අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

රටේ අභිමානය ලෝකයට පෙන්නූ වේගා නිර්මාතෘ කී කතාව!

by editor
මාර්තු 6, 2023
in ජීවිතය
Vega
Share on FacebookShare on Twitter

බීබීසී –

පූර්ණ වශයෙන් මෙරට දී නිෂ්පාදනය කෙරුණු’ වේගා මෝටර් රථයට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුමැතිය සිකුරාදා (මාර්තු 03 වැනිදා) හිමිවිය.

ඒ අනුව, පූර්ණ වශයෙන් මෙරට දී නිෂ්පාදනය කරන ලද මෝටර් රථයක් ලියාපදිංචි කරන ලද ප්‍රථම අවස්ථාව ලෙස මෙය ඉතිහාසගත වනු ඇත.

එහිදී පළමු වේගා මෝටර් රථය සඳහා ලියාපදිංචි අංක තහඩුව නිකුත් කිරීම ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා වේගා මෝටර් රථය නිර්මාණය කළ කෝඩ්ජෙන් ඉන්ටර්නැෂනල් සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හර්ෂ සුබසිංහ වෙත එම අංක තහඩුව ලබා දුන්නේ ය.

Harsha-Subasinghe
කෝඩ්ජෙන් ඉන්ටර්නැෂනල් සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හර්ෂ සුබසිංහ

වේගා මෝටර් රථයේ ආරම්භය

පරිගණක මෘදුකාංග නිෂ්පාදන සමාගමක් වූ කෝඩ්ජෙන් ඉන්ටර්නැෂනල් සමාගම 2014 වසරේ දී මෙම මෝටර් රථයේ නිෂ්පාදන කටයුතු ආරම්භ කළේ ය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සුපර් කාර් ගණයට වැටෙන මෙම රථයේ සියලු කොටස් සහ මෘදුකාංග ශ්‍රී ලංකාව තුළ ම නිර්මාණය කර නිපදවීම විශේෂත්වයකි.

වේගා කාර් රථය පැයට කිලෝමීටර් 240ක උපරිම වේගයකින් ධාවනය කළ හැකි අතර එක් වරක් බැටරිය ආරෝපණය කිරීමෙන් පසු කිලෝමීටර් 240ක උපරිම දුරක් ධාවනය කිරීමේ හැකියාව පවතින බව එම සමාගම පවසයි.

මෙම මෝටර් රථයට අමතරව ත්‍රිරෝද රථයක් සහ විද්‍යුත් යතුරු පැදියක් ද කෝඩ්ජෙන් ඉන්ටර්නැෂනල් සමාගම නිෂ්පාදනය කර තිබේ.

“ශ්‍රී ලංකාවට පුළුවන් කියලා ලෝකයේ බලවතුන්ට පෙන්වන්න හැකි වුණා”

වේගා ඉනොවේෂන්ස් ආයතනය අයත් කෝඩ්ජෙන් ඉන්ටර්නැෂනල් සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හර්ෂ සුබසිංහ යනු ලන්ඩන් සිටි විශ්වවිද්‍යාලයයෙන් කෘත්‍රිම බුද්ධිය සහ මෘදුකාංග පිළිබඳ ආචාර්ය උපාධියක් ලබාගත් ව්‍යවසායකයෙකි.

ඔහු බීබීසී සිංහල සේවය සමග පැවසුවේ, වේගා මෝටර් රථය නිර්මාණය කිරීම මගින් ලෝකයේ ව්‍යාපාරික බලවතුන් වන ඊලොන් මස්ක් වැනි දැවැන්තයින් අතරට ශ්‍රී ලංකාවේ වේගා නාමය ගෙන යාමට හැකි වූ බව ය.

“ශ්‍රී ලංකාවට මේ වගේ ලෝකයේ හොඳ ම වාහන නිපදවන්න පුළුවන් කියලා අපට මේ හරහා පෙන්වන්න පුළුවන් වුණා. ඊලොන් මස්ක් වැනි මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත්‍රයේ දැවැන්තයින් අපි ගැන ශ්‍රී ලංකාව ගැන දැන් හොඳින් දන්නවා. ඒක ගැන ම‌ට ලොකු සතුටක් තියෙනවා. මට මූලිකව අවශ්‍ය වුණේ, ශ්‍රී ලංකාවට මේ දේ කරන්න පුළුවන් කියන එක ලෝකයට ඔප්පු කරල පෙන්වන්න යි. ඊට අමතරව අපි නිෂ්පාදනය කරන කාර් එක, ත්‍රීවීලර් එක සහ යතුරු පැදිය විදුලි බලයෙන් ක්‍රියාත්මක වෙන නිසා පරිසර දූෂණය අවම වෙනවා. අපි දැනටමත් පරක්කු වැඩියි. පරිසරය ගැන මීට වඩා ගොඩක් හිතන්න අවශ්‍යයි,” ආචාර්ය හර්ෂ සුබසිංහ පැවසීය.

Harsha-Subasinghe
නව නිශ්පාදන…

සුපිරි මෝටර් රථයක් නිෂ්පාදනය කළේ ඇයි?

“මට අවශ්‍ය වුණේ ලෝකයේ හොඳ ම මෝටර් රථය නිෂ්පාදනය කරන්න. හොඳ ම මෝටර් රථය නිෂ්පාදනය කළාට පස්සේ ඊට වඩා පහළ මෝටර් රථ නිෂ්පාදනය කිරීම ඉතා පහසුයි. ඒ නිසා අපි පටන් ගත්තේ අමාරු ම තැනින්. මුලින් මෝටර් රථය නිපදවලා ඊට පස්සේ ත්‍රිරෝද රථයක් සහ යතුරු පැදියක් නිෂ්පාදනය කළා. ඉදිරියේ දී තවත් නිෂ්පාදන කරන්න අපේක්ෂා කරනවා‍.”

ආචාර්ය සුබසිංහ ප්‍රකාශ කළේ, තවත් මාස කිහිපයකින් “ලෝකයේ හොඳ ම ත්‍රිරෝද රථය” ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට ඉදිරිපත් කරන බව ය.

“ලෝකයේ හොඳ ම ත්‍රීවීලර් එක තව මාස කිහිපයකින් මිල දී ගන්න ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව උදා වෙනවා. ඒක සාමාන්‍ය ත්‍රිරෝද රථයක් නෙවෙයි. බෙන්ස් කාර් එකක ගියා වගේ අත්දැකීමක් ලැබෙන වාහනයක් ඒක. ඒ වගේ ම යතුරුපැදියත් වෙළෙඳපොළට නිකුත් කරනවා.”

“වේගා කාර් එක සුපර් කාර් වර්ගයේ එකක්. ඒක හැමෝට ම මිල දී ගන්න බැරි වෙයි. ඒක මිල අධික නිසා ලැබෙන ඇණවුම් මත තමයි නිෂ්පාදනය කරන්නේ. සාමාන්‍යයෙන් අවුරුද්දකට කාර් 20ක් වගේ උපරිමයක් තමයි අපි නිපදවන්න බලාපොරොත්තු වෙන්නේ. සාමාන්‍ය ජනතාව වෙනුවෙන් ලෝකයේ හොඳ ම ත්‍රීවීලර් එක නිෂ්පාදනය කළා,” ආචාර්ය සුබසිංහ පැවසීය.

ඔහු සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ පූර්ණ වශයෙන් නිෂ්පාදිත මෝටර් රථ නිෂ්පාදනය කිරීමට හැකි වීම පිළිබඳව සතුටු වන බව ය.

කෝඩ්ජෙන් ඉන්ටර්නැෂනල් සමාගමේ ආරම්භය සහ වත්මන් තත්ත්වය

මහනුවර ප්‍රදේශයේ හැදී වැඩුණු ආචාර්ය හර්ෂ සුබසිංහ පසු කාලීනව බ්‍රිතාන්‍යය වෙත ගොස් කෘත්‍රිම බුද්ධිය සහ මෘදුකාංග පිළිබඳව වැඩිදුර අධ්‍යාපනය ලබා, 2000 වසරේදී කෝඩ්ජෙන් ඉන්ටර්නැෂනල් සමාගම ආරම්භ කළේ ය.

මෘදුකාංග වැඩිදියුණු කිරීමේ සහ නිෂ්පාදනය කිරීමේ ආයතනයක් ලෙස සාමාජිකයින් කිහිප දෙනෙකුගෙන් ආරම්භ කළ මෙම සමාගම මේ වන විට 500කට අධික සේවක පිරිසකගෙන් සමන්විතය.

එය ශ්‍රී ලංකාව, එක්සත් රාජධානිය, කැනඩාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවල ක්‍රියාත්මක වේ.

“සේවකයින් කිහිප දෙනෙකුගෙන් පටන්ගත්ත මේ සමාගම දැන් විශාල සමාගමක් බවට පත්වෙලා තියෙනවා. මට ගොඩක් සතුටුයි පරිසර හිතකාමී සමාගමක් ලෙස ඉදිරියට යන්න හැකි වීම ගැන. මේ තැනට මේක ගේන්න මාත් එක්ක වැඩ කරපු සියලු දෙනා දායක වුණා,” ආචාර්ය සුබසිංහ පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විදේශ අමාත්‍යාංශයේ තනතුරු 98ක් වෙනුවෙන් සමීපතමයින් පත් කරගන්න දේශපාලන පොරයක්… සුසිල් –  එස්.බී ඒ අතර…

Next Post

මහ වැස්සට පින්නදූව අධිවේගී පිවිසුම අසල උමං මාර්ග 03ක් ජලයෙන් යටවෙයි…

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.