මෙරට විදුලිබල ක්ෂේත්රය තුළ සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුවේ වාර්තාවට අදාළ ජාතික ප්‍රතිපත්ති අනු කමිටුවේ යෝජනා එළඹෙන දෙසැම්බර් 08 වැනිදා ජාතික සභාවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව කෙටි, මධ්‍ය, හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී ප්‍රමුඛතා හඳුනාගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
මෙම වාර්තාවට පෙරේදා (28) කැබිනට් අනුමතිය ලැබුණු අතර, එය ජාතික ප්‍රතිපත්ති අනුකමිටු යෝජනා ලබා ගැනීම සඳහා විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් ඊයේ (29) නාමල් රාජපක්ෂ වෙත භාර දෙන ලදී.
දෛනිකව ඉහළ යන විදුලිබල අවශ්‍යතාව සැපිරීමට නොහැකිවීම නිසා ඇතිවන විදුලිය ඇනහිටීම් සහ විදුලි ගාස්තු අධික ලෙස ඉහළයාම ඇතුළු මෙරට විදුලිබල ක්ෂේත්රය මුහුණදී තිබෙන ගැටලු ගණනාවකට අදාළ විසඳුම් ඇතුළත් නිර්දේශ මෙම වාර්තාවට ඇතුළත් බව වාර්තා වේ.
ඉහත වාර්තාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ් සම්බන්ද සිය අදහස් හා යෝජනා ජාතික සභාව වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද රාජපක්ෂ පැවසීය.







