අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පාගමන කොළඹ නෙළුම්පොකුණ විසුරුවා හැරීමට දිගින් දිගටම ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට පොලිසිය කටයුතු කළේය.
මුලින්ම මෙම පා ගමනට කොළඹ හත මල් පාර ආසන්නයේ දී ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල වූයේය. ඒ කොළඹ එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් සංවිධාන කාර්යාල ඉදිරිපිට සිට අග්‍රාමාත්‍ය කාර්යාලය දෙසට පෙළපාළිය ගමන් කරමින් සිටියදීය.
අනතුරුව නෙළුම් පොකුණ රඟහල අසල දී දෙවැනි කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල විය. ඒ බොරැල්ල කනත්ත වටරවුමේ සිට පැමිණි විරෝධතා පාගමනටය. කොළඹ නෙළුම් පොකුණ අසල දී පොලීසියෙන් කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කිරීමෙන් පසු යළිත් ඔවුහු බොරැල්ල දෙසට ගමන් කරමින් වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටට පැමිණියහ.
එම ප්‍රහාරයත් සමග මාර්ගයේ ගමන් ගත් රියදුරන් ඇතුළු සියලු පිරිස් බරපතල අපහසුතාවයට පත්වූහ. ඉන් අනතුරුව දැඩි වාහන තදබදයක් ඇතිවී තිබිණි.
මේ වනවිට උද්ඝෝෂකයින් වැලිකඩ බන්ධනාගාරය ඉදිරපිටට රැස්වෙමින් සිටිති.
විරෝධතාවයට පොලිස් කඳුළුගෑස් ප්‍රහාර එල්ල කළ ආකාරය
Tear Gas and Water Cannons fired to disperse the Inter University Students Federation protest at Horton Place #lka #SriLanka #SLnews #News1st #TearGas #WaterCannons #ProtestLK #Colombo pic.twitter.com/yelldOgLy4
— Newsfirst.lk Sri Lanka (@NewsfirstSL) November 18, 2022







