බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

“අපි දැන් ඉන්නේ රතු කලාපයේ!! ගෙදර ඇතුළත් ලොක්ඩවුන් කළයුතුයි”

ශ්‍රි ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු

by Lanka Sara Editor
අගෝස්තු 28, 2021
in ජීවිතය
Share on FacebookShare on Twitter
  • සැප්තැම්බර් 18 තෙක් රට වැහුවොත් ජීවිත 7500ක් බේරේවි

  • ඔක්තෝබර් 02 තෙක් රට වැහුවොත් ජීවිත 10000ක් බේරේවි

  • අපි කියන්නේ එන්නත්කරණය සාර්ථක වනතෙක් රට වහන්න

  • විශේෂඥ උපදෙස් රජයට එවන්න මාර්ගයක් විවෘත කරන්න

එන්නත්කරණය රට තුළ හොඳ මට්ටමකට සිදුවන තුරු පවතින දැඩි සංචරණ සීමා තවදුරටත් දැඩි විනයකින් යුතුව පවත්වාගෙන යා යුතු බවට ඊයේ (27) ශ්‍රි ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දුන්නේය. ඔවුන් එම යෝජනාව කරන්නේ ඇයිද යන්න පිළිබඳවද කරුණු කාරණා සහිතව පෙන්වා දුන්නේ පවතින වසංගත තත්ත්වයේ අවදානම් සීමා අප රටක් ජාතියක් ලෙස ඉක්මනින් ම ඉවත් කර ගැනීම දිගු කාලීන ආර්ථික ජයග්‍රහණයකට එය අතිශයින් වැදගත් වන නිසාවෙනි.
එම සංගමයේ සභාපති ළමා රෝග විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මෙම වසංගතයේදී විවිධ පාර්ශ්ව නියෝජනය කරමින් තම දැනුම සහ සේවය මේ වෙනුවෙන් කැප කළ අයෙකි. විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු ඩෙංගු වසංගත පාලනය පිළිබඳව ජාත්‍යන්තර ඇගයීම් ලද විශේෂඥයකු වන කොවිඩ් එන්නත් ඇගයීමේ විශේෂඥ කමිටුවේ සාමාජිකයකු ලෙසත් වසංගතය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙහෙයවීම මත ක්‍රියාත්මක වන ස්වාධීන විශේෂඥ කමිටුවේද සාමාජිකයෙකි. එබැවින් ලංකාසර පවතින වර්තමාන තත්ත්වය පිළිබඳව ඔහුගෙන් කෙටි පිළිසසඳරක යෙදුණෙමු.

ප්‍රශ්නය – රජය මේ වනවිට තවත් සතියකින් පවතින නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කළා. ඔබ හිතන්නේ එය ප්‍රමාණාත්මකද?
පිළිතුර – කිසිසේත් නැහැ. මේ සම්බන්ධයෙන් ලෝකයේ පවතින දත්ත  සහ ඊට අදාළ ව සකස් කළ විද්‍යාත්මත ආකෘතිවලට අනුව මේ පිළිබඳව මේ රටේ ස්වාධීන විශේෂඥයන් කණ්ඩායමක් මේ වනවිට වාර්තාවක් සකස් කර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයන් ද ඇතුළත් දැනුම සහ අත්දැකීම් සහිත මේ වෛද්‍ය විශේෂඥයන්ගේ කණ්ඩායම පවසන්නේ අවම වශයෙන් දෙසැම්බර් මස 18 වැනිදා වන තෙක්වත් මෙම සංචරණ නීති මීටත් වඩා දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමෙන් පමණයි අපට යම් සහනයක් ලැබිය හැකි වන්නේ. ඔවුන්ගේ පුරෝකථනවලට අනුව සැප්තැම්බර් මස 18 වැනිදා වන තෙක් මේ සංචරණ සීමා අඛණ්ඩව දීර්ඝ කළහොත් මරණ 7500ක් වළකවා ගත හැකියි. එසේම එම සංචරණ සීමා ඔක්තෝබර් 02 වැනිදා දක්වා දීර්ඝ කළහොත් මරණ දස දහසක් වළක්වා ගත හැකියි යනුවෙනුයි.

ප්‍රශ්නය – ඒ ඇයිද යන්න තවදුරටත් පැහැදිළි කළ හැකිද?
පිළිතුර – සරලව කියනවා නම් අපි මුල් සංචරණ සීමාවේදී නිවාස තුළ වැඩි කාලයක් ගත කරනවා. මේ වෙලාවේ සමහර විට එක් අයකු ආසාදිතයකු නම් රෝග ලක්ෂණත් නොපෙන්වන්නේ නම් එයාගෙන් පවුලේ තවත් කෙනකුට හෝ කිහිප දෙනකුට රෝගය පැතිරීමේ පවතින ඉඩකඩ වැඩියි. යම් හෙයකින් මෙම වෛරසයේ ජීවන චක්‍රය මැද අප රට විවෘත කළහොත් සිදුවන්නේ පවුලේ සාමාජිකයන් රට විවෘත කළ ගමන් පිටතට යාම හරහා යළිත් මෙය සමාජයට ව්‍යාප්ත වීමයි.
අනෙක දැනටම අප සිටින්නේ ඉතා භයානක තැනක. මේ වනවිට දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 5000ක් ඉක්මවන අතරේ දෛනික මරණ සංඛ්‍යාව 200 ඉක්මවා තිබෙනවා. පරීක්ෂා කරන සාම්පලවිලන් සියයට 90කින්ම ප්‍රකාශ වන්නේ ඩෙල්ටා වෛරසය බස්නාහිර පළාතෙන් පිටත් ප්‍රබලව ව්‍යාප්ත වී ඇති බවයි.
මෙම වසංගත ව්‍යාප්තිය පාලනය මේ පවතින සංචරණ අවස්ථාව තවත් දැඩි කිරීමකින් යුතුව තව සති තුනක්වත් අවම වශයෙන් පවත්වාගෙන යා යුතු වනවා. එවිට යම් පවුලක එක් අයකු හො දෙදෙනකු ආසාදනය වී ඇත්නම් ඔවුන්ගෙන් තව කෙනකුට එය බෝ නොවන මට්ටමට එනම් පවුලෙන් පිටතට නොයන මට්ටමටට වෛරස ගුණන චක්‍රය කැඩෙනවා. මේ නිසයි අපි කියන්නේ මේ සීමා තවදුරටත් දීර්ඝ විය යුතුයි කියල.

ප්‍රශ්නය – මේ පුරෝකථනයන් කරන්නේ දැනට පවතින මේ සංචරණ සීමා තත්ත්වයෙන්ද නැතිනම් ඊට වඩා දැඩි කිරීමකින්ද?
පිළිතුර – මේ තත්වය තව දැඩි කළ යුතුයි. අප විශේෂඥ වෛද්‍යවරුන්ගෙ සංගමය හැටියට අදත් පොදුවේ ඉල්ලූ ඉල්ලීමක් තමයි මේ පවතින සංචරණය සම්බන්ධ පනවා ඇති නීති රීති හිස් මුදුනින් පිළිගෙන ක්‍රියාත්මක කළ යුතුය යන්නයි. කණගාටුවෙන් වුවත් කිව යුතු දෙයක් තමයි රටේ මහජනතාව රජය විසින් පනවන ලද මේ සංචරණය සම්බන්ධ නීති රීති ඒ ආකාරයෙන් පිළිපදින්නේ නෑ. ඇත්තටම මේ වෙලාවේ නීතියටත් වඩා තමන්ගේ තම සමීපතයින්ගේ ජීවිත ගැන බියක් ඇති කර ගත යුතුයි.
මම එයින් අදහස් කරන්නේ අප විසින් දැඩිව මෙය පිළිපැදිය යුතුයි. කෙටියෙන්ම කියනවා නම් මේ ලොක්ඩවුන් එක ගෙදර තුළත් තිබිය යුතුයි. යම් නිවසක අයකු මේ තත්ත්වය තුළ නිවසින් පිටතට යනවා නම් පිටතදී පූර්ණ සෞඛ්‍ය ආරක්ෂණ පිළිවෙත් අනුගමනය කළ යුතුයි.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ප්‍රශ්නය – ඔබ මේ කියන ආකාරයට රට තුළ අත්‍යව්‍යයම සේවා හැරුණු කොට සෙසු බැංකු වැනි ආර්ථිකයට සම්බන්ධ සේවා වසා දැමිය යුතුද?
පිළිතුර – මම වසා දැමිය යුතුම යයි කියන්නේ නෑ. නමුත් එවැනි තැන් හැසිරවිය යුත්තේ ඉතාම වගකීම් සහගතව. ඉතාම සීමාසහිත සේවක සංඛ්‍යාවක් ගෙන්වාගෙන නිසි පරිදි වාතනය කළ පසුබිමක් තුළ සෑම කෙනකුම මනා වගකීමකින් ඒ කටයුතු කළ යුතුයි.
මුව ආවරණ දැමීම, කාර්යාලයකට හෝ අත්‍යවශ්‍ය රාජකාරීවලට යනවා නම් දෑත් පිරිසිදුකම, වාහනවල ගමන් කරද්දී ආරක්ෂිතව වගකීම් සහගතව ගමන් කිරීම, කාර්යාල හෝ සේවා ස්ථානවලදී ආහාර ගන්නා විට තනිවම එය සිදු කිරීම. මේ වගේ බොහෝ දේවල් අපි රැකිය යුතුයි. මේ විදිහට යම් අවදානමක් අරගෙන යමකු රාජකාරියට නිවසකින් යනවා නම් ඔහු නිවසට පැමිණි පසු කළ යුත්තේ ඔහුට යම් ආකාරයකින් හෝ රෝගය ආසාදනය වුණා නම් එයින් සෙසු අයට බෝවීම වැළකෙන ආකාරයට. විශේෂයෙන් වගකීමකින් කටයුතු කළ යුතුයි. නැතිනම් මෙම වෛරස චක්‍රය ආණ්ඩුවේ නීතිවලින් පමණක් බිඳින්න බෑ.
මේ දේවල් නිවස තුළ පිළිපැදීම තරමක් අසීරුයි. නමුත් කැප කළ යුතුයි. අපේ ගෙදරත් අපට අසීරු වුණත් එ විදිහට වැඩ කරන්න වෙලා තිබෙනවා. වෛද්‍යවරියක වන මගේ බිරිඳ වැඩ කරන්නේ කොවිඩ් රෝගීන් එක්ක. මාත් වෛද්‍යවරයෙක්. අපි අපේ දරුවන්ට නිවසේ ඉන්න අය ගැන සලකලා වැඩ කරන්න ඕන. මේ පසුබිම යටතේ අපිට එකට එකතු වෙලා ආහාර ගැනීම පවා අවදානම්. අපි මේ වගකීම හිතේ තියාගෙන අපහසුවෙන් වුණත් ගෙදරදී වැඩ කරන්න වෙලා තිබෙනවා.
අද අපි දකිනවා ලොක් ඩවුන් කියල ගෙදරට වෙලා අහල පහළ අයත් එක්ක වටවෙලා එලි මහනේ කතා බස් කරමින් සිටිනවා. සමහරු අවම වශයෙන් මුව ආවරණයක්වත් නැතිව. මේ විදිහට කටයුතු කරනවා නම් මේක පාලනය කරන්න බෑ. ලොක්ඩවුන් සංකල්පය නිවස තුළත් තිබිය යුතුයි.

ප්‍රශ්නය – නමුත් ආර්ථිකය ගැන සැලකීමේදී මේ තත්ත්වය තුළ ඉතා අපහසුකාරී පසුබිමක් පවතින බවයි රජය පාර්ශ්වයෙන් ප්‍රකාශ වෙන්නේ?
පිළිතුර – අපිත් කතා කරන්නේ රටේ ආර්ථිකය ගැන හිතලම තමයි. මේ විදිහට අපිට ලොක් ඩවුන් කරනවා. යළිත අවිද්‍යත්මකව රට විවෘත කරල අපට අපේක්ෂිත ආර්ථික වාසියක් අත් කර ගන්න. බෑ. හේතුව මෙයින් දීර්ඝ කාලීනව ආර්ථිකය අකර්මණ්‍ය වීම. දැනටමත් ශ්‍රි ලංකාව සිටින්නේ රතු කලාපයක. මෙය කහ කලාපයටත් පසුව කොළ පැහැති කලාපයකට පත් වන තෙක් ලෝකය අප සමග ලෙහෙසියෙන් ගනුදෙනු කරයි කියල හිතන්න බෑ. විශේෂයෙන් අපට දරුණු ලෙස පහර වැදී ඇති සංචාරක ක්ෂේත්‍රය පුනර්ජීවනයක් කරන්න නම් අනිවාර්යනේ අප කොළ පැහැ කලාපයට යා යුතුමයි. ඒ තත්ත්වයට යන්න අපි යම් කැප කිරීමක් කළ යුතුයි.
අනෙක රජය අද වැඩි වශයෙන් කතා කරන්නේ කුඩා ව්‍යාපාරයක් කරගෙන ජීවත් වන අය ගැන. එහෙම නැතිම් දෛනික ආදායමක් ලබාගෙන ජීවත් වන අය ගැන. එවැනි අය ගැන කටයුතු කිරීමේ සමාජමය වගකීමක අප සැමටම තිබිය යුතුයි.

ප්‍රශ්නය – මේ වගකීම අනුව අප කටයුතු කළ යුත්තේ කොහොමද?
පිළිතුර – රටක් හැටියට අප විපත්දායක අවස්ථාවලදී අපෙ සමාජ වගකීම් හඳුනාගෙන පුරවැසියන් ලෙස කටයුතු කිරීටම් පූර්වාදර්ශ අප තිබෙනවා. අප ජීවත් වන ප්‍රදේශය ආසන්නයේ එවැනි පවුල් සිටිනවා නම් ඔවුන්ට උපකාර කිරීමේ කටයුතු අපට සංවිධානය කළ හැකියි. අපි අපේ පරිභෝජනය මේ වෙලාවේ ටිකක් අඩු කරල හරි තව තෙනකුට ජීවත් වෙන්න අවස්ථාවක් දෙනවා නම් එය මේ මොහොතේ කරන විශිෂ්ඨ කාර්යයක්. සුනාමි, ගංවතුර වැනි අවස්ථාවලදී පැවැති කැප කිරීම් ඒ තරමින් නොවුණත් යම් මට්ටමකින් කරන්නට අපේ ජනතාවට පුළුවන්. එහෙම වුණොත් රජයට ලොකු බරක් නොදී මේ කටයුතු සැලකිය යුතු දුරකට සමනය කර ගත හැකියි.
ඒ වගේම රෝගයට මුහුණ දීමේ අවදානම් සහගත පවුල්වල වැඩිහිටියන් වෙනත් රෝග සංකූලතා පවතින අය සිටිනවා නම් ඔවුන් ආරක්ෂිතව රැක බලා ගැනීම සඳහා යම් වැඩපිළිවෙළක් ගම් මට්ටමින්, පන්සල් දේවස්තාන මට්ටමින් ඇති කිරීම ගැන නිර්මාණාත්මකව සිතිය හැකියි. ඒ ආකාරයෙන් මේ රෝගය පැතිරීම වෛරසයේ පැතිරන චක්‍රය බිඳින්න පුළුවන් සෑම අවස්ථාවකටම මහජන සහයෝගය මේ වගේ තත්ත්වයකදී අවශ්‍යමයි. මේ කැප කිරීම් නැතිව අප කටයු කළොත් වෙන්නේ දැනටමත් රටේ සෞඛ්‍ය පද්ධතියට දරා ගත නොහැකි මට්ටමට ඉහළ ගිහින් තිබෙන රෝගීන් සංඛ්‍යාව සමඟ තවත් මෙය වර්ධනය වී විශාල ව්‍යසනයක් වීම. එය අප වළක්වාගත යුතුමයි.

ප්‍රශ්නය – ශ්‍රි ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය හැටියට ඔබ මොනවද මේ මොහොතේ රටට කියන්නේ?
පිළිතුර – අපි ප්‍රධාන කරුණු දෙකක් කියනවා. එක්ක තමයි දැනට කරගෙන යන කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙළ උපරිම මට්ටමකට ඉක්මනට ගෙන එන ගමන් එතෙක් රට තුළ දැනට පනවා ඇති ඒ සංචරණ සීමා තවදුරටත් දැඩි කොට අඛණ්ඩව පවත්වාගෙන යාම. එයින් අපට මූලික වශයෙන් මරණ සංඛ්‍යාව අඩු කර ගත හැකියි. රෝහල්වල පිරෙන ප්‍රමාණය වගේම ඔක්සිජන් මත යැපෙන අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව රෝහල් දේහයට දරාගත හැකි මට්ටමකට අඩු කර ගත හැකියි. අනෙක් කරුණ නම් මේ තුළින් අපට ඉක්මනින්ම අපේ ආර්ථික ඉලක්කවලට යා හැකියි.දැනට රතු කලාපයක සිටින අපේ රටේ ආර්ථිකය මේ ඉලක්කවලින් කොළ පැහැති කලාපයකට ගෙන යාහැකියි. එය ඉදිරියේදී සංචාරක ව්‍යාපාරය වෙනත් ආයෝජන සැලකීමේදී හොඳ දර්ශකයක් වේවි. රටේ එන්නත්කරණයත් සාර්ථකව සිදු වුණෙහොත් එයින් ඇගයීම තවත් ඉහළ යාවි.
දෙවැනියට අප අවධාරණය කරන කරුණ අදාළ වන්නේ රජයට ජනාධිපතිතුමාට. මේ අසීරු මොහොතේ අපට විශේෂඥ උපදෙස් අවශ්‍යයි. එය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් වෙන්න පුළුවන්. වසංගතය සම්බන්ධයෙන් කටයුතු කරන විශේෂඥයන්ගෙන් වෙන්න පුළුවන්. මේ මොහොතේදී ඔවුන්ගේ උපදෙස් ඉතාමත් වැදගත් . ඔවුන් සියලු දෙනා මේ මොහොතේ මේ අර්බුදයෙන් එළියට එන්න උදව් කරන්න සූදානමින් සිටින්නේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වැහුවොත් රට වැටෙනවා – කබ්‍රාල්… ඇරියොත් 10000ක් මැරෙනවා -WHO

Next Post

එන්නත් විද්ද බවට කාර්ඩ් එකේ ලකුණු කර විද්දෙ නෑ… හික්කඩුව එන්නත් මධ්‍යස්ථානයක දී මිනිස්සු වියරු වැටෙති…

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026

Comments 1

  1. Senalika says:
    වසර 5ක් ago

    මේ මෝඩ දොස්තරලා දන්නේ ලොක් ඩවුන් විතරයි. දුප්පත් මිනිස්සු ජීවත් වෙන්නේ කොහෝමද?

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.