බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

ජීවනාධාර යන්ත්‍රයක සිරවී ජීවිතය සමග පොර බදන ජැක්සන්!

by editor
මැයි 3, 2023
in ජීවිතය
Share on FacebookShare on Twitter

කොන්ගානිගේ ජෝසප් මල්සි ජැක්සන් ඇන්තනි හෙවත් ජැක්සන් ඇන්තනී  1958 ජූලි 8 වැනිදා රාගම පොඩිවීකුඹුර ග්‍රාමයේ උපත ලදී.

ඔහුගේ දෙමාපියන් ඔහුව හැඳින්වූයේ “මල්සි” යනුවෙනි. ඔහු හපුගොඩ කනිෂ්ඨ විද්‍යාලයෙන් සහ බණ්ඩාරවෙලශාන්ත මරියා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබීය. පසුව ගණේමුල්ල ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් විය. කොළඹ විශ්වවිද්‍යාලයෙන් ඔහුගේ ප්‍රථම උපාධිය ලෙස සිංහල භාෂාව සහ සාහිත්‍යය පිළිබඳ ගෞරව උපාධියක් ලබා ගත්තේය.

අනතුරුව ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ගත්තේය. පියා වන කෝංගනිගේ බෙනඩික්ට් ඇන්තනී සහ ඔහුගේ මව පොඩිවී කුඹුරේ රොලින් පෙරේරා ජැක්සන් දරුවාගේ සාර්ථකතවය බව ජැක්සන් නිතර සිහිපත් කළ දෙයකි.

ජැක්සන්ගේ මවුපියන් ජීවත් වූයේ ඔහුගේ උපන් ගම වන රාගම පොඩිවීකුඹුරේය. ඔහුගේ සීයා පේදුරු ඇන්තනි, ලංකා විදුලිබල මණ්ඩලයේ ඕවර්සියර්වරයකු ලෙස සේවය කළේය.  ජැක්සන්ගේ පවුලේ සහෝදරයන් පස් දෙනෙකි. වැඩිමහල් සහෝදරයා සේනක ටයිටස් ඇන්තනි

මාධ්‍යවේදියකු ලෙස මාධ්‍ය ආයතන කිහිපයක සේවය කළ අතර දක්ෂ චරිතාංග නළුවකු විය. 2017 ඔක්තෝම්බර් 23 වන දින සිංගප්පූරුවේදී ඔහුගේ වැඩිමහල් සොහොයුරා වකුගඩු හා අක්මාව අකර්මණ්‍ය වීම හේතුවෙන් මිය ගියේය. ඔහුගේ අනෙකුත් සහෝදරයන් වන්නේ සුදත් ඇන්තනි, සමන් ඇන්තනි සහ මොහාන් ඇන්තනි ය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජැක්සන් බිරිඳ වන්නේ කලා ලොවේ කවුරුත් දන්නා කුමාරි මුණසිංහය. ඇය දක්ෂ නිළියකි, ගායිකාවකි. ජැක්සන් සහ කුමාරි,  අකිල ධනුද්දර හා සජිත ධනුද්දර නම් පුතනුවන් දෙදෙනෙකු සහ මාධවී වත්සලා ලෙස රටේ කවුරුත් දන්නා ජනප්‍රිය දරුවන් තිදනකුගේ මව් පිය යුවළකි. දියණිය මාධවී

වත්සලා රූපවාහිනී නිවේදිකාවක්, නිළියක් සහ ගායිකාවක් ලෙස ක්ෂේත්‍රයේ රැඳී සිටින්නීය. වැඩිමහල් පුත් අකිල ධනුද්දර ද රූපවාහිනී නිවේදකයෙක්, නිරූපණ ශිල්පියෙක් සහ නළුවෙකි. ඔහුගේ බාල පුත්, සජිත අනුත්තර ද රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරයි. ගායකයකු හා සම්මානලාභී නළුවකු ද වේ. ඔහු ඉතා ජනප්‍රිය වූ සූරිය අරණ චිත්‍රපටයෙහි දඩයක්කාරයාගේ පුතාගේ චරිතය නිරූපණය  කළේය. සජිත කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකි

ජැක්සන් ඇන්තනී ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නළුවෙකි. රංගනයට අමතරව අධ්‍යක්ෂක, නිෂ්පාදක, ගායක, තිර රචක, රූපවාහිනී පූරක, නවකතා රචක, තීරු රචක, ගීත රචක, ඉතිහාසඥ සහ සංචාරක යන අංශ තුළද සිය සහජ දක්ෂතා මනරම් ලෙස පිළිඹිමු කර ඇත. ජැක්සන්    හොඳම නළුවාට හිමි සම්මානය වාර්තාගත ලෙස දහසය වතාවක් දිනාගත් විශිෂ්ඨයෙකි.

නිර්මාණ ඉතිහාසය 

ඊ.එම්.ඞී.උපාලිගේ ‘‘මෙතනින් මාරුවෙනු’’ නාට්‍යයෙන් ප්‍රසිද්ධ වේදිකාවට පැමිණියේය.    ඉන්පසුව ‘‘මරාසාද්’’, ‘‘මධුර ජවනිකා’’,‘‘ලෝම හංස’’, ‘‘ධවල බීෂණ’’, ‘‘අත්’’, ‘‘මෝරා’’, වැනි ජනප්‍රිය වේදිකා නාට්‍ය රැසක ඔහු රඟපෑවේය. ‘

“තාරාවෝ ඉගිලෙති’ වේදිකා නාට්‍යය ඔහුගේ කලා ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් විය. ඒනම් චිත්‍රපටය ඔහුට විවෘත වූයේ මෙතැන් සිට වීමය.

1993 දී ඔහු සිනමා කර්මාන්තයට පැමිණියේය. ගුරු ගෙදර, චිත්ති, අයෝමා සහ ලොකු දුව යන චිත්‍රපටවල රංගනයෙන් දායක වූ ජැක්සන් පසුව භව දුක, භව කර්ම, ගිනි අවි සහ ගිනි කෙළි, අස්වැසුම, අග්නි දහය, සූරිය අරණ, මිල්ලේ සොයා සහ රන්දිය දහර වැනි චිත්‍රපටවලින් තම දක්ෂතා පෙන්නුවේය

එසේම ඔහු ටෙලි නාට්‍ය නළුවෙකු ලෙසද තම හැකියාව විදහා දැක්වීය. ඔහුගේ ජනප්‍රියම ටෙලි නාට්‍ය චරිත කිහිපයක් අතර පළිඟු මැණිකේ, ඇල්ල ලග වලව්ව, සුසීමා, වෙද හාමිනේ, කඩුල්ල, අකාල සන්ධ්‍යා, පිටගම්ගරයෝ යන කතාමාලා විය.

1992 දී ඔහු සිය මංගල ටෙලි නාට්‍යය “ඇසළ කළුවර” අධ්‍යක්ෂණය කළේය. 1990 දී ‘භූමිකා 7’ ඉන්පසුව 2014 වසරේ ඔහු දෙවැනි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කළේ ‘‘දස්කොන්’’ය.

ඔහු ශ්‍රී ලංකාවේ බ්ලොක්බස්ටර් චිත්‍රපට කිහිපයක් ද අධ්‍යක්ෂණය කර ඇත. ඔහුගේ පළමු අධ්‍යක්ෂණය වන ‘‘ජුලියට්ගේ භූමිකාව’’ ය.  පාරාදීසය ඔහු විසින් අධ්‍යක්ෂණය කළ තවත් චිත්‍රපටයක් විය.

අබා, ශ්‍රී ලංකාවේ මිල අධික චිත්‍රපටයක් නිර්මාණය කර ඇති බව කියන චිත්‍රපටය බොහෝ සිනමා උළෙලවල් වලදී සම්මානයට පාත්‍ර විය. ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද ඇඩ්‍රස් නෑ චිත්‍රපටය චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේය.

2017 දී ඔහු ශ්‍රී ලාංකික නිළියක් වූ පියුමි හංසමාලි සමඟ අනිල් කුමාර් විසින් අධ්‍යක්ෂණය කරන ලද ලක්නව් නම් කේරළ සිනමා නිෂ්පාදනයට සම්බන්ධ විය.

ජැක්සන් ක්ලැරන්ස් විජේවර්ධන සමඟින්, සිතේ සුසුම් නිවනා ගායන, දෑස පිය ගත් කල, බිරිය කුමාරි මුණසිංහ සමග ගයන “ලන්දේ උකුල උඩ” පවුලේ සාමාජිකයන් සමඟ ගයන අහස පොළව උහුලනවලු ගීතයටත්  විශාල ජන ප්‍රසාදයක් හිමි වූයේය.

මැෂින් එකෙන් ගලවමු ද?

ඔහු මිනිසකු ලෙස උපත ලබා මේ ලෝකයට ඒකතු කළ නිර්මාණශීලි වටිනාකම් ප්‍රමාණවත්ය.  ඔහු අවප්‍රමාණ වන්නේ අධි භක්තියෙන් සිදුකළ දේශපාලන අවිචාරය ය. සිය සියලුම වටිනාකම් අලගු තබමින්, විචාර බුද්ධිය පසෙක ලා කළ ඒ  භක්තිවාදී දේශපාලන ගැතිකම  සම්බන්ධව පක්ෂ විපක්ෂ සහෘද ජනතාව සමස්ථයක් ලෙස මවිත වී සිටි කාලයක් තිබුණු බව මතකය.  පොහොට්ටුවාදී රසිකයින්වත් ඔහු මේ ආකාරයෙන් සිය පෞරුෂය හානි කරගන්නවාට කැමති නොවූ බව දනිමි.    ඔහු දැරූ දේශපාලන ආස්ථානය පිළිබඳ ඕනෑ තරම් සාධනීය විවේචන තිබේ.

එහෙත් මේ වනවිට සමාජ කථිකාවකට ලක් වී ඇති 2022 ජුලි මස සිට ඔහුට සවිකර තිබෙන විශේෂ ස්වසනාධාර යන්ත්‍රය ගැලවිය යුතු බවට හෝ නොගැලවිය යුතු බවට මත දෙකකට වෙන් වී කෙරෙන වාදය ඔහු සමග ඇති දේශපාලන ඇරියස් සම්පූර්ණ කරගැනීමට භාවිතා නොකළ යුතු බව විශ්වාස කරමු.

මේ වනවිට ඔහුට සවි කර ජීවනාධාර යන්ත්‍රය ගැලවීම ගැන කතා කරන්නට සාමාන්‍ය මිනිසුන් වන අපට සදාචාරාත්මක හැකියාවක් නැත.

දැන් තත්ත්ව ඇත්තේ වෙනම තලයකය. ජනාධිපතිවරයා පැමිණ සියල්ලුම පහසුකම් සැලසීමට කී විට  හොඳම වෛද්‍ය පහසුකම් දීමට රජයේ මහ රෝහල කටයුතු කර ඇත. දැන් ජනාධිපතිටත් මේ යන්ත්‍රය ජැක්සන්ගෙන් ගැලවීමට කියන්නට බැරිය. ජනාධිපති කියා යන්ත්‍රය ගැලවූ බවට වන කුණු කතාව අහගන්නට ඔහු කැමති නොවනු ඇත.

ජනාධිපතිවරයාගේ නියම හේතුවෙන් වෛද්‍ය ප්‍රජාව ද සැබෑ තක්සේරුවක් කර  මේ ජීවනාධාර යන්ත්‍රය ගලවන්නට සූදානම් නැත. දැන් ජැක්සන්ගේ පවුලේ උදවිය අත තීන්දුවක් තිබේ. ඔවුන් ඒ තීන්දුවට එකඟ වන්නේ නැත.

කොයි මොහොතක හෝ ඔහු සුවය ලබන්නේ නම් බලාපොරොත්තු සහිතව මේ යන්ත්‍රයේ ඔහුව තැබිය හැකිය.  දැනට කෝටි ගණනක පිරිවැයක් දරා වුව ද එවැනි බලාපොරොත්තුවක් තිබේ දැයි සැකයක් වෛද්‍ය අංශ තුළම මතු වී තිබේ.

කෙසේ වෙතත් ජැක්සන්ගේ ජීවනාධාර යන්ත්‍රය ගැලවීම  හෝ නෙැගලවීම අපට අදා විෂයක් නොවන බව විශ්වාස කරමු. එය පිළිගත් වෛද්‍ය ආචාර ධර්ම මත වුණාදෙන්.

ජැක්සන්ට සුව පතමු!

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

තිරිඟු පිටි මිල යළිත් ඉහළට….

Next Post

ගෑස් මිල ගණන් අඩුවෙන්නේ මෙහෙමයි….

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.