බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

අහසින් ගිය හරක්

by editor
ජූනි 10, 2020
in ජීවිතය
Share on FacebookShare on Twitter

සුනේත්‍රා ඇතුගල්පුර –

ඡායාරූප ශෂී සුබ්‍රමනියම් –

හෙලිකොප්ටරයක් ආධාරයෙන් මිනිසුන් හා බඩු භාණ්ඩ ප්‍රවාහනය කිරීම ස්විස් වැසියන්ට අලුත් අත්දැකීමක් නොවේ. ඇතැම් අවස්ථාවල දී කැලෑ වල කපන ගස් ප්‍රවාහනය සඳහා ද හෙලිකොප්ටර් භාවිතා කරන අතර ඇල්ප් කඳු වැටියේ ආසන්නයේම ජීවත්වන අපට එය සුලභ දසුනකි.

එහෙත් ගවයෙක් හෙලිකොප්ටරයක් ආධාරයෙන් ප්‍රවාහනය කරන දර්ශනයක් දක්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි . බොහෝ විට එසේ වන්නේ ඇල්ප් කඳුවැටියක වෙසෙන ගවයෙකු හදිසියේ රෝගාතුර වීම වැනි අවස්ථාවක දී පමණි. එහෙත් ගවයින් තිස් දෙදෙනෙකු (32)හෙලිකොප්ටරයක් ආධාරයෙන් ප්‍රවාහනය කළ දුලබ අවස්ථාවක් පිළිබඳ සටහනකි මේ .

ඒ ගිම්හාන සෘතුවේ ආරම්භයයි මේ. මෙම ඍතුව කිරි ගොවීන්ට සුවිශේෂීය. ඇල්ප් කඳු කඳු පාමුල ජීවත් වන ඔවුන් මේ සෘතුවේ දී ඇල්ප්  කඳු මත ජීවත්වීම සඳහා ගවයින් සමග ගමන් කරන කාලය වන බැවිනි.  කිරි ගොවීන් මාස හතරකට ආසන්න කාලයක් එහි ජීවත් වෙමින් කිරි ආශ්‍රිත නිෂ්පාදන වල නිරත වෙති. ඉහළ ඇල්ප් කඳු වැටිය වෙත ඔවුන් ගවයින් සමඟ ගමන් කිරීම ජුනි මස මුල් සතියේ සිට සිදු කෙරේ.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ඇල්ප් ඉහළ කඳු වැටි වෙත ගමන් කරන මාර්ග ඇතැම් අවස්ථා වල දුෂ්කර හා අවදානම් සහගතය .ඒවා පිළිසකර කිරීම පළාත් ආණ්ඩුවල වගකීමකි. එහෙත් ග්ලාරුස් අව්රන් ඇල්ප් වෙත ගමන් කරන මාර්ගය තවමත් පිළිසකර කර නොමැති බැවින් ගවයින් ට ගමන් කිරීමට සිදු වූයේ හෙලිකොප්ටර් වල ආධාරයෙන්ය. මෙලෙස ගවයින් තිස් දෙදෙනෙකු මීටර් දහසක පමණ උසකින් යුත් ඇල්ප් කඳු වැටිය වෙත ප්‍රවාහනය කෙරිණි . මේ ආකාරයට ප්‍රවාහනය කෙරුණු එක් කිරි එළදෙනෙකුගේ බර කිලෝ ග්‍රෑම් හත්සියක් පමණ වෙයි.

මෙලෙස කිරි ගවයින් ප්‍රවාහනය කිරීම පහසු කාර්යයක් වුවත් ඒ සඳහා විශාල මිලක් දැරීමට සිදුවේ. සාමාන්‍යයෙන් හෙලිකොප්ටර් ගාස්තු ලෙස අය කරන්නේ ඔවුන් ගමන් කරන මිනිත්තුවකටය. එක් මිනිත්තුවකට ශ්‍රී ලංකා මුදලින් රුපියල් අට දාහක් පමණ අය කෙරේ. මෙලෙස ගවයින් තිස් දෙදෙනෙකු ප්‍රවාහනය කිරීම සඳහා පැය දෙකකට ආසන්න කාලයක් ගත වූ අතර රුපියල් ලක්ෂ දහයකට ආසන්න මුදලක් ලංකා මුදලින් මෙම කාර්යය සඳහා වැය කිරීමට සිදු විය.

ඇල්ප් අහසේ පැය දෙකකට ආසන්න කාලයක් පියාසර කළ මෙම කිරි ගවයින් ග්ලාරුස් වැසියන්ට කොරෝනා කාලයේදී දක්නට ලැබුණු ප්‍රිය දායක දසුනක් වුවා නොවනු මානය . ඉබ්බෙකු පියාසර කළ හැටි කුඩා අවදියේ දී කතන්දර වලින් අසා ඇති අපට අද ගවයින් තිස් දෙදෙනෙකු ඇල්ප් අහසේ පියාසර කෙරෙනු හැටි දැක ගැනීමට ලැබීම ආශ්වාද ජනක අත්දැකීමකි .

Tags: නවතම
Share337Tweet43
Previous Post

සල්ලි කොල්ලකෑවේ ණය පියවන්න… සැකකාර දොස්තර කියයි

Next Post

කොල්ලයෙන් පසු ජාතික රෝහලේ ආරක්ෂාව දැඩි වේ

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.