අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

යුරී ගාගාරින්ගේ අභ්‍යාවකාශ සැරියට දශක 6 පිරෙන දා අපට සිහිවෙන වීර මැගිලින්

by editor
අප්‍රේල් 9, 2021
in ජීවිතය
Share on FacebookShare on Twitter

යූරි ගගාරින්ගේ අභ්‍යාවකාශ සැරියට අද දිනට අවුරුදු 60ක් පිරුණේය. ඒ මතක සහිත සැමරුම් අවකාශයක් දැන් සෝවියට් සංස්කෘතික මධ්‍යස්ථානයේ ජනතාවට විවරව ඇත්තේය.

දශක හයකට පෙර අදවන් දිනක සිය අභ්‍යාවකාශ සැරිය නිමවා රුසියාවට ගිය  යුරී ගගාරින් ඉන් මාස 08කට පසු ලංකාවටත් පැමිණියේය.  ගගාරින්  වීරයාට මේ රටට පැමිණෙන සේ ආරාධනා කරනු ලැබුවේ එවකට අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියය.

ඔහු ලංකාවට එන කාලයේ දී චන්ද්‍රිකා මෙන්ම සුනේත්‍රා ද යෞවනියන්ය.  ලෝකය පිළිගත් මේ මහා වීරයා පිළිගන්නට සිරිමාවෝ මැතිණිය රට වෙනුවෙන් ඉදිරිපත් කළේ සිය දියණිවරුන් නොව ඔවුන්ගේ වයසම පසුකරමින් සිටි 14 හැවිරිදි ගැමි කෙල්ලකි. නමින් වීරමලගේ  මැගිලින් නෝනාය.

හොරණ රබර්ගස් මණ්ඩියක හැදී වැඩුණු මේ දුගී තරුණිය ලංකාවට පැමිණි විශ්ව වීරයා පිළිගන්නට තෝරා ගත්තේ එක් හේතුවක් නිසාය. ඇය අවුරුදු  14 දී  ජීවිත 12ක් බේරාගෙන  වීර මාතා සම්මානයෙන් පිදුම් ලැබ තිබුණාය.  ඇය වීර මාතා පදක්කමින් පිදුම් ලැබ සිටියාය. ඇය ගැන ලේක් හවුසියේ ජනතා පත්තරේ පළවී තිබුණේ වීර මැගිලින් කියාය.  එවකට රාජ්‍ය නායිකාව මැගිලින් නෝනා තරුණිය යුරි ගගාරින් පිළිගන්නට ඉදිරිපත් කරන්නේ ඇගේ වීරත්වයට අමතක නොවන වටිනාකමක් ලබා දීම සඳහාය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මැගිලින් විසින් ගගාරින්ව රත්මලාන ගුවන් තොටුපලේ දී පිළිගන්නා ආකාරය

“වීරයෙක් පිළිගන්නට අප ඉදිරිපත් කරන්නෙ වීරවරියක්.“  මැතිණිය සිය කැබිනට් මණ්ඩලයට   කියා තිබිණි.

වීරමලගේ මැගිලින් නෝනා අම්මා දැන් සැඳෑ සමය ගෙවන මිත්තනියකි. දශක ගණනාවකට පසුත් වියැකී නැති ගැමි පරිසරයේ රූස්ස රබර්ගස් මණ්ඩි අතර තවමත් ඇය නිස්කාංසුවේ දිවි ගෙවමිනි.

ජීවිත 12ක් බේරාගෙන වීර මාතා සම්මානයෙන් පිදුම් ලද එවකට 14 වැනි පිසුවූ  මැගිලින් අම්මා   ඒ පැහැසර අතීත පවත අප සමග කියමින් සිටියාය.

“ ඔය සිද්ධිය වෙන්නෙ මයෙ පුතේ 1961 අවුරුද්දේ ජූලි 07. මට අවුරුදු 14යි. දැන් මෙහෙ උන්නට මගෙ ගම දියගම තෝරමුල්ල. හෝමගමට තමයි අයිති. ඒ දවස්වල මේවා මහා රබර් වතු.  ගෙවල් නෑ ලඟින් ලඟින්… අපි ඉතින් ඉස්කොලෙ යන්නෙ මේ පොඩි පොඩි පාරවල් දිගේ වතු මැදින් රංචු ගැහිලා.“

“දියගම ඔය හින්දා ගම දෙකට බෙදිලා තිබුණෙ. ඉස්කෝලෙ තිබුණෙ පන්සල තිබුණෙ ඔයෙන් එගොඩ.  අපි එගොඩ මෙගොඩ ගියේ ඔය හරහා දාලා තිබුණු පොල් කොටන් දෙකක් තියන ඒදණ්ඩකින්.“

“ඒ දවස්වල හොඳටම වැස්ස. ඔයේ වතුර හොඳටම පිරිලා. අපි ළමයි කට්ටිය  ඔන්න ඔයෙන් එගොඩ වෙන්න ඒ දණ්ඩට නැග්ගා. අපි දොළොස් දෙනයි. වෙනදා විදිහටම පෝලිමට ඒදණ්ඩෙ නැගලා එනවා.  මගෙ දෙයියනේ ඉතින් මොකද උනේ… ඔය මැද්දට එද්දි  එකපාරටම ඒදණ්ඩ කැඩිලා අපි දොළොස් දෙනාම ඔයට වැටුණා.“

“මට පීනන්න පුළුවන්. වැටෙනවත් එක්කම මම පීනලා ඉවුරට ඇවිත් රබර් මුලක් අල්ලගෙන බලනකොට මට පේනවා අනේ අපේ කට්ටිය වතුරෙ ගිලි ගිලී උඩට එනවා. මම ඔය මැදට පීනලා දෙන්නා දෙන්නා අරන් කොණ්ඩවලින් ඇදගෙන ඉවුරට ගෙනාවා. හය දෙනෙක් ගේනකොට ඒ දණ්ඩෙ ඉතිරි කෑල්ල කැඩිලා මගෙ කකුළට වැටුණා. “

“දැන් මට හෙල්ලෙන්න බෑ. මම කළේ අනික් අයටත් කියලා පුලුවන් තරම් හයියෙන් කෑ ගහන්න ගත්තා. අහල පහළක ගෙයක් නැති උනාට මගෙ කෑ ගැහිල්ල ඇහිලා ඈතින් යන්න ආපු දෙන්නෙක් දුවගෙන ආවා. ඇවිත් අපිව ගොඩට ගත්තා. ඒ අතරෙ සැඩ පහරට ගහගෙන ගිය අනික් අයත් වාසනාවට වගේ ඉවුරුවලට කිට්ටු වෙලා රබර් මුල් අල්ලගෙන හිටියෙ. කාටවත් කරදරයක් විපතක් උනේ නෑ.“

විරාමයක දී විමසුවෙමි.  “ අම්මට මේ සිද්ධියත් එක්ක ගමේ ඇත්තන්ගෙන් හොඳ පිළිගැන්මක් තිබුණ ද?. ඒ අය මොනවද කිව්වෙ.“

“ අනේ පුතේ… අපේ ගම්වල ඇත්තන්ට මේවා ඉතින් එහෙමටම අරුමත් නෙමෙයි. ඒත් ගමේ මැනේජර් මහත්තයා මුල් වෙලා මේ සිද්ධිය ජනතා පත්තරේට යොමු කළා. ඊට පස්සේ ඉතින් ඔන්න ගමේ අයත් කතා වෙන්න ගත්තා.   මේ සිද්ධිය වාර්තා උනාම ඒ ගැන රටේ අවධානය යොමු වුණා. 1961 අවුරුද්දෙ වීර පදක්කම හම්බඋනේ  ඒකෙ ප්‍රතිඵලයක් විදිහට.“

ඒ වීර පදක්කම ඇය ලබා ගන්නේ අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක අතිනි. ඒ අරලියගහ මන්දිරයේ පැවති විශේෂ උත්සවයක දීය. ගමට එවූ බස් එකක උත්සවයට ගොස්  සම්මානත් ලබා කොළඹත් දැක බලාගෙන නිවසට පැමිණි මැගිලින් අම්මා  පුරුදු පරිදිම ඒදණ්ඩෙන් එගොඩ වී ඉස්කෝලේත් ගියාය.

සිරිමාවෝ මැතිනිය අතින් වීර පදක්කම ලබා ගනිමින්

ඒ අවුරුද්දේ දෙසැම්බර් 07 වැනිදා අභ්‍යාවකාශය දිනූ ලොව පළමු මිනිසා, රුසියානු ජාතික යූරි ගගාරින්, ශ්‍රී ලංකා අගමැතිනියගේ ආරාධනාව පිට ලංකාවට ආවේය.

ගගාරින් පිළිගන්නට සුදුස්සෙක් ගැන කතා කරන විට   යෝජනා වී තිබුණේ මැගිලින්ය.   වීර ගගාරින් පිළිගන්නට අපේ වීර යෞවනිය වූ මැගිලින් තෝරා ගැනීම යහපත් බව අගමැති තුමියත් පිළිගත්තාය. කැබිනට් මණ්ඩලයේ අනුමැතියත් ඇයට   ලැබී තිබිණි.

“ ගගාරින් මැතිතුමා පිළිගන්න උත්සවයට සහභාගී වෙන්න ඔන්න ආයෙත් අපේ ගමට වාහනයක් එව්වා.  වාහනේ අම්මයි තාත්තායි මමයි තුන් දෙනාම ගියා.“

“ගගාරින් මැතිතුමා පිළිගන්න කටයුත්ත ලෑස්තිවෙලා තිබුණෙ  රත්මලාන ගුවන්තොටුපලේ.  මම එතෙන්ට ගිහින් ගුවන් යානයෙන් බැහැලා එන එතුමයි, එතුමගෙ මැතිනියයි පිළිගත්තා. බොහොම ප්‍රතාපවත් උස රතු මනුස්සයෙක් එතුමා.“

“එතුමා පිළිගත්තට පස්සේ  එතුමයි මැතිනියයි එක වාහනය නැගලා රජ ගෙදරට ගියා. මම තව වාහනයක නැගලා රජගෙදරට ආවා. මටම පුදුමයි. මම වාහනේ නැගලා එනකොට  පාර දෙපැත්තෙ කට්ටිය ගගාරින් මැති තුමා ගැන වගේම මගෙ ගැනත් අවධානයෙන් හිටියෙ. ඒ ඇත්තො කෑ ගහන්න ගත්තා අන්න වීර මැගිලින් යනවා“ කියලා.

මැගිලින් විසින් ගගාරින් පිළිගත් ආකාරය පුවත්පත්වල වාර්තා වී තිබිණි…

ගගාරින් පිළිගෙන ගමට පැමිණි ඇයව අගමැතිනිය අමතක කළේ නැත. මැගිලින්ට අවශ්‍ය දේ ඇය විමසා සිටියාය.

“ මේ ගැන අහනකොට තාත්තා කිව්වෙ දරුවට ඉගෙන ගන්න හොඳ ඉස්කෝලයක් දෙන්න කියලා. මට හම්බඋනා පිලියන්දල සෙන්ට්‍රල් එක. එතකොට අධ්‍යාපන ඇමති බදියුදීන් මොහොමඩ්. තාත්ත එතුම හම්බවෙලා ඉල්ලීමක් කළා කොළඹ ඉස්කෝලයක් දුවට දෙන්න කියලා.   අධ්‍යාපන ඇමති තුමා මට කොළඹ විශාඛා විද්‍යාලය හදලා දුන්නා. නේවාසිකාගරයෙ නවතින්න අවස්ථාවත් හදලා දුන්නා. සාමාන්‍යපෙළ දක්වා මම විශාඛා විද්‍යාලයෙ ඉගන ගත්තා.“

මැගිලින් අම්මාගෙ තාත්තා ජීවිතය හැර යන්නේ මේ අතරය. අම්මාට පවුලේ වගකීම තනිව දරා ගන්නට ඉඩ දීම ප්‍රතික්ෂේප කළ මැගිලින් අම්මා   විශාඛාවෙන් ඉවත් වී ගෙදර පැමිණ මැලිබන් කොම්පැණියේ වැඩට ගියාය.

“ අවුරුදු  25ක් වැඩ කළා. නංගිලා දෙන්න බන්දලා දුන්නා. ඊට පස්සෙ මම විවාහ උනා.“

මැගිලින් අම්මලා ඒදණ්ඩෙන් එගොඩ වූ තැන අද තරමක පාලමකි. පාලම වීර මැගිලින් නමින් නම් කර තිබේ. මැගිලින් අම්මා මේ වනවිට සිය මුණුබුරු මිණිබිරියන් සමග සොඳුරු   ජීවිතයක් ගෙවමින් හිඳී.

වීර මැගිලින් අයිති අතීතයටය.    මැගිලින් අම්මා මේ කියන්නේ  වීරයින් නිර්මාණය වන්නේ විසාල හිත් ඇති මිනිසුන් අතර බවය.

ඇයගෙන් සමුගෙන මගට පිවිසියෙමි.  කහ පැහැ ගැණුනු රබර් කොළ හමා එන සුළඟින් එක සීරුවට බිම පතිත වෙමින් තිබිණි.  ඉන් අනතුරුව පෙනුනේ රබර් ගස්වල කනාටු වූ නිරුවත් අතු පමණි.

–  රසඳුන 2021 කාන්තා දින අතිරේකයේ පල කර තිබී උපුටාගෙන සංස්කරණය කරන ලදී –

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාතාල ගෝඩ් ෆාදර් චීට් භූගත බංකරයක සැඟව සිටිය දී එස්.ටී.එෆ් එකට කොටු වේ

Next Post

ඉවත් කළ වෛද්‍ය ලක්කුමාර්වම ඖෂධ නියාමන අධිකාරියට පත් කරන්නැයි ළමා රෝග විශේෂඥවරු කියති…

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.