බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

උදේ කෝල් එකක් එනකොට මම හිතුවෙ මහත්තයා මාව ඇහැරවන්න කතා කරනවා කියලා..

මාරක රිය අනතුරකින් මියගිය  උප පොලිස් පරික්ෂක    රංජිත්ගේ බිරිය කියන කතාව

by editor
මාර්තු 24, 2021
in ජීවිතය
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

“දුව කැම්පස් එක්ක යන්න එනවා කියලා තමයි මහත්තයා ගෙදරින් ගියේ.  උදෑසනින් නැගිටලා කෑම   උයන්න කියලා කිවා. උදේ පාන්දර මට දුරකථන ඇමතුමක් ආවා. මම හිතුවේ මහත්තයා මාව අවදිකරන්න කථා කරණවා කියා“ 

මාරක රිය අනතුරකින් මියගිය  උප පොලිස් පරික්ෂක    රංජිත් ප්‍රියංකර පිල්ලගේ (55) බිරියවන  අතුලහේවගේ මානෙල් ඉන්ද්‍රාණි  හැඩුකදුළින් යුතුව එසේ කිවාය.

වැලිකඩ ආයුර්වේද වටරවුම ආසන්නයේ දි රථවාහන රාජකාරියේ යෙදි සිටියදි අධික වේගයෙන් පැමිණි වෑන් රථයක් යටකරගෙන යාමෙන්  මෙම උප පොලිස් පරික්ෂකවරයා හා තවත් අයෙකු මිය ගියහ.

මෙම අනතුරෙන් මියගිය උප පොලිස් පරික්ෂකවරයා  අක්මිමන බදුන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මොහුගේ හදිසි වියෝවය දරාගත නොහැකිව බිරිය   හා  එකම දියණිය දැඩි කම්පනයට පත්ව සිටිති. මියගිය උප පොලිස් පරික්ෂකවරයාගේ දේහය  ඊයේ (23) රාත්‍රි නිවසට රැගෙන විත් තිබුණි. තම සැමියාගේ හදිසි වියෝවය දරාගත නොහැකිව ඇය හැඩුකදුළුන් යුතුව මෙසේද කිවාය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

“මහත්තයා කොටුව පොලීසියේ හදිසි ඇමතුම් අංශයට අනුයුක්තව රාජකාරි කළා. ඔහු රාජකාරිය  අකුරටම ඉටුකළ නිලධාරියෙක්. මහත්තයා කොම්පඤ්ඤ විදියේ පොලිස් නිවාසවල තමයි  නතරවෙලා හිටියේ.“ 

“පසුගිය 22 වැනිදින රාත්‍රි ඔහු සේවයට වාර්තා කරලා තියෙනවා. මට කථා කරලා කිවා දුව කැම්පස් එක්ක යන්න ගෙදර එනවා කියලා. උදෙන්ම  අවදිවෙලා කෑම උයලා තියන්නත් කිවා. දියණිය ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 03 වැනි වසරේ ඉගෙනුම ලබනවා. මහත්තයා නිතරම  දියණිය හා මා ගැන සොයා බැලුවා.  

ඊයේ (23) උදේ පාන්දරම මට දුරකථන ඇමතුමක් ලැබුණා. මම හිතුවේ මහත්තයා  මාව අවදිකරන්න කථා කරනවා  කියලා. නමුත් අහන්න ලැබුණේ වෙන ආරංචියක්. අනේ මගේ මහත්තයාට මොකද වුනේ. ඇය එසේ කියමින් හඩා වැළපෙන්නිය. ඇයගේ දෑස්වලින් කදුළුකැට රූරා වැටෙන්නේය.  නිවසේ සාලයේ තැන්පත්කොට ඇති සිය සැමියාගේ මෘත දේහය  දෙස බලාගෙන වැලහින්නියක් ලෙස හඩා වැලපෙන්නිය.  උප පොලිස් පරික්ෂකවරයාගේ එකම දියණියටද  තම පියාගේ වියේවය දරාගත නොහැකිය.

මියගිය උප පොලිස් පරික්ෂකවරයාගේ නැගණිය වන පිල්ලගේ චන්ද්‍රිකා   අප සමග මෙසේ කිවාය.

“අයියා මානවිල උපනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙක්. සාමාන්‍ය පෙල සමත්විමෙන් පසු  විද්‍යාලෝක පිරිවෙනේ උසස් අධ්‍යාපන හැදුරුවා. පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස තමයි මුලින්ම පොලිසියට බැදුණේ.  අයියා පොලිස් සේවයට එක්වෙලා වසර 30කටත් වැඩියි. ඔහු කොළඹ, වවුනියාව, ත්‍රිකුණාමලය,  යන ප්‍රදේශවල පිහිටි පොලිස් ස්ථාන රැසක රාජකාරි කළා.   අයියාගේ  උපන්දිනය යෙදිලා තිබුණේ  ජූනි මස 15 වැනිදා.  අයියා  අලුතෙන් නිවසක් ඉදිකරලා ඒ නිවසේ වැඩ ඉවර වෙලා තිබුණේ. අයියාගේ උපන්දිනයට  දානයක් දිලා නිවසේ පදිංචිවෙන්න තමයි සැලසුම් කරලා තිබුණේ. නමුත් අයියාට අලුත් නිවසේ පදිංචි වෙන්න බැරිවුනා. අයියාගේ මෘත දේහය තමයි නිවසට ගෙන්න සිදුවුනේ.“ ඇය කදුළු වගුරුවමින් කිවාය.

 මියගිය උප පොලිස් පරික්ෂකවරයාගේ එකම දියණිය වන පි.ආර්.දේශාණි. (24) විශ්ව විද්‍යාල සිසුවියකි. උප පොලිස් පරික්ෂකවරයාගේ අවසන් කටයුතු  අද (25) පොලිස් ගෞරව මැද පවුලේ සුසාන භුමියේ දි සිදුකිරිමට නියමිතව ඇත.

 

Share69Tweet43
Previous Post

GMOA හැසිරීමට විරෝධය… වෛද්‍ය පරිපාලන විශේෂඥ වෛද්‍යවරුන් නඩු මගට

Next Post

ටයිල් ආනයන තහනම නිසා ලක්ෂයකට අධික පිරිසකට රැකියා අවදානමක්

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.