මත්කරල් 78 600ක් සමග කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් ඊයේ (21) මෝදර දී අත්අඩංගුවට ගත් සැකකරුවෙක් අද මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරන බව පොලිස් මූලස්ථානය පවසයි.
කොළඹ උතුර අපරාධ විමර්ශන කොට්ඨාසයට ලද තොරතුරක් මත මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල ප්රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙකි.
මත් කරල් 4800ක් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට පත් සැකරුගෙන් වැඩිදුර ප්රශ්න කිරීමේ දී ඉතිරි 73 800ක මත් කරල් ප්රමාණය කළුබෝවිල පිහිටි සැකකරුගේ නිවසක සඟවා තිබිය දී සොයාගෙන තිබේ.
මෝදර පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.







