බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

ගලාගෙන ගිය දොල පාර ලේ පාට වෙලා තිබුණා… කිසිවෙක් ජීවත් වෙතැයි සිතුවෙ නෑ,..

අනතුර වූ ස්ථානයට ගොස් ප්‍රතිකාර කළ බදුල්ල මහ රෝහලේ හදිසි අනතුරු අංශයේ  ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයාගේ අත්දැකීම...

by editor
මාර්තු 20, 2021
in ජීවිතය
Share on FacebookShare on Twitter

සටහන  සමන්තිකා වීරවර්ධන –

  • රියදුරු බස් එක පෙරළෙනකොටම පැනලා… රෝගීන් රෝහලට ගේන්නත් කලින් ඔහු ත්‍රී විල් රථයක ඇවිත් පස්සර මූලික රෝහලෙන් ප්‍රතිකාර අරන් තිබුණා

  • බස් රථය කුඩු පට්ටම් වෙලා… මිනිස්සු අතින් අතට තුවාල කරුවන්වයි මල සිරුරුයි උඩට ගෙනිච්චා… 12ක් එතැනම මැරිලා හිටියා…

  • එක පුංචි දරුවෙක් සීරීම් තුවාලයක්වත් නැතිව බේරිලා හිටියා… ඒක විශ්මයජනකයි…

“උදේ 7‍’30ට විතර මට පස්සර GMOA ගෙන් දුරකථන ඇමතුමක් ආවා බදුල්ල මොනරාගල 13 කණුව අසල  බස් අනතුරක් වෙලා තියෙනවා. ඉක්මනින් උදව් ඉල්ලුවා. මම ඒ වෙලාවේම බදුල්ල රෝහලේ අධ්‍යක්ෂවරයාට කථා කරලා මේ විස්තරේ කියලා අපිට ඇබ්බියුලන්ස් අවශ්‍ය කීව්වා. අධ්‍යක්ෂවරයා කිව්වා රෝහලේ තියෙන ඔක්කොම ඇම්බියුලන්ස් ටිකගන්න කියලා. මම ක්ෂණයෙන් ක්‍රියාත්මක වුණා. තවත් ඩොක්ටස්ලා දෙතුන් දෙනෙකුයි නර්ස්ලා දෙනෙක් විතර  එම්බියුලන්ස් එකේම දාගෙන අනතුරු සිදුවුණ තැනට ගියාම තමයි අනතුරේ බරපතල කමගැන දැනගත්තේ. මම බදුල්ල රෝහලේ අපේ අධ්‍යක්ෂවරයාට නැවත කථා කරලා කිව්වා වෛද්‍යවරුන් තවත් කණ්ඩායම් දෙකක් විතර එවන්න කියලා. ඒත් එක්කම තවත් වෛද්‍යවරුන් 15 – 20 විතර එව්වා. ”

බදුල්ල මහ රෝහලේ හදිසි අනතුරු අංශයේ  ප්‍රධාන වෛද්‍ය නිලධාරී පාලිත රාජපක්ෂ

පස්සර මාරාන්තික බස්රථ අනතුර සම්බන්ධයෙන් බදුල්ල මහ රෝහලේ හදිසි අනතුරු අංශයේ  ප්‍රධාන වෛද්‍ය නිලධාරී පාලිත රාජපක්ෂ   සිය අද්දැකීම් ලංකාසරට සදහන් කළේ එසේය.

වෛද්‍ය පාලිත  අනතුර සිදුවූ ස්ථානය වෙත යන විට බස් රථය අඩි 100 – 150 අතර ප්‍රපාතයකට පෙරළී තිබුණ බව දක්නට ලැබුණි. බස් රථය පෙරළි තිබූ දර්ශනයෙන්ම ඔහුට සිතී ඇත්තේ එහි ගමන් ගත් කිසිවෙකුගේ පණ බේරෙන්නට නැති බවකි.  බස්රථ පස් කදු කඩාගෙන ගල් උඩට වැටී තිබුණේ රෝද උඩට සිටින සේය. වෛද්‍ය කණ්ඩායම එම ස්ථානය වෙත යන විටත් ගම්වාසීන් කඹ දෙකක්  පහළට දමා එම කඹයේ එකාපිට එකා එල්ලෙමින්  බස්රථයේ සිටි තුවාලකරුවන් හා මියගිය පුද්ගලයින් උඩට ගනිමින් සිටියේය. අතින් අතට මාරුකරමින් ඉහළට යැවූ තුවාල කරුවන් හා මියගිය පුද්ගලයින්ගේ  දේහයන් බදුල්ල මහ රෝහල වෙත යැවීමට කටයුතු යෙදිනි.

“මමයි වෛද්‍යවරුන් කීපදෙනෙකුයි  ප්‍රාපතයට බැස්සා. අපිට බහින්න බැහැ. අපි ඉලුක් පඳුරු අල්ලගෙන තමයි බැස්සේ. එතන පොඩි දිය පාරක් ගලනවා. ඒ දියපාර සම්පුර්ණයෙන්ම රතුපාට වෙලා තිබුණා . ඒක දැක්කාම මම හිතුවේ නැහැ පණ තියෙන කෙනෙක් ඉතිරිවෙලා අති කියලා. ඒත් වාසනාවකට පුද්ගලයින් 31 දෙනෙකුගේ ජීවිත බේරිලා තිබුණා. අපි ගම් වාසීන් එක්ක එකතුවෙලා තුවාල කරුවන්ව ඉක්මනින් රෝහල් ගත කරන්න කටයුතු කළා.. මේකේ පුදුම දේ තමයි  බස්රථයේ ගමන් කළ අවුරුදු පහක විතර පුංචි කෙල්ලක් පොඩි තුවාලයක් වත් නැතිව බේරිලා තිබුණා. ඒක නිකම් විශ්මයක්වගේ.”

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

තුවාල කරුවන්ව බේරා ගැනිමට පහළට බැස්ස ගම්වාසියෙකුට තම පාදය අහිමි වූයේ උඩ තිබු ගලක් පහලට පෙරළීම හේතුවෙනි.  මෙම මාරාන්තික බස්රථ අනතුරෙන් 12 දෙනෙකු මියගියේ අනතුර සිදුවූ ස්ථානයේදීමය. අසාධ්‍ය තත්තවයේ පසු වූ තවත් පුද්ගලයෙකු බදුල්ල රෝහලට ඇතුලු කිරීමෙන් පසුව මියගියේය‍‍. බදුල්ල රෝහලට වෙත ඇතුළත් කළ තුවාලකරුවන් 28 දෙනාවෙනුවෙන් බදුල්ල රෝහලේ වෛද්‍යවරුන් 100 දෙනෙකුගෙන් පමණ කණ්ඩායමක් ප්‍රතිකාර ලබා දීමට කටයුතු කළහ.

මෙම බස්රථ රියදුරා සුළු තුවාල ලබා ඇති බව කීවොත් ඔබ පුදුමයට පත්වෙනවා නොවනු මානය. බස්රථය පහළට පෙරළීමත් සමග රියදුරා බසයෙන් පැන ඇති අතර ඒ නිසාම ඔහු සුළු තුවාල ලබා ඇත. රියදුරා තුවාල කරුවන් පිටතට ගැනීමටත් පෙර ත්‍රී රෝදරථයක නැගී පස්සර රෝහල වෙත පැමිණ ඇත්තේ අනතුරෙන් සිදුවූ තුවාල වලට ප්‍රතිකාර ලබා ගැනීමටය.

බදුල්ල මහ රෝහල වෙත ඇතුළත් කල පුද්ගලයින්  07 දෙනෙකුගේ  තත්ත්වය බරපතල බව වෛද්‍ය පාලිත රාජපක්ෂ   සඳහන් කළේය. මෙම තුවාල කරුවන් අතර වයස අවුරුදු 20 පමණ තරුණ ගැහැණු ළමයෙකුගේ ප්ලීහාව පුපුරා රුධිර වහනයක් වී  ඇති බැවින් ඇය සැත්කමකට ඇය ලක් කෙරිනි. තවත් තරුණියකගේ උකුල් ඇටය සම්පූර්ණයෙන් බිදී ඇති බවත් ඇයද සැත්කමකට ලක් කරමින් පවතින බව අප මෙම ලිපිය ලියන අවස්ථාවේදී වාර්තා විය‍.

අත්පා කැඩී බරපතල තුවාල ලැබූ තුවාලකරුවන්ට වෛද්‍යවරුන්  ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය යුහුසුළුව ප්‍රතිකාර කරන අයුරු නිරන්තරයෙන්ම වාර්තා වෙමින් ඇත. 

වෛද්‍ය පාලිත රාජපක්ෂ   සඳහන් කළේ තමාගේ වෛද්‍ය ජීවිත තුළ මෙවන් බරපතල අනතුරක් සිදුවූ ස්ථානය වෙත ඉතා අසීරුවෙන් ගමන් කර රෝගීන්ගේ ජිවිත බේරාගැනීමට කටයුතු කළ පළමු අවස්ථාව  මෙය බවත් මෙය ඉතා දුෂ්කර  කටයුත්තක් වූ බවත්ය. 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පානදුරේ ප්‍රාද්ශීය සභාවේ සභාපති තුම්මුල්ල හන්දියේ විසල් නිවසක් බලන් අල්ලාගෙන!

Next Post

මාස 06කට පෙර පාරට කඩන් වැටුණු ගලක් නිසයි මේ අනතුර උනේ..

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.