fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home කොලම

මට ආලෝකෙ ගෙන දේවී සංසාරයේ…

සුරත්ගේ සයිබර් කොලම

වසර 2ක් ago
in කොලම
462 5
0
05

05

Share on FacebookShare on Twitter

මහ කළුවරේ මෙහෙම කිය කිය සීයා කෙනෙක් පාරෙ ගියා පෙරේදා. ඔහොම සින්දුවකුත් තිබුණා නේද කියලා මට මතක් වුනා.

“මේ රටටම ලයිට් ගිහින් තියෙන වෙලාවේ අර මනුස්සයා හොඳටම බීලාද කොහෙ ද?”

අපේ උන්දෑ කියපි.

“මිනිහට කවුද දන්නෑ සංසාරෙ ලයිට් කරලා දෙන්න පොරොන්දු වුනේ? ඩලස්වත් ද?”

දෙවැනි පැනයත් එයාම යොමු කළා.

“කියන්න බෑ මේ ගොල්ලො දෙන පොරොන්දුවල හැටියට. රට අඳුරෙ තිබ්බට සංසාරෙ ලයිට් කරලා දෙන්න නම් පොරොන්දු වේවි”

ඈ අඳුර වගේම නිහඬව උන්නා.

“මිනිහා මොනවද දන්නෑ බීපු බ්‍රෑන්ඩ් එක?”

මම මගේ දෙවැනි ප්‍රශ්නෙත් මේසෙට දැම්මා.

“ඇයි මොකටද?”

“වෙන මොකටද ඉතිං?”

මේ ප්‍රශ්න විචාරත්මක තරඟය යන දිශාව හොඳ නැති වගේ දැණුනු නිසා මම එළියට බැස්සා, කොල්ලත් එක්ක පාර පැත්තෙ රවුමක් ගහන්න.

ගියා වගේ නෙමෙයි ගෙදර එන්න පාර හොයා ගන්නෙ කොහොමද? මතක් වුනේ පස්සෙ. අරගෙන එන්න ගෙදර ටෝච් එකක්වත් තිබුනෙ නෑ.

“තාත්තේ, අපිට වාහනවල ලයිට් වලින් පාර හොයන් ගෙදර යන්න පුලුවන් වේවි නේද?”

මට ඇතිවූ ප්‍රශ්නයම ළමයටත් ඇති වෙලා. එයාම පිළිතුරකුත් හොයා ගෙන. ළමයාගේ තර්ක ඥාණය වැඩ කරවීමට විදුලිය බිඳ වැටීම උපකාර වීම ගැන මට ඇති වුනේ සතුටක්.

“තාත්තේ, කොහොමද සමහර කඩවල ලයිට් තියෙන්නේ?”

මම කොල්ලාට ජෙනරේටර් පිළිබඳ පාඩමක් කියා දුන්නා.

“එතකොට කොහොමද ජෙනරේටර් එකෙන් ලයිට් පත්තු වෙන්නේ?”

ඒක ඇරෙන්න මම ඔක්කොම කියලා. මගේ වෙලාවට විදුලිය ආවා.

මම ළමයත් එක්ක මොරටුවේ අඳුරැ පාරවල් දිගේ ඇවිද ගිය ඒ සොඳුරැ හෝරා දෙකහමාර අහවර වුණා.

පර්චස් හයේ කෑලිවල හිරවෙලා ඉන්න අපිට, ෆෑන් නැතුව හතර කොනින් දාඩිය දාන්න අරගෙන ලඟ ඉන්න එකාගේ ඇඟේ රස්නෙ වැදුනම, උගේ බෙල්ල මිරිකන්න හිතෙන කතාව අමතක කරලා දාමුකො. අඳුර ඊට වැඩිය කොච්චර සුන්දරද?
.
ඊයේ දවසේ ෆේස්බුක් පිරී තිබුනෙත්, මගේ මිතුරැ මිතුරියන්ද රාත්‍රී අඳුර අත්විඳි ආකාරය පිළිබඳ කියැවුණු සොඳුරැ සටහන් වලින්. සමහරැ ඝනඳුරැ රෑ අහසේ වෙනදා නොදැකපු තරැ දැකලා. සමහරැ ග්‍රහලෝක චන්ඳ්‍රිකා දැකලා. සමහරැ අඳුරේම බොන්න ගිහින්. සමහරැ බස් එකේ කෝච්චියේ ගිහින්. සමහරැ අනෙකා නොපෙනීම රති සුව විඳලා. සමහරැ වෙන මුකුත් නැතිවම කෑලි කපන අඳුර අත්විඳලා.

විදුලිය ඇණ හිටියම මිනිස්සුන්ගේ ජීවිත ආලෝකමත් වෙලා. පැය අටක් විදුලිය ඇණ හිටියම දියුණු රටක නම් මිනිස්සු ආණ්ඩුවට විරැද්ධව නඩු දානවා.

“අපේ රටේ මිනිස්සු ⁣ආධ්‍යාත්මිකව දියුණු නිසා ඕනම ආපදාවක් දිහා සෞන්දර්යාත්මකව බලන හැටි කොච්චර ලස්සනද නේද?”

මම ගෙදර උන්දෑගෙන් ඇහුවා. ඈ හ්ම්ම් නැතුව කාමරයේ ලයිට් එක ඕෆ් කරලා සාලයට යන්න ගියා.

ඊයේ රෑ ආපහු ලයිට් ගියා.

ඈ පැමිණ ලතාවට මා අසලින් වාඩි වුණා.

“ඔයා ඊයේ අහපු ප්‍රශ්නෙට මම දැන් උත්තරයක් දෙන්නද?”

දැන් ඉතිං මම එපා කියන්නයැ.

“මම හිතන්නෙ මිනිස්සු දැන් ලයිට් බිල් ගෙවන්නෙ නැති නිසා පාඩුව අවම කර ගන්න ආණ්ඩුව ගහන සුන්දර ගේමක් මේක”

මම තරඟයට පිටිය සකස් කළා.

“අනේ මේ බොරැ චෝදනා කරන්න එපා? රිබන් එක කියලා වයර් එක කැපුවද වගේ ගොං චූන් ගන්නෙ ඔයාගෙ යාළුවො තමයි”

එයා බැට් කරන්න ගත්තා.

“පිං සිද්ධවෙයි ඔයාගෙ ඔය සෞන්දර්යාත්මකම යාලුවොන්ට කියනවද ලයිට් ගිය වෙලාවට කළුවරේ තියෙන ලස්සන ගැන ආයේ කවි සීපද, සටහන් ලියලා ෆේස්බුක් දාන්න එපා කියලා?”

“ඇයි ඒ?”

“ඒවා දැකලා වෙන්න ඇති ආණ්ඩුවෙන් තව දවස් ගාණක් ඒ සෞන්දර්යම විදින්න ලයිට් කපලා ඔයාලට අවස්ථාව දීලා තියෙන්නේ”

ඇත්තටම ආණ්ඩුව හිතාමතාම එහෙම කළා නම් කොච්චර හොඳදැයි මට හිතුනේ. ඒක කිව්ව නම් මම ආණ්ඩුපක්ෂෙට මාරැවෙලා කියලා ඈ හිතාවි. ඊට සැපයි ජීවිත කාලෙටම ලයිට් යන එක.

“ඔයා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. ඒත් ආණ්ඩුව අපේ යාළුවො ෆේස්බුක් කියන ඔක්කොම කතා අහනවා කියලා මම නම් හිතන්නේ නෑ”

“ආණ්ඩුව අහන්නේ ෆේස්බුක්වාසියෝ කියන ඒව තමයි. කෝවිඩ් එකට ලොක්ඩවුන් කරන්න කිව්ව ගමන් ආණ්ඩුව ඇහුවෙ නැද්ද?” ඈ මගේ ඇඟට ගොඩවුණා.

“ඒ වුණාට අපේ යාළුවෝ ෆේස්බුක් එකේ ආණ්ඩුවට කොච්චර කිව්වද ආයේ බලේට එන්න එපා කියලා. කෝ ඒක ඇහුවෙ නෑනෙ?”

ඔන්න එතකොටම විදුලිය ආවා.

“මට ආලෝකේ ගෙනදේවී සංසාරයේ”

ගීය ගයාගෙන, නැවතත් කාමරයේ ලයිට් ඕෆ් කරගෙන, මා අඳුරේ දමා ඈ යන්න ගියා මැකිලා.

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

සිංහරාජය මැදින් යන පාර ගැන මහාමාර්ග ලේකම් මෙසේ කියයි

Next Post

මහනුවර උසස් බාලිකා සිසුවිය කහ ඉරමත මරා අවුරුදු 3 1/2යි..

Related Posts

අහෝ මහින්ද නොදිටි මොක් පුර!

මැයි 13, 2022

උපාලි තෙන්නකෝන් – ඇමෙරිකාවේ සිට ලියයි -02

ජනවාරි 5, 2021

උපාලි තෙන්නකෝන් – ඇමෙරිකාවේ සිට ලියයි -01

දෙසැම්බර් 23, 2020

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශ ලේකම් අධිකරණයට ඇඟිලි ගැසුවා ද?.  නීතිඥ සංගමය අගවිනිසුරු සහ නීතිපතිගෙන් අසයි!
  • “බස් ගිනි තැබූ අය අත්අඩංගුවට ගන්න “ – බස්රථ හිමියෝ පොලිස්පතිගෙන් ඉල්ලති!
  • “ඔබ විකිණුනා ද? “… “මේ පජාත දේශපාලන කතා නිසා තමයි එළියට බහින්න බැරිව 225ම ගුටි කන්නෙ
  • ගුවන් තොටුපලේ ගින්නක් ! ජිනිවා ගුවන් අවකාශය වැසෙයි !
  • ගොඩ බාපු ගෑස්වලින් සියයට 60ක් බස්නාහිර පළාතට දෙන්න! කෝප් කමිටුව ලිට්රෝට කියයි

ජනප්‍රිය පුවත්

  • රට අගොස්තුවේ සිට අහාර හිඟයක… මාර්තු වනතුරු ජීවත් වන හැටි ප්‍රශ්නයක්… අගමැති කියයි…

    244 shares
    Share 98 Tweet 61
  • සැඟවී සිට පැමිණි නාමල්  සාධාරණය ඉල්ලයි… සී.අයි.ඩී. ගිහින් කටඋත්තරත් දුන්නලු…

    239 shares
    Share 96 Tweet 60
  • තවත් කැබිනට් ඇමතිවරු 09ක් දිවුරුම් දෙති… වැටුප් නෑ කී විට එන්න හිටපු අය හැලිලා….

    229 shares
    Share 92 Tweet 57
  • අප්පිරියා හිතුණා! ඇමතිකම ගත්තේ මූණවත් නොබලා ! හරීන් කියයි

    227 shares
    Share 91 Tweet 57
  • අගමැතිගේ කමිටු හතර පතුරු ගසමින් පරිපාලන නිලධාරීන්ගේ සංගමයෙන් අග්‍රාමාත්‍ය ලේකම්ට  ලිපියක්!  

    261 shares
    Share 104 Tweet 65
  • ලොක්කන්ගේ කීමට  නීතිය අවභාවිතා නොකළ නිසා පන්නා දැමූ බම්බලපිටිය  OIC යළි එම තනතුරට…

    172 shares
    Share 69 Tweet 43

Highlights

ගුවන් තොටුපලේ ගින්නක් ! ජිනිවා ගුවන් අවකාශය වැසෙයි !

ගොඩ බාපු ගෑස්වලින් සියයට 60ක් බස්නාහිර පළාතට දෙන්න! කෝප් කමිටුව ලිට්රෝට කියයි

O/L විභාගය පැවැත්වෙන කාලයේ විදුලිය කැපෙන්නෙ මෙහෙමයි…

21 ලෑස්තියි… සඳුදා කැබිනට් අනුමැතියට යොමු කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා… අධිකරණ ඇමති කියයි…

අරගල කරුවන්ට ගැහුවේ පොලිසිය 2000ක් රාජකාරියේ යොදවා සිටිය දී… CID ය අධිකරණයට කියයි!

නාමල් CID එයි…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශ ලේකම් අධිකරණයට ඇඟිලි ගැසුවා ද?.  නීතිඥ සංගමය අගවිනිසුරු සහ නීතිපතිගෙන් අසයි!

by editor
මැයි 20, 2022
0

මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල්...

“බස් ගිනි තැබූ අය අත්අඩංගුවට ගන්න “ – බස්රථ හිමියෝ පොලිස්පතිගෙන් ඉල්ලති!

by editor
මැයි 20, 2022
0

බස් රථ ගිනි තැබූ අයව වහාම අත්අඩංගුවට...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist