බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

ඉන්දියානුවන්ගේ ලිංගික ආකල්ප කුඩු පට්ටම් කළ Four More Shots Please!

by editor
මැයි 18, 2020
in ජීවිතය
Four More Shots Please!

Four More Shots Please! හි ජවනිකාවක්

Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක –

අන්තර්ජාලයේ  විකාශන නාලිකාවක් වන HBO ඔස්සේ පළමුවතාවට 1998 වසරේ Sex and the City විකාශය වෙද්දී ලිංගිකත්වය හඳුන්වනු ලැබුවේ දේශපාලන කාරණාවක් ලෙසයි. එහෙත්  ඊට වසර විස්සකට පසුව නිර්මාණය වූ එහි ඉන්දියානු ‘වර්ෂන්‘ එක යැයි සළකන Four More Shots Please! කතාමාලාව නම් සංස්කෘතික වශයෙන් දැඩි ලෙස කොටුවී සිටින ස්වාධීනත්වයකින් තොර ඉන්දීය කාන්තාවන්ට අමුතුම ආකාරයේ උත්ප්‍රේරකයක් බවට පත්වී තිබෙනවා.

මුම්බායි නුවර නූතන කාන්තාව සහ ලිංගිකත්වය ගැන එළිපිටම කතා කරන නිසා අන්තර්ජාලය ඔස්සේ විකාශය වන Four More Shots Please! වෘතාන්ත කතාමාලාව දැන් කා අතරත් අතිශය ජනප්‍රියයි. ඉන්දීය රූපවාහිනි සහ සිනමා ක්ෂේත්‍රය තුළ හාදු දීම පවා ඉතා විරල බැවින් මේ අන්තර්ජාල කතාමාලාවට කාගෙත් අවධානය යොමුවෙලා.

මුම්බායි නුවර වඩාත්ම ධනවත් පුද්ගලයන් පදිංචිවී සිටින වඩාත් සමාජශීලී දකුණු මුම්බාය කේන්ද්‍ර කරමින් රූගත කළ Four More Shots Please!  කතාමාලාව අවුරුදු තිස් ගණන්වල සහ විසිගණන්වල මුල් භාගයේ පසුවන කාන්තා චරිත හතරක් වටා නිර්මාණය වූ එකක්.

කාන්තාවක් සමග පෙමින් බැඳෙන එක්තරා අන්ධ කාන්තාවකගේ චරිත නිරූපනයක් ඇතුළුව මීට පෙර  අසම්මත ගනයේ චරිත කිහිපයක් නිරූපනය කර ඇති සයානි ගුප්තා එහි ගවේෂණාත්මක මාධ්‍යවේදිනියක වන දාමිනිගේ  චරිතයට පණ පොවන අතර ඉන්දීය රියැලිටි වැඩසටහන්වලට පෙනී සිටි උමන්ග් සිං ද්විලිංගිකත්වයට ලොල් ශාරිරික ව්‍යායාම පුහුණුකාරිනියක වන බානි ජේගේ චරිතය රඟ දක්වනවා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

වෘත්තියෙන් නීතිඥවරියක ලෙස කටයුතු කරන දික්කසාද වූ මවක වන අන්ජානා මෙනන්ගේ චරිතය නිරූපනය කරන්නේ බොලිවුඩ් සිනමාවේ එතරම් ජනප්‍රිය චරිතයක් නොවන මෝස්තර නිරූපිකා කීර්ති කුල්හාරීයි. ජීවිතයේ කිසිම අරමුණක් නැති ධනවත් පවුලක සෙල්ලක්කාර එකම දරුවා සිද්ධිගේ චරිතයට තරුණ ටෙලිනාට්‍ය නිලියක වන මාන්වි ගැග්රූ පණ පොවනවා.

අනියම් ලිංගිකත්වය ගැනත්, බහු විවාහ ගැනත්, මුඛ සංසර්ගය ගැනත් කතා කරන නිසා එක අතකින් එය ඉන්දියාව වැනි රටකට නොගැලපෙන්නාක් බවයි ඇතැමුන්ගේ අදහස. එය තවත් අතකින් ඕනෑවට වඩා ලිංගිකත්වය ගැන කතා කරන ටෙලිනාට්‍ය මාලාවක් ලෙසට එරට ගතානුගතික ජන සමාජයේ දැඩි විචේනයටත් ලක්වෙනවා.

කවුරු කොහොම කිව්වත් පසුගිය වසරේදී එහි පළමු අදියර විකාශය කිරීමට පටන් ගැනීමත් සමග ඊට ලැබෙන ප්‍රතිචාරවල නම් අතිශයින්ම ධනාත්මක බවක් පෙනුණා.

‘එය ඉතා චමත්කාරජනකයි. කාන්තාවන් අතර ලිංගික බැඳීම ගැන කියැවෙන යථාර්තවාදී කතා තේමාවක්. අපේ රටේ තරුණ ගැහැනු ළමයි එය නැරැඹිය යුතුයැයි මම පෞද්ගලිකව විශ්වාස කරනවා.‘ එසේ කියන්නේ දාමිනිගේ චරිතය නිරූපනය කරන සයානි ගුප්තායි.

කොටු කළ සංස්කෘති රාමුවෙන් සම්ප්‍රදායික ඉන්දීය කාන්තාව ඉවතට ඇද ගැනීමට තරම් දැඩි පෙළඹවීමක් ඇති කරවන Four More Shots Please!  කතා මාලාව අධ්‍යක්ෂණය කරනු ලබන්නේ නසුරුදීන් ෂා වැනි බොලිවුඩ් සිනමාවේ නම් දැරූ රංගන ශිල්පීන් හසුරුවාලමින් ලන්ඩන්, පැරිස්, නිව්යෝක් වැනි රෝමාන්තික ප්‍රහසන චිත්‍රපටයක් ද නිර්මාණය කළ ප්‍රකට බොලිවුඩ් නිර්මාණවේදිනිය අනූ මෙනන් විසිනුයි. බොලිවුඩයේ තවත්  චිත්‍රපට අධ්‍යක්ෂිකාවක වන නුපූරු අස්තානා මෙහිදී සම අධ්‍යක්ෂිකාව ලෙස කටයුතු කරනවා. කතා පිටපත ලියා ඇත්තේ බොලිවුඩ් තිර රචිකාවන් වන දේවිකා බගාත් සහ ඉෂිතා මොයිත්‍රා විසිනුයි.

එය පසුගිය වසරේ මුල්වරට විකාශය වීම ආරම්භ වී වැඩි දවසක් යාමට පෙර ඇමසන් ඉන්දියානු ටෙලි වෘතාන්ත අතර ප්‍රමුඛස්ථානය ගැනීමට එය සමත්වුණා. එපමණක් නෙවෙයි අන්තර්ජාල ටෙලි නිර්මාණ වෙළෙඳපොළ තුළ අති සාර්ථකත්වයකුත් දිනාගත්තා. පසුගිය අප්‍රේල් මාසයේ කොවිඩ් වසංගතය හේතුවෙන් ඉන්දියාව අගුළුලෑමට පෙර එහි දෙවැනි අදියර විකාශය ආරම්භ වූ අතර එය මේ වසරේ මෙතෙක් වැඩිම ප්‍රේක්ෂකයන් පිරිසක් නැරඹූ ඇමසන් ඉන්දියානු කතාමාලාව බවටත් පත්වුණා. ඒ සමගම එහි තුන්වැනි අදියරේ වැඩ කටයුතු ආරම්භ කළ බවත් එහි නිශ්පාදකවරුන් නිවේදනය කළා.

Four More Shots Please!  ප්‍රධාන චරිත හතර නිරූපනය කරන නිලියන් සිවුදෙනාම කියා සිටියේ ඔවුන්ට දැන් කවුරුත් අමතන්නේ එම කතාමාලාවේ චරිතවල නමින් බවයි.

‘රංගන ශිල්පියකු හෝ ශිල්පිනියකගේ රඟපෑමේ සාර්ථක බව පෙන්නුම් කරන්නේ එවැනි සිදුවීම් වලිනුයි.‘එසේ කියන්නේ අන්ජානා මෙනන්ගේ චරිතය නිරූපනය කරන කීර්ති කුල්හාරි.

එම කතාමාලා ද්විත්වය පුරාම ඉන්දියාවේ ස්ත්‍රී පුරුෂ අසමානතාව,සංකීර්ණ ලිංගික ගැටලු, තහනම් කළ කාන්තා ලිංගිකත්වය, මානසික ‍සෞඛ්‍යය අතර මේ කාන්තාවන් සිවුදෙනා මැදිවෙනවා. සමාජ වෙබ් අඩවි වලින් ඔවුන් දැඩි විවේචනයටත් ලක්වෙනවා. ඇතැමුන් ඔවුන් ගණිකාවන් ලෙසත් ලේබල් ගත කළා.

දශක ගණනාවක් තිස්සේ ඉන්දියාවේ සැටලයිට් ටී.වී. සහ බොලිවුඩ් යන දෙඅංශයෙන්ම හින්දු කුල ගැටුම් අනාවරණය කිරීම් වගේම පටු දේශපාලනයෙත් නිරුවත හෙළි කළ බව ඇත්ත. රූපවාහිනියෙන් පවුල් සංස්ථාවේ දෛනික ගැටලු ගැන සාකච්ඡා කළා.

එහෙත් බොලවුඩයේ ප්‍රධාන වශයෙන් චිත්‍රපට නිර්මාණය වුණේ පිරිමි පාර්ශ්වය වෙනුවෙනුයි. ඊට කාන්තාව බොහෝ විට යොදා ගත්තේ පිරිමින් සන්තර්පනය කරන දර්ශනයෙන් දර්ශනය විවිධ විලාසිතාවලින් සැරසී නර්තනයට හා ගායනයට එක් කරගැනීමයි. එය වෙනස් වන්නට පටන් ගත්තේ මෑත කාලයේදීයි.

Four More Shots Please!  අපට කියන්නේ ඉන්දීය කාන්තාව තව දුරටත් නිවෙසට හා සංස්කෘතික රාමුවෙන් කොටුවුණු චරිත නොවන බවයි. ලිංගිකත්වය කියන්නේ පිරිමින් පමණක් නෙවෙයි කාන්තාව පවා එළිපිට කතා කළ යුතු මාතෘකාවක් බවයි. මීට කළින් කවුරුත් කතා නොකළ දෙයක් දැන් තිරයේ දිගහැරෙන බවයි.

එසේ තිබියදිත් තවමත් ඇතැම් විචාරකයන්ගේ තර්කය වන්නේ ස්ත්‍රීවාදී හෝ කාන්තාව සවිබල ගැන්වීමක් නොවන බවටයි. මේ කතා වස්තුවට අනුව ඉහත කී කාන්තාවන් මත්පැන් පානය කරනවා. ලිංගිකව හැසිරෙනවා. දඟකාර කෙළිලොල් විදියට ජීවිතය විඳිනවා. විවිධ ගැටලුවලදී ඉතා නිර්භීතව තීරණ ගන්නවා.

මේ කතා මාලාවේදී තමා ගැබ් ගෙන ඇති බව අනාවරණය වූ විට ගවේෂණාත්මක මාධ්‍යවේදිනිය දාමිනි ගබ්සාවක් සිදු කරගැනීමට තීරණය කරනවා. එය තවමත් ඉන්දීය සමාජයේ තහනම් මාතෘකාවක්. ශාරිරික අභ්‍යාස පුහුණුකාරිනිය උමාග් සිය පෙම්වතියගේ වෘත්තීය ඉල්ලීම් දිනාගැනීමට ඇය සමග එක්ව සටන් කරනවා. සමලිංගිකත්වය කියන්නේ ඉන්දියානු ජන සමාජයේ නළල් තල රැලි ගැන්වෙන මාතෘකාවක්.  දඟකාර කෙල්ල සිද්ධිගේ බලාපොරොත්තුව තනිකඩ ජීවිතයක් ගත කිරීමයි. තනිකඩ කාන්තාව ඉන්දියානු ජන සමාජයේ අපහාස විඳින කොටසක්. දික්කසාද වී දරුවකු සමග තනිවෙන අන්ජානා ඉහළ වැටුපක් ලැබෙන නීතිඥ වෘත්තිය පවා අත්හැර දමනවා. ඊළඟට විවාහක බව දැන දැනම එක්තරා පිරිමියකු සමග ලිංගිකව එක්වෙනවා. ඉන්දියානු සමාජයේ එවැනි වරදකට කිසිම සමාවක් ලැබෙන්නෙම නෑ.

ඉතින් Four More Shots Please! ඉන්දියාවේ එතරම් ආන්දෝලනයකට තුඩු දීමත්, නොහිතපු විදියට ජනප්‍රියත්වයක් අත්කර ගැනීමත් අහන්නත් දෙයක් ද..?

 

 

Tags: නවතම
Share93Tweet43
Previous Post

යුද්ධයෙන් මිය ගිය අය සමරන්න වෙල්ලමුල්ලිවයික්කාල් ගිය විග්නේස්වරන් හරවා එවයි

Next Post

ඩෙංගු සහ මී උණ අවදානමකට රට විවිර වෙයි

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.