බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

අන්තර්කාලීන අයවැයෙන් සිගරට් බද්දේ හිල් වැසෙයි ද?!

by editor
අගෝස්තු 25, 2022
in ජීවිතය, සෞඛ්‍යය
Cancer-Risks-for-Cigarette-Smokers
Share on FacebookShare on Twitter

මේ වන විට හාල් සීනි පරිප්පු හාල්මැස්සන්  කරවල වැනි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රවය  සඳහා වන මිල තුන්ගුණයකින් පමණ ඉහළ ගොස් තිබේ. එහෙත් දුම්වැටියක මිල ඉහළ නොයන්නේ ඇයි.  බංකොලොත් රටක අපට නොවැටහෙන බොහෝ අශිෂ්ට හැසිරීම් සිදුවෙමින් තිබේ. ප්‍රජාවගේ සෞඛය සම්බන්ධ නිල මාරාන්තික ලෙස ස්ඵර්ෂ කරන දුම්වැටි භාවිතය  වළක්වා ගැනීම සඳහා සාධනීය ප්‍රවේශයන් මගහැරෙමින් තිබේ. රටේ සාරය උරා ගන්නා ගමන්ම ප්‍රජාවෙන් කොටසක් රෝගීන්කර සෞඛ්‍ය සඳහා බදු ආදයම දිය කර දමන මාරක ව්‍යසනය හමුවේ අප දීන ලෙස නිරුත්තරය.

මේ සංවාදයේ නිරත වන්නේ  අන්තර්කාලීන අයවැයකට රජය සූදානම්  වෙමින් ඇති මොහොතකය. රටේ ආදායම බින්දුවට වැටී ඩොලර් සංචිත දියවී රට මස්තබාල්දු වී ඇති මොහොතකය. එවන් පරිසරයක  ජනාධිපතිවරයා මේ මස තිස් වැනිදාට පෙර අන්තර්කාලීන අයවැයක් ගෙන ඒම පිළිබඳව  ප්‍රකාශ කර ඇත. වංගු ගසා මග හැරිය රටේ බදු ක්ෂේත්‍ර මෙවරවත් නිසි ලෙස ස්ඵර්ෂ කරනු ඇතැයි රට බලාපොරොත්තු වේ. 

මේ සම්බන්ධව ඇති කළ සංවාද මාලාවේ වැදගත් සංවාද ප්‍රවේශයකට ලංකාසර සමග පිවිසෙන්නේ  ශ්‍රී ජයවර්ධනපු විශ්ව විද්‍යාලයේ  මනෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය  විශේෂඥ මනෝ වෛද්‍ය ජයමාල් ද සිල්වාය. දුම්වැටි භාවිතය අධෛර්ය කිරීම සඳහා ප්‍රධාන ප්‍රවේශයක් ලෙස බදු වැඩිකිරීම කළ යුත්තේ කෙසේද?. ඔහු සිය විද්වත් මතය ගෙනහැර දක්වන්නේ මෙසේය.   

Jayamal
විශේෂඥ මනෝ වෛද්‍ය ජයමාල් ද සිල්වා..

තරුණ ප්‍රජාව තුළ සෞඛ්‍ය පිළිබඳවත් රෝග තත්ත්වයන් පිළිබඳවත් අවබෝධයක් ඇති කරලිය හැක්කේ සෞඛ්‍ය අධ්‍යාපනය ඔස්සේයි. නමුත් මේ වන තුරු තරුණ කොටස් වෙත පිළිකාව සම්බන්ධයෙන් කුමන කාරණා ගෙනහැර දැක්වුවත් ඔවුන් ඒ පිළිබදව බිය වන බවක් පෙනෙන්නට නැහැ. මොකද ඒ අයට මේ තත්ත්වය ප්‍රායෝගිකව දැනෙන්නේ නැහැ. ඒ අයට අත්දැකීම් ඔස්සේ ප්‍රතිඵල ලැබීම දුරස්ථයි. 

උදාහරණයක් විදිහයට වයස අවුරුදු දහසය විසිපහ හෝ විසිඅට අතර පිරිසට සිගරට් හෝ වෙනත් දුම්වැටි හෝ මත්ද්‍රව්‍ය මත්පැන් භාවිතය හේතුවෙන් කල්යාමේදි පෙනහළු පිළිකා හෝ වෙනත් පිළිකාමය රෝග තත්ත්වයන් ඇති වන බව කියා සිටියත් එහි ආදීනවයන් සම්බන්ධව  ඔවුන්  අතට හසුවන විඳවන හෝ ඇහැට පෙනෙන්නට තිබෙන වේදනාවක් ඇති වන්නේ නැහැ. තරුණ සිත් හිතන්නේ දැන් සතුටින් ඉඳලා වයසට ගිහින් මොනවා වුණත් මොකද කියා පමණයි. නමුත් වයස අවුරුදු තිස්පහට එපිට පුද්ගලයා දුම්වැටි සිගරට් හෝ එවැන් භාවිතයකින් දරුණු රෝග තත්ත්වයන්ට ගොදුරු වූ විට ඔවුන් දහස්වරක් අතීතය සිහිකර කර පසු තැවෙනවා. 

දුම්වැටි මත් ද්‍රව්‍ය ප්‍රචාරණය

මේ තත්ත්වයන්ට විසඳුම් දිය හැක්කේ වගකිව යුතු රජයකට පමණයි. තරුණ ප්‍රජාව ආරක්ෂා කර ගැනීමේ වගකීම රජයක් විසින් දැරිය යුතුයි. 

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

රටතුළ මේ වන විටත් මත්ද්‍රව්‍ය මත්පැන් සහ සිගරට් සඳහා නිමාවක් නැති ප්‍රචාරණයක් සිදු වෙනවා. පිළිගත හැකි තත්ත්වයන් යටතේ විකාශය වන ටෙලි නාට්‍ය හෝ චිත්‍රපට හරහා ව්‍යංගාත්මක ලෙස, ප්‍රචාරණ කටයුතු සිදු වෙනවා. අපේ ආයතන මූල්‍යම ලෙස විවිධ ගැටලු වලට මුහුණ දී තිබෙන නිසා ප්‍රචාරණ කටයුතු නතර කර දමා තිබෙනවා යැයි , මේ තාක් කිසිදු පිළිගත හැකි ආයතනයකින් ප්‍රකාශයක් කර නැහැ. ඔවුන් හැමවිටම තමන්ගේ නිෂ්පාදන සමාජගත කළ හැකි සෑම අංශයක්ම ස්පර්ශ කරනවා. 

මේ වනවිට විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණ කටයුතු සිදුවෙමින් පවතිනවා. 

උදාහරණ විදිහට විශ්ව විද්‍යාල මට්ටමේ දරුවෝ විවිධ ආයතනවල මුදල් ලබා ගනිමින් ඒ ඒ කණ්ඩායම්වල ඇති සමාජමාධ්‍ය භාවිතයන් ඔස්සේ ප්‍රචාරණයක් ලබා දෙනවා. අනිත් දරුවෝ හිතන්නේ මේ කිසියම් මිත්‍රශීලි හිතවත් පිරිස් ඔස්සේ සිදුවන ක්‍රියාවක් කියා. මේවට අහුවන දරුවෝ ඇබ්බැහි වීමක් දක්වා යනවා. 

බීඩි පාලනයට බදු වැඩි කළ යුතු අයුරු-

දුම්කොළ සමාගම්වලට උවමනා වී තිබෙන්නේත් ඔවනට වාසිසහගත වන්නේත් කුමන හෝ දුම්කොළ වර්ගයකට ඇබ්බැහි කරගැනීම. දුම්කොළ කෑල්ලක් හපන එක හෝ බීඩියක් බීමට ඇබ්බැහි වීම සමස්ථ දුම්කොළ සමාගමට වාසි සහගතයි.

හේතුව බීඩියකින් අරඹන කෙනා සිගරට් බීම දක්වා ගමන් කරනවාමයි. සිගරට්වලට සල්ලි නැති වෙලාවට බීඩියට යාම සාමාන්‍යයි. මේ තත්ත්වය සංස්කෘතිමය බලපෑමකටත් නතු වෙනවා. සමාජ තලයන් මත මෙහි යම් වෙනසක්  සිදු විය හැකියි. නමුත් පවත්වාගෙන යාම අවම වන බවක් පෙනෙන්නේ නැහැ. යම් යම් සමාජ ස්ථරවල දුම්කොලයක් හැපීම සහ බීඩි භාවිතය සුලභයි. නමුත් බීඩි භාවිතය සහ සිගරට් භාවිතය අතර පරතර අතිවිශාලයි. 

ලංකාවේ ප්‍රධාන දුම්වැටියක් බවට බීඩි පත්වෙලා නැති වුවත් බීඩි භාවිතය දැන් දැන් පාලනය කළ යුතුයි. බදු වැඩිකරමින් සහ බීඩි ඔතන කොළ ආනයනය සදහා බදු වැඩිකරමින් හෝ බීඩි ඔතන රැකියාවේ නියුතුව සිටින පිරිසට විකල්ප රැකියා අවස්ථා ලබා දෙමින් මේ තත්ත්වය පාලනය කළ යුතුයි. මොකද ඒවා රටට යහපතක් වන තීරණ. 

මේවා පාලනය කල විට රැකියා අවස්ථා අහිමි වෙනවා ඒ අයගේ ආර්ථිකය බිද වැටෙනවා වැනි චෝදනා ගේන්න අපේ ඇතැම් බළධාරින් හරිම දක්ෂයි. නමුත් විකල්ප රැකියා ඇති කරන්නේ දීර්ඝ කාලීන සමාජ ආර්ථික දියුණුවක් වෙනුවෙන් නම් එය කළ යුතුයි.  රටේ ආදායම රටෙන් එළියට යවන රටේ ජනතාවගේ සෞඛ්‍ය පිරිහෙන්න උදව් කරන කර්මාන්ත නතර කරන්න බළධාරින් ක්‍රියා කළ යුතුයි. දුම්කොළ පාලනය කිරිම මේ මොහොතේම සෞඛ්‍ය හා සාමාජීය වශයෙන් මුදල් ඉතිරි කිරිමක්.

දුම්වැටි බද්දේ හිල්

උදාහරණයක් ලෙස පහුගිය රජයන් විසින් දුම්වැටි අලෙවිය අඩු කරලා තිබෙනවා. නමුත් , ඊට සාපේක්ෂව දුම්කොළ සමාගමේ ආදායම වැඩි වෙලා තිබෙනවා කිහිප ගුණයකින්ම. භාවිතය අඩු වෙද්දි අලෙවිය අඩුවෙද්දි ආදායම වැඩි වන්නේ , දුම්වැටි වල බදුමිල සහ විකුණුම් මිල අතර විශාල පරතරයක් ඇති වීම මතයි. ඒ ලාභය සම්පූරණ්යෙන්ම ලබා ගන්නේ අදාල සමාගම් විසින්. නැතුව. ඒ ලාභය රජයට ඇවිත් නැහැ.

අතිවිශාල නිවැරදි නොවන ආර්ථික ප්‍රතිපත්ති නිසා තමයි එවැනි තත්ත්වයක් ඇති වන්නේ. රජයට බදු අය කර ගත යුතු නම් , නිවැරදි ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුයි. එවිට භාවිතය අඩු වෙනවා. වෙළදාම අඩු වෙනවා. මිල වැඩිවෙලා රජයේ ආදායම වැඩි වෙනවා. නමුත් මේ වනතුරු සිදුවෙලා තිබෙන්නේ රජයේ ආදායම වැඩිවෙනනවාට සාපේක්ෂව කිහිපගුණයකින් අදාල සමාගමේ ආදායම වැඩිවෙලා. මෙය සම්පූර්ණයෙන්ම විකෘතියක්. 

මොකද සමාගමේ ආදායම වැඩිවෙද්දි ඒ සමාගම ප්‍රචාරණය සඳහා වැය කරන මුදල් තවදුරටත් වැඩියෙන් යොදවනවා. ඒ වගේම ඒ අයගේ නිෂ්පාදන සමාජගත කිරිම සඳහා උදව් ලබා ගත හැකි නිළධාරින්ට හෝ බලධාරින්ට මුදල් වැයකරමින් තමන්ගේ කාර්යය සිදු කර ගන්නවා. එවිට නැවතත් සමාජීය ආර්ථික සහ සෞඛ්‍යම පිරිහිමක් වශයෙන් රටට බලපෑමක් ඇති කරනවා. 

සෞඛ්‍ය ප්‍රශ්නය එතැනමයි

තාමත් අලෙවිය වැඩිනම් භාවිතය වැඩි නම් සෞඛ්‍ය ප්‍රශ්න නිතැතින්ම ඇති වෙනවා. උදාහරණයක් විදිහට පහුගිය කොවිඩ් කාලේ එකම සිගරට් එක තරුණ ළමයි කිහිපදෙනෙක් උරලා කොවිඩ් බෝවීමේ ප්‍රවණතාවය වැඩි වුණා. ඒ කාලේ කොවිඩ් එන්නත ලබා දී තිබුණේ නැහැ. එවන් පසුබිමක සෞඛ්‍ය සඳහා විශාල මුදලක් වැය කරන්න රජයට සිදු වුණා. ජීවිත අවධානමත් වැඩියි. 

සිගරට් උරාබොන උදවිය සිගරට් දුම පිටතට පිඹිනවා. ජලබිදිති ඔස්සේ රෝග කාරක පැතිරෙනවා. රටේ ඇදුම රෝගීන් සිගරට් හෝ බීඩි උරා බීලා තමන්ගේ නිවස තුළට පැමිණ ආශ්වාස ප්‍රාශ්වාස කලත් රෝග කාරක පැතිරෙනවා. දරුවෝ ඇදුම රෝගින් බවට පත්විමේ වැඩි ඉඩක් තිබෙනවා. ඇදුම රෝගියෙක් මේ මොහොතේ සිට දුම්බීම නතර කළොත් තමන්ගේ පවුලේ සෙසු සාමාජිකයන්ට ඇති වන බලපෑම අඩු වෙනවා. ඒ විතරක් නෙවෙයි ඇදුම රෝගි තත්ත්වය පාලනයටත් එය ඉවහල් වෙනවා. මේවා තමයි හොද සෞඛ්‍ය පුරුදු කියා කියන්නේ. 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිගමනය

කුමන අවස්ථාවක වුවත් දුම්පානය නතර කළොත් ඒ ඒ අයට සෞඛ්‍යම ය වාසි අත් වෙනවා.   ඒ වගේම  රටෙ බදු ආදායමේ ප්‍රතිලාභය සෞඛය පිරිහුණු මත්පැන් දුම්වැටි  ඇබැහිවූ අය සඳහා වියදම් කරන්න වෙනවා. එය ඵලදයී ප්‍රවේශයක් නෙමෙයි. . 

දෙදහස් පහළොව වසරේ ලෝක සෞඛ්‍ය සංවිධානය ලංකාවේ සිදු කළ පර්යේෂණයකින් ඒ වග සනාථ වී තිබුණා. ලංකාවේ බදු ආදායම සහ තවත් විශාල පිරිවැයක් යොදලා ලංකාවේ දුම්පානය සහ මත්පැන් භාවිතයෙන් රෝගිවන ජනතාවගේ ප්‍රතිකාර සඳහා වැය කර තිබෙනවා. එයට අමතරව මෙය පාලනය සදහා පොලිස් දෙපාර්තමේන්තුව සුරාබදු දෙපාර්තමේන්තුව , නීතිමය කටයුතු සඳහා තවත් විශාල වියදමක් දැරිමට රජයට සිදු වෙනවා.

මේ රටක් රවටලා රටේ මිනිසුන්ගේ ජීවිත බිල්ලට දීලා මේ සමාගම් සිදුකරන්නේ ආර්ථික වාසි ලබා ගනිමින් දේශපාලන අධිකාරිය ආරක්ෂා කිරිම සහ ඔවුන්ට සුඛවිහරණ ලබා දීමයි. එය සම්පුර්ණයෙන්ම වැරදියි..

සිගරට් මිල වැඩිකළ යුතුයි

මේ මොහොතේ අනිවාර්යයෙන්ම සිදු කළ යුතුවන්නේ සිගරට් මිල  වැඩි කරමින් රටේ ආදායම වැඩි කිරිමට කටයුතු යෙදිමයි. මේ මොහොතේ සිගරට් මිල වැඩි කළත් ඉල්ලුම සියයට පනහකින් වැටෙන්නේ නැහැ. මිල වැඩිවිමට සාපෙක්ෂව අලෙවිය අඩු වෙන්නේ නැහැ. රජයේ ආදායම බදු වැඩි කිරිමෙන් වැඩි කර ගන්න පුළුවන්. නමුත් අලෙවිය සම්පුර්ණයෙන්ම බිංදුවට බහින්නේ නැහැ. මෙය න්‍යායාත්මකයි. 

අපි රජයට යොජනා කළා.  මේ සදහා මිල සූත්‍රයක් හදන්න. මේ වන විට හාල් සීනි පරිප්පු හාල්මැස්සො කරවල වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ සදහා වන මිල තුන්ගුණයකින් පමණ වැඩිවෙලා තිබෙන වා. සිගරට් එකක මිල වැඩි වන්නේ නැත්තේ ඇයි. 

මේ තත්ත්වය යටතේ සිගරට් මිලදි ගැනීමේ හැකියාව වැඩිවෙලා තිබෙනවා. සිගරට් භාවිතය කවරකු හෝ නතර කළා නම් ඒ මුදල කවුරුත් ඉතිරි කරන්නේ නැහැ. ඒ මුදල නිවසේ අවශ්‍යතාවයක් සඳහා යොදවනවා. ඒයත් වක්‍රව රජයට හිමි වෙනවා. පවුලේ අයහපත වෙනුවෙන් වියදම් කළ දෙය යහපත වෙනුවෙන් වියදම් කරනවා නම් රටට යහපතක් සිදුවෙනවා. 

සිගරට් බද්ධ ගැන කියමින් අදටත් මේ රටේ ජනතාවට කරන රැවටීම දැන් නතර කළ යුතුයි. ජනතාව සත්‍ය අවබෝධ කර ගත යුතුයි. රජය බදු මුදල් වැඩි නොකරන්නේ ඇයි කියන කාරණය සංචාරක කර්මාන්තය ඔස්සේ සිගරට් හා බදුමුදල් රජයට හිමිවන බව කිම බොරුවක් බව දැන් ජනතාව දැනගත යුතුයි.. 

තරුණ පිරිස සෞඛ්‍ය අධ්‍යාපනයෙන් ආරක්ෂා කරගත නොහැකිබව අවබොධ කර ගත යුතුයි. 

 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දකුණු අප්‍රිකානු ජනපතිගෙන් ජනපති රනිල්ට පමා වී ලැබුණු සුබ පැතුම!

Next Post

රන්ජන් හෙට හෝ සඳුදා නිදහස් වන බව හරීන් කියයි!

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.