fbpx
ඉරිදා, ජූනි 4, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

කැරොලයින් ගේ quarantine සමය

by editor
මැයි 16, 2020
in ජීවිතය
434 5
Share on FacebookShare on Twitter

පවීටා

සොබාදහම අපට විටින් විට නොයෙක් පාඩම් කියා දෙන්නේ සමාජ තල, පන්ති බේද, වර්ණ බේද, ජාති හා ආගම් බේද බලා නොවේ. මේ ගෙවෙන්නෙත් සොබාදහමෙන් ඒවැනි පාඩමක් කියා දෙන කාලයක්..සමහරු මේ අත්දැකීමෙන් ජීවිතවලට උපරිම ඵල නෙලා අර්ථවත් ලෙස ගත කිරීමට උත්සාහ ගන්නා අතරම තවත් පිරිසක් සිදු වෙන්නේ කුමක්ද යන්න පිළිබඳ හෝ හරි හැටි වැටහිමකින් තොරව ළතැවෙමින් බනිමින් ගරහමින් මේ කාලය නිස්කාරනයේ කා දමනවා… මේ ගෙවෙන කාලයේ අර්ථවත් බව වටහ ගනිමින් සුභවාදීව ඒදෙස බලන අපේ ලෝක විවාහක රූ රැජණ කැරොලයින් ජූරි පවසන්නේ මෙවැනි කතාවක්……

“මමත් මගේ පවුලේ අයත් ඉතා සුවෙන් සතුටෙනුයි මේ කාලය ගෙවන්නේ. රජය මගින් නිකුත් කර ඇති නීති රෙගුලාසි අපේම යහපතට පිළිපදිමින් ඒ් කාලය ගත කරනවා. අපි හරි වාසනාවන්තයි, මේ වසංගතය මැඩලීමට ක්‍රියා කරන නිලධාරීන් සහ නිල නොලත් සියලුම පුද්ගලයන් හට මම ඉතාමත් කෘතඥ වෙනවා.”

 

කොහොමද මේ quarantine සමය ගෙවෙන්නේ?
මගේ දුව එලිසාට තවම අවුරුදු දෙකහමාරයි. ඇයට වැඩිය තේරුමක් නැහැ අපි ඉන්න තත්ත්වය ගැන. නමුත් මේ කාලේම ඇය ඉන්නේ හරිම සතුටෙන්. ඒ, ඇගේ අම්මා, තාත්තා, ආච්චි, සීයා ඔක්කොමල දූ එක්ක ගෙදර ඉන්න නිසා. අපි එක පවුලක් ලෙස මෙම කාලයෙන් උපරිම ප්‍රයෝජන අරගෙන විවිධ ක්‍රියාකාරකම්වල යෙදෙනවා. මගේ සමාජ මාධ්‍ය ජාල හරහා ලෝවැසියන් වෙත නොයෙකුත් ධනාත්මක පණිවුඩ බෙදා හැරියා. ඒ වගේම රාජකාරි කටයුතුවලට සම්බන්ධ වීමට සහ නොයකුත් සමාජ ක්‍රියාකාරකම් වලට හඬක් වීමට මට අන්තර්ජාලය ඔස්සේ අවස්ථාවක් ලැබුණා.

RelatedPosts

කටුනායකදී ගුවන් ගමන මඟ හැරුණු අජාන් බ්‍රාහ්ම් හිමියන්ගෙන් ජනපතිට පණිවිඩයක් !

රටකට සිදුවී ඇති විනාශය… අවුරුදු 10 -24 දක්වා දරුවන් සහ තරුණයින්ගෙන් 39%කට විශාදය…

මුලු පාර්ලිමේන්තුවම එකතු වුනත් මේ වෙලාවේ රටේ ජනතාවගෙන් සියයට 50ක ඡන්ද පදනමක් නෑ… ජනපති කියයි!

 

 

 

 

 

 

 

 

 

                                                                                                                                                                                           

කිරුළත් සමඟ ඔබේ ජීවිතයට එක්වූ කාර්යබහුලත්වය සැලැසුම් සියල්ල වෙනස් වෙන්න ඇති?
COVID 19 සමඟ අපි සැලැසුම් කළවැඩසටහන් බොහොමයක් කල් දමන්න සිදු වුණා. නමුත් මම අන්තර්ජාලය හරහා හැකි තරමින් වැඩකට යුතුවලට සම්බන්ධ වුණා.
බොහෝ කලක් පුරුදු කළ දිනචාර්යා‍වක් ඇතුළේ ගෙවුණු අපේ ජීවිත COVID 19 සමඟ අප නොදුටු නොවිඳි බොහෝ දේ අත් විඳින්නට, අත්දකින්නට අපට අවස්ථාව ලබා දුන්නා…?

මගේ ජීවිතේ මගේ සැමියා හා දුව. මවක් බිරියක් ලෙස මට නිශාන් සහ පුංචි දුව සමඟ ගත කිරීමට ලැබුණු මේ කාලය හරි විශේෂයි. මෙම කාලයේ මගේ ප්‍රධාන පරමාර්ථය වුණේ ඔවුන් දෙදෙනාව සුවෙන් සතුටින් තැබීමයි. දුවටත් නිවසේ සිට කළ හැකි නව නිර්මාණශීලී ක්‍රියාකාරකම් බොහොමයක් අත්විඳින්නට පුළුවන් වුණා. ඒ වගේම අලුත් විවිධ කෑම වට්ටෝරු අත්හදා බලමින් සෞඛ්‍ය දැනුම වැඩිකර ගැනීම වැනි ක්‍රියාකාරකම් වල නියැලෙන්න මේ කාලය අපට බොහෝ ප්‍රයෝජනවත්.

                                                                                                                                                                                      

රූපය ගැන හිතන සමහරක් උදවියට නම් මේ quarantine වකවානුව ඇති කළේ පීඩාවක්?
අපි ඇතුළතින් ලස්සන වුණොත් තමයි ඒ ලස්සන පිටට පෙනෙන්නේ. එය මම සැමවිටම විශ්වාස කරන දෙයක්. සෞඛ්‍යදායි ආහාර රටාවකට හුරු වීම, දිනපතා ව්‍යායාම කිරීම, හොඳ නින්දක් ලබා ගැනීම සහ ධනාත්මක මනසක් පවත්වාගෙන යෑම ඒ සඳහා ඉවහල් වනවා.

මම Kinetic Fitness Center gym එකේ සාමාජිකාවක්. ඉතින් මේ දවස් වල ඔවුන් විසින් පවත්වන online workout classes වලට සහභාගි වුණා. එමඟින් නිවෙසේ සිට කළ හැකි බොහෝ ව්‍යායාම ගැන දැනුම්වත් වීමටත් හැකි වුණා. Kinetic Fitness Center ආයතනයට අනුබද්ධිත පවත්වාගෙන යන Kindred Food මගින් මට ඉතාමත් සෞඛ්‍යදායි ආහාර වට්ටෝරු ලැබුණා. ඒ අනූව සෞඛ්‍යයට හිතකර ආහාර පාන හැකි තරම් පරිභෝජනය කිරීමට ප්‍රමුඛත්වය දුන්නා. මම කොහොමත් ගොඩක් වතුර බොන කෙනෙක්. ජලය පානය කිරීම නිරෝගී දිවියකට මනා හැඩැති සිරුරකට එය අත්‍යවශ්‍යයි. “Beauty Sleep” කියන අදහස ගොඩක් කාන්තාවන්ට අලූත් දෙයක් නොවෙයි. සුරූපී බව යනු ධනාත්මක මනසක සහ සෞඛ්‍ය සම්පන්න ශරීරයක එකතුවක්. අඛණ්ඩ සුව නින්ද යනු සුරූපී බවේ තවත් එක් රහසක්. නිවෙසේදීම කළ හැකි රූපලාවණ්‍ය සත්කාර විදි බොහොමයක් අත්හදා බලන්නත් මේ කාලය මට ඉතා ප්‍රයෝජනවත් වුණා.

 මෙය වසංගත සමයක් වුණාට ඒ ගෙවෙමින් පවතින කාලය මිනිස් ජීවිතවලට බොහෝ වටිනාකම් එක් කළ ඇති බව ඔබට දැනෙන්නේ කොහොමද?
COVID 19 ලෝ පුරා පැතිර සිටින මිනිස් ප්‍රජාවට සොබාදහම, ජීවිතය, ජීවත් වීම පිළිබඳ බෝහෝ දේවල් ගැඹුරින් සිතීමට අවකාෂයක් ඇති කළා. COVID 19 උගන්වා තිබෙනවා අපේ පවුල සමඟ හිතවතුන් සමඟ ගත කිරීමට ඇති කාලය කොතරම් වටිනවද යන්න. COVID 19 අපිට මතක් කර දී තිබෙනවා හොඳින් අත් සේදීම වැනි සුළුවට තැකූ දේවල් කොතරම් අපේ ජීවිත වලට වැදගත් වනවාද යන්න. සෞඛ්‍යයට අහිතකර ආහාර පානවලින් වැළකී සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් අපේ ජීවිතයට කෙතරම් අත්‍යවශ්‍ය ද යන්නත් COVID 19 අපට වටහා දුන්නා.

මේ වසංගතය අපට කියා දුන් ලොකුම පාඩම සොබාදහමෙන් තොර පැවැත්මක් නැති බව හා අප සොබාදහමට අනුගත විය යුතු යන්න. දවසින් දවස ගස් කපනවා වෙනුවට පුංචි බිම් කැබැල්ලක හෝ වගා අරඹන්න වස විස නැතිව තමන්ගේ කෑම වේලට අවශ්‍ය දෑ ගෙවත්තෙන්ම පිළියෙල කර ගන්න යන වටිනාම පාඩම COVID 19 අපිට උගන්වා තිබෙනවා. ඉතින් මේ කාලයේ අප උගත් දේ මේ කාලයට පමණක් සීමා කර නොගෙන ඉදිරි ජීවිතයට ඉවහල් කරගන්නවා නම් අපේ ජීවිතය ඉදිරි කාලයේදී වඩාත් ඵලදායි ලෙස ගත වේවි.

covid 19 නිසා මානසික අවපිඩනයකින් පෙලෙන අයත් ඒ අතරේ ඉන්නවා?
ධනාත්මක මනසක් පවත්වා ගැනීම අපේ ජීවිතයට බොහොම වැදගත්. කලින් සඳහන් කළා වගේ දිනපතා ව්‍යායාමය, හොඳ නින්දක් ලබා ගැනීම, සෞඛ්‍යයදායි ආහාර පාන ලබා ගැනීම තුළින් නීරෝගි නිවහල් මනසක් පවත්වා ගන්න පුළුවන්. COVID 19 සමඟ ඒදිනෙදා ජීවන රටාව මුලුමනින්ම වෙනස් වුණත් හැකි පරිදි අපේ සාමාන්‍ය දින චර්යාව පවත්වා ගැනීමට ගන්නා උත්සාහය මානසික සෞඛ්‍ය වර්ධනය කර ගැනීමට රුකුලක් වේවි.

මේ කාලයේදී නෑදෑ හිත මිතුරන් හමු වෙන්න තිබෙන නොහැකියාවෙනුත් අපට යමක් වටගා ගන්න පුළුවන්. ඒ්, අපේ මානසික සෞඛ්‍යයට මේ සබඳතා කොතරම් බලපෑමක් කරනවද යන්නයි. වාසනාව නම් අපි ජීවත් වෙන්නේ දියුණු තාක්ෂණික යුගයක. ඉතින් හමු වෙන්න බැරි වුණත් තාක්ෂණය ඔස්සේ අපට ඔවුන් අපේ ජීවිතවලට සමීපව තබා ගන්න ඉඩ කඩ සාදා දී තිබෙනවා. මගේ සමීපතමයන් හා සම්බන්ධ වී මම ඒ් තාක්ෂණයෙන් උපරිම ඵල නෙලා ගත්තා. ඔබත් හැකි අයුරින් ඔබේ හිතමිතුරන්ට ළඟා වෙන්න උත්සාහ කරන්න, එය ඔබේ ජීවිතයේ පුරුද්දක් කරගන්න.

සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම මෙම කාලයේ දී අතිශයින්ම වැදගත්. නමුත් අප මානසිකව තනි නොවිය යුතුයි. මේ කාලයේ දී මානසික අවපීඩනයකට ලක් වී ඇති හෝ ලක්විය හැකි යැයි ඔබ සිතන අයකු වේ නම් ඔවුන් ඇමතීමට පසුබට නොවන්න. ඔවුන් තනිවී නොමැති බව දන්වන්න. මෙම අභියෝගාත්මක කාලය අපේත්, අපේ ආදරණීයන්ගේත් මානසික සෞඛ්‍ය පිළිබඳ විමසිලිමත් වීම අප සතු වගකීමයි.

 

Share69Tweet43
Previous Post

‍කුඩු කිලෝ 200 ගෙන්වූයේ කොරෝනා සමයේ බන්ධනාගාරයෙන් එළියට ගිය මහජාවාරමාද?

Next Post

නන්දිකඩාල් කලපුවේ දී මිය ගිය අය සැමරේ

Related Posts

poson
සංස්කෘතිය

මහා සංස්කෘතික මහෝඝයක් ඉපදවූ වන්දනීය දිනයක සැමරුම!

ජූනි 3, 2023
ජීවිතය

බස්නාහිර ඌරු කොටුවල වයිරස් රෝගයක්

මැයි 31, 2023
පුවත්

ඇස් ඉදිරිපිට පියා මරා දමනු දුටු 12 හැවිරිදි දරුවෙක් වසර 07කට පසු පියාගේ ඝාතකයාට වෙඩි තබා මරා පොලිසියට භාර වෙලා! දැන් ඔහුට වයස 19 යි… 

මැයි 31, 2023
Next Post

නන්දිකඩාල් කලපුවේ දී මිය ගිය අය සැමරේ

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

Ajan-Brahmawanso

කටුනායකදී ගුවන් ගමන මඟ හැරුණු අජාන් බ්‍රාහ්ම් හිමියන්ගෙන් ජනපතිට පණිවිඩයක් !

by Lanka Sara Editor
ජූනි 3, 2023
0

depression-

රටකට සිදුවී ඇති විනාශය… අවුරුදු 10 -24 දක්වා දරුවන් සහ තරුණයින්ගෙන් 39%කට විශාදය…

by editor
ජූනි 3, 2023
0

මුලු පාර්ලිමේන්තුවම එකතු වුනත් මේ වෙලාවේ රටේ ජනතාවගෙන් සියයට 50ක ඡන්ද පදනමක් නෑ… ජනපති කියයි!

by editor
ජූනි 3, 2023
0

හරීන් වැඩ කරන්න දෙන්නෙ නෑ… රාජ්‍ය ඇමතිනී ඩයනා හරීන් ඉදිරියේම ජනපතිට කියයි!

by editor
ජූනි 3, 2023
0

suicide

මීගමුව ප්‍රාදේශීය ලේකම්ගේ මරණය – අම්මා හඬා වැටෙමින් පුතා ගත කළ පීඩාකාරී ජීවිතය ගැන කියයි!

by editor
ජූනි 3, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විදෙස් විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • කටුනායකදී ගුවන් ගමන මඟ හැරුණු අජාන් බ්‍රාහ්ම් හිමියන්ගෙන් ජනපතිට පණිවිඩයක් !
  • රටකට සිදුවී ඇති විනාශය… අවුරුදු 10 -24 දක්වා දරුවන් සහ තරුණයින්ගෙන් 39%කට විශාදය…
  • මුලු පාර්ලිමේන්තුවම එකතු වුනත් මේ වෙලාවේ රටේ ජනතාවගෙන් සියයට 50ක ඡන්ද පදනමක් නෑ… ජනපති කියයි!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist