බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

මළා කී සුනිල් පෙරේරා ගැන පුත් සජිත කී කතාව

by editor
අගෝස්තු 11, 2021
in කලා, සමාජ
Share on FacebookShare on Twitter

තරීෂා අබේවික්‍රම –

සිංහල දන්නවා නම් සුනිල් පෙරේරාගේ සිංදුවක් නෑසු  අයෙක් මේ රටේ ඉන්නට පුලුවන් කමක් නැත. සුනිල්ට බැණ බැණ රහසේ හෝ ඔවුන් ඒ ගීත වින්දනය කළ බව කිව යුතුය.  පුරා දශයක හතරක් ජිප්සීස් සංගීත කණ්ඩායම පවත්වා ගනිමින් සෑම දශයකම මතක හිටින වැඩ කීපයක් කරමින් රසික ප්‍රසාදය දිනාගත් සුනිල් පෙරේරා පසුගිය දා මේ රුදුරු වසංගතයේ ගොදුරක් වූයේය.

ඒ වග සැල වූ වහාම දශක හතරක් මේ රටේ මිනිස්සුන්ට ගීත ගැයූ කලාකරුවෙක් විෂයෙහි හැසිරෙන ලෙස නොව පණ ප්‍රාණය සහිත කිසිම සත්වයෙකු සම්බන්ධව කටයුතු නොකළයුතු  ආකාරයට     පිරිසක් හැසිරෙමින් සිටියහ.

අපි නවලෝක රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි සුනිල් පෙරේරා   ගැන දැනගැනීමට ඔහුගේ පුත් සජිත පෙරේරා විමසුවෙමු. සමාජ මාධ්‍යය කී ආකාරයට  අප දැනගෙන සිටියේ සුනිල් කොවිඩ් වෛරසය වැළඳී අසාධ්‍යව ඉන්නා ආකාරයකි.

“ තාත්තට එහෙම ප්‍රශ්නයක් නෑ.. පහුගිය දවස්වල සමාජ මධ්‍ය කී සියල්ල ඇත්ත නොවෙයි.“ ඔහු අපට කීවේය.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

සමාජ මාධ්‍යවල පලවී තිබුණේ රෝහල් ඇඳක ඔක්සිජන් ආධාරයෙන් ජීවිතය ගැටගසාගන්නා සේ පෙනෙන සුනිල් පෙරේරාගේ ඡායා රූපයකි.

සජිත ඒ ගැන කීවේය.

“ ඔව්… තාත්තාට ඔක්සිජන් දුන්නා. ඒත් ඒ අසාධ්‍ය වී දැඩි සත්කාර ඒකක තුළ රඳවාගෙන නෙමෙයි. කොවිඩ් හැදුන බොහෝ දෙනෙකුගේ සිරුරෙ ඔක්සිජන් තත්වය අඩු වෙනවා. විටින් විට එහෙම වෙනවා. ඒ වගේ සිද්ධ වුණු අවස්ථා කීපයක දි තාත්තට  ඔක්සිජන් දෙන්න සිද්ධ වුණා තාවකාලිකව. “

සජිත කියන්නේ එය බරපතල තත්වයක් මත ඇතිවන ශ්වසන අපහසුතා සලකා ඔක්සිජන් ලබා දීමක් නොවන බවය.  එය වෛද්‍ය නිර්දේශ මත කොවිඩ් රෝගියෙකුට ලබා දෙන සුලභ ප්‍රතිකාරයක් බවය.

“ මුලින්ම කොවිඩ් වැළඳුනේ මට. මේ උවදුරු කාලෙදි ගෙදරින් එළියට යන්නේ මම. තාත්තා අන්තිමට ගෙදරින් පිටවුණේ දෙරණ රූපවාහිනියට යන්න. ඒ මීට සති දෙකකට කලින්. ගෙදරට අවශ්‍ය කළමනා ගේනෙන්නෙ, බැංකුවට යන්නෙ මම.  මට වෛරසය ආසාදනය වුණා. මගෙන් තමයි තාත්තට බෝ වුණේ.   “සජිත වැඩිදුරටත් අපට කීවේය.

සුනිල්ගේ දියණියට හැර පවුලේ සියල්ලන්ටම කොවිඩ් ආසාදනය වී තිබිණි.  සජිතගෙ දෙදරුවනුත කොවිඩ් ආසාදිතයෝ වූහ.

“තාත්තගෙ ගොඩක් වැඩවලට උදව් වෙන්නෙ මම. කොවිඩ් කාලෙත් හඬ පටිගත කිරීම් ගණනක් තාත්තා ගෙදර ඉඳන් කළා. ඒ සියලු කටයුතු වලට සම්බන්ධ වෙලා ඔහු එක්ක ලඟින්ම හිටියා. ඒ පටිගතකිරීම් වට්ස්ඇප් හරහා යැව්වෙ මම.  ගෙදර ඉඳන්  වැඩ කරද්දි මීටරේ පරතරය මනින්න බෑ. තාත්තා එළියට ගියෙත් නෑ. මාත් එළියට ගියෙ ඉතාම අඩුවෙන්. මං දන්නෙ නෑ මොකද වුනේ කියලා.“

සජිත කතා කරන්නේ තිගැස්මෙනි.

සුනිල් පෙරේරාට දැන් වයස අවුරුදු 70කි.  බෝ නොවන රෝග ලෙස පවතින්නේ මීට වසරකට පෙර මතුවුණු දියවැඩියා තත්වයකි. නිතර විනෝදයෙන් ඉන්නා සිය පියාට වයසේ හැටියට ලෙඩ රෝග නැති බව කියන්නේ සජිතය.

අවසානයේ සමාජ මාධ්‍ය ප්‍රචාරය කළේ සුනිල් පෙරේරා මිය ගිය බවය. ඒ ආරංචියෙන් රටම ටිකක් ගැස්සුනේය. “සුනිල් පෙරේරා මැරිලා නේදැ“යි ඇසුවේ නැතිනම් ඒ මේ රටේ ටික දෙනෙකි.

ඒ අසනවිට නම් සජිත හිනාවුනේය.

“ ඒ මරණ කරදරේ ගැන සමාජ මාධ්‍යවල පල වුනාට පස්සෙ ලොකුම කරදරේ ආවෙ මට. මමත් අසනීපෙන්. තාත්තත් අසනීපෙන්.  ඉවරයක් නෑ කෝල් එනවා.  ෆෝන්වලට උත්තර දීලා  එපා වුණා. ඇත්තටම තාත්තා ගැන හොයන්න බලන්න උනන්දු වෙන අය වගේම ගොසිප් හොයන්න ඒ ගොසිප් අලුත් කරගන්න දඟලන අයත් කෝල් කරපු කට්ටිය අතරෙ හිටියා. මට මොනතරම් ඇති වුනාද කියනවා නම් දවස් කීපයක් ෆෝන් එක පැත්තකට දාලා තිබුණෙ.“

දෙවියන්ගේ පිහිටින් දැන් සුනිල් පෙරේරාට හොඳය. ඉන්තේරුවෙන්ම සුව වී තව දිනකින් දෙකකින් ඔහු නිවසේය.

සමාජ මාධ්‍යවල මිනිස්සු මරණ තරම් ඉක්මනින් ඒ මිනිස්සු මිය යන්නේ නැත. එසේ මිය ගියානම් මේ වනවිට රනිල් වික්‍රමසිංහ, අගමැති මහින්ද රාජක්ෂ ඇතුළු බොහෝ දෙනෙක් මිය ගිය තැන්වල ගසුත් පැලවෙලාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රධාන කැබිනට් ඇමතිකම්වල වෙනසක්… පවිත්‍රාගෙන් සෞඛ්‍ය ගැලවෙන ලකුණු

Next Post

අන්තර් පළාත් දුම්රියට ගොඩවෙන්න හැමෝටම බෑ… දුම්රිය සාමාන්‍යාධිකාරී කියයි..

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.