fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

ලොව පුරා ඉලෙක්ට්‍රොනික භාණ්ඩ හිඟයක්

වසර 2ක් ago
in ජීවිතය
453 4
0
Share on FacebookShare on Twitter

තිබෙන දේ රැක ගන්න පියවර 10ක්

කොවිඩ් වසංගතය පළමුවෙන්ම බැට දුන්නේ චීනයටය. චීනය යනු ලෝකයේ සුපිරිතම සන්නාම බොහෝමයක ප්‍රධාන නිෂ්පාදනාගාරයයි.

ඇමෙරිකාවේ ඇපල් දුරකථනයේ සිට මෙකී නොකී බොහෝ ඉලෙක්ටෝනික උපාංග නිපදවෙන්නේ චීනයේය.
කොරෝනා වසංගතය ඉලෙක්ට්‍රොනික උපාංගවල තියුනු ඉල්ලුමක් ඇති කළේය.

ලොක්ඩවුන් වී නිවසේ සිටි බොහෝ අයගේ කාලය වැය කිරීමට පිළිසරණය වූයේ මේ ඉලෙක්ට්‍රොනික උපාංග ය.

දැඩි රස්නය සමඟ සිටි ශ්‍රි ලංකාව වැනි රටවල නාගරික ජනතාවට වෙනදාට වඩා විදුලි පංකා වුවමනා විය.

ඇතැම් ඇති හැකි අය අමතර වායු සමන යන්ත්‍ර සවි කර ගත්හ. නිවසේ වැඩි වෙලායක් සිටින ඔවුන්ට ජංගම දුරකථනය තරම් විශ්වාසවන්තයෙක් නොමැති තරම් විය.

මේ නිසා විශේෂයෙන් ජංගම දුරකථන භාවිතය ඉහළ ගියේය. ඇතැම් පවුල්වල ජංගම දුරකථනයට හරහා ඇතැම් අනියම් සබඳතා වැඩිදුර දිගු හැරුණේය.

ඒ වෙලාවේ ඇතැම් සැමියන්ගේ සහ බිරින්දෑවරුන්ගේ දුරකථන හදිසි කෝපය හරහා කුඩු පට්ටම් වෙද්දීද කොවිඩ් සමයේ දුරකථන ඉල්ලුම් වැඩි වූ බව එම ව්‍යාපාරිකයන්ගේ අත්දැකීමයි.

දරුවන්ට පාසල් අධ්‍යාපනයද අන්තර්ජාලයට හැරවිණ. මේ නිසා ජංගම දුරකථන ලැප්ටොප් භාවිතය පමණක් නොව කුඩා ප්‍රමාණයේ මුද්‍රණ යන්ත්‍ර භාවිතයද ඉහළ ගියේය.

වැඩි වේලාවක් නිවසේ සිටින සිටින පුද්ගලයන්ට කාලය ගත කිරීම වෙනුවෙන් රූපවාහිනි ඇතුළු විනෝදාස්වාද උපකරණ වැඩියෙන් ඕනෑ විය.

ගෘහණියන් සහ ගැහැණු දරුවන් යූ ටියුබයෙන් නරඹන ඉවුම් පිහුම් ශිල්ප දැක්වීමට කුස්සියට අවශ්‍ය විදුලි උපකරණ ඉහළට ආවේය.

මේ අතරේ නිවසේ සිට කාර්යාල වැඩ කිරීමද පරිගණක,ලැප්ටොප්, ටැබ් මුද්‍රණ යන්ත්‍ර සහ ස්මාර්ට් ජංගම දුරකථන අලෙවියට අලුත් ඉල්ලුමක් එක් කළේය. මේ තත්ත්වය ලංකාවටත් එකය. ලෝකයටත් එකය.

මෙවැනි තත්ත්වයක් තුළ සිදුවූයේ ලෝකයේම ඉලෙක්ට්‍රොනික ඉල්ලුම අතිශයින්ම ඉහළ යාමය. මේ අධික ඉල්ලුම හේතුවෙන් පසුගිය ඇඳිරි නීතිය දිනවල කොළඹට තදාසන්න නගරවල ඉලෙක්ට්‍රොනික භාණ්ඩ අලෙවි කරන ඇතම් සමාගම්වලට පස්සා දොරෙන් රහසිගත ව එවැනි උපකරණ විකිණීමට සිදුවන තතත්වයක් නිර්මාණය විය.

දැන් කොවිඩ් වසංගතය කෙමෙන් කෙළවර වී යද්දී බොහෝ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ අලෙවිසැල්වල රාක්ක හිස්වෙමින් ඇත. එසේම බොහෝ ජංගම දුරකථන සහ පරිගණක අමතර උපාංග හි වෙමින් ඇත.

මෙයට ප්‍රධානතම හේතුවක් වන්නේ මෙරට පැවැති තොග විශාල වශයෙන් හිස් වීම මෙන්ම මේ වනවිට චීනය වැනි රටවල නිෂ්පාදන අඩාළ වී ඇති පසුබිමක් තුළ භාණ්ඩ හිගයක් නිර්මාණය වීමය.

එබැවින් ඇතැම් ගෝලීය මට්ටමේ ආයතන ලෝකය පුරා විසිර සිටින තම සේවක සේවිකාවන්ට උපදෙස් ලබා දී ඇත්තේ තමන් සතු ජංගම දුරකථන පරිගණක උපාංග ප්‍රවේශමෙන් පරිහරණය කරන ලෙසටය.

යම් හෙයකින් මෙම උපකරණ අකර්මණ්‍ය වුවහොත් කොවිඩ් 19 වසංගයෙන් පසු පිබිදෙන ලෝකයේ ඇතැම් කටයුතු අනවශ්‍ය ලෙස ප්‍රමාද කරවීමට හේතු විය හැකි බවට ඔවුන් මත පල කිරීමය.

ඇමෙරිකා‍වේ ඉලෙක්ට්‍රොනික උපාංග පිළිබඳ විශේෂඥයකු වන ජෝ සිල්වර් මෙම ඉලෙක්ට්‍රොනික උපාංග මේ කාලයේදී පරෙස්ම් කර ගැනීම පිළිබඳව උපදෙස් කිහිපයක් දෙන්නේ මෙසේය.

  1. දුහුවිලේලෙන් උණුසුමෙන් බේරා ගන්න.
    ලැප්ටොප්, ඩෙස්ක්ටොප් පරිගණක සහ එල්.ඊ.ඩීරූපවාහිනි වැනි උපාංගවල අංක එකේ මාරයා වන්නේ දුහුවිල්ල සහ උණුසුමයි. යි. නිතර දුහුවිලි පිස දැමීම සතියකට කිහිප වතාවක් සම්පීඩක වැකියුම් ක්ලීනර් කෑන් එකකින් අභ්‍යන්තරයේ පවතින දුහුවිලි අවශෝෂණය කරන්න.
  2. අධික ලෙස රත්වීම වැළැක්වීමට ලප්ටොප් පරිගණකවල පාදමට අතිරේක පංකාවක් සවි කරන්න. අධික ලෙස රත්වීමට ලක් වන්නේ නම් ටික වෙලාවක් උපකරණ නිවා දමා පාවිච්චි කරන්න. සෘජුව හිරු එළිය වැටෙන ස්ථානවල කිසිදු ඉලෙක්ට්‍රොනික උපකරණයක් නොතබන්න.
  3. ලැප්ටොප් බැටරිය රැක ගන්න. මාස කිහිපයකට වරක්වත් ලැප්ටොප් බැටරිය බිංදුව දක්වා ආරෝපණය අඩු කරන්න. පසුව සියයට සියයක් දක්වා යළි ආරෝපණය කරන්න.සෑම විටෙකම ලැප්ටොප් පරිගණකය විදුලියට සම්බන්ධ කර තබන්න එපා. වරින් වර එය විදුලි පේනුවෙන් විසන්ධි කරන්න.
  4. පරිගණක මෙහෙයුම් පද්ධති නිතර නිතර යාවත්කාලීන (Operating Systems Updating) නොකරන්න. එවිට ඇතැම් විට ඔබගේ පරිගණකය සමඟ සම්බන්ධිත සෙසු උපාංග එකම් මුද්‍රණ යන්ත්‍ර ඩොංගල් ඇතැම් විට එක්ස්ටර්නල් හාඩ් ඩිස්ක් පවා ඊට අනුකූල නොවී පැවතිමේ ඉඩක් ඇත.
  5. තෙතමනයෙන් ද ඈත්කොට තබන්න. උණුසුම මෙන්ම තෙතමනයද ඉලෙක්ට්‍රොනික උපාංගවලට සුදුසු නැත.
  6. බිම දමා ගන්න එපා.
  7. ඇතැම් කුඩා කෘමි සතුන් හූනන් ඇතුළු වීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීම වැදගත්ය. එසේම ඇතැම් නිවාසවල සිවිලිම් උඩ සිට විවිධ සතුන් මූත්‍රා කිරීමෙන්ද ඇතැම් ඉලෙක්ට්‍රොනික උපකරණවලට හානි සිදුවෙයි. එබැවින් එවැනි අනතුරු වළක්වා ගැනීමටද කල්පනා කාරී විය යුතුය.
  8. ඕනෑම ඉලෙක්ට්‍රොනික උපකරණයක ජීව කාලයට එය සක්‍රියව පවතින කාල සීමාවද බලපායි. ඔබ යම් උපකරණයක් භාවිත නොකරන්නේ නම් එය හකි සෑම විටෙකම අක්‍රිය කොට තබන්න.
  9. මුළුතැන්ගෙයි ඉලෙක්ට්‍රොනික උපකරණ භාවිතයෙන් පසු හොඳින් පිරිසිදු කොට තෙතමනය හෝ අධික උණුසුම රහිත තැන්වලින් ඈත් කොට වියලි සිසිල් ස්ථානවල තබන්න.
  10. කුඩා දරුවන් අතින් ඉලෙක්ට්‍රොනික උපකරණවලටත් දරුවන්ටත් අනවශ්‍ය අනතුරු හානි සිදුවිය හැකි බැවින් හැකිතාක් ඔවුන්ගෙන් මෙම උපකරණ ඈත් තොට තබන්න. නැතිනම් දරුවන්ට මේවා ප්‍රෙව්ශමෙන් පරිහරණය ගැන කුඩා කල සිටම හුරු කරවන්න.
  11. සෑම උපකරණයක්ම භාවිතයේදීම එහි නිෂ්පාදකයා විසින් දෙන ලද උපදෙස්වලට අනුකූලව භාවිත කරන්න.
  12.  නිවසේ විදුලි සැපයුමේ පවතින යම් යම් දෝෂ උපකරණවලට හානි ගෙන දිය හැකි බැවින් නිවසේ විදුලි පද්ධතිය නිසි ලෙස පරීක්ෂා කොට තබන්න.
Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයන් 10කට කොරෝනා

Next Post

“කරුණා අම්මාන්ගේ මිනීමරු ප්‍රකාශය හමුවේ පාලකයින් මුනිවත රකිනවා”

Related Posts

Coronavirus COVID-19 single dose small vials and multi dose in scientist hands concept. Research for new novel corona virus immunization drug.

කොවිඩ් බියක් නැතිවිට නුවර පාසල් දරුවන්ට කොවිඩ් කාලයේත් නැති කොවිඩ් එන්නත් මොකටද?…

මැයි 24, 2022
අරුණි විජේවර්ධන

නව විදේශ ලේකම් අරුණි විජේවර්ධන වැඩ භාර ගනී

මැයි 23, 2022

පෙර හෙළ රජ කල සිට පැවතෙන  වෙසක් සිරිත…

මැයි 14, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • අගමැතිගෙන් ලංකාවට ඉදිරියේ පිහිටට එන අය ගැන ඉඟියක්
  • සබන් නිෂ්පාදනයෙන් දියුණු වෙන ග්‍රාමීය කාන්තාවන්
  • සේවයට ගෙන්වන පිරිස් සීමා කර රාජ්‍ය සේවයේ වියදම් අඩු කළ හැකි ද?
  • සියලුම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට ඉල්ලා අස්වන ලෙස නව ජනමාධ්‍ය ඇමති දැනුම් දෙයි!
  • 21ට පක්ෂ නායකයෝ එකඟ වෙති! ජවිපෙ සහ ටීඑන්ඒ හමුවට පැමිණ නෑ….

ජනප්‍රිය පුවත්

  • හොර පාස්පෝට් නඩුවට ශෂී වීරවංශ වරදකරු වෙයි… අවුරුදු 02ක් හිරේට….

    174 shares
    Share 70 Tweet 44
  • ඇමති ධුරගෙන  පක්ෂ රැස්වීමට පැමිණි නිමල් – අමරවීර සභාවේ  කොන් වෙයි…

    218 shares
    Share 87 Tweet 55
  • රාජ්‍ය සේවකයින්ගේ බලාපොරොත්තු සුන්…  වැටුප් වැඩිවීමක් නෑ…

    209 shares
    Share 84 Tweet 52
  • අවුරුද්දේ මුල් කාර්තුවේ නිමි තේ නිශ්පාදනය කිලෝ ලක්ෂ 40කින් අඩු වෙලා… නැතිවුණු විදේශ විනිමය ඩොලර් මිලියන 73ක්….

    208 shares
    Share 83 Tweet 52
  • සහන අයවැයෙන් රාජ්‍ය සේවකයින්ට සැලකිය යුතු වැටුප් වැඩි වීමක්! – මුදල් ඇමති රනිල් කියයි…

    288 shares
    Share 115 Tweet 72
  • ඩොලර් සංචිත හින්දවා රට බංකොලොත් කළ හැටි මුදල් මණ්ඩල සාමාජිකාවක් කෝප් කමිටුවේ දී හෙළි කරයි! ( වීඩියෝ සහිතයි)

    260 shares
    Share 104 Tweet 65

Highlights

සියලුම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට ඉල්ලා අස්වන ලෙස නව ජනමාධ්‍ය ඇමති දැනුම් දෙයි!

21ට පක්ෂ නායකයෝ එකඟ වෙති! ජවිපෙ සහ ටීඑන්ඒ හමුවට පැමිණ නෑ….

ජම්මු කාශ්මීර ගොවීන් තාක්ෂණික ගොවිතැනට

ට්‍රිලියනයක් අච්චු ගහන්නේ ධන කුවේරයන්ට බදු සහන දෙන්නද? සජිත් අසයි

බෙහෙත් නැතිව මැරෙන්න වැටුණු දුගී ජීවිත අසල- අමුතු ඩීල් එකකට යන  සිරිපාල – රඹුක්වැල්ල

ජන වරමක් නැති මේ පිං අගමැතිට 21න් ලැබෙන බලය හොබවන්න අයිතියක් නෑ…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

Ranil Wickremesinghe

අගමැතිගෙන් ලංකාවට ඉදිරියේ පිහිටට එන අය ගැන ඉඟියක්

by Lankasara News
මැයි 28, 2022
0

ශ්‍රී ලංකාවට විදේශ ආධාර ලබාදීමට සමූහයක්...

Herbal Soap

සබන් නිෂ්පාදනයෙන් දියුණු වෙන ග්‍රාමීය කාන්තාවන්

by Lankasara News
මැයි 27, 2022
0

ග්‍රාමීය ප්‍රදේශයක් වන ජබල්පූර් හි කාන්තාවන්...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist