පසුගිය ඔක්තෝම්බර් මාසය සඳහා ශ්‍රී දළදා මාළිගාවට ලැබී තිබූ රුපියල් ලක්ෂ 27 ක විදුලි බිල්පත මහජන උපයෝගීතා කොමිෂන් සභාව සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ලක්ෂ 13 තෙක් අඩුකර ඇතැයි වාර්තා වේ.
ආගමික ස්ථාන, පූණ්‍යායතන කාණ්ඩයෙන් ඉවත් කර පොදු කාර්ය යටතට පත් කිරීමෙන් අනතුරුව ඉහළ නැංවූ ආගමික ස්ථානවල විදුලි ගාස්තුව ඊට සාපේක්ෂව 50% කින් පමණ පහත දැමීමට තීරණය වී තිබුණ නමුත් එම සහනය දළදා මාළිගාව වෙත නොලැබීම හේතුවෙන් මෙවැනි ඉහළ අගයක් විදුලිබිල විෂයෙහි වාර්තා වූ බව .දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මාධ්‍ය වෙත පවසා තිබිණි.
ඒ අනුව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක සමඟ ඒ පිළිබඳව සාකච්ඡා කර අදාළ සහනය ලබාගෙන ඇති බවත්, එම සහනය හිමිවීමත් සමඟ දළඳා මාලිගාවේ පසුගිය මාසය සඳහාවන විදුලි බිල රුපියල් ලක්ෂ 13 ක් දක්වා අඩු වී ඇති බවත් වාර්තා වේ. එය ගෙවා දැමීමට පියවර ගන්නා බව දියවඩන නිලමේවරයා පවසා ඇත.







