සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

දුම්රිය මාර්ගය මත අදත් වන අලියෙක් මිය යයි…  නොනවතින ඛේදවාචකයක ඇතුළාන්තය!

by editor
පෙබරවාරි 17, 2026
in ජීවිතය
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

අද (17) අළුයම කොළඹ සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය කිතුල්උතුව 151 කණුව අසලදී වනඅලියෙකුගේ ගැටී අනතුරට ලක්විය.

වයස අවුරුදු 15ක පමණ, අඩි 7ක් උසැති දිරිය වනඅලියෙකු එම ස්ථානයේදීම අවසන් හුස්ම හෙළූ අතර, එම සිරුරු කොටස් එන්ජිමේ සිරවීමෙන් දුම්රිය ද පීලි පැනීමට ලක්විය.

මෙය තවත් එක් අහඹු අනතුරක් නොව, කාලාන්තරයක් තිස්සේ නොවිසඳුණු ජාතික මට්ටමේ ඛේදවාචකයක තවත් එක් අඳුරු සන්ධිස්ථානයකි.

  • දුම්රිය පීල්ල මත ලේ වැගිරෙන වන අලි මරණ

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ   වාර්ෂික දත්ත සලකා බැලීමේදී, ශ්‍රී ලංකාව තුළ වසරකට වන අලින් 400කට අධික සංඛ්‍යාවක් විවිධ හේතු මත මිය යෑම  සිදුවේ.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ඉන් සැලකිය යුතු මරණ ප්‍රමාණයක්,  එනම් දළ වශයෙන් වසරකට වන අලි මරණ  15-25 අතර ප්‍රමාණයක්  දුම්රියේ ගැටීම නිසා සිදුවේ. 2026 වසරේ ගෙවී ගිය සති 6ක පමණ කෙටි කාලය තුළ ද මරණ 4ත් 6ත් අතර ප්‍රමාණයක් වාර්තා වීම තත්ත්වයේ බැරෑරුම්කම මැනවින් පසක් කරයි.

විශේෂයෙන් වියළි කලාපයේ රක්ෂිත අතර ආහාර සහ ජලය සොයා යන සතුන්ගේ ස්වභාවික ගමන් මාර්ග (අලිමංකඩ) හරහා දුම්රිය මාර්ග වැටී තිබීම මෙම මරණවලට ප්‍රධාන හේතු වේ.

  • රජයේ   සැලසුම් සහ යථාර්ථය

වන අලි මරණ වැළැක්වීම සඳහා රජය පාර්ශවයෙන් වරින් වර විවිධ ව්‍යාපෘති හඳුන්වා දී ඇත. 2026 පෙබරවාරි 12 දින වාර්තා වූ පරිදි, දුම්රිය එන්ජින්වල තාප සංවේදී කැමරා සවිකිරීමේ ව්‍යාපෘතියක් දෙමටගොඩ දුම්රිය අංගනයේදී ආරම්භ විය. මෙ මගින් රාත්‍රී කාලයේදී පීලි මත සිටින අලි ඇතුන් හඳුනාගත හැකි බව කියැවිනි.

අලිමංකඩ සහ උමං මාර්ග සඳහා යෝජනා ඉදිරිපත් විය. අඹන්පොළ සහ ගල්ගමුව අතර “කාසිකොට්ටේ” ප්‍රදේශයේ අලි උමං මාර්ගයක් (Elephant Underpass) ඉදිකිරීමේ කටයුතු යළි ආරම්භ කර ඇති බව වාර්තා වේ.

දුම්රිය රියදුරන්ට දුර සිටම අලින් පෙනෙන සේ දුම්රිය මාර්ග දෙපස පඳුරු සහ කැලෑව අඩි 20-50 දක්වා දුරකට පවිත්‍ර කිරීමට තීරණය කර ඇත.

එමෙන්ම අලි මරණ බහුලව සිදුවන කලාපවල (Hotspots) දුම්රිය ධාවනය කළ යුතු උපරිම වේගය පැයට කිලෝමීටර් 20-30 දක්වා සීමා කිරීමට උපදෙස් දී තිබේ. .

කෙසේ වෙතත්, මෙම ව්‍යාපෘති බොහොමයක් මන්දගාමී වීමත්, සම්පත් හිඟකමත් නිසා තවමත් බිම මට්ටමේ සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට රජයට නොහැකි වී තිබේ. මේ සම්බන්ධව රජයට එරෙහිව පවතින්නේ දැඩි විවේචනයකි.

  • දුම්රිය රියදුරන්ගේ නොසැලකිල්ල ද?

මෙම අනතුරු සම්බන්ධයෙන් රියදුරන් වෙත නිරන්තරයෙන් චෝදනා එල්ල වේ.  වනජීවී කලාප තුළ දුම්රිය ධාවනය කළ යුතු උපරිම වේග සීමා (පැයට කි.මී. 20-30) පනවා තිබුණද, කාලසටහන පවත්වා ගැනීමට රියදුරන් වැඩි වේගයකින් ධාවනය කරන බවට පරිසරවේදීහු චෝදනා කරති.

අනෙක් අතට රියදුරන් පවසන්නේ රාත්‍රී කාලයේදී දුම්රිය මාර්ගයේ සිටින අලියෙකු මීටර් කිහිපයක් දුරදී දුටු සැනින් දුම්රිය නතර කිරීමේ යාන්ත්‍රික අපහසුතාවයක් පවතින බවය. අනතුරු සිදුවන ස්ථානවල බොහෝ විට දෘෂ්‍යතාවය අඩුකම මෙන්ම බොහෝ ස්ථාන වංගු සහිත ස්ථාන වීම රියදුරන්ගේ පාර්ශවයෙන් නැගෙන තර්කය සාධාරණීකරණය කරයි.

ඒ අනුවම මෙම කරුණ හුදෙක් පුද්ගල නොසැලකිල්ලකට වඩා පද්ධතියේ පවතින දුර්වලතාවයක්   ලෙස හැඳින්වීම වඩාත් නිවැරදි වනු ඇත.

අන්තරාදායක කලාප (Hotspots)

  • වන අලි අනතුරු බහුලවම සිදුවන කලාප කිහිපයක් දැනටමත් හඳුනාගෙන තිබේ:
  • මන්නාරම සහ උතුරු මාර්ගය: චෙඩ්ඩිකුලම් සහ මඩු පාර අතර ප්‍රදේශය.
  • ත්‍රිකුණාමලය මාර්ගය: හබරණ, ගල්ඔය සහ අද අනතුර සිදුවූ කිතුල්උතුව වැනි ප්‍රදේශ.
  • පොළොන්නරුව මාර්ගය: මනම්පිටිය සහ පුලස්තිගම අතර සෝමාවතිය රක්ෂිතය ආශ්‍රිත කලාපය.
  • වයඹ මාර්ගය: ගල්ගමුව සහ අඹන්පොළ අතර ප්‍රදේශය.

මෙම ඛේදවාචකය නැවැත්වීම සඳහා ඒකාබද්ධ ජාතික සැලැස්මක් අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා නවීන තාක්ෂණික ප්‍රවේශයක් අත්‍යාවශ්‍යය. සියලුම දුම්රිය එන්ජින් සඳහා රේඩාර් සහ තාප සංවේදී පද්ධති අනිවාර්ය කිරීම. අලිමංකඩවල් අසල සතුන් ගැවසෙන විට දුම්රිය පාලක මධ්‍යස්ථානයට දැනුම් දෙන සංවේදක (Sensors) සවිකිරීම කළ යුතුය.

වනජීවී කලාප තුළ දුම්රිය වේගය GPS තාක්ෂණය ඔස්සේ නිරන්තරයෙන් අධීක්ෂණය කිරීම මේ සඳහා ගත හැකි තවත් තාක්ෂණික උපාය මාර්ගයකි.

පරිසර හිතකාමී ඉංජිනේරු විද්‍යාව මෙහි දී භාවිතා කළ හැකිය.  දුම්රිය මාර්ගය උස් බැමිවලින් (Cuttings) තොරව හෝ අලි ඇතුන්ට මාරු වීමට පහසු වන සේ සකස් කිරීම ඉන් එක් යෝජනාවකි.

වන අලියා යනු ශ්‍රී ලංකාවේ පාරිසරික උරුමයකි. දුම්රිය පීලි මත වැගිරෙන ඒ රුධිරය නතර කිරීමට නම්, බලධාරීන් ප්‍රකාශවලින් ඔබ්බට ගොස් ප්‍රායෝගික විසඳුම් වෙත වහාම එළඹිය යුතුය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහ මඟ සිදුකළ ඝාතන ගැන විස්තර මේ තරම් වේගයෙන් මාධ්‍යයට ලබා දෙන්නේ පාතාලයේ මාධ්‍ය ප්‍රකාශකද ?…

Next Post

සෞඛ්‍ය ඇමති ඇමතිකමට සුදුසු නෑ… GMOA කියයි…

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!
  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.