එල්.පී.එල්. දෙවන තරගාවලිය නොවැම්බරයේ…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


2021 ජූලි 29 වන දින ආරම්භ කිරීමට අපේක්‍ෂා කළ ලංකා ප්‍රිමියර් ලීග් 2021 තරගාවලිය නොවැම්බර් 19 සිට 2021 දෙසැම්බර් 12 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇත.

ලංකා ප්‍රමියර් ලීග් සංවිධාකය මණ්ඩලය ප්‍රකාශ කර ඇත්තේ තරඟාවලිය නැවත සංවිධානය කිරීමෙන් ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල ක්‍රීඩකයින්ට ලීගයට සහභාගී වීමට අවස්ථාව ලැබෙනු ඇති බවයි.

එල්පීඑල් 2 තරගාවලිය ක්‍රීඩා කිරීමට අපේක්‍ෂා කළ කාලය තුළ 2021 අගෝස්තු මාසයේදී අවම වශයෙන් සමාන ප්‍රිමියර් ලීග් තරගාවලියක් සහ ජාත්‍යන්තර සංචාර කිහිපයක් සැලසුම් වී ඇති බැවින් ඒ සම්බන්ධව කරන ලද අධ්‍යයනයකින් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වේ.

මෙම තීරණය සඳහා තරගාවලියේ අනුග්‍රායකයන්ගේ ද පූර්ණ එකඟතාවය ලැබී ඇතැයි වාර්තා වේ.

Exit mobile version