අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහවැලිකඩආර ඛේදවාචකය සිදුවූ ආකාරය ගැන ඔරුව පැදවූ තරුණයා කියයි….

ඔරුවට නග්ග ගත්තේ දඟලන්නෙ නෑ කියන පොරොන්දුවට… ඒත් වැව මැද්දෙදි කට්ටිය වතුර ගහගෙන දඟලනකොට ඔරුව පෙරළුනා… 

by editor
නොවැම්බර් 13, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

ඒ දරුවන් තිදෙනා අවසන් ගමන් ගොස් හමාරය. තවමත් ඒ දෙමව්පියන්ට සිදුවූයේ කුමක් දැයි සිතාගැනීමට අපහසුය. දියේ ගලී මිය ගිය සීයාගේ තුන් මාසයේ දානයට පැමිණි මිණිබිරියන් තිදෙනා  සූරියවැව මහවැලිකඩආර වැව පත්ළේ සැඟවී ගියේය. සීයා ඔවුන් තිදෙනාත් කැඳවාගත් සේය.

අපට ඇසෙන්නේ අඳෝනාවක් බඳු ඒ ඇඟ හිරිවැටෙන මතකාවර්ජනයන්ය.  

“මේ දරුවෝ නිකන්වත් වැව පැත්තට යනවා කිව්වා නම් මං කියටවත් නිදා ගන්න යන්නේ නෑ. මං නිදා ගන්න කලින් දරුවට කිව්වා පුතේ කොහෙවත් යන්න එපා කියලා. නෑ තාත්තේ පේර කඩන්න පහළට යනවා විතරයි කිව්වා. එහෙම කියපු දරුවා කටිටයත් එක්ක වැවේ ඔරු පදින්න ගිහින් තමයි මේ කරදරය කරගෙන තියෙන්නෙ. මට මේක දරු ගන්න බෑ“. යැයි දියේ ගිලී මිය 10 හැවිරිදි තරුෂි මිහිරංගි සේනාධීර දැරියගේ පියා වන දිලිප් සේනාධිර හඬා වැළපෙමින් පැවසීය.

“අපි 11 වෙනිදා හවස 04ට විතර කුරුණෑගලින් සූරියවැව එන්න පිටත් වුනේ. පහුවදා පාන්දර දෙක හමාර විතර වෙලා අපි සූරියවැවට එනකොට. ඒ ඇවිත් අපි නිදාගෙන උදේ නැගිටලා දානේ ගෙදර වැඩ කලා. දරුවා සීයගේ දානේ ගෙදර යනවා කිව්වම දවල් පන්ති ගිහින් ගෙදර ඇවිත් කෑවෙත් නැතිවමයි වාහනේට නැග්ගේ යමු යමු තාත්තේ කියලා. “

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

“දානේ ගෙදර ඇවිත් අපි වැඩ කරද්දී මං දරුවට දිගින් දිගටම කිව්වා පුතේ කොහෙවත් යන්න එපා කියලත්. එහෙම කියාල තමයි මං ටිකක් නිදාගත්තේ. මේ දරුවෝ වෙනදත් මේ වැව ලඟට එනවා මෙහේ ආවම. කවුද දෙයියනේ දන්නේ මගේ දරුවට මෙහෙම දෙයක් වේවි කියලා..“ යැයි පියා හැඩූ කඳුලින් පැවසීය.

සූරියවැව මහවැලිකඩආර ප්‍රදේශයේදී මීට තුන් මාසයකට පෙර දියේ ගිලී මිය සීයාගේ තුන් මාසේ දානයට කුරුණෑගල සිට ඥාතින් සමග පැමිණි මිනිපිරියන් තිදෙනෙකු මෙලෙස සූරියවැව මහවැලිකඩආර වැවේ ඔරු පැදිමට ගොස් ඔරුව පෙරළීමෙන් 12 දහවල් මියගොස් තිබුණේය.

මෙලෙස දියේ ගිලී මියගොස් ඇත්තේ මාලඹේ කොළණිය, පිහිඹුව, කුරුණෑගල ලිපිනයේ පදිංචි කරුවන් වන ඕගොඩපොල කණ්ෂ්ඨ විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ 10 හැවිරිදි තරුෂි මිහිරංගි සේනාධීර, කුරුණෑගල ගෝනිගොඩ මහා විද්‍යාලයේ මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිතව සිටි බස්නායක මුදියන්සේලාගේ විශ්මි හංසිකා සහ කුරුණෑගල ඉබ්බාගමුව මහා විද්‍යාලයේ ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරණ 18 හැවිරිදි දිලක්ෂි මදුෂිකා හේරත් නැමති සිසුවියන් තිදෙනාය.

ඔරුව පැද වු සූරියවැව මහවැලිකඩ ආර පදිංචි කේ.ජී.ලහිරු සිද්ධිය පිළිබදව මෙලෙස පැවසීය.

මම ඉස්සර වෙලාම හය දෙනෙක් විතර දමාගෙන රවුමක් ගිහින් ආවා. ඒත් ඒ වෙලාවේ අම්මලත් කෑ ගැහුවා වැඩි දුර යන්න එපා කියලත්. අම්මල කෑ ගහනකොට මන් වැඩි දුර අරන් ගියේ නැතුව ගොඩට ගෙනත් බැස්සුවා. පොඩි නංගි ඉස්සර වෙලා ගිහින් ආවේ. ගොඩට ආවට පස්සේ අනිත් නංගිලත් යන්න ඕනි කිව්වා. ඉතින් ඔක්කොම කට්ටිය දෙවෙනි පාරට නැග්ගා ආයත් රවුමක් යන්න.

ඔරුව පැදවූ තරුණයා ප්‍රකාශයක් ලබා ගැනීමට පොලිස් භාරයට ගත් අවස්ථාව…

ඒත් මං කිව්වා නගින්න එපා ඔරුවට බර වැඩියි කියලා. ඒත් මේ අය ඇවිටිලි කළා අනේ අයියා තව එක සැරයක් එක්කගෙන යන්න කියලා .මං ඒත් කිව්වා කාටවත් දඟලන්න එපා කියලා. කොල්ලෑව පැත්තට බරවෙන්න එපා කියලා මං කිව්වා. 

කට්ටිය වැව මැදට යනකම් පාඩුවේ හිටියා. වැව මැදට ගියාට පස්සේ ඔරුවේ ගිය අය වැවට අත දමලා වතුර අරන් වතුර ගහගත්තා. එතකොට එකසැරේටම කොල්ලැවත් එක්ක ඔරුව පැද්දෙන්න ගත්තා. මං ඔරුව ගොඩට ගේන්න කියලා ටක්ගාලා හරවනකොටම කට්ටියම බය වෙලා දඟලන්න ගත්තා. එතකොටම ඔරුවේ එකපැත්තකට කටිටියම ඇල වුණා. ඒත් එක්කම ඔරුව පෙරළුනා.

ඒ වෙලාවේ ඔරුවේ හිටිය ඔක්කේය වැවට වැටුණා. මාස 8ක දරු පැටියත් එක්ක මගේ නංගි යට ගිහින් උඩට එනවා  මං දැක්කා. එතකොටම මං දරු පැටියා අල්ල ගත්තා. මගේ ලොකු නංගි යට ගිහින් උඩට එනවත් එක්කම පෙරළිලා තිබුණු ඔරුවට නැග ගත්තා. පුළුවන් විදියට මං කට්ටිය බෙරාගත්තා. ඒ වෙනකොට මටත් අමාරුයි. එතකොට කට්ටියක් ඔරුවකින් ඇවිත් මමයි පොඩි දරුවයි දමාගත්තා මට මතකයි. මටත් මේක හිතා ගන්න බෑ. මගේම නංගිලා තුන්දෙනෙක් මේ විදියට මගේ ඇස් ඉදිරිපිට නැතිවිම මට දරා ගන්න බෑ යැයි පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රටේ දුප්පතුන් දෙගුණ වෙලා – හෙට අයවැයෙන් සමෘද්ධියත් දෙගුණ විය යුතුයි! ආචාර්ය හර්ෂ ද සිල්වා

Next Post

ගුවන් යානා දෙකක් මුහුණට මුහුණ ගැටෙයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.