අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හම්බන්තොට මන්දපෝෂණය ගැන කී නිසා වැඩ තහනම් කළ වෛද්‍ය  චමල් සංජීව ශ්‍රේෂ්ඨාධිකරණයට යයි!…

රාජ්‍ය නිලධාරියෙක් අධිකරණ ඉතිහාසයේ මෙතෙක් දෙපාර්තමේන්තුවකින් ඉල්ලූ ලොකුම වන්දි මුදල ඉල්ලයි...

by editor
නොවැම්බර් 22, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මන්දපෝෂණ තත්ත්වයන් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකළ වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති  වෛද්‍ය ජී ජී චමල් සංජීව අද (22)  ශ්‍රේෂ්ඨාධිකරණය ට මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු  කළේය.

තම  වැඩ තහනම් කිරීමට අදාළව රාජ්‍ය සේවා කොමිසන් සභාව සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කළ ලිපි රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නියෝගයක් ලබා දෙන ලෙස එම මූලික අයිතිවාසිකම් නඩුවෙන් ඉල්ලා තිබිණි.

මෙයට අමතරව තමාගේ මූලික අයිතිවාසිකම් කඩවීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අසේල ගුණවර්ධන ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් 25 කට ආසන්න ප්‍රමාණයකින් රුපියල් ලක්ෂ 1000 ක වන්දි මුදලක් ද ඔහු ඉල්ලා ඇත.

මේ මෙතෙක්  ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරිවරයෙකු   දෙපාර්තමේන්තුවකට විරුද්ධව පණවා  ඇති විශාලතම වන්දි මුදල ඉල්ලා සිටිමේ  නඩුවය.

පසුගිය සැප්තැම්බර් මාසයේ දහනම වන රජයේ නිවාඩු දින හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් ආශ්‍රය කොට හා සිවිල් අයිතිවාසිකම් ගැන වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය නියෝජනය කරමින් වෛද්‍ය චමල් සංජීව  විසින් සිදු කරනු ලැබූ මාධ්‍ය ප්‍රකාශයක් පදනම් කොට සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගියදා ඔහුගේ වැඩ තහනම් කිරීමට ලක් කරන ලදී.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

රටේ පිළිගත් වෘත්තීය සමිති ව්‍යාපාරයක නායකයෙකු ලෙස ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පුද්ගලයින්ට පවතින භාෂණය අයිතියද ආයතන සංග්‍රහය කින් සීමා කළ නොහැකි බවට වෛද්‍ය චමල් සංජිවගේ නීතිඥයින් අධිකරණය හමුවේ පෙන්වා දී ඇත.

යුනිසෙෆ් වාර්තා කළේ දරුවන් අතර 50000 ආසන්න ප්‍රමාණයක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බවයි.

කෙහෙළිය රඹුක්වැල්ල, ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, අසෙල ගුණවර්ධන, සුනිල් ද අල්විස් ලාල් පනාපිටිය, සුදත් රත්නවීර,  ලොෂිණී පීරිස්, වසන්ත කුලතිලක, ජනක සුගතදාස      ඇතුළු නිලධාරීන් විස්සකට අධික ප්‍රමාණයක් ද නීතිපතිවරයාද මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම් කොට ඇත.

වෛද්‍ය චමල් සංජීව මහතා වෙනුවෙන් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ දී ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, කනීල් මද්දුමගෙ,මනොජ්  නානායක්කාර, අමිල  එගොඩවත්ත   ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටීමට නියමිතයි.

ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම පෙත්සම වෛද්‍ය චමල් සංජීව  වෙනුවෙන් ඉදිරිපත් කොට ඇත්තේ නීතිඥ ප්‍රවීන් ප්‍රේමතිලක   විසිනි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ස්ත්‍රී දූෂණ සිද්ධියෙන් පසු ධනුෂ්ක ගුණතිලකගේ ඡායාරූපයක් මුල් වරට විදෙස් මාධ්‍යවල…

Next Post

රටේ ආර්ථිකය පසුපස ජාත්‍යාන්තර බලවේග… ඔවුන් රට තුළ උද්ඝෝෂණවලට අනුග්‍රහය දක්වනවා – මහින්ද කියයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.