බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

තමන් නොවිඳින රස ලෝකයට බෙදන යුර්ගන් සීයා සමග ස්විස් චොක්ලට් හැදුවෙමු…

by editor
නොවැම්බර් 3, 2020
in ජීවිතය
Share on FacebookShare on Twitter

මීට මාස හයකට පමණ පෙර නාඳුනන පුද්ගලයෙකු විසින් අපගේ නිවසේ දොර යටින් ලියුමක් දමා ගොස් තිබිණි. මෙය සාමාන්‍යයෙන් නුහුරු අත්දැකීමකි. එම ලිපියෙහි සඳහන් වූයේ තමන් හඳුන්වාදීමේ තොරතුරුය.

යුර්ගන් සීයා

“මගේ නම යුර්ගන්….මම වෘත්තියෙන් බේකරි කරුවෙක්, මගේ වයස පනස් දෙකකි. මා ඔබගේ අලුත්ම අසල්වැසියායි.”

මෙම හැඳින්වීමත් සමඟ අප ජීවත්වෙන තට්ටු නිවාසයේ දෙවැනි මහලට අලුත් අසල්වැසියකු පැමිණ ඇති බවට පසක් විය. ඊට දින කිහිපයකට පසුව නිවසේ දොර අසල භාජනයක් තිබෙනු දක්නට ලැබිණි. එහි බහා තිබුණේ ඉතා රසවත් කේක් ගෙඩියකි. “

මීට යුර්ගන් ” යැයි සඳහන් කුඩා කොළ කැබැල්ලක් එහි විය. යුර්ගන් ගෙන් අපට ලැබුණු පළමු හා අවසාන බේකරි කෑම එය නොවේ. ඉන් අනතුරුව විටින් විට ඔහුගෙන් අප දරුවන් ආශාවෙන් අනුභව කරන රසකැවිලි ලැබිණි.

RelatedPosts

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ඔහුගේ මෙම උපකාරයට ප්‍රති උපකාර කිරීමේ උවමනාවක් අප තුළ දැඩි ව පැවැති අතර ශ්‍රී ලාංකික කෑමක රස බැලීමේ අවශ්‍යතාවයක් ඇත්දැයි ඔහුගෙන් අප ඇසුවේ එබැවිනි.

“තමා මේ මොහොතේ රෝගීව සිටින බැවින් ආහාර ගැනීමට නොහැකි බව ඔහු කීවේ අපගේ ඇරයුම සුහදව ප්‍රතික්ෂේප කරමිනි. ඔහුගේ නිවස අසලින් ගමන් කරන අප හැමවිටම පවසන දෙයක් වන්නේ ” හ්ම්ම්” යන්නයි. ඒ තරමට ඔහුගේ රස බේකරි කෑම වල සුවඳ දිනපතා අපගේ නාසය හරහා දිවයයි.

තමන්ට කෑම අනුභව කීමට නොහැකි නම් ඔහු දිනපතා කෑම පිසින්නේ ඇයිදැයි යන්න අපිට මුලදී විශාල ප්‍රෙහෙලිකාවක් වියඅ. එය විසඳුනේ අපට මෙන්ම අනෙක් අසල්වැසියන්ට ද ඔහු ප්‍රණීත බේකරි ආහාර පිරිනමන බව දැක ගැනීමට ලැබුණු බැවිනි.

කොරෝනා වසංගතය ස්විට්සර්ලන්තයේ දැඩි ලෙස පැතිර යන වකවානුවේ යුර්ගන් මිනිසුන් සමග ඇති සබඳතා කිසියම් ප්‍රමාණයකට සීමා කළ ද එය සම්පූර්ණයෙන්ම නතර කිරීමට ඔහුට නොහැකි බව අපට හැඟී ගියේය.  ඇතැම් විට වෙනත් කටයුත්තකට පිටතට ගොස් යළි අප පැමිණ යුර්ගන් ගේ නිවස අසලින් ගමන් කරන විට ඔහු ෂණිකව දොර විවෘත කරන්නේ අපව පුදුමයට පත් කරමිනි. ඇතැම් විට අප එනතුරු ඔහු සිය බැල්කනියේ සිට බලා සිටිනවා විය හැක. එසේත් නැත්නම් තරප්පු පෙළේ අඩි සද්දය ඔහුට ඇසෙනවා විය හැක .

“අද ඔයාලට මගෙන් ලැබෙන්නේ ස්විස් චොකලට් ” යැයි යුර්ගන් චොකලට් පිරුණු බාස්කටයක් දරුවන් වෙත පිරිනැමූවේ ආත්ම තෘප්තියකින් යුතු ස්වරූපයකිනි. දරුවන් දෙදෙනාගේ ඇස් වල දීප්තිය ඔහුගේ ආත්ම තෘප්තිය තවත් ඉහළ දැමුවා නොඅනුමානය.

යුර්ගන් සීයා ගෙදර හදපු චොක්ලට්…

යුර්ගන් විසින් සිය නිවසේ දී නිෂ්පාදනය කළ චොකලට් සුප්‍රසිද්ධ ස්විස් චොකලට් කර්මාන්තශාලාවල ඒවාට නොදෙවැනිය. ඊටත් වඩා එහි විශේෂත්වය වූයේ ඒවා නැවුම් වීමය.

“අපි බේකරි මාමා එක්ක එකතුවෙලා දවසක චොක්ලට් හදමු” දැයි අප දරුවන් කළ යෝජනාවෙන් පෙනී ගියේ යුර්ගන් ගේ චොකලට් වලට ඔවුන් දැක්වූ දැඩි ඇල්මෙහි ප්‍රමාණය ය.

මෙම යෝජනාව අපි යුර්ගන් වෙත ඉදිරිපත් කළෙමු. ඊට අවශ්‍ය අඩුමකුඩුම රැගෙන ඒමට හැකි බවත් කීවෙමු. අපගේ යෝජනාව යුර්ගන් ඉතා සතුටින් පිළිගත්තේය.

“කිසිම දෙයක් ඕනේ නැහැ ,සියලුම දේවල් මගේ ළඟ තියෙනවා. ලබන සෙනසුරාදා සවස දෙකට එන්න” යැයි ඔහු කීවේ කිසිදු අපහසුතාවයකින් තොරවය.

පසුගිය සතිය වන විට යුරෝපය පුරා කොරොනා වසංගතය දැඩි ලෙස ව්‍යාප්ත වීම හේතුවෙන් ස්විට්සර්ලන්තයේ ද නීති රීති දැඩි කෙරිණි. එහි ප්‍රතිඵලය වූයේ මනුෂ්‍ය සබඳතා තව තවත් හීන වීමය. එක් පසෙකින් නිරෝගී පුද්ගලයින් තමන් ගැන මෙන්ම වෙනත් රෝග වලින් පෙළෙන පුද්ගලයන් ගැන සිතා මෙවැනි වසංගත වකවානුවක විනයානුකූලව ජීවත් වීම ඉතා වැදගත්ය. එය එක්තරා ආකාරයක කාර්යභාරයක් බව ස්විස් වැසියෝ පිළිගනිති. මෙම තත්ත්වය තුළ යුර්ගන් සමග ඇතිකරගත් එකඟතාවය අවලංගු කිරීමට අපි තීරණය කළෙමු.

එය දැනුම් දීමට ඔහුගේ නිවසේ බෙල් එක නාද කළ ද ඊට ප්‍රතිචාර නොලැබුණේ ඔහු නිවසේ නොසිටි බැවිනි. ඊට විනාඩි පහළොවකට පමණ පසුව යුර්ගන් නිවස ඉදිරිපිට මාර්ගයේදී අපට හමුවිය. අපගේ යෝජනාව ඔහුට කීවිට ඔහු සතුටට පත් වෙනු ඇතැයි අප සිතුවත් එය එසේ නොවීය.

“නැහැ ,නැහැ… යොදාගත් විදිහටම හරියටම දෙකට එන්න. මම සියල්ල ලෑස්ති කරලා තියෙන්නේ. “යුර්ගන් කීවේ තරමක අවධානාත්මක ස්වරූපයකිනි. ඊට ඔහු සියල්ල සූදානම් කොට ඇති සෙයකිනි .

චොක්ලට් හදන්න සූදානමින්..

හරියටම පසුගිය සෙනසුරාදා දවල් දෙකට අප යුර්ගන් ගෙ නිවසට ගිය විට නිවසේ දොර විවෘත කොට තබා තිබුණේ අපව සාදරයෙන් පිළිගන්නා බව හැඟෙන අයුරිනි. යුර්ගන් ගෙ නිවසේ මුළුතැන්ගෙය පිහිටා තිබුණේ ගෙට ඇතුල් වෙන සාලයේමය. සාලය හා මුලුතැන්ගේ වෙන් වෙන පරිදි මේසයක් දමා තිබූ අතර මේසසය මත විවිධ චොකලට් ආකෘති සහිත ප්ලාස්ටික් කැබලි සැලකිය යුතු සංඛ්‍යාවක් තිබිණි. මුලුතැන්ගේ වම්පසින් චොකලට් රත්කරන තරමක විශාල උපකරණයක් තිබිණි.

“දැන් මම මේකට චොකලට් නිෂ්පාදනය කරන චොකලට් කැබිලි දාල තියෙන්නේ. ඒවා සෙල්සියස් අංශක 28 දක්වා රත් කරනවා. ඊට පස්සේ අපි චොකලට් හදමු “යැයි ඔහු සිනාමුසු මුහුණින් කීවේය. බේකරි නිෂ්පාදනාගාර වල රැකියාව කරන පුද්ගලයින්ගේ ප්‍රධාන චරිත ලක්ෂණ වන්නේ පිරිසුදුකම, ගුණාත්මක බව හා නියමිත ප්‍රමාණය දැන සිටීමය. එය යුර්ගන් තුළින් මොනවට දිස් විය. ඔහු අප සමඟ මෙම කාර්යයට මොනතරම් සූදානම් වී සිටිය ද කිවහොත් ආහාර පිසීමේ දී පළදින විශේෂිත ඒප්‍රන්  ඔහු අපට ලබා දුන්නේය.

සෙල්සියස් අංශක 28ට රත්වන චොක්ලට් කැබලි…

“දැන් හරි චොකලට් ගානට රත්වෙලා තියෙන්නෙ” ,යැයි කී යුර්ගන් රත්වු චොකලට් තවත් භාජන දෙකකට වක් කළේය .බොහෝ ස්විස් චොකලට් නිෂ්පාදනය කරන්නේ විවිධ ගුණාත්මක බවින් ඉහළ ඇට වර්ග මිශ්‍ර කරමිනි . එමගින් චොකලට් වල රසට තවත් නැවුම් රසයක් පමණක් නොව එහි ගුණයට තවත් ගුණයත් එක්කෙරේ.

“මොන ඇට වලට ද ඔයගොල්ලෝ කැමති” යුර්ගන් ප්‍රශ්න කළේ චොකලට් සඳහා භාවිතා කරන ඇට වර්ග සහිත බාජන කීපයක් පෙන්වමිනි. කජු, ආමන්ඩ්, පෙකාන්ස් ඒ අතර විය. අපගේ තෝරා ගැනීම වූයේ පෙකාන්ස්ය. ඒ අනුව පෙකාන්ස් අහුරු කීපයක් චොක්ලට් එක් කළ භාජන දෙකකට දමා කලවම් කල යුර්ගන් පසුව ඒවා විවිධ අච්චු මත වක් කළේය .

චොක්ලට් විිවිධ අච්චුවලට වක්කරමින්…

 

අපි ද ඔහු අනුව යමින් එලෙස චොකලට් දියර වක් කළෙමු. චොකලට් නිෂ්පාදනයේ ඊළඟ පියවර වූයේ ඒවා ශීතකරනයේ බහාලීමය. අප විසින් නිෂ්පාදනය කළ චොකලට් රස බැලීමට තවත් විනාඩි විස්සක් බලා සිටිය යුතුය . ඒ අච්චුවල චොකලට් ඝනවීම සඳහා ඒවා ශිතකරණ යේ දැමිය යුතු බැවිනි.

විනාඩි විස්සකට පසුව ශීතකරණයෙන් එළියට ගත් චොකලට් වල මිහිරි නැවුම් සුවඳ ක්ෂණිකව චොකලට් කැබැල්ලක රස බැලීමේ ආශාව වැඩි කළේය.

“මේ දිය බුබුලු සහිත තැන සෙමින් තද කරන්න, එතකොට කොට කැඩෙන්නෙ නැතිව චොකලට් එක එලියට ගන්න පුළුවන්” යැයි යූර්ගන් පැවසූවේ, ඔහු අනූව යම්න් අනෙක් සියලු චොකලට් අදාළ ආකෘතිවලින් එළියට ගැනීමේ කටයුත්ත අපට පවරමිනි.

චොක්ලට් කැබලි එළියට ගනිමින්…

අවසානයේ අපට හිමිවූ චොකලට් ප්‍රමාණය අප කිසිදා වෙළෙඳපොළ කින් මිලදී නොගත් තරමේ ප්‍රමාණයකි. විවිධාකාර චොකලට් කිලෝ හතරකට ආසන්න ප්‍රමාණයක් අවසානයේදී අපට හිමි විය . අප විසින් නිෂ්පාදනය කළ ප්‍රණීත චොකලට් වලට අමතරව ලැබුන නැවුම් අත්දැකීම ද සමග යුර්ගන් ගෙ නිවෙසෙන් එළියට පැමිණීමට සූදානම්ව අප ඔහුට යළිත් ආරාධනාවක් කළේ ප්‍රශ්නයක ස්වරූපයෙනි .

“කවද්ද ඔබට කෑම කෑමට පුළුවන් වන්නේ “

“මට ජීවිතයේ කවදාවත් කෑම කන්න වෙන්නේ නැහැ. මගේ ගලනාලය ඉවත් කරලයි තියෙන්නේ“

යුර්ගන් ගේ හඬින් මම වික්ෂිප්ත වුනෙමි.

“ඒ විතරක් නෙමෙයි… මගේ වම් පෙනහැල්ල ඉවත් කරලා තියෙන්නේ“ 

යුර්ගන් සිය කමිසය ඔසවා තමන් ආහාර ගන්නෙ බටයක ආධාරයෙන් බව පෙන්වීය.

මේ පිරුණු මනුෂ්‍යයා පිළිබඳව ඉපදෙමින් තිබුණේ අනුපමේය භක්තියකි. කෑම කටක රසයක් විඳිය නොහැකි මේ මිනිසා රසවත් කෑම වලින් අනෙක් මිනිසුන්ගේ රස නහර සනසමින් හිඳී.  ඔහු වෙනුවෙන් අපේ රහට හදන ගමේ     කෑමක් ලබාදීමට අපට කිසිදා නො හැකිවනු ඇත.

තමන්ට  නොලැබෙන දේ අනෙක් පුද්ගලයාට බෙදා දෙමින්  තෘප්තිමත්වන  ත්තරීතර මනුෂ්‍යත්වයේ ගුණාංග සහිත මේ මිනිසා ජීවිතාර්ශයක් නොවේ දැයි කල්පනා කළෙමි…

සටහන හා ඡායාරූප සුනේත්‍රා ඇතුගල්පුර

Tags: නවතම
Share69Tweet43
Previous Post

23 කොවිඩ් වැනි මරණයත් වාරතා වේ.. අද දවසට මරණ දෙයකි…

Next Post

ජිවිතය පූජා කරන්න එපා… ඉල්ලා අස්වෙන්න…

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.