‍රතිකාර ඇරඹුණු අතර සෙසු මගීන් සියල්ලෝම විස්තර පත්‍රිකාවක් සමගම නිවෙද්වල නිරෝධායනයට පියවර ගැනිණ. පෙබරවාරි වනවිට ගුවන්තොටුපල ආවේක්ෂණ කණ්ඩායම් ස්ථානගත කෙරිණ. විදෙස්ගතව සිට පැමිණි කේරළ වාසීන් සොයමින් ඔවුන් හා සම්බන්ධ වූ සියලු දෙනා හදුනාගෙන නිරෝධායකනට ලක්කිරීමේ ක්‍රියාවලිය සිදුකෙරිණි. සියගණන් ඇතැම් විට දහස් ගණන් දෙනා පසුපස යාමට ඔවුන්ට සිදුවිය. ක්‍රමානුකූලව සියලුම මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ දැනුම්වත් කිරීම් ඇරඹිණ.

මීළග ලොකුම අභියෝගය වූයේ විදේශවල සේවය කළ කේරළවාසීන්ගේ පැමිණීමයි. ඔවුන්ගෙන් බොහොමයක් වෛරසය ගෙනෙමින් තිබිණ. මාර්තු 23 වැනිදා වහාම සියලුම ගුවන් ගමන් නවතා දැමුණේ කේරළයේ ජාත්‍යන්තර ගුවන්තොටුපලවල් 4ක් අක්‍රිය කර දමමිනි. දින දෙකකට පසුව මුළුමහත් ඉන්දියාවම ලොක්ඩවුන් ක්‍රියාමාර්ගය හෙවත් හුදෙකලා කිරීමේ සීමා පැනවිණ.

කේරළයේ කොරෝනා පැතිරෙන උච්ඡතම අවදියේදී පුද්ගලයන් 170,000ක් නිරෝධානයට ලක්කර තිබුණි. ප්‍රාන්තයම ආවරණය වන පරිදි පිහිටු වූ මධ්‍යස්ථානවල නිරන්තර ආවේක්ෂණ ක්‍රියාවලිය දැඩි ලෙස ක්‍රියාත්මක විය. නාන කාමරයක් නොමැති නිවැසියන් වැඩිදියුණු කරන ලද හුදෙකලා කිරීමේ කුඩා ඒකකවල රජයේ වියදමින් පවුල් රදවා නිරෝධායනය කෙරිණි. සංක්‍රමණික සේවකයන් 150000කට නවාතැන්, ආහාර සියල්ල සපයමින් නිරෝධායනයට ලක්කිරීමට කේරළ රජය කටයුතු කළේය. ඔවුන් අසල ප්‍රාන්තවල සේවය කරන්නවුන් ය. සති 6ක් තිස්සේ ඔවුන් හුදෙකලා කර නිරෝධායනය කළ අතර මේ වනවිට ඔවුන් සාමාන්‍ය පරිදි කටයුතුවල නිරත වී සිටියි.

කේරළ සෞඛ්‍ය අමාත්‍යවරිය කාගේත් කතාබහට ලක්වූයේ මුළුමහත් ඉන්දියාවටම පෙර ඇය තම ප්‍රාන්තය කොවිඩ්-19 වෛරසයෙන් ආරක්ෂා කිරීම සදහා වහාම පියවර ගැනීම නිසාය. “නිරෝධායන නීති පනවා ආසාදිතයන් සොයන්න ගත්තම මුලින් අපිට ඉතාම අමාරු වුණා. කේරළ වැසියන් බියවී අසල ප්‍රාන්තවලට පලායාමට පටන්ගත් නිසා. ඔවුන්ට මෙය හුරු නැති නිසා ඔවුන් බියෙන් පලායන්නට වුණා. අපිට නිරන්තරයෙන් සාකච්ඡා කරමින් අපේ ක්‍රියාමාර්ග දැඩි කරන්නට වුණේ පාලා යන මිනිසුන් අල්ලා නිරෝධායනය කරන්න, පරීක්ෂණ කරන්න වූ නිසයි. මේක පාලනය කරන්න අපිට වෙනම උපදේශන සේවා ක්‍රියාත්මක කරන්න වුණා මිනිසුන්ගේ හිත් හදන්න. අපි මුලින්ම ඔවුන්ගේ ඔලුවට දුන්නේ කොරෝනා රෝගියකු කැස්සත් ඔබ මීටරයක් දුරින් ඉන්නවා නම් ඔබ ආරක්ෂිතයි කියලයි. ඉන්පසුව ඔවුන් පලායන ඒක ක්‍රමයෙන් නැවතුණා.” සෞඛ්‍ය අමාත්‍යවරිය පැවසුවාය.

ඉන්දියාව මැයි 17 වැනිදා ලොක්ඩවුන් සීමා ඉවත් කරන බව පවසා දෙවරක් දින වෙනස් කළ ද ඉන්පසුව සිදුවන ව්‍යසන ත්තත්වයට මුහුණදීමට කේරළ සෞඛ්‍ය අමාත්‍යවරිය වහා පියවර ගත්තාය. සිදුවිය හැකි වඩා නරකම දේට මුහුණ දීම උදෙසා ඇස කේරළයේ සෞඛ්‍ය බලධාරීන් හා රජය සමග ඒක්ව A,B,C ආදි වශයෙන් සැලසුම් සකස් කළේ ක්‍රමානුකූලව තත්වය අයහපත් වන තරමට ඊළග සැලසුම ක්‍රියාත්මක කිරීම සදහායි. නරකම අවස්ථාව වෙනුවෙන් ඔවුන් බලහත්කාරයෙන් මෙන් කේරළයේ සියලුම හෝටල්, නේවාසිකාගාර, නවාතැන්පොළවල්, සම්මන්ත්‍රණ ශාලා වෙත ඇදන් 165000ක් පමණ දමා සූදානම් කළේ ය. වෛද්‍ය උපකරණවල හිගතා ඇතිවුණත් වඩා වැදගත්ම දේ මිනිස් ශ්‍රමය බැවින් සියලුම ගුරුවරුන් කැදවා ඔවුන්ට කොරෝනා ප්‍රාථමික පරීක්ෂණ හා සෞඛ්‍ය සේවා පුහුණුවීම් කිරීමට ඇරඹීය.

මිලියන 35ක් ජීවත් වන කේරළයේ මේ වනවිට ආසාදිතයන් ගණන 1088ක් හා මරණ 7කින් පාලනය වීම තවම යහපත් තත්වයකි. ඒ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය 60000කට ආසන්න ආසාදිතයන් මෙන්ම මරණ 2000ක් පමණ වාර්තා කර ඇති අවධියකදීය. ඉන්දියාව මේ වනවිට ලොව වැඩිම කොරෝනා සිද්ධීන් වාර්තා වූ 8 වැනි රට බවට පත්ව ඇත්තේ 174000ක් ආසාදිතයන් වාර්තා කරමිනි. ඉන්දියාව පුරා මරණ 5000කට ආසන්න ගණනක් වාර්තා වී ඇත.

කේරළයේ කොවිඩ්-19 සාර්ථකත්වය ගැන සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් විමසූ කළ ඇය කෙටි පිළිතුරක් දුන්නේ මෙසේය. “හොදම සැලසුම ඉක්මණින්ම”

පමුදිනී හෙට්ටිගොඩ

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Tags: නවතම
Share71Tweet43
Previous Post

බූරු පුතෙකුගේ මරණීය විගඩම

Next Post

ජීවන් තොන්ඩමන්ගේ නාඩගමට පී.එච්.අයි. මහත්වරුන්ගෙන් තර්ජනයක්…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.