fbpx
සඳුදා, ඔක්තෝබර් 2, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

ජීවනාධාර යන්ත්‍රයක සිරවී ජීවිතය සමග පොර බදන ජැක්සන්!

editor by editor
මැයි 3, 2023
in ජීවිතය
0
Share on FacebookShare on Twitter

කොන්ගානිගේ ජෝසප් මල්සි ජැක්සන් ඇන්තනි හෙවත් ජැක්සන් ඇන්තනී  1958 ජූලි 8 වැනිදා රාගම පොඩිවීකුඹුර ග්‍රාමයේ උපත ලදී.

ඔහුගේ දෙමාපියන් ඔහුව හැඳින්වූයේ “මල්සි” යනුවෙනි. ඔහු හපුගොඩ කනිෂ්ඨ විද්‍යාලයෙන් සහ බණ්ඩාරවෙලශාන්ත මරියා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබීය. පසුව ගණේමුල්ල ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් විය. කොළඹ විශ්වවිද්‍යාලයෙන් ඔහුගේ ප්‍රථම උපාධිය ලෙස සිංහල භාෂාව සහ සාහිත්‍යය පිළිබඳ ගෞරව උපාධියක් ලබා ගත්තේය.

අනතුරුව ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ගත්තේය. පියා වන කෝංගනිගේ බෙනඩික්ට් ඇන්තනී සහ ඔහුගේ මව පොඩිවී කුඹුරේ රොලින් පෙරේරා ජැක්සන් දරුවාගේ සාර්ථකතවය බව ජැක්සන් නිතර සිහිපත් කළ දෙයකි.

RelatedPosts

දෙවියන්ගේ දියණිය…

ගුවන් ගමන් විෂය පථයේ අලුත් දැනුම් පරාසයක් විවර කළ මොහොතක්!

ගාල්ලේ කෝටිපති රෙදි පිළි ව්‍යාපාරිකයා ඝාතනය පාතාල ඝාතන වැලක පුරුකක් ද?…

ජැක්සන්ගේ මවුපියන් ජීවත් වූයේ ඔහුගේ උපන් ගම වන රාගම පොඩිවීකුඹුරේය. ඔහුගේ සීයා පේදුරු ඇන්තනි, ලංකා විදුලිබල මණ්ඩලයේ ඕවර්සියර්වරයකු ලෙස සේවය කළේය.  ජැක්සන්ගේ පවුලේ සහෝදරයන් පස් දෙනෙකි. වැඩිමහල් සහෝදරයා සේනක ටයිටස් ඇන්තනි

මාධ්‍යවේදියකු ලෙස මාධ්‍ය ආයතන කිහිපයක සේවය කළ අතර දක්ෂ චරිතාංග නළුවකු විය. 2017 ඔක්තෝම්බර් 23 වන දින සිංගප්පූරුවේදී ඔහුගේ වැඩිමහල් සොහොයුරා වකුගඩු හා අක්මාව අකර්මණ්‍ය වීම හේතුවෙන් මිය ගියේය. ඔහුගේ අනෙකුත් සහෝදරයන් වන්නේ සුදත් ඇන්තනි, සමන් ඇන්තනි සහ මොහාන් ඇන්තනි ය.

ජැක්සන් බිරිඳ වන්නේ කලා ලොවේ කවුරුත් දන්නා කුමාරි මුණසිංහය. ඇය දක්ෂ නිළියකි, ගායිකාවකි. ජැක්සන් සහ කුමාරි,  අකිල ධනුද්දර හා සජිත ධනුද්දර නම් පුතනුවන් දෙදෙනෙකු සහ මාධවී වත්සලා ලෙස රටේ කවුරුත් දන්නා ජනප්‍රිය දරුවන් තිදනකුගේ මව් පිය යුවළකි. දියණිය මාධවී

වත්සලා රූපවාහිනී නිවේදිකාවක්, නිළියක් සහ ගායිකාවක් ලෙස ක්ෂේත්‍රයේ රැඳී සිටින්නීය. වැඩිමහල් පුත් අකිල ධනුද්දර ද රූපවාහිනී නිවේදකයෙක්, නිරූපණ ශිල්පියෙක් සහ නළුවෙකි. ඔහුගේ බාල පුත්, සජිත අනුත්තර ද රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරයි. ගායකයකු හා සම්මානලාභී නළුවකු ද වේ. ඔහු ඉතා ජනප්‍රිය වූ සූරිය අරණ චිත්‍රපටයෙහි දඩයක්කාරයාගේ පුතාගේ චරිතය නිරූපණය  කළේය. සජිත කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකි

ජැක්සන් ඇන්තනී ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නළුවෙකි. රංගනයට අමතරව අධ්‍යක්ෂක, නිෂ්පාදක, ගායක, තිර රචක, රූපවාහිනී පූරක, නවකතා රචක, තීරු රචක, ගීත රචක, ඉතිහාසඥ සහ සංචාරක යන අංශ තුළද සිය සහජ දක්ෂතා මනරම් ලෙස පිළිඹිමු කර ඇත. ජැක්සන්    හොඳම නළුවාට හිමි සම්මානය වාර්තාගත ලෙස දහසය වතාවක් දිනාගත් විශිෂ්ඨයෙකි.

නිර්මාණ ඉතිහාසය 

ඊ.එම්.ඞී.උපාලිගේ ‘‘මෙතනින් මාරුවෙනු’’ නාට්‍යයෙන් ප්‍රසිද්ධ වේදිකාවට පැමිණියේය.    ඉන්පසුව ‘‘මරාසාද්’’, ‘‘මධුර ජවනිකා’’,‘‘ලෝම හංස’’, ‘‘ධවල බීෂණ’’, ‘‘අත්’’, ‘‘මෝරා’’, වැනි ජනප්‍රිය වේදිකා නාට්‍ය රැසක ඔහු රඟපෑවේය. ‘

“තාරාවෝ ඉගිලෙති’ වේදිකා නාට්‍යය ඔහුගේ කලා ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් විය. ඒනම් චිත්‍රපටය ඔහුට විවෘත වූයේ මෙතැන් සිට වීමය.

1993 දී ඔහු සිනමා කර්මාන්තයට පැමිණියේය. ගුරු ගෙදර, චිත්ති, අයෝමා සහ ලොකු දුව යන චිත්‍රපටවල රංගනයෙන් දායක වූ ජැක්සන් පසුව භව දුක, භව කර්ම, ගිනි අවි සහ ගිනි කෙළි, අස්වැසුම, අග්නි දහය, සූරිය අරණ, මිල්ලේ සොයා සහ රන්දිය දහර වැනි චිත්‍රපටවලින් තම දක්ෂතා පෙන්නුවේය

එසේම ඔහු ටෙලි නාට්‍ය නළුවෙකු ලෙසද තම හැකියාව විදහා දැක්වීය. ඔහුගේ ජනප්‍රියම ටෙලි නාට්‍ය චරිත කිහිපයක් අතර පළිඟු මැණිකේ, ඇල්ල ලග වලව්ව, සුසීමා, වෙද හාමිනේ, කඩුල්ල, අකාල සන්ධ්‍යා, පිටගම්ගරයෝ යන කතාමාලා විය.

1992 දී ඔහු සිය මංගල ටෙලි නාට්‍යය “ඇසළ කළුවර” අධ්‍යක්ෂණය කළේය. 1990 දී ‘භූමිකා 7’ ඉන්පසුව 2014 වසරේ ඔහු දෙවැනි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කළේ ‘‘දස්කොන්’’ය.

ඔහු ශ්‍රී ලංකාවේ බ්ලොක්බස්ටර් චිත්‍රපට කිහිපයක් ද අධ්‍යක්ෂණය කර ඇත. ඔහුගේ පළමු අධ්‍යක්ෂණය වන ‘‘ජුලියට්ගේ භූමිකාව’’ ය.  පාරාදීසය ඔහු විසින් අධ්‍යක්ෂණය කළ තවත් චිත්‍රපටයක් විය.

අබා, ශ්‍රී ලංකාවේ මිල අධික චිත්‍රපටයක් නිර්මාණය කර ඇති බව කියන චිත්‍රපටය බොහෝ සිනමා උළෙලවල් වලදී සම්මානයට පාත්‍ර විය. ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද ඇඩ්‍රස් නෑ චිත්‍රපටය චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේය.

2017 දී ඔහු ශ්‍රී ලාංකික නිළියක් වූ පියුමි හංසමාලි සමඟ අනිල් කුමාර් විසින් අධ්‍යක්ෂණය කරන ලද ලක්නව් නම් කේරළ සිනමා නිෂ්පාදනයට සම්බන්ධ විය.

ජැක්සන් ක්ලැරන්ස් විජේවර්ධන සමඟින්, සිතේ සුසුම් නිවනා ගායන, දෑස පිය ගත් කල, බිරිය කුමාරි මුණසිංහ සමග ගයන “ලන්දේ උකුල උඩ” පවුලේ සාමාජිකයන් සමඟ ගයන අහස පොළව උහුලනවලු ගීතයටත්  විශාල ජන ප්‍රසාදයක් හිමි වූයේය.

මැෂින් එකෙන් ගලවමු ද?

ඔහු මිනිසකු ලෙස උපත ලබා මේ ලෝකයට ඒකතු කළ නිර්මාණශීලි වටිනාකම් ප්‍රමාණවත්ය.  ඔහු අවප්‍රමාණ වන්නේ අධි භක්තියෙන් සිදුකළ දේශපාලන අවිචාරය ය. සිය සියලුම වටිනාකම් අලගු තබමින්, විචාර බුද්ධිය පසෙක ලා කළ ඒ  භක්තිවාදී දේශපාලන ගැතිකම  සම්බන්ධව පක්ෂ විපක්ෂ සහෘද ජනතාව සමස්ථයක් ලෙස මවිත වී සිටි කාලයක් තිබුණු බව මතකය.  පොහොට්ටුවාදී රසිකයින්වත් ඔහු මේ ආකාරයෙන් සිය පෞරුෂය හානි කරගන්නවාට කැමති නොවූ බව දනිමි.    ඔහු දැරූ දේශපාලන ආස්ථානය පිළිබඳ ඕනෑ තරම් සාධනීය විවේචන තිබේ.

එහෙත් මේ වනවිට සමාජ කථිකාවකට ලක් වී ඇති 2022 ජුලි මස සිට ඔහුට සවිකර තිබෙන විශේෂ ස්වසනාධාර යන්ත්‍රය ගැලවිය යුතු බවට හෝ නොගැලවිය යුතු බවට මත දෙකකට වෙන් වී කෙරෙන වාදය ඔහු සමග ඇති දේශපාලන ඇරියස් සම්පූර්ණ කරගැනීමට භාවිතා නොකළ යුතු බව විශ්වාස කරමු.

මේ වනවිට ඔහුට සවි කර ජීවනාධාර යන්ත්‍රය ගැලවීම ගැන කතා කරන්නට සාමාන්‍ය මිනිසුන් වන අපට සදාචාරාත්මක හැකියාවක් නැත.

දැන් තත්ත්ව ඇත්තේ වෙනම තලයකය. ජනාධිපතිවරයා පැමිණ සියල්ලුම පහසුකම් සැලසීමට කී විට  හොඳම වෛද්‍ය පහසුකම් දීමට රජයේ මහ රෝහල කටයුතු කර ඇත. දැන් ජනාධිපතිටත් මේ යන්ත්‍රය ජැක්සන්ගෙන් ගැලවීමට කියන්නට බැරිය. ජනාධිපති කියා යන්ත්‍රය ගැලවූ බවට වන කුණු කතාව අහගන්නට ඔහු කැමති නොවනු ඇත.

ජනාධිපතිවරයාගේ නියම හේතුවෙන් වෛද්‍ය ප්‍රජාව ද සැබෑ තක්සේරුවක් කර  මේ ජීවනාධාර යන්ත්‍රය ගලවන්නට සූදානම් නැත. දැන් ජැක්සන්ගේ පවුලේ උදවිය අත තීන්දුවක් තිබේ. ඔවුන් ඒ තීන්දුවට එකඟ වන්නේ නැත.

කොයි මොහොතක හෝ ඔහු සුවය ලබන්නේ නම් බලාපොරොත්තු සහිතව මේ යන්ත්‍රයේ ඔහුව තැබිය හැකිය.  දැනට කෝටි ගණනක පිරිවැයක් දරා වුව ද එවැනි බලාපොරොත්තුවක් තිබේ දැයි සැකයක් වෛද්‍ය අංශ තුළම මතු වී තිබේ.

කෙසේ වෙතත් ජැක්සන්ගේ ජීවනාධාර යන්ත්‍රය ගැලවීම  හෝ නෙැගලවීම අපට අදා විෂයක් නොවන බව විශ්වාස කරමු. එය පිළිගත් වෛද්‍ය ආචාර ධර්ම මත වුණාදෙන්.

ජැක්සන්ට සුව පතමු!

 

 

Tags: නවතම
Share824Tweet515

Get real time update about this post categories directly on your device, subscribe now.

Unsubscribe
Previous Post

තිරිඟු පිටි මිල යළිත් ඉහළට….

Next Post

ගෑස් මිල ගණන් අඩුවෙන්නේ මෙහෙමයි….

RelatedPosts

දෙවියන්ගේ දියණිය…
සමාජ

දෙවියන්ගේ දියණිය…

සැප්තැම්බර් 28, 2023
ගුවන් ගමන් විෂය පථයේ අලුත් දැනුම් පරාසයක් විවර කළ මොහොතක්!
පුවත්

ගුවන් ගමන් විෂය පථයේ අලුත් දැනුම් පරාසයක් විවර කළ මොහොතක්!

සැප්තැම්බර් 26, 2023
ගාල්ලේ කෝටිපති රෙදි පිළි ව්‍යාපාරිකයා ඝාතනය පාතාල ඝාතන වැලක පුරුකක් ද?…
සමාජ

ගාල්ලේ කෝටිපති රෙදි පිළි ව්‍යාපාරිකයා ඝාතනය පාතාල ඝාතන වැලක පුරුකක් ද?…

සැප්තැම්බර් 24, 2023
Next Post
ලිට්‍රෝ අද අභියාචනාධිකරණයට ලබා දුන් පොරොන්දුව…

ගෑස් මිල ගණන් අඩුවෙන්නේ මෙහෙමයි....

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජනප්‍රිය පුවත්

  • Basil-Ranil

    ලන්සාගෙන් අයින් වෙන්න… පොහොට්ටුවේ සහය දෙන්නම්… බැසිල්ගෙන් රනිල්ට යෝජනාවක් !

    348 shares
    Share 139 Tweet 87
  • ධූරයෙන් ඉල්ලා අස්වූ පසු ලංකාවේ රැඳී ඉන්න බලාපොරොත්තුවක් නෑ… රටිනුත් යනවා… මුලතිව් දිස්ත්‍රික් මහේස්ත්‍රාත් කියයි…

    410 shares
    Share 164 Tweet 103
  • සිපෙට්කෝ සහ IOC සියලුම ඉන්ධන වර්ගවල මිල නන්නවයි….    

    209 shares
    Share 84 Tweet 52
  • අත් හිස කපා වෙන්කර ප්‍රදීපා  ඝාතනය කළ සැකකරුගේ වාහනය නුවරඑළියෙන් හමුවේ….

    172 shares
    Share 69 Tweet 43
  • වසර පුරා ලැබුණු පිරිකර විකුණා ලෝක ළමා දිනය දා  අසරණ ගම්වැසි දරුවන්ට සහ වැඩිහිටියන්ට තෑගි බෝග සහ ආහාර දුන් වැලිකන්දේ හාමුදුරුවො…

    211 shares
    Share 84 Tweet 53
  • සයිනොපෙක් ඉන්ධන මිල ගණන් සංශෝධනය කරයි… 92 ප්‍රෙටල් මිල වැඩි නොකර සුපර් ඩීසල් රුපියල් 61කින් නන්වයි!

    185 shares
    Share 74 Tweet 46

නවතම ලිපි

ඝාතනය කර කැබලි කපා වැවට දැමූ මුල්ලේරියාව කාන්තාවගේ සැකකාර ඝාතක ව්‍යාපාරිකයා පොලිසියට භාර වෙයි!

ඝාතනය කර කැබලි කපා වැවට දැමූ මුල්ලේරියාව කාන්තාවගේ සැකකාර ඝාතක ව්‍යාපාරිකයා පොලිසියට භාර වෙයි!

by editor
ඔක්තෝබර් 2, 2023
0

ධූරයෙන් ඉල්ලා අස්වූ පසු ලංකාවේ රැඳී ඉන්න බලාපොරොත්තුවක් නෑ… රටිනුත් යනවා…   මුලතිව් දිස්ත්‍රික් මහේස්ත්‍රාත් කියයි…

මුලතිව් දිස්ත්‍රික් අධිකරණ විනිසුරුවරයාගේ ඉල්ලා අස්වීම පිළිබඳ පරීක්ෂණයක් කරන්න… මහජන ආරක්ෂක ඇමති පොලිසියට දන්වයි!

by editor
ඔක්තෝබර් 2, 2023
0

වෙඩි ප්‍රහාර 07ක්… 07ම හෘදයට උඩින්… සීතාගේ තත්ත්වය ගැන අනාවැකි කිව නොහැකියි! මහාචාර්ය  අශෝක දංගල්ල කියයි….

වෙඩි කෑ සීතාට ඇවිදින්න බෑ…  අද පපු පෙදෙසේ එක්ස් කිරණ පරීක්ෂණයක්!

by editor
ඔක්තෝබර් 2, 2023
0

Femaler-Arrested

පානදුර ජනප්‍රිය පාසලක සිසුවාට හෙල්මට් වලින් පහරදුන් තරුණයන් පහක් අත්අඩංගුවට!

by editor
ඔක්තෝබර් 2, 2023
0

දෑත් හිස නැතිව සපුගස්කන්දේ  කොට්ටුන්න වැවෙන් හමුවූ මුල්ලේරියාවෙන් අතුරුදහන් වූ කාන්තාවගේ ඝාතනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක කී කතාව….

අත් හිස කපා වෙන්කර ප්‍රදීපා  ඝාතනය කළ සැකකරුගේ වාහනය නුවරඑළියෙන් හමුවේ….

by editor
ඔක්තෝබර් 2, 2023
0

නවතම ලිපි

current-bill

නව වටයකින් විදුලි ගාස්තු ඉහළ නැන්වීමේ අනුමැතිය ගන්න  විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසම හමුවෙයි!

by editor
ඔක්තෝබර් 2, 2023
0

පාසල් දරුවන්ට මත් කරල් විකිණූ නරුමයෙක් දෙමව්පියන් දුන් තොරතුරු මත අත් අඩංගුවට…

පාසල් දරුවන්ට මත් කරල් විකිණූ නරුමයෙක් දෙමව්පියන් දුන් තොරතුරු මත අත් අඩංගුවට…

by editor
ඔක්තෝබර් 1, 2023
0

ඉන්ධන මිල සූත්‍රයකට කැබිනට් අනුමැතිය… සෑම සති 02කට හෝ මසකට වරක් මිල සංශෝධනයක්!

සිපෙට්කෝ සහ IOC සියලුම ඉන්ධන වර්ගවල මිල නන්නවයි….    

by editor
ඔක්තෝබර් 1, 2023
0

සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වලින් බාගයක් ෂෙල් හා සිනොපෙක් වෙත?

සයිනොපෙක් ඉන්ධන මිල ගණන් සංශෝධනය කරයි… 92 ප්‍රෙටල් මිල වැඩි නොකර සුපර් ඩීසල් රුපියල් 61කින් නන්වයි!

by editor
ඔක්තෝබර් 1, 2023
0

වසර පුරා ලැබුණු පිරිකර විකුණා ලෝක ළමා දිනය දා  අසරණ ගම්වැසි දරුවන්ට සහ වැඩිහිටියන්ට තෑගි බෝග සහ ආහාර දුන් වැලිකන්දේ හාමුදුරුවො…

වසර පුරා ලැබුණු පිරිකර විකුණා ලෝක ළමා දිනය දා  අසරණ ගම්වැසි දරුවන්ට සහ වැඩිහිටියන්ට තෑගි බෝග සහ ආහාර දුන් වැලිකන්දේ හාමුදුරුවො…

by editor
ඔක්තෝබර් 1, 2023
0

ගුවනේ දි ගුවන් යානා  ගැටෙන්න ගියෙ නෑ…  ශ්‍රී ලංකන් කියයි…

ශ්‍රී ලංකන් ගුවන් යානයක කාර්මික දෝෂයක්… යානය තුළ මගීන් 200ක් පැය ගණනක් රස්තියාදුවේ… රාජ්‍ය ඇමති සිසිර ජයකොඩිත් ඒ අතර….

by editor
ඔක්තෝබර් 1, 2023
0

එක් හෙදියක්වත් නැති   ප්‍රාදේශීය රෝහල් කොට්ඨාසය තුළ තිබෙද්දී  හතරලියැද්ද රෝහලේ අනුමත හෙද කාර්ය මණ්ඩලය මෙන් දෙගුණයක්!

එක් හෙදියක්වත් නැති   ප්‍රාදේශීය රෝහල් කොට්ඨාසය තුළ තිබෙද්දී  හතරලියැද්ද රෝහලේ අනුමත හෙද කාර්ය මණ්ඩලය මෙන් දෙගුණයක්!

by editor
ඔක්තෝබර් 1, 2023
0

කෝටිපති ව්‍යාපාරික ගුලාම් හුසේන් ඝාතනයේ සැකකාර බාල පුතා ලබන 08 තෙක් රිමාන්ඩ්…

වල්ලා පට්ටා කිලෝ 45 ක් සමග විශ්‍රාමික බැංකු කලමණාකරුවෙකු අත්අඩංගුවට!

by editor
ඔක්තෝබර් 1, 2023
0

වෙඩි තබා ඇත්තේ බීමතින්…. රබර් උණ්ඩ නොව ජීව උණ්ඩ යොදා ගනිමින්… හීලෑ අලි ඇතුන් හිමියන් පොලිස්පතිගෙන් පරීක්ෂණයක් ඉල්ලයි….

වෙඩි තබා ඇත්තේ බීමතින්…. රබර් උණ්ඩ නොව ජීව උණ්ඩ යොදා ගනිමින්… හීලෑ අලි ඇතුන් හිමියන් පොලිස්පතිගෙන් පරීක්ෂණයක් ඉල්ලයි….

by editor
ඔක්තෝබර් 1, 2023
0

Arrested

කුඩු අංජුගේ ගෝලයන්ට ඇඳගෙන ලක්ෂ 30ක කප්පමක් ගන්නට ගිය පොලොන්නරුවේ හාදයන් 02ක් අත් අඩංගුවට…

by editor
ඔක්තෝබර් 1, 2023
0

  • Trending
  • Comments
  • Latest
Basil-Ranil

ලන්සාගෙන් අයින් වෙන්න… පොහොට්ටුවේ සහය දෙන්නම්… බැසිල්ගෙන් රනිල්ට යෝජනාවක් !

ඔක්තෝබර් 1, 2023
නල්ලමලේ කන්සල්ටන්…

නල්ලමලේ කන්සල්ටන්…

සැප්තැම්බර් 24, 2023
අනාචාරයේ ගොස් රටේ රෙදි ගැලවූ “ සල්ලාල තානාපති” ගේ නිදහස් වීම සහ රටට අදාල නැති පිරිමි ඇඟේ කොණ්ඩම් ප්‍රශ්නය!

අනාචාරයේ ගොස් රටේ රෙදි ගැලවූ “ සල්ලාල තානාපති” ගේ නිදහස් වීම සහ රටට අදාල නැති පිරිමි ඇඟේ කොණ්ඩම් ප්‍රශ්නය!

1
ඝාතනය කර කැබලි කපා වැවට දැමූ මුල්ලේරියාව කාන්තාවගේ සැකකාර ඝාතක ව්‍යාපාරිකයා පොලිසියට භාර වෙයි!

ඝාතනය කර කැබලි කපා වැවට දැමූ මුල්ලේරියාව කාන්තාවගේ සැකකාර ඝාතක ව්‍යාපාරිකයා පොලිසියට භාර වෙයි!

ඔක්තෝබර් 2, 2023
ධූරයෙන් ඉල්ලා අස්වූ පසු ලංකාවේ රැඳී ඉන්න බලාපොරොත්තුවක් නෑ… රටිනුත් යනවා…   මුලතිව් දිස්ත්‍රික් මහේස්ත්‍රාත් කියයි…

මුලතිව් දිස්ත්‍රික් අධිකරණ විනිසුරුවරයාගේ ඉල්ලා අස්වීම පිළිබඳ පරීක්ෂණයක් කරන්න… මහජන ආරක්ෂක ඇමති පොලිසියට දන්වයි!

ඔක්තෝබර් 2, 2023
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • ඝාතනය කර කැබලි කපා වැවට දැමූ මුල්ලේරියාව කාන්තාවගේ සැකකාර ඝාතක ව්‍යාපාරිකයා පොලිසියට භාර වෙයි!
  • මුලතිව් දිස්ත්‍රික් අධිකරණ විනිසුරුවරයාගේ ඉල්ලා අස්වීම පිළිබඳ පරීක්ෂණයක් කරන්න… මහජන ආරක්ෂක ඇමති පොලිසියට දන්වයි!
  • වෙඩි කෑ සීතාට ඇවිදින්න බෑ…  අද පපු පෙදෙසේ එක්ස් කිරණ පරීක්ෂණයක්!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.